Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Monday, January 28, 2019

Tiktok

ටික්ටොක් ගැන දන්නෙ නැති උනත්, තේරුමක් තාම නැති උනත් හිතෙන විදියට විඩියෝ හදාගෙන කරගෙන යනවා.. හසලක ගාමිණි විරු ස්මාරකය අභියස කල විඩියෝව..




https://m.tiktok.com/v/6650767645186460933.html

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ...
පස් පිඩක් ගිලිහී නොයන්නට... රන් වැටක් ඇත සිව් කොණේ.....
‍ලොව්තුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ....‍‍
‍දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ....

#රන්මලක් #ලංකාව #හමුදාව #හසලකගාමිණී #යුධවිරුවන්
#ranmalaklesa #lankawa #slarmy #hasalakagamini #warheroes #lka #sltiktok #ceylontiktok

Friday, January 18, 2019

I'm a spiritual person - not a religious one !

මම අධ්‍යාත්මික කෙනෙක්මි - ආගමික කෙනෙක් නොවෙමි..

බුදු දහම ආගමක් නෙමෙයි ජීවන දර්ශනයක්...
අද බෞද්ධාගම කියල තියෙන්නෙත් සංස්කෘතික අංග එකතු කරගෙන කරන ආගමානුකූල දෙයක්. සංස්කෘතික අංග වැදගත් ඒව වැරදි කියන්න බැහැ. නමුත් ඒක බුදු දහමේ මූලික දේවල් අතර නැහැ.
- සියල්ල කැපකරලා අපිව දුකෙන් මුදවන්න සිදුහත් බෝධිසත්වයෝ වනගත උනා.. හැමදේම අතෑරියා..

- අපි දන්ත ධාතුන්වහන්සේ නමක් දළදා මාලිගාවෙ වඩා හිදුවලා, රජ කෙනෙක්ට වගේ සලකනවා. ප්‍රශංස්ති පවා තියෙනවා.. ඒව අයිති බුදු දහමට නෙමෙයි - බෞද්ධාගමට - සංස්කෘතික අංග ලක්ෂණ එක්ක. පෙරහැ‍‍රේ අලි - ඇතුන් යන එකත් සංස්කෘතික දෙයක්..

- සමහර අය අද හැමදේටම වඳින්න ගාථා හොයනවා. අර දෙවියන්ට මොන ගාථාවද ? මේ දෙවියන්ට පින් දෙන්න මොන ගාථාවද ?

● අධිෂ්ඨානයෙන් හිතුව නම් ඇති. සියලු බ්‍රහ්මයන්ට, සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට මේ පින් ලැබේවා කියල... ගාථා කියමින් කාලය යවන්න උවමනා නැහැ. ලැබෙන්න - ගන්න ඉන්න හැමෝටම පින ලැබේවි !

-සමහර අය කිසිම ආගමක්වත් කිසිදෙයක් විශ්වාස කරන්නෙ නැ. තමන්ට ඕන විදියට ඉන්නවා. ඒකෙ වරදක් නෑ. අනිත් අයට වරදක් කරදරයක් නොකර ඉන්නව නම් එච්චරයි.. එහෙම අයගෙ පින බලවත්.. ඉතින් පින බලවත් එක හොද උනත්, මොන පින උනත්, පව වගේම ගෙවිලා ඉවර වෙන බව හිතේ තියෙන්න ඕන.. පින කරලා ඒක විදර්ශනාවෙන් හිතලා නිවන්ගාමි වෙන්න වැඩ හිතන්න ඕන..

● ප්‍රේත වත්ථු- විමාන වත්ථු ටිකක් කියෙව්ව නම්, එහෙම නැත්නම් මේ ජිවිතේ අපිට පේන දකින දේවල් ගැන හිතුව නම් සංසාරෙ තත්වය තේරුම් ගන්න ටිකක්වත් තිබ්බා..

- සමහර අය ගොඩක් පින් කරනවා, කරලා සීලය බිඳගෙන පොඩි පවක් කරගන්නවා.. මහ දානයක් දීලා, සමහර අයට මත්වතුර බොන්න දුන්න වගේ.. ඒ පින වටිනවා තමයි, හැබැයි සීලය දුර්වල කරගත්තාම සැපට ඉන්න ලැබෙන පෝසත් තැනක බල්ලෙක් වෙන්න බැරි නෑ කියල තේරෙනව නම්... හ්ම්...

#ආගම #බුදුදහම #බෞද්ධාගම #ජිවිතය #දර්ශනය #religion #religious
#spiritual

Sunday, January 6, 2019

“ හැමදෙයක් පෙනේ එක දෙයක් වගේ... මම විඳිම් සෙනේ මහමෙරක් වගේ... ඔබ යමින් නතර වුව ගුවන්තලේ... මම සෙමින් සෙමින් එමි.... නිසසංසලේ....“ ඝරසරප එකේ වගේ ලේසියෙන් අපිට ලං වෙන එක එක ආකාරයේ යක්ෂ/අසුර, ප්‍රේත, භූත වගේ බලවේග අයින් වෙනව නම්.. හ්ම් ඒනම් හරි ලේසි වේවි.. ඒව හැම එකම කර්ම ශක්තිය මත බලපාන ඒව... අපි වෙන ආත්මයකදී වරදක් කරපු ආත්මයක් ඉන්නව නම්, ඒ ආත්ම භවය අපි දිහා බලාගෙන ඉන්නවා, සමහරවිට අපි අකුසලයේ විපාක බොහෝම විඳල තිබුනත්.. මීට සම්බන්ධ ජිවිත අත්දැකීම් තියෙන නිසා, කර්ම විපාක - ඒවයේ බලපෑම සහ ඒ බැල්ම කියන කාරණා සරලව ඔහොම විසදෙන්නේ නැත. ඍධිමතුන් අතර අග්‍ර වෙච්ච මුගලන් මහරහතන් වහන්සේට පමණක් නෙමෙයි බුදුන්වහන්සේට පවා අකුසල විපාක, ලැබුනා... - මෑතක ජිවිතේ දැනගත්ත සංසාරගත ප්‍රේමය ආදරිය ගැන හිතුවත්, හ්ම් මට හැමදේම හිතෙන විදියට වෙනස් කරන්න බැහැ.. ඒක කර්ම ශක්තින් වල දේවල්... “ භව සසර අතරමග සිටියෙම්... ඔබ ලබන උරුම හැම සතුවෙම්.. රළු සරින් පැමිණියද... ඔබම වේ මට සැනසුම්.... මට සැනසුම්... “ #princess #mylove

Saturday, December 8, 2018

The Child Bride - Cathy Glass

( කදුළු මලක් - කත්‍යානා අමරසිංහ )

සමාජ සේවා වලදීද, උපදේශන කටුයුතු වලදීද, මීට ආසන්න කතා සහ සිදුවීම් අත්දැකීමෙන් දන්නවා වුවද මෙයද සිත රිදවෙන කතාවකි. එවන් අත්දැකීම් මෙහි පල නොකලේ social media යනු, personal media නොවන නිසාය..
පොත් කියවීම අරුත්සුන් දෙයක් විදියට සමහරු කිව්වත්, මෙහෙම පොත් වලින් ලැබෙන අත්දැකීම මෙහෙම සිද්ධීන් වලදී තීරණ ගැනීමේදී ඉතා වැදගත් වන බව අත්දැකීමෙන් දනිමි.

● රට වල පවතින නීතිය සහ නීතියට අදාල නිලධාරීන් ගැන දැනගෙන මෙන්ම අවධානමත්ව සිටීමද අනිවාර්ය කටයුත්තකි. ලංකා නීතිය අනුව 345 දණ්ඩන නීති සංග්‍රහය අනුව ඇස් ගැසීම පවා ලිංගික අඩන්තේට්ටම්(sexual harassment) යටතේ නඩු පැවරිය හැකි දෙයකි. එසේම 18ට අඩු දරැවන් රැකීමටද දැඩි නීති පවති. කෙසේ වුවද ලිංගික අපචාර, දූෂණ උසාවියේ ඔප්පු කිරීම අපහසුය - එංගලන්තය වැනි රටක නීති තද මෙන්ම වින්දිතයින්⁣ට සාධාරණය කරන්නට සැදී පැහැදී සිටී.

● ලංකාවෙ තත්වය තරමක් වෙනස්ය. Big shot නීතීඥ මහතුන් බොහෝවිට අපචාරකයන්ට කතා කරන නිසා ලේසි නැත. වතාවක් එක්තරා මහාධිකරණයකදී මානසික ආබාධ සහිත දරැවෙකුට සිදු වූ අපචාරයකට නිසි සාක්ෂි ගත නොහැකිව සාමාන්‍ය දඩයකින් අවසන් කෙරින.
තවත් වතාවක, ආබාධිත දැරිය සංඥා භාෂාවෙන් සිද්ධිය විස්තර කල අතර, සංඥා භාෂාව උසාවියෙදි පිලිගන්නට නොහැකි විය.
එවන් සිද්ධි කීපයක් අත්විඳ ඇත.

● එංගලන්තය වැනි රටක පුරවැසිභාවය හිමි දරැවෙකුට මෙසේ වුවද ලංකාවෙ එම තත්වය අවම බව කිව හැක.. එය තරමක සැනසීමට කරැණකි. නොදන්නා කතාද අළුයට තිබෙන බව දනිමි..
යුරෝපය පුරා දැඩිව කතා කෙරෙන ආගමික උන්මත්තිකාමය සහිතව රටවල් ඉස්ලාමීකරණය කරන තත්වයන් ගැනද මෙවන් සිදුවීම් නිසා සිතන්නට කාලය එළඹ ඇත...
- ළමයි මල් වැනිය.. මල්.. මල් විදියට පිපෙන්නට ඉඩ ලැබිය යුතුය. එය සමස්ත ලෝකයේම වගකීමකි - යුතුකමකි. ඉන් පිට කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය....

- #kathyglass #thechildbride

Wednesday, December 5, 2018

ඔව් මම සිංහල බෞද්ධ, එතකොට තව කෙනෙක් දෙමල, මුස්ලිම් - බර්ගර් ඕන එකක් 🤔

මම සිංහල බෞද්ධ උනා කියල අමුතුවෙන් විශේෂ දෙයක් මට තියෙන්න ඕනද ?
ජන වර්ගය ආගම මත විශේෂත්වයක් අවශ්‍ය නැත. සිංහලයන්ගේ ගතිගුණ හරියට බලන්නට ඉතිහාසය කියවන්නට ඕනෑය. “ සිංහලේ “ කියල පර ලේ වල වැඩ කරාට හරියන්නේ නැත.

● අපි මහ ජාතිය නම් එහි ගරුත්වය රැකගන්නට උවමනාය. මක්නිසාද යත් ලෝකයේ ඉදිරියට ගිය හැම රටක්ම පාහේ මගේ රට සංකල්පය මත ඉදිරියට ගිය ඒවා නිසාය. ජන වර්ගය හෝ ආගම මත ගිය ඒවා නොවේය. ජාතිවාදය හෝ ආගම් වාදය ඉතා සුළු පිරිසකට යැපිය හැකි, අමන දේශපාලකයන්ගේ දේශපාලනික උවමනාවන් මත කෙරෙන දේවල්ය.
- රටක මූලික විය යුත්තේ නීතියයි. එයට සියලු ආගම් යටත් විය යුතුය. එසේ නොවන තැන් ඇති අතර ඒවා විසදිය යුතුය.

- ඔබ මුස්ලිම් හෝ දෙමල නම් පිටරටකට ගිය අවස්ථාවක ඔබට සලකන්නේ අදහන ආගම අනුවද, ගමන් බලපත්‍රය අයිති රට අනුවද ???
අපේ රටේ ගමන් බලපත්‍රය බොහෝම නොසැලකිල්ලට භාජනය වෙනවා නේද ?

- මුස්ලිම් රටකදී, ඉස්ලාම් ධර්මය ඇදහුවා කියා විශේෂයක් වෙනවාද ? නැත්නම් රට අනුව සලකනවාද ?
මැද පෙරදිග මුස්ලිම් අය, ලංකාවෙ මුස්ලිම් අයව නියම මුස්ලිම් හෝ ඉස්ලාම ධර්මය අදහන අය ලෙස සලකන්නේද නැත...

- දෙමල අයට, හින්දු වූ නිසා හෝ කතෝලික කියා වෙනම සැලකිලි ලැබේද ? ලැබෙන්නේද රටට අනුව නොවේද ?
ඉන්දියන් දෙමල අය ආඩම්බරයෙන් “ I am an Indian Citizen “ කියද්දි අපේ අයටත් මම හින්දු හෝ දෙමල කිව්වාට වාසියක් ලැබේද ?

* කුමන ජනවර්ගයක් හෝ ලංකාවේ වැඩිම ජනගහණය වූවා කියා එයින් සමස්ත ජනතාවට වාසියක් වෙයිද ? උදාහරණයක මුස්ලිම් ජනතාව ලංකාවේ වැඩි වූවා කියා සිතමු, එයින් දුප්පත් මුස්ලිම් අයට වෙන විශේෂ වාසිය මොකක්ද ? අන්තවාදයට උදව් කරන මුස්ලිම් දේශපාලකයන්ට නම් රාජ්‍ය බලය ගන්නට හොද ක්‍රමයක් එච්චරයි නේද ?

- වැඩි වැඩියෙන් දරුවන් හදන්නේ අධ්‍යාපන මට්ටම අඩු ජනතාව බව ලෝකයේම සොයාගෙන ඇති බව දන්නවාද ? උගත් ධනවත් මුස්ලිම් අයට පවා සිටින්නේ දරුවන් කීපදෙනෙකි. එය දමිල අයටද, සිංහල අයටද කියා වෙනසක් නැත.
- ජනගහණය වැඩි වීමෙන් අදාල ජන වර්ගයට සිදුවන වෙනම හොදක් නැත... ඒක තේරුම් ගන්නට මොලයක් තිබිය යුතුය. ඒක නොතේරෙන්නට වැඩ කරන්නේ කපටි සමහර දේශපාලකයන්මය...
අපි මෝඩ උනාම එයාලට රජ සැප නිසාය !

ඒවා දකින්නට හැමෝම දවසක පාර්ලිමේන්තු එක්කන් යන්නට හිතෙනවාය...😂

#සිරිලංකාව #ලංකාව #ජනතාව #ජනවර්ග #සිංහල #දෙමල #මුස්ලිම් #srilanka #lka #lanka #slpeople #couplk #lk

Monday, December 3, 2018












We completed more than 750 Km & visited homes and schools and also restaurants, lakes and many more and returned within 24 hours to Colombo. Thing is, people in North area specially in Kilinochcchi and Vavuniya still not doing well.
I wish I could tell how I felt about famous political slogan " Tigers rising again" by some so called fake patriotic people, and it is so far a politically motivated quote, nothing else.
These people are having difficulties to find even basic needs. Buildings & Roads are not people. Making them won't make people's life.
Government has given lands to them, and that's it. Wild Elephants threat is a crisis here. They don't even have minimum facilities. Ashamed as a Sri Lankan. Also felt so sorry for myself. Politicians whatever the party they represent, still haven't done things to make this civil life a better one. Hope this will change soon !

කිලිනොච්චියෙදි අපිට සහය වූ බොහෝදෙනා සිටින අතර LOLC ආයතනයේ වව්නියාව දිසාවේ ප්‍රධාන නිලධාරි පාලිත ධර්මසූර්ය මහතාට විශේෂ ස්තූතියක් හිමි විය යුතුය.

- 20 වනදා අළුයම හරියටම 12.00ට කොළඹින් පිටත් වූ අපි, 20 වනදා මධ්‍යම රාත්‍රි 11.45 වනවිට නැවත කොළඹ පැමිණ සිටියෙමු. පැය 24කට අඩු කාලයකදී කිලෝමීටර් 750කටත් වඩා වැඩිදුරක්ද, පාසල්, ආපන ශාලා මෙන්ම නිවාස සැලකිය යුතු ප්‍රමාණයකට යෑමටද, වැව් වලින් නෑමටද මෙන්ම රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, ථූපාරාමය, අභයගිරියද රන්මසු උයනද දැකීමටද හැකියාව ලැබුනි.

- “ කොටි නැගිටිනවා“ ප්‍රකාශය කරන ඊනියා දේශ හිතෛශීහු කිලිනොච්චිය සහ වව්නියා යන පැති වල මිනිසුන්ගේ ජිවිත නොදකින්නේ එය ඔවුන්ගේ අරමුණ වන දේශපාලන ප්‍රකාශනයේ නැති නිසා විය යුතුය. යුද්ධෙ කාලෙ ඇදන් යට සිටි එවන් කාඩ්බෝඩ් වීරයන් ගැන ඇතිවන්නේ කුමක්ද යන්න නොකියමි. කොහොම උනත් ශ්‍රී ලාංකිකයෙක් වීම නිසා මෙම පැති වල බොහෝමයක් අසරණ මිනිසුන් අපේ පැතිවල අසරණ මිනිසුන්ටද වඩා අසරණ බව දුටුවෙමි. කැබිතිගොල්ලෑව හා ඒ අවට ගම් වලටද පසුගිය කාල වල ගිය අතර, ඒ ගම් මේ ගම් වලට වඩා බොහෝ අංශ වලින් දියුණුය. මේ මිනිසුන්ට බොන්න වතුර ටික හරියට ලබාගන්නත් සෑහෙන කරදරය. යුද්ධෙට හුරු වූ නිසා දෝ මංදා මේ පැතිවල ඉන්න වල් අලි දරුණුය. අලි වෙඩි 100කටවත් යන්නේම නැත. ගෙවල් වලට ඇවිත් පැල - ගස් විනාශ කරන්නේ ඔවුන්ගේ බිම මේ මිනිසුන් සිටින නිසාද මංදාය. දැනට වල් බිහිව තිබුනත් බොහෝ පැති පෙර මනුෂ්‍ය වාසයන්ය. රජය ඉඩම් දුන්නද ඒවායේ ගෙවල් හදන්නට හෝ ආර්ථික මාර්ග වලට කිසිදු සහනයක් ලබාදී නැත. එනිසා බොහෝ මිනිසුන් යාන්තමට අටවාගත් නිවාස වල තවම වෙසෙති. එහෙව් රටක අපි...
- කොටි සංවිධානයට බැදී කටයුතු කල අය සමහරක්ද මුණගැසුනු අතර, එක් ගැහැණු ළමයෙක් යුද්ධයෙදි තුවාල ලබා, පසුව කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබන කාලයේ සිංහලද ඉගෙන, දියුණුවක්ද ලබා අද කිලිනොච්චියෙ තමන්ගෙ ගෙදරට වී සිටිනවාය. ඇය දක්ෂතා පරිපූර්ණ ගැහැණු ළමයෙකි.
ඇය අප සිංහල බව කී විට මට කියවුනේ අපි “ ශ්‍රී ලාංකික“ බවයි. ඇය ඒ ගැන සතුටු උනු බව දුටිමි. රටක යුද ගිනි දැල් සහ අමන දේශපාලකයන් නිසා අදටද පිටරටකදී අපිට පිලිගැන්මක් නැත. අපේ විදේශ ගමන් බලපත්‍රය ගණන් ගන්නේම නැත. හරිහමන් නිෂ්පාදනයක්වත් නැති රටක අපේ අයට අවශ්‍ය වන්නේ පිටරටවල් අපිට ඕන නැ කියා සිටින්නටය.
- යුද්ධය පැවති කාලයේ ප්‍රදේශයක් භාරව සිටි කිට්ටු නම් එල්ටීටීඊ නායකයා අද දරුවන්ද සමග හොද ජිවිතයක් ගත කරන්නේය. තම නිවස නංගිට සහ පවුලට ලබාදී කුඩා ඉඩක තමන් ජිවත් වන කෙනෙකි. යුද්ධය ගැන බොහෝ අදහස් දැක්වූ ඔහු, “සිංහලයන් කියන්නෙ දෙමල අයව මරණ කොටසක් බවටත්, හාමුදුරුවරු කියන්නේ සිවුර ඇතුලෙ පිහි තබාගෙන මරන්නට ලෑස්ති පිරිසක් බවත් “ කොටි සංවිධානය උගන්වා ඇති බව කීවේය. මෙයට සමාන අදහස් උතුරේදි බොහෝ අවස්ථාවල දැකගත හැකි වේ.
- අන්තිමට සන්නිවේදන දුර්වලතාවයන් සහ මුග්ධ දේශපාලකයන්ගේ අවස්ථාවාදි ක්‍රියා නිසා අවුරුදු 30ක් එකදිගටත් තවමත් අපි වන්දි ගෙවමු !

● මැදවච්චියෙදි සඳමාලි අවන්හල ඉතා විශේෂ සේවාවක් ලබාදෙන තැනකි. පූජ්‍ය පක්ෂය, ගර්භණී මාතාවන්, 70ට වැඩි අය සහ අසරණ අය වෙනුවෙන් නොමිලේ ආහාර ලබාදෙයි. ගොඩක් ආහාර වර්ග කාබනික ඒවා වන අතර රසයද, ගුණයද සහිතය. ඉතා ගරු කටයුතුව ලබාදෙන පාරිභෝගික සේවාවද අගය කරමි. අනිවාර්ය යන්න - https://goo.gl/CZVmyk

● කිලිනොච්චියේ හෙල බොජුන් අවන්හලේ නම, “අම්මච්චිය“. මෙහි එළවළු ආහාර පමණක් ලබාදුන්නද ආහාරයන් සැබවින්ම ඉතාම රසවත්ය. ඒවගේම මිලෙන් අඩුය. පලතුරු බීමද නැවුම්ය. අපි ආහාර ගනිමින් සිටියදී අපට ආහාර වල වටිනාකම සහ ඉතුරු නොකර කෑම ගැනද එතන අයගෙන් අදහස් ලැබුනි. පුදුම තරම් ඒවා ගැන හිතන මිනිසුන්ය. ඒ අයද ශ්‍රී ලාංකිකයෝය !
කිලිනොච්චි ගියොත් යන්න - https://goo.gl/pmn6cw
-

*** දෙමල නොදැනීම සන්නිවේදනයට බරපතල කරදරයක් සිදුකලද, මම පුලුවන් විදියට දෙමල කතා කරන්නට බැලුවේය. අපට උදව් කල පාලිත මහතා හොදින්ම දෙමල බස හැසිරවීමට දැන සිටීම වාසනාවකි. ඉදිරියෙදි සිංහල - දෙමල - ඉංග්‍රිසි 3ම අනිවාර්ය විෂයන් කලේ නම් රටටම හොදය.

#srilanka #northcentral #northprovince #kilinochchi #vavuniya #anuradapura #slpeople

Monday, November 19, 2018

“ Colombo Story “ - Bikshu Chapter ~ Upul Shantha Sannasgala

“ හාමුදුරුවරුද මනුෂ්‍යයන්ය “

කාලෙකට පස්සෙ විශේෂයෙන් දැනුනු පොතක් කියෙව්වා. “කොළඹ කතාව“ - භික්ෂු පරිච්ඡේදය.
ඒක විශේෂ වෙන්නෙ උපුල් ශාන්ත සන්නස්ගල සර් ලියපු නිසා නෙමෙයි.
( සර්ගෙ  ගෝලයෙක් නෙමෙයි. මම සර්ව දන්නෙ මම සර්ගෙ දේශන බොහෝමයක් අන්තර්ජාලය හරහා අහපු නිසයි. රෝයල් තප්‍රෝබේන් වගේම පොත් ප්‍රදර්ශනයෙදිත් සර්ව දැක්කට කතා කලේ නැත)
 ඇත්තටම කාලෙකින් දැනුනු පොතක් වීමයි. මම පොත් දහස් ගානක් කියවල තියෙනවා. පොත් කියෙව්වට මදිනෙ. 1 ඒ පොත් දැනෙන්න ඕන. 2 ඒකට අදාල දැනුමක් තියෙනව නම් ඒක නිවරදිව ගන්න ඕන - ඒක මට කියල දුන්නෙ ජිනදාස සර්..

කොහොම හරි මේ පොත ගැන මට ඔය හැටි උනන්දුවක් ආවෙ නෑ. සන්නස්ගල සර් කියන දේ බොහෝම යථාර්ථවාදියි. හැබැයි ඒව කියන්නෙ අමුවෙන්. ඉතින් වදින අයට, එහෙම නැත්නම් මිනිස්සු මරලා බුදු දහම රකින්න හිතන අයට ඒව බොහෝම වැරදි විදියට පේනවා ඇති. මාත් සෑහෙන්න දහමට අනුකූලව හිතලා හොයන නිසාද මංදා මටත් සමහර කාරණා වල විවේචන වලට ඒ තරම කැමති නෑ. හැබැයි දැන් හිතෙනවා සර් ලියන්නෙ මේව අත්දැකීම් සහ අදහස් විදියට පමණයි, ඒ ගැන වෙනම තරහක් - ද්වේෂයක් හදාගෙන නෙමෙයි කියල.

- ඔය අතර අපේ
@Ven Yatalamate Kusalananda නායක හාමුදුරුවන්ගෙ මේසෙ උඩ පොත තියෙනව දවස් කීපෙකට කලින් දැක්කා. කොහොම හරි මම නිකමට වගේ පොත කියෙව්වා මුල් පිටු. කියවන්න හිතුනා. ඉතින් මම හාමුදුරුවන්ට කිව්වා මේක කියවන්න හිතුනු බව. එහෙම කියද්දි පිටු 20ක් විතර කියවල හිටියෙ. හාමුදුරුවො ඒ පොත කියවන බව දැනගත්ත නිසා තියල ආවා.
ගෙදර ඇවිල්ලත් පොත මතක් වෙනව. ඉතින් මම ඊයෙත්(17) පන්සලට ගිහින් පොතේ පිටු කීපයක් කියවද්දි හාමුදුරුවො දැකල මට කිව්වා - මම දැන් වෙන පොතක් කියවනව, කමක් නෑ කියවල ගෙනත් දෙන්න කියල. ඔන්න මගෙ වැඩේ හරි. ඊයෙ හවස මට අපෙ දන්ත වෛද්‍යවරිය මුණගැහෙන්න තිබ්බා. මම දන්නවා පැය 2කට වඩා යන බව ඉතින් මම මේ පොත අරගෙන ගිහින් පිටු 50ක් විතර කියෙව්වා. සමහර ලද බොදල පොත් වගේ එකපාරට කියවල ඉවර කරන්න අමාරුයි මොකද, මේකෙ හැමදේම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සිම්බාට කියල තියෙන ඒවත් අර්ථයෙන් හිතන්නම වෙන නිසා.

- කොහොම හරි මම අදත් තාම පොත කියවනවා. ඒ අතර දැනුනු දේවල් තමයි කාලෙකට පස්සෙ මොලේ ටිකක් හෙල උනා වගේ දැනීම. මම දන්නවා භික්ෂු ජිවිතය ලේසි නැති බව. අපි හිතාගෙන ඉන්නෙ ගිහි ජිවිතය තමයි කරදර භික්ෂු ජිවිතය නොවෙන බව. ඇත්තටම කෙනෙක් භික්ෂුවක් වෙන්නෙ සසර කලකිරිලා මේ බැඳීම් වලින් දුරස්ව ඉන්නයි. ඒකට තමයි සුපටිපටිපන්න ගුණය කියල කියන්නෙ. ඒක තියෙන්නෙ මේ තුන් ලෝකෙම සංඝරත්නයට විතරයි ( මම ලගදි සංඝානුස්සතියත් කරන නිසා දන්නව). නමුත් අද අතිබහුතරයක් පන්සල් වල  භාවනාවක් තියා හරියකට හාමුදුරුවරුන්ට හිතේ සැනසීමෙන් ඉන්නවත් ලැබෙනවද මංදා. ඒ තරමට කටයුතු බහුලයි. ඒවගේම ප්‍රායෝගිකව මුහුණ දෙන දුෂ්කරතාත් නැතිව නෙමෙයි. පොතේ එක තැනක කියවෙනවා පිරිකර විකුණනලා ගමන් ගාස්තු හොයාගන්න වෙන බව. ඉස්සර බෞද්ධ රජවරු භික්ෂූන්ට නොමිලේ ගමන්බිමන් දුන්නට අද එහෙම නෑ. ඛුද්දානුඛුද්දක ශික්ෂා පද අතර මුදල් පරිහරණය සීමාවකට කෙරෙන්න ඕනද කියලත් මතක් වෙනවා.

- කොහොම හරි මේකෙ කියවෙන මූර්ති කියන හාමුදුරුවන් ගැන, බොහෝ දේවල් හොයපු, විශේෂයෙන් නිවන අරමුණු කරගෙන කටයුතු කලත් ඒක එහෙම නොවිම ගැන මම කල්පනා කලා. ධර්මය “සන්දිට්ඨිකයි“ ඒකියන්නෙ මේ ජිවිතය තුලදීම අවශ්‍ය නම් අවබෝධ කරගත හැකියි. නමුත් බොහෝම කැපවීමෙන් ඉවසීමෙන් ඒ කටයුතු කලත් ඒක නොවුනේ මොකද ? ඒකට මට හිතෙන්නෙ ඒකට අදාල කුසල් පිරිලා (සසර කරපුවත් මදි) නැති බවයි. එහෙම නැත්නම් මේ ජිවිතය තුල ආපු විවිධාකාර බාධක එක්ක ඒකට අවශ්‍ය කටයුතු සිද්ධ නොවුනු බවයි. මොකද එහෙම පෙර සංසාරයෙ කුසල් කරලා දහම් පද කීපෙකින් සෝවාන් උනු කතා අපි අහල තියෙනවා. ඒවගේම එහෙම අය අද මේ ලෝකෙ ඉන්න බව මම අත්දැකීමෙන් දන්නවා.

අපේ හාමුදුරුවරු මේ පොත කියවල දක්වන අදහසුත් අහගන්න ඕන.
මූර්ති කියන හාමුදුරුවො සිවුරු ඇරියට තරහක් නෑ, ඒත් තරමක දුකක් ඇති වෙනවා, අපි හරියට අපේ ශාසනය ගැන හිතන නිසා වෙන්නැති, එහෙම හිතද්දි ආයෙ මතක් වෙනවා හැමදේම අනිත්‍ය බවත්. සිදුහත් කුමාරය නිවන හොයාගෙන බුද්ධත්වයට ගියපු ගමන හරි. මාත් ඒ ගමනට කැමතියි. ලෞකික ජිවිතයේ අත්දැකීම් ලබල ඒකෙ නීරස භාවය අවබෝධ කරගෙනයි අයින් වෙන්නෙ. පොඩි කාලෙම හාමුදුරුවරු දෙමාපියන්ගෙ කැමැත්තට ශාසනේට භාර දෙන එක හරිද මංදා.
* පහුගිය කාලෙ මම ආදරේ කරපු ගෑණු ළමයෙක් එහෙම හිතාගෙන හිටිය. එයාට එහෙම දරුවෙක් සංසාරගත බැදීමකට හිටිය තමයි ඉතින්, ඒවගේම ඒ දරුව බොහෝම කුසල් ශක්තිය ඇති කෙනෙකුත් තමයි. ඒත් මගෙ අදහස නම් ඒක ඒ දරුවගේ අයිතියක්. දෙමාපියන්ගෙ නෙමෙයි. සංසාර පුරුදු වගේම කර්ම ශක්තිය අනුව ඔය වගේ දරුවො බිහි වෙනව. මට මතකයි දවසක් මහා පින් කරනව කියල, උදම් අනපු ජෝඩුවක් අපෙ කුසලනන්ද නායක හාමුදුරුවන්ට එයාලගෙ යාළුවෙක් අවුරුදු ගානක් දරුවෙක් නැතිව ඉදල, ලැබුනු දරුවා ශාසනේට පූජා කරනව කියල බොහෝම උජාරුවට කියපු හැටි. හාමුදුරුවො බොහොම පැහැදිලිව වගේම ඍජුව ඒ අදහස් වැරදි බවත් ඒක ඒ දරුවගේ අයිතිය බවත් කියල දුන්නා. මාත් ඒකට එකඟයි හ්ම්..,

තාම පිටු 200 ගානයි කියෙව්වෙ... මතු සම්බන්ධ ඇති..

#srilanka #lka #UpulShanthaSannasgala #kolambakatawa #කොළඹකතාව #භික්ෂුපරිච්ඡේදය

Sunday, November 18, 2018

ප්‍රභාකරන් සාධකය මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් - වෛද්‍ය රුවන් එම්.ජයතුංග

උපුටා ගැනීම්,

Archeypes do n't have a determinate content...but since the moment they become conscious, that is filled with material of our conscious experience... The archetype is empty, it is a pure formal element, nothing else but a possibility to perform, a tendency of representation given a priori.

- හිට්ලර් බොහෝවිට ඔටෝ බිස්මාක් කෙරේ ආවේශ විය.
ප්‍රභාකරන් තමාගේ ලෝකය නිර්මාණයට ශිව සහ විනාශ කරන්නා යන ආවේශයට සමාන වීමට තැත් කරයි. කළු කොටින් නිදසුනකි. වෛරය සහ විනාශය තුලින් චමත්කාර ලොවකට යා හැකි බව ඔහු සිතුවේය. මරණය ඒ ලොවට පිවිසීමේ දොරටුවයි. මරණයෙන් පසුව අනුගාමිකයන් විචිත්‍ර ලෝකයට යති. ඔහුන් එවිට තමන්ගේ අනිකුත් මියගිය සගයෝ හමුවෙති. මෙය ප්‍රභාගේ මනසේ තැන්පත්ව තිබු ෆැන්ටසියේ කොටසකි. මහා භාරතය සහ හින්දු ජන කතා ආශ්‍රයෙන් මේ චිත්‍රය මැවී තිබේ.
දුක් විඳීමෙන් ආත්මය ජ්වලිත වේ යන හින්දු සංකල්පය විශ්වාස කල ප්‍රභාකරන්, ද්‍රවිඩ ජනයා අත්විඳින පීඩනය, වේදනාව ඔවුන්ගේ විමුක්තිය සාක්ෂාත් වීමට හේතු වෙතැයි අහේතුකවාදිව නිගමනය කරයි.

- කුඩා කල සිට ඔහු ලෝකය වටහාගත්තේ එය ඉතා අන්තරායකාරි, නපුරු සිංහලයන්ගේ පිරී, එම ලෝකයේ ද්‍රවිඩයන් මරා දැමෙන - ගෞරවයට ලක්වෙන පූසාරිවරුද සිංහල රාක්ෂසයන් විසින් මරා දැමෙන විදියටය. ඔහු හමුදා නිල ඇදුම් කෙරේ වෛරයක් ගොඩනගා ගත්තේය. මෙම නපුරු බලවේගය පරාජය කරන්නට මම පෙරට එහි සපථ කලේය.

--
උතුර සහ දකුණ හවුලේ නිපදවූ ප්‍රභාකරන් සාධකය සැලකූ කල බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ප්‍රකාශය, “යුද්ධයක් පටන් ගත්විට එයට සදාචාරයක්, නීති පද්ධතියක් මෙන්ම තිරිංගද නැත“- අශෝක හදගම.

--

හිට්ලර්ගේ පැරනොයිඩ ෆැන්ටසියට ගෝරිං මාටින්බෝමන්, හිම්ලර්, රුඩොල්ෆ් හෙස්, ඇල්බට් ෆියර් වැනි අය කිසිදු ප්‍රශ්න කිරිමක් නොකොට දායක වූහ.
ප්‍රභාකරන්ගේ භක්තිමත් අනුගාමිකයන්ද මෙලෙස ඔහුගේ ෆැන්ටසියට බද්ධව සිටිති. ඔවුන් ලෝකය දකින්නේ ප්‍රභාගේ දෑස් වලින්. ඒ වෙනුවෙන් දිවි පිදීමට පසුබට නොවෙති. ඔවුන් ඉටු කරන්නේ තමන් දේවත්වයෙන් අදහන අර්ධ දෙවියාගේ නියෝගයි. එනිසා එය ඉටු කිරීමට ජිවිතය වුවද කැපකල හැකිය. කල්ට් සාමාජිකයන් මෙන් තම නායකායට පෞද්ගලිව පක්ෂපාති වෙති, වන්දනා කරති.
ඔවුන් මරණයේ ආශය තම ගෙලේ පළදා සිටින සයනයිඩ් කරලෙන් සංකේතවත් කරති. මෙය id අංශය පිළිබිඹු කරන චිත්‍රයක් වැනය. පිකාසෝ ඇඳි tortured - Guernica චිත්‍රයේ id අංශයේ Thanatos යොමුව ගැන පවසන්නාක් මෙන් සයනයිඩ් කරල එල්ලාගත් එල්ටීටීඊ සාමාජිකයා මගින් Thanatos පාර්ශවය පිළිබිඹු කෙරේ.
බෙනිටෝ මුසෝලිනී බලයේ සිටි කාලයේ එක් පූජයෙකුගෙන් ඒකාධිපතියා සහ ක්‍රිස්තුන්වහන්සේ අතර ඇති වෙනස ඇසූ විට, “ ක්‍රිස්තුන්වහන්සේ සියලුදෙනා වෙනුවෙන් කැපවන අතර, ඒකාධිපතියාට සියලුදෙනා කැපවිය යුතුය.“


-
ප්‍රභාකරන් තුල Narcissistic neurosis - ආත්ම රාගය එනම් තමා කෙරේ දැඩි ඇල්ම නිසා අපරික්ෂාකාරි නොවිය. සමකාලිනයන්ට වඩා වැඩි කාලයක් ජිවත් වීමේ රහසද දුම් පානය, මත්පැන් පානය වැනි හානිකර දේට නොඇලීම - නාසිස්ටික ස්වභාවය.

- රාජන් හුල් ප්‍රකශ කල අන්දමට එල්ටීටීඊය ඝාතනය කල දෙමල වැසියන්ගේ සංඛ්‍යාව 20,00කට වැඩිය. ඔවුන් තමන්ගේම වද කදවුරු පවත්වාගෙන ගොස් ප්‍රතිවාදි අදහස් දැරූ ද්‍රවිඩ ජාතිකයන් වද බන්ධනයට සහ ඝාතනයට ලක් කරන ලදි.

- සටන් විරාම ගිවිසුම නිසා එල්ටීටීඊයේ සංවිධානයේ උග්‍ර සටන්කරුවන්ගේ මානසිකත්වය ඔහු අවබෝධ කරග්නටන ඇත. සටනකින් තොරව නිදහසේ සිටින්නට දීමෙන් ඔවුන්ගේ ප්‍රහාරාත්මක හැකියාව වියැකේ. දෙමල ඊලමට පවතින උන්මාදනීය අභිලාෂය හීන වෙයි.

- ප්‍රභාකරන් සාධකයට ප්‍රජාතන්ත්‍රවාදය පැවතීම මෙන්ම සුළු ජාතින්ට මහ ජාතිය සහනශීලි වීම ඉවසිය නොහැක.



- #Prabakaran #srilanka #tamilelam #slpolitics


Thursday, November 15, 2018

අවුරුදු ගානකට කලින් මම සරසවි පොත් හලේ ඉන්නකොට, මම දැක්කා ලොකු හාමුදුරු කෙනෙක්, අවු 10ක විතර පොඩි හාමුදුරු කෙනෙක් එක්කගෙන ඇවිල්ලා පොත් - පෑන් අරගෙන දෙනවා.

- මට මතක් උනා අපිත් පොඩි කාලේ හරි ආසයි පාට පාට පෑන් ගොඩක් තියෙනවට..
- අපිට ඒව අරගෙන දෙන්න දෙමාපියෝ හිටියත්, මහණ උනාට පස්සෙ ඒ කටයුත්ත කරන්න ඉන්නෙ පන්සලේ ලොකු හාමුදුරුවෝ..

ඇත්තටම ඒක බොහෝම සංවේදී දර්ශනයක් උනා. අද වගේ කැමරා ෆෝන් නොතිබුනු කාලෙක නිසා පින්තුරයක් ගන්න පුලුවන්කමක් තිබ්බෙත් නෑ..

ඒ මතකය අලුත් උනා අද මේ පින්තුරේ දැක්කම..
පොඩි කාලෙදි අපි හැමෝම කැමතියි පුදුම තරම් සතුටකින් ඉන්න..
පොඩි හාමුදුරුවොත් පොඩි දරුවෙක්.. මෙහෙම සතුටක් ලබාදීම ගොඩක් වටින දෙයක්...

- විශාඛා මහෝපාසිකාව ඒකාලෙ ප්‍රසිද්ධයිලු පොඩි හාමුදුරුවරුන්ටත් පැණි රස දේවල් දෙන බවට..
- මට මතකයි අපේ සීයත් පොඩි හාමුදුරු ගැන හොයල බලනවා. අපේ සීය අනිත් ළමයින්ට වගේම, පොඩි හාමුදුරුවන්ටත් පැණි රස දෙයක්, චොක්ලට් එකක් දෙන්න කටයුතු කලා. ඒකම අපේ අම්මත් කරනව. මට නම් තාම ඒක කරගන්න බැරි උනා.

- අද පොඩි හාමුදුරුවරු තමයි, දවසක ලොකු හාමුදුරුවරු වෙන්නෙ !!!
සමහරවිටෙක අද වෙනදට වඩා සිවුරු අරින කතා අහන්න ලැබෙනවා. ඒකටත් එක හේතුවක් වෙන්න පුලුවන්, ලොකු හාමුදුරුවන්ට විතරක් වදින, පොඩි හාමුදුරුවන්ට නොවදින තීරණ සමහර අයගෙ.
- ගිහි අපිට වගේ නෙමෙයි, කාලය එක්ක උන්වහන්සේලාට ලැබෙන නායකකම් බොහෝමයි..

- ලොකු හාමුදුරුවරු වගේම අපේ පොඩි හාමුදුරුවරුත් බොහෝම වැදගත්.. අපේ ශාසනය රැක ගන්න අපේ යතිවරු... !!!

#srilanka

Monday, November 5, 2018

පැසුණු හිසින් බුහුමන් ලබව - ජිනදාස සර්

ජිනදාස සර් කිව්වාම, දන්න අය දන්න සුවිශේෂි චරිතයක්. අහම්බෙන් වගේ මට මුණගැහෙන්නෙ කැබිතිගොල්ලෑව යන ගමනෙදි මුලින්ම. මුණගැහිලා විනාඩියක් යන්න කලින් සර් ගැන තේරුමක් ආවා. අපි ඉගෙන ගන්න කාලෙ මෙහෙම ගුරුවරයෙක් හිටිය නම් කියල..  සර්ගෙන් ඉගෙන ගත්ත බොහෝමයක් දේවල් තියෙනවා... සර් 71 කැරැල්ලෙ සැකකරුවෙක්. ඒකාලෙන් පස්සෙ ඒවයෙන් අයින් වෙලා රටට සේවා කරගෙන උගන්වමින් ඉන්නවා. සර් තමයි වැලිවේරියෙ සුදර්ශී උපකාරක පන්ති මධ්‍යස්ථානය පටන්ගත්තෙ.

මේ ලගදි කතා කරද්දි 71 - 88 කැරලි ගැන මම ඇහුවා. ඒ තරම හැකියාවක් තිබුනු ජවිපෙට වැරදුනේ කොතනද කියල සර්ගෙ අදහස අනුව..

“ විවේචන සහ ස්වයංවිවේචන“

විශේෂයෙන්ම කොමියුනිස්ට්, සමාජවාදි පක්ෂ වල තියෙන දෙයක් තමයි මේක. තමන්ට අන් අයව විවේචනය කල හැක. තමන් තමන්ගේ වැරදිද කිව යුතුය. එයට උපදෙස් අනිත් අය දිය යුතුය. යම් ලෙසකින් අන් අය විවේචන කර තමාගෙ වැරදි සැගවුවොත් වැරදි 2කි. එනම් පක්ෂයට වංක වීම 1, වරදක් කිරීම යන්න 2 වෙයි. මෙයාකාරය.

71 කැරැල්ල වැරදීම

මූලික න්‍යාය කෙටියෙන් කිව්වොත් අඩුපාඩු තිබිම. පන්ති 5 දී ඉගැන්වූ දෑ.
ගත යුතු මග - සියලු පොලිස් ස්ථාන පහරදී අල්ලා ගැනීම, ඒ අතර කම්කරුවන් ස්ට්‍රයික් කිරීම. නමුත් හමුදාව ආවම කුමක් කල යුතුද යන්න උපායමාර්ගිකව තීබි නැත, නායකත්වය ඒ ගැන කියල දීමක්ද නැත.
කිරි ටින් වලට වෙඩි බේත් පුරවා, කීපයක් වුනු ෂොට් ගන් යනාදියද තිබුනි. කෙසේ වුවද රතිඤ්ඤා පත්තු කර පොලිසිය වෙඩි තිබූ පසු ඔවුන්ගේ පතුරම් අවසාන වූ පසු අල්ලා ගැනින. නමුත් හමුදාව ආ විට දෙන්නට සිදුවිය.
විජේවීර වැනි මොලයකට එය හසු නොවූයේ මන්ද ? ඒ ගැන රෙජිනෝල්ඩ් කුරේ අසා තිබුනේ, “ පලවෙනිද දවසේ පහරදී පැරදුනොත් 2වෙනි දවසේ කරන්නෙ මොකක්ද ? - එයට පිලිතුර ලෙස කුරේව ඉවත් කර තිබුනි.
- විජේවීර කියා තිබුනේ ඔහු නොව වෙනත් කෙනෙක් පහර දීමට අණ දී තිබුනු බවයි.
- එවිට කුරේ අසා තිබුනේ බෝම්බ හැදු බව විජේවීර දන්නවාද නැද්ද ? දන්නවා නම්, එය වැඩිකල් තබා නොහැකි බව නොදන්නේද ?
රෙජිනෝල්ඩ් කුරේ පක්ෂයේ වැඩ කරන අතරම ඉහලින් ඔහුව කපා තිබුනි. දෙණියාය අල්ලා ගෙන සිටින ලදි.

* උඩින් යටට - යටින් උඩට පැමිණිය යුතුව තිබුනු ප්‍රජාතන්ත්‍රවාදයක් ජේවිපියේ නොතිබුනි. විජේවීර ඒකාධිපතිත්වයක් ගොඩනගන ලදි - මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුනි.

71න් පසුව වැරදුනු තැන් කතා කල යුතුව තිබුනද, විජේවීර එසේ නොකර කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂ වල වැරදි නිසා එසේ වූ බවයි - එනම් මුල ආරම්භය ඒවායෙන් සිදුවුනු නිසා ඒවායේ වැරදි නිසා බවය.


  88-89 භීෂණ සමයේ විජේවීරගෙන් අසන ලද ප්‍රශ්නයක් වූයේ, 71 කරපු වැඩේමද කරන්න හදන්නෙ ?

“ ඉතිහාසයේ 1ම වරද 2වරක් කරන්නෙ නැත - එසේ වේ නම් එය නාඩගමකි“

- එසෙ නම් විජේවීරගේ වචනෙයන්ම 89 කරන ලද්දේ විගඩමකි. වරද පිලි නොගැනීම. එසේ නොකිරීම තුල වැරැද්දෙන් වැරද්දට යයි. පිලිගත්තේ නම් වරද එතනින් අවසන් වෙයි. 

Saturday, October 20, 2018

“ මෛත්‍රී භාවනාව “

අවුරුදු ගානක ඉදන් මට උවමනාව තිබ්බා, සහ උතුම් ගුණාංග තියෙන අයගෙන් තේරුම් අරගෙන තිබ්බ මෛත්‍රිය වැඩීම බොහෝම උවමනා තියෙන දෙයක් විදියට. ගිහි ජිවිතයෙදි ගැටෙන්න ඉඩ වැඩියි. සමාජ සේවය කලත්, වෙන රස්සා කලත් ගැටීම් වැඩියි. ගැටීම් වැඩි උනාම ඒ තුල තරහ, ද්වේෂ, ඉරිසියාව වගේ ඒව ඇති වෙන්න ඉඩ වැඩියි.
කොච්චර උවමනා උනත්, මෛත්‍රී භාවනාව කරන එක ලේසි වැඩක් විදියට නොතේරුනේ කලින් භාවනා කරද්දි “මම නිදුක් වෙත්වා“ වගේම “සියලු සත්වයෝ නිදුක් වෙත්වා“ කිව්වත් ඒක හරියටම තේරුමක් ඇතිව දැනුනෙ නැති නිසා... - බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය වගේම ආනාපානසති වගේ භාවනා වගේම, විදර්ශනා භාවනා වෙන සක්මන් භාවනාව, සතරසතිපට්ඨාන භාවනා ගැනත් තරමක දැනීමක් තිබුනත්, මෛත්‍රී භාවනාව හරියට හිතාගන්න බැරිව හිටියෙ..
-
ඔය අතර තමයි මෛත්‍රී භාවනාව පටන් ගත්තෙ. ටික දවසක් යනකොට යම් වෙනසක් දැනෙන්නත්, ඒවගේම අන් අය දක්වන ප්‍රතිචාරයන්ගෙ විශේෂ වෙනසක් දැනුනෙ. ඒකට මෛත්‍රී භාවනාව හේතු වෙන්න ඇති කියල තේරෙන්නත් තව ටික දවසක් ගියා ( මේ තත්වයන් කර්ම ශක්තිය සහ තව සාධක එක්ක වෙනස් වෙන්න ඉඩ තියෙනවා).

● මෛත්‍රී භාවනාවෙදි මුලින්ම කරන්නෙ තමන්ට මෛත්‍රි වඩන එක.
තමන් තුල තියෙනවා වෙන්න පුලුවන් යම් අඩුපාඩු, බැරිකම්, වැරදි තීරණ වගේ දේවල්. ඒව තේරුම් අරගෙන ඒවට සමාව දෙන්න පුරුදු වෙන්න ඕන. ඒවගේම අන් අයගේ දුර්වලතාවයන් වලටත් සමාව දෙන සුවපත් සිතක් ඇති කරගන්න ඕන. ඒවගේම තමන්ගෙ හොද ගුණාංග ගැන සතුටු වීමත් හොදයි.
තමන්ට හරියට මෛත්‍රි කරන්න බැරි කෙනෙක් තව කෙනෙක්ට මෛත්‍රි කරන්නෙ නෑ..
ඒකියන්නෙ තමන්ට මෛත්‍රී කරන කෙනෙක් කවදාවත් සියදිවි නසාගැනීම් වගේ දේවල් කරන්නෙ නෑ. මොකද සංසාර බිය සහ අකුසලය ගැන තේරුමක් තියෙන නිසා.

● දෙමාපියන් - මිතුරන් ආදි හිතවත් අයට ඊලගට මෛත්‍රි කල යුතුයි.
තමන්ට හිතවත් අයට තමන් අතින් වැරදි - අඩුපාඩු උනා නම්, හිත රිදවීම් උනා නම් ඒව ගැන හිතලා ඒව හදාගන්නත්, ඒ අයගෙන් තමන්ට එහෙම රිදවීම් උනා නම් ඒව හිතල ඒ ගැන උපේක්ෂාවෙන් යුතුව බලන්න උවමනයි.
ඒ හැමෝම ප්‍රීතිමත් සිතින් වෙසෙත්වා කියල, සැහැල්ලුවෙන් - පහසුවෙන් - සතුටින් වාසය කරන්නෝ වෙත්වා කියල මෙත් වැඩිය යුතුයි.

● සතුරු නොවන මිතුරු නොවන මැදහත් අයට මෛත්‍රිය
මෙහෙම අය බොහෝම අයත් වෙන්නෙ එදිදෙනා ගමන් වලදි අපිට මුණගැහෙන අය විදියටයි.
වාහනයක - බස් රථයක යනකොට අනිකුත් රියැදුරන්, මගීන් ගැන ඒ අයට යහපතක් වේවා කියල හිතීම, ඒවගේම ඒ අයගේ යම් අඩුපාඩු තිබුනොත් වැරදි වගේ දේවල් ගැන උපේක්ෂාවෙන් යුතුව බැලීමත් වටිනවා.

● සතුරු - වෛරී ඇති අයට මෛත්‍රිය
මට වෛර කරන, පලිගැනීම් සිතිවිලි ඇති අය පිලිබදව හිතන්න. තමන්ට කරදර කරපු අයව, තමන්ගෙ දියුණුවට බාධා කරපු අය ගැන හිතන්න.
ඒ සියලුදෙනා එහෙම කලේ නොදැනුවත්කමින්, නොතේරුම්කමින් - කර්මය - කර්මඵල ගැන විශ්වාසයක් දැනීමක් නැති නිසා කියලත් හිතන්න පුලුවන්. ඒවගේම ඒ ඒ අයගේ ගති ස්වභාවය ඒනිසා ඒ ගැන තරහක් - ඇති නොකරගන්නත් පුලුවන්.
තමන් එක්ක හිනා නොවෙන, තමන්ට කතා නොකරන අයට පවා මෙත් සිතින් හිතල සැහැල්ලුවෙන් - පහසුවෙන් - සතුටින් ජීවත් වෙත්වායි ප්‍රාර්ථනා කරන්න.

● ජීවත්වන සියලු සත්වයෝ - දුර්වලවූද, ශක්තිමත් වූද, කුඩා වූද, විශාල වූද, පෙනෙන හෝ නොපෙනන වූද තම ගමේ - නගරයේ - රටේ - ලෝකයේ වෙසෙන සියලුම සිංහල - දෙමල - මුස්ලිම් - අනිකුත් ජාතින්, දුප්පත් - පොහොසත් උගත් - නූගත්, හිතවත් - අහිතවත් “සියලුම සත්වයන්“ නිදුක්, නිරෝගී වේවා, සුවපත් වේවා ! සැහැල්ලුවෙන් පහසුවෙන් සතුටින් වාසය කරන්නෝ වෙත්වායි මෙත් වඩන්න !!!

● අවදි වූ මොහොතේ සිට මේ මොහොත දක්වාම යම් කිසිකෙනෙක් පිලිබදව, සිතිවිල්ලකින්, වචනයකින්, ක්‍රියාවකින් සිතට දුකක් - කණගාටුවක් සිදු උනා නම්, ඒ ගැන හිතන්න. සිතිවිලි වලින් ඔබේ වචනයෙන් - ක්‍රියාවෙන් යම් අයෙකුට හිංසාවක් - පීඩාවක් ඇති වූයේ දැයි හිතන්න. සිතා ඒ හැමදෙනාටම යහපතක් වේවා ! නිරෝගි වේවා ! සුවපත් වේවා ! මෙත් වඩන්න !!!
සිහියෙන් යුක්තව දවස ආවර්ජනය කරන්න.

* මේ වගේ මෛත්‍රි කරලා, ඉහලම බ්‍රහ්ම ලෝකයේ ඉදන් පහල අවිච්චි මහ නරකය දක්වාම ඒ සියලු සත්වයන්ටම මෛත්‍රි වේවා කියල හිතන එක වටිනවා !

කරණීයමෙත්ත භාවනාවෙන් කියවෙන්නෙ, මුලින්ම තමන් තුල තිබිය යුතු ගුණාංග මෛත්‍රිය වඩන්නට. ඊටපස්සෙ සියලු සත්වයන්ටම මෛත්‍රිය වඩන ආකාරය පැහැදිලි කරලා, අවසානයේ මෛත්‍රිය නිසාම දෘෂ්ටි ගත වීමෙන් මිදිලා, ආශාවන්ගෙන් මිදීම තුලින් නිවනටත් උපකාර වෙනව කියන කාරණය කියවෙනව..

මෛත්‍රී භාවනාව පුහුණුවෙන්ම කල යුතු දෙයක් !!
- මෛත්‍රි භාවනාව කිරීම තුලින් උපෙක්ෂාවත්, සිතට සැනසීමත් ඇති වෙනවා. ඒත් ඒක එහෙමයි කියල යම් කිසි කෙනෙක් සමාජ විරෝධී හෝ නීතියට පිටින් කටයුතු කරනවා නම් ඒ අයට අදාල ලෙස කටයුතු කිරීමටත් අවශ්‍යයි.
ප්‍රභාකරන් වැනි ත්‍රස්තවාදියෙක්ව මැරුණට කිරිබත් කන එක මෛත්‍රිය නෙමෙයි. හැබැයි එවන් කෙනෙක් විසින් කරන ලද දැඩි හානි සහ කල හැකි හානි ගැන සලකා, ජනතාවටත් යහපතක් වෙන විදියට අදාල ලෙස කල යුතු දේ කිරීමත් - උපේක්ෂාවෙන් ඊටපසුව සිතීමත් කිරීම වැදගත්.

පුණ්‍යානුමෝදනීය ස්තූතිය මෙම කටයුත්තට මූලිකත්වය ගත්, Yatalamate Kusalananda හිමියන්ට සහ Marawe Dhammarathana හිමියන්ට..

( පින්තූරය මා විසින් ගන්නා ලද්දකි )

#meditation #srilanka #compassion

Tuesday, September 25, 2018

කාලෙකට පස්සෙ

මංදා අන්තිමට ලිව්වෙ කවදද කියලත්.. ඒ තරම කාලෙකින් මොකුත් ලිව්වෙ නෑ මම හිතන්නෙ..

කැබිතිගොල්ලෑව ගමන ඒකේ අත්දැකීම්, ජිනදාස සර්, රත්නසිරි සර්, කුසලනන්ද හාමුදුරුවෝ වගේම කැබිතිගොල්ලෑව බස් බෝම්බය ඒවගේම ඒ පලාතෙ අයගේ සැලකිලි - සහයෝගය වගේ ගොඩක් දේවල් එතනම තියෙනවා. ඒ අතර කොළඹදිත් ආයෙ ගාල්ල - මාතර පැත්තෙ ගියපුවත්, අනුරාධපුරය - පොලොන්නරුවේ ගියපුවත් තියෙනවා. ඔය හැමදේම හිතේ තියෙනවා ටයිප් කරගන්න වෙලාවක් නැති එක නම් ලොකු අවුලක්.

ඒ අතර මුණගැහුනු කෙනෙක් දෙන්නෙක් ගැන අදහස් පහල වීමත්, පරණ අය ගැන මෛත්‍රි කරලා ලියපු අදහසුත් වගේ දේවලුත් තියෙනවා. සමාජ සේවා වගේම ගුගල් මැප් අප්ඩේට් කරන අයව ඊයෙ මුණගැහුනු එක වගේ කතාත් සෑහෙන දෙයක් තියෙනවා කියන්න.. ඒව අප්ඩේට් කරගන්න බැරි වෙන එක ගැන නම් කණගාටුවක් තමයි තියෙන්නෙ..