Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Sunday, May 18, 2014

අතීතයේ එක් දවසක.. 2012 පෙබරවාරි...

අතීතයේ එක් දවසක... බිස්නස් හොඳටම වැටිලා අතේ සතේ නැතිව ඉන්න කාලේ... හ්ම්.. අවුරුදු 2කට විතර කලින්...



මගෙ අක්කයි මමයි...

Amaya Manik
මල්ලියො ... වෙන දවසක එන්නම් හොදේ.... නැත්තන් මල්ලි එන්න, අපි දෙන්නම කඩේකින් කමු
Sukumal Harischandra
2/22, 10:16am
Sukumal Harischandra
කඩේකින් කන්න ?
හ්ම් මගෙ සල්ලි ඉවරයි... බොරුවට නෙමෙයි ඇත්තටම ඉවරයි
ඒනිසා ගේ ඇතුලට වෙලා ඉන්නවා
Amaya Manik
2/22, 10:18am
Amaya Manik
මම අරන් දෙන්නම් ... බැහැපිය එලියට .. 

Saturday, May 17, 2014

දන්දීම....

ඩේවිඩ් සීයා අවුරුද්දකට විතර කලින් නැතිවීමත්, ඩේවිඩ් සීයලාගෙ ගෙදර කවුරුවත් අවුරුද්දේ දානයක් නොදීමත් අපිට ලොකු කණගාටුවක් උනා. කොහොමත් අටපිරිකර අරන් දෙන්න හිටියෙ දානෙට. ඒක නොවුනු නිසා ගිය මාසේ මම හිතුවා දානෙ දෙන්න ඕන කියල.

වැඩ එක්ක ටිකක් පරක්කු උනත් මේපාර කොහොම හරි කරනව කියල හිතාගත්ත. මලගිය ඥාතින්, ආකර්ෂණය වෙලා ලග ඉන්න අය, ඉෂ්ඨ දෙවිවරු වගේම ආශිර්වාද කරන අනිත් හැමෝටමත් දානයක් දීලා පින් අනුමෝදන් කරන්න හිතාගෙන හිටියෙ.. හ්ම්..

ඉතින් කොහොම හරි අම්මයි නංගියි ඊයෙ ගිහින් ඒකට අවශ්‍ය දේවල් හැදුවා. මම ඊයෙ දවසම හිටියෙ මෙහෙනෙ..
ඊයෙ ඒපාර මගෙ අක්ක ඇහුවා අපිත් එන්නම් කියල, අක්ක කෝමත් දානෙට සම්මාදන් නිසා මාත් හා කිව්ව...
ඊට පස්සෙ අද උදේ 8ට කිට්ටු වෙන්න කුමාර අයියයි, අක්කයි ආවා.  අපි ඉතින් 9 30 වගේ වෙද්දි ආව වගේ මතකයි... හයිවේ එකේ ගමනට පැයක්වත් ගියේ නෑ.

අයියටයි අක්කටයි ගම පෙන්වන්න නම් කාලයක් ආවෙ නෑ. වෑන් එකක් හයර් කරගෙන කහදූව පන්සලට ගිහින් දානෙ දීලා අටපිරිකර පූජ කරල ආවා. හිතට හොඳයි. තාත්ත නැති වෙලා මේ මාසෙට අවුරුදු 14කුත් වෙනව.
ඉතින් නෑයෝ හැමෝම මතක් කලා...
කෝලිත හාමුදුරුවො අනුශාසනාව කලේ. හොඳට කලා හිත හැදෙන විදියට. ලොකු පිංකමක් විදියට මට නොදැනුනත් හිත සතුටුයි, යුතුකමක් කලා වගේ දැනෙනව...
මගෙ අක්ක කියද්දි හාමුදුරුවො කිව්වා දන්න විදියට අක්කල නැ කියල. මං සංසාරේ කතාවක් කියන්නත් හිතල මොකුත් නොකිය හිටිය.
හාමුදුරුවො පාර්ලිමේන්තු වඩිද්දි මාව දැකල තියෙනවා කොළඹ අවටදි... හාමුදුරුවො ගෝඨාභය ලේකම් තුමත් බැසිල් ඇමතිතුමත් ආදි අය එක්ක හිතවත්නෙ. ගයි මාම එක්ක අහිතවත් නැති උනාට වැඩ කරන්නෙ නෑ.
මම කිව්වා ගයි මාමට මම සෝෂල් මිඩිය පටන් ගන්නව කියල.
කොහොම හරි දානෙ ඉවර වෙලා අයියයි අක්කයි එක්ක ගෙදරටම ආවා... හ්ම්... ඒ යුතුකම හරි...

තව මීට වඩා මහා පරිමාණයෙන්  දන් දෙන්න ලැබෙන්න ඕන... හ්ම් මේ මදි මට...

දන්සැල් වන්දනාව... (05/15)

දන්සැල් කියල කියන්නෙ මොකක්ද කියල දැනගෙන හිටියත් තවම දන්සැලකින් බත් කන්න ලැබී නැත. ගාල්ලෙ ඉන්න කාලෙත් ගියොත්, බෙලිමල්, කොත්ත මල්ලි විතරයි ලැබුනෙ...

අදත් බෙලිමල් පමණි... අනික්වා අතින් වියදම් කරගෙන කාලාම ආවා...

පුදුම සෙනගක් ඉද්දි දේවල් හරියට කරන්න බෑ කියල හිතෙනව. තදබදය හොදටෝම... හ්ම්...

Thursday, May 15, 2014

බිස්නස්... ඇයි - 2

සල්ලි..... සල්ලි නෙමෙයි වැදගත් කාලය....
කොච්චර සල්ලි තිබුනත්, ජීවිතේ වැදගත්ම කාලය උදේ 8-9 හවස 4-5 අතර කාලයේ වැඩි හරියක් ඔෆිස් එකක ඉන්නව නම්...
සල්ලි කොච්චර තිබුනත් මොකටද...

මම මේ ලගදි මුණ ගැහුනා බිස්නස් කරන කෙනෙක්... උදේ 10.30 කෝල් කරද්දි දරුවො හුරතල් කරනවා.. මට ඇත්තටම පුදුමයි... අපේ පවුල් වල ඉහලම රස්සා කරන කවුරුවත් සතියෙ දවසක උදේ 10.30 ගෙදරදි දරුවො එක්ක නම් හොයන්න බෑ..

මට ඒ අයිය කිව්වා,

“ මල්ලි මාත් කාලෙකට කලින්, ලක්ෂයකට ආසන්න පඩියක් ලබන විධායක ශ්‍රේණියෙ රස්සාවක් කරපු කෙනෙක්.  කම්පනියෙන් වාහනයකුත් දිලා තිබුනේ.
ඒත් මට මේ බිස්නස් අවස්ථාව ලැබුනම මම ඒක ගත්ත. අද මම පඩියට වඩා සෑහෙන්න හොයනව. ඒවගේම මම මගෙ ගෙදර අය එක්ක සතුටින් ඉන්නවා...

“ මම දකිනවා මල්ලි මගෙ දරවො ලොකු වෙනව.. මගෙ දරුවො ඇවිදින දවස, නැගිටපු දවස... ඒ හැමදේම මම දකිනව.... ඒ සැනසීම වචනයෙන් විස්තර කරන්න බෑ මල්ලි...  “

_ මටත් පුදුම හැඟීමක් ආවේ... ඇත්ත නේද කියල. මාත් ඉතින් රස්සා කීපයක්ම කරානේ. හොඳම හැම වෙලාවෙම ඉන්නෙ පාරෙ හරි ඔෆිස් එකේ හරි කොහේ හරි කම්පනියක. අපි මාකටින් පොඩි කමිෂන් එකකට... ඒව වහන්න අපිට දෙනව පොඩි පොඩි ලාභ... වෙලාවකට වාහන දෙනව, නැත්නම් කම්පනි වාහනයක් දෙනව ඩ්‍රයිවර් එකක්... එක එක ප්‍රතිලාභ දෙනව.

ඒත් ඇත්ත තමයි, මහන්සියෙන් 90%ක් තියෙද්දි 10%කට අදාල පඩියක් දෙන එක... ඒක තමයි ඇත්ත...

Wednesday, May 14, 2014

සුභ වෙසඟක් වේවා !

නංගිගෙ වැඩ
අක්කත් එක්ක තිබුනු අමනාපය ඊයෙ සම්පූර්ණයෙන් නැති උනා. අක්ක දුක් වෙච්ච එකට නම් හොඳටම දුකයි. මමත් වෙලාවකට හිත හරි තදයි මගෙ හිතේ. ඒත් මම එහෙම කලේ බලපෑමක් කරන්න අකමැති නිසා.
අදාල කාන්තා චරිතය සල්ලාලයන්ගෙන් කරදර කාල වලදි අපෙන් උදව් අරගෙන ඒවට, පස්සෙ අපිටම කරදර කල කෙනෙක්. වෙලාවට සම්පත් අයියත් ඒව දන්නව.

ඩේවිඩ් සීයව විශේෂයෙන් මතක් කරලත්, අනිත් අයවත් මතක් කරල දෙන දානයත් ඉක්මණට දෙන්න ඕන. මේ දවස් වල වැඩ ටිකක් වැඩිද මංදා... වැඩ වැඩි නෑ හිත බිසී.... තාත්තට නැති වෙලා හෙටට අවුරුදු 14ක් වෙනව... හ්ම්...

බිස්නස් වැඩ ටික හොඳට කරන්න ඕන හ්ම්...

Monday, May 12, 2014

දැඩි අදහස්... නෑ හිතේ හැටියට අදහස්...

මට වෙලාවකට හරියට තරහ එනව. තරහ එන එක මගෙ හැටියක්ද කොහෙද. මම ගොඩක් ගරු කරන ආදරේ කරන කෙනෙක්ට වෙන කවුරුවත් මොකුත් අසාධාරණ විදියට කිව්වත් මට හොඳටම තරහ එනව. කොන්දේසි විරහිතව මම ඒකට විරුද්ධ වෙනව.

ඒවගෙම මම පිලිකුල් කරන අකමැති චරිතයක් එක්ක මම ගොඩක් ගරු කරන ආදරේ කරන කෙනෙක් හිතවත්නම් මට ඒකට ගොඩක් රිදෙනව. ඒක මගේ අඩුපාඩුවක් වෙන්නැති. ඒත් ඒ මගේ හැටි. මම හරි අකමැතියි ඒ වගේ ඒව වෙනස් කරන්න. ඉදහිට වෙනස් කරන්න උනත්.

වැරදි කරන කෙනෙක්, වැරදි නොකරන අය නැති උනත් පොදුවේ සාපේක්ෂව හිතුවම සෑහෙන්න වැරදි කරන කෙනෙක් කොච්චර හොඳ උනත් මට, මම එයාට කැමති නෑ. පහුගිය කාලෙ ෆේස්බුක් එකේ හැප්පුනු සල්ලාල අය කවුරුවත් මට වචනයක් කලින් කියල නෑ. සමහර අය මට රට එන්න උදව් කරන්න වගේ දේවල් පවා කිව්ව.
ඒත් මංදා මට හිතෙන්නෙම නෑ වෙනස් වෙන්න... දැනුත් එහෙමයි...
වෙච්ච දේ අනුව ඒක ඒ හැටි දෙයක් නොවුනත්.. මට ඒක වෙනස් කරන්න හිතෙන්නෙ නෑ...

ෂාමින්ද තනෝජ් අයිය මගෙම සහෝදරයක් වගේ තමයි. තාම මුණ ගැහිලා නැතත්, ෆේස්බුක් මසේජස් ගොඩක් නැතත්, ස්කයිප් කතා කරල තියෙන 2-3 වතාවක් විතරක් උනත්... අයිය සෑහෙන ලග හිටියෙ.
මං ගැන කියල වෝල් පෝස්ට් පවා දැම්ම. මාත් සහෝදරකමට කරන්න පුලුවන් ඒව කරල ඇති. අයියගෙ අක්ක ලෙඩ උනාම මෙහෙ කවුරුවත් නැති හින්දා අපෙ ඩොක්ට අයියට කතා කරල හොයල බලල ඩොක්ට අයියගෙ යාළුවෙක්ව යවල තත්වෙ නෝමල් කියල දැනගත්ත නිසා අපිත් බලන්න ගියේ නෑ. ඒ අතර කේන්දර බලන අයටත් කතා කරල ඒවට කරන්න ඕන ඒවත් කිව්වා.
ඉතින් ඒ මට පුලුවන් ඒව... එච්චර තමා... තාම උදව්වක් කියල ඔයිට වඩා දෙයක් කරගන්න බෑ.

ඒත් ප්‍රසාද් සිරිවර්ධන අංකල් මැරුනු වෙලාවෙ, 100%ක් හොඳයි කියන්න කාටවත් බැරි ලෝකෙ ප්‍රසාද් අංකල් කියන්නෙ හොඳ කෙනෙක්. ජිවිතේ කරදර විඳලා දැනුත් විඳිමින් දෙකයි පනහෙ දේශපාලුවන්ට බය නොවි හිටිය කෙනෙක්. ඒක අත්දැකීමෙන් දන්නව.
ඉතින් එහෙම කෙනෙක් මැරුණම, අපි කවුරුවත් මැරුණම නරකක් කියන්න කැමති ජාතියක් නෙමෙයිනෙ. ඒ අංකල් මැරුණම ඊ නිවුස් එකේ තිබුනු පල් බොරුව ෂාමින්ද අයියත් දාලා තිබුනා. ඒකට හේතුව ෂාමින්ද අයියට පොලිසි එක්ක තියෙන අමනාපය.
ඒ වෙලාවෙ ආයෙ සහෝදරකම් නැති වේවි අයියෙ කියල කියපු විදියට මම දැන් කතා කරන්නෙ නෑ. මට ඇති ලාභයකුත් නෑ. ප්‍රසාද් අංකල්ටවත් දරුවන්ටවත් ඒකෙන් ඇති වෙන සෙතකුත් නෑ. ඒත් ඒ වැරදි දේට එරෙහි වෙන්න ඕන කියල මට  හිතුනා. මම කලා... හ්ම්....

මම හිතන පතන විදියෙ බරපතල අවුලක් ඇති. ෆේස්බුක් එක උනත් ඕනවට වඩා ඇගේ ඇති. මම ඒකට ඇබ්බැහි නෑ මගේ ජීවිතේ ගොඩක් ඒවට ෆේස්බුක් සම්බන්ධයි. ඒ මගේ හැටි දැන්... 

Sunday, May 11, 2014

අපි බොක්කෙන්... අපිට බොලොක්කෙන්...

අපි මැරීගෙන කාටවත් උදව් කරාට ඒකෙ වැඩක් නෑ.  අතිබහුතරයට ඒක වගක්වත් නෑ. එහෙම ඒව කීයක් නම් උනාද. තමන්ගෙම කියල හිතන අයත් එහෙමයි. එතකොට තමයි ජීවිතේ ගැන දුකක් කණගාටුවක් ඇතිවෙන්නෙ.

අපි උදව් කරලා, ඊට පස්සෙ අපිට කරදර කරන පහත් තත්වයට පත් වෙන චරිත එක්ක ඇයි හොඳයිකම් දැන දැනම අපේය කියන අය තියාගන්නේ, එයාලව අගය කරන්නෙ අපිට වඩා එයාල හොඳ නිසයි. එතකොට කරන්න ඕන හොඳ අය එක්ක ඉන්න දීලා පැත්තකට වෙන එකයි.

ගොඩක් අයගේ ෂෝක් වචනයක් තමයි,

“ අපිට එයා වරදක් කලේ නෑනේ. ඒනිසා අපි එයා එක්ක තරහ වෙන්නෙ මොකටද.... “

සමහර අයට මේක තේරෙනවා තමන්ටත් වෙච්ච දාට... තව අයට තේරෙන්නෙ නෑ.
අපි නම් මිනිස්සු නරක නම් එයාලව අයින් කරනවා. කලිනුත් කරල තියෙනව. ඒනිසා එවන් අය කොච්චර හොඳ උනත් අපිට වැඩක් නෑ... අනිත් අයට කරදර කරන, පහත් අය නම්...

දේශපාලකයන් ඉදල ඉහල අය හැමෝම පෙන්වන්නෙ ඒකනේ... අපි නරකයි, නමුත් අපිට බලය තියෙනවා අපි, අපිට කැමති දේ කරනවා. උඹලත් අපිට කැමතියි නේද... එච්චරයි...

Saturday, May 10, 2014

Bradby Fiesta 2014



It was unexpected. Sampath Aiya called me in da morning n asked if I like to join him to go Bradby Fiesta 2014...

I just said yes. Hmm I went to Lahiru's shop and met Bodika malli n came to Burger King @ Rajagiriya...

We went Colombo 7 and it was great... I m not familiar with but not bad...

Enjoyed... and thanx for Sampath aiya... Somehow my luck is working... I like his Astrological explanations...
A day with so many things to think back again.... Alfa Romeo Car... hmm marketing lady's intentions were clear and helpful... I wish I had 10 million wid me to buy it. Its nice...

Unexpectedly I met Pathum Danketumalli too... I was ready to meet him, but not today..... it was fine too. didn't get chance to talk more... One day, some day... hmm soon...


Friday, May 9, 2014

බිස්නස්... ඇයි - 1

මම අලුතින් සම්බන්ධ වෙච්ච, ඒත් කාලයක්ම දන්න අය සමග එකතු වුනු ව්‍යාපාරය ගැන විස්තර කරන්න කලින් මම ඒකට කැමති ඇයි කියල මුලින්ම කියන්න ඕන.

1. මම කැමතියි නිදහසේ ජීවත් වෙන්න. ඒ අතර සල්ලි කියන කාරණය ජිවිතේ කටයුතු වලට බාධාවක් නොවෙන තැනට කරගන්න මම කැමතියි. අනිත් කාරණය තව කෙනෙක් යටතේ වැඩ කරන්නත් මම අකමැතියි. ඒවගේම වෙන අය කියන වෙලාවට කියන දේවල් කරන්න මම අකමැතියි.
ජීවිතේ වැදගත්ම කාලයෙදි(ගෙදර අය එක්ක ඉන්න, ප්‍රේමයක් කරන්න, යාළුවො එක්ක ඉන්න) මම කමැති නෑ ඔෆිස් එකකට වෙලා ඉන්න.

2. මම කැමතියි මට උදව් කරගන්න මම කැමති තත්වයට එන්න. ඒවගේම ජිවිතේ වෙනස් කරගන්න කැමති කෙනෙක් ඉන්නව නම් එයාලට ඒ තැනට එන්න උදව් කරන්නත් මම කැමතියි.
මේ ක්‍රමයෙදි මම වගේම මට වඩා දියුණුවට ව්‍යාපාරය කරන අය පවා ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඒවගේම ව්‍යාපාරයෙදි අඩුපාඩු පසුබෑම් තිබුනත් ඒවට බැනලා අපහාස නොකර, අත දෙන්නම් නැගිටින්න කියන තරම් හොඳ අය මේකෙ ඉන්නවා.
තව දෙයක් මේ ව්‍යාපාරයේ ඉහලට ඉගෙන ගත්ත අය වගේම උගත්කම බොහොම අඩු අයත් ඉන්නවා.
මේකෙදි දියුණුවට හේතු වෙන්නෙ උවමනාව සහ කැපවීම තමයි.

3. ව්‍යාපාරයක් උනාම මූලික දේවල් 2ක්

 * ව්‍යාපාර ක්‍රමය(Plan එක)
* භාණ්ඩ ( Products)
මම මේකට සම්බන්ධ වෙන්නේ ප්ලැන් එකටයි. භාණ්ඩ වලට නෙමෙයි. භාණ්ඩත් සෑහිමකට පත්විය හැකියි.

4. Network Marketing කියන්නෙ ලෝකයේ ඊලගට හොදම ව්‍යාපාර 3 න් එකක්.
බිල්ගේට්ස් පවා කියනවා ආයෙ අවස්ථාවක් ආවොත් කරන්නෙ නෙට්වර්ක් මාකටින් කියල.

ඒවගේම ලෝකෙ අනිත් ප්‍රධානම හොදම ව්‍යාපාර වෙන ව්‍යාපාර වර්ග වෙන්නෙ, සෞඛ්‍ය, සහ බලශක්තියට අදාලව. ඒවගේ ව්‍යාපාර වලට මූලික ප්‍රාග්ධනය මිලියන වලටත් එහායින් පටන් ගන්නේ. ඒනිසා නෙට්වර්ක් මාකටින් මට ලේසියි.

5. තව දකින් වැදගත්ම දෙයක් තමයි මුදල් ගෙවීමේ සැලැස්ම හොදයි.
පැය 24ක් යන්න කලින් අදාල බැංකු ගිණුමට කම්පනි ගිණුමෙන් මුදල් එවනව.
ඒනිසා ලැබෙන සල්ලි කම්පනිය තියාගෙන ඉන්නෙ නෑ(වෙන තැන්වල ආයෝජන නෑ).
දන්න මේවගේ කම්පනි වලත්, වෙනත් තැන් වලත්, රස්සා කරපු තැන්වත් අදාල මුදල් විශේෂයෙන් කමිෂන් එක දෙන්නෙ මාසයට අදාල දින වල විතරයි. ඒනිසා ඒ කම්පනි අස්සේ සල්ලි තියෙනවා මොකක් හරි අවුලක් උනොත් ලොකු අවදානමක් තියෙනව.

6. මේ නෙට්වර්ක් මාකටින් කම්පනිය ලංකාවෙ ලියාපදිංචි කරපු කම්පනියක්. ඒවගේම දැන් මේක තව කම්පනි කීපයක් එක්ක එකතුවක් විදියට ගෘප් ඔෆ් කම්පනීස් විදියට යන්නෙ.
මම මේ කම්පනියේ ගමන් මග සහ කරන අය ගැනත් දන්නවා. එයාල හොඳට ඒක කරනවා.

ලංකාවේ නෙට්වර්ක් මාකටින් කරන සෑහෙන ඒව තියෙනව. ඒ හැම එකම වගේ මම දන්නවා වෙච්ච ඒවත් කරන ඒවත් දන්නවා. ඒනිසා මට මේ කම්පනිය ගැන ලොකු විශ්වාසයක් තියෙනව අත්දැකීමෙන්ම.

අපි අපේම ව්‍යාපාරයක් කලත් ඒකට අපි මහන්සි උනොත් විතරයි ආදායම, ඒවගේම අපිට උදව් කරන්න, උපදෙස් දෙන්න කවුරුවත් නෑ. මේ ව්‍යාපාරයේ වටිනාම ලක්ෂණ විදියට මම දකින්නෙ ඒවා.
විශේෂයෙන් අපට වඩා වැඩිමහල් අය මේ වයාපාරයෙන් ජීවිතය වෙනස් කරගත්ත හැටි අහද්දි ලැබෙන සතුට, ඒවගේම ඒ අත්දැකීම ජිවිතේටම වටිනවා. ව්‍යාපාරයක් විතරක් නෙමෙයි මේක ජීවිතයම වෙනස් කරන දෙයක්.

තව එකක්, අද කාලේ බුලත් විට කඩයක් දැම්මත් වියදම බොහෝම අධිකයි. කඩල කරත්තයක් දැම්මත්, ත්‍රිවිල් එකක් ගත්තත්, සිල්ලර කඩයක් ඒ සාමාන්‍ය ලෙස පටන් ගත හැකි හැමදෙයිම පටන් ගන්න මුදල පවා අධිකයි. නමුත් ආදායම සහ ලාභය පොදුවේ බොහොම අඩුයි.
මේ ව්‍යාපාරය එහෙම නෑ.
එක හිතකින් හිතට අරගෙන කරනව නම්, උදව්ත් අරගෙනම ක්‍රමිකව බොහොම දියුණුවකට එතෑකි...

_ දැනට නවතිමි.... 

Sunday, May 4, 2014

සිංහල බෞද්ධකම ගැන... හ්ම්

තමන් සිංහල බෞද්ධයෙක් වෙලා පන්සිල් නොරකින සමහර අය, දළදා වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දීලා ඒ ප්‍රතිඥා කඩපු පාලකයන්ට ඡන්දය දෙන සමහර සිංහල බෞද්ධ අය...

අපේ දහම හරියට නොදන්න(අපි කියන්නේ උපතින් සිංහල බෞද්ධ වෙන එක තමයි හරිම කියලනේ), විදෙස්ගත කාන්තාවන් බුදු හිමියන්ගේ පච්චයක්/ටැටූ එකක් කොටාගෙන හිටියොත්, තව කොහේ හරි රටක බුදු පිලිමයක් ගාව, නිගරු වෙන විදියට හැසිරෙන අය දැක්කම පුදුම තරහයි.

අපේ බුදු හාමුදුරුවෝ හිටිය කාලෙක උනත් උන්වහන්සේ මේවයින් කලබල වෙන්නෙ නෑ...
උන්වහන්සේ ක්ලේශ පිරුණු දෙවියෙක්, යක්ෂයෙක් හෝ වෙනත් එවන් ආත්මභාවයක් නොවෙන නිසා....

සිංහල බෞද්ධකම හරියට රකින්න, මුලින්ම පන්සිල් රකින්න ඕන... එතනින් පටන් ගත්ත නම් වෙන තැන් වලින් පටන් නොගෙන... හ්ම්...
(https://www.facebook.com/sukumal.harischandra/posts/10202733148164340?stream_ref=10)


Dinush Witharama අයියාගේ අදහස

සිංහල බෞද්ධයා කියලා හඳුන්වන්නේ තෙරුවන් සරණ ගිය කෙනෙක් නම්; පැහැදිලිවම බෞද්ධ මූලධර්ම මත පදනම් වුන සමාජයීය හැසිරීමක් වගේම පෞද්ගලික ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් වෙන්න ඕනි මල්ලි. 

පංච ශීලයේ පිහිටන්න උපරිම උත්සාහයක් දරන්න ඕනි මූලිකවම.

සතර සංග්‍රහ වස්තුවෙන් යුක්ත වෙන්න ඕනි. 

සමාජයීය වශයෙන් ක්‍රියා කරනකොට සප්ත අපරිහානි ධර්ම වල පිහිටන්න ඕනි.

මේවා නැත්නම් ඒ සමාජයට බෞද්ධ සමාජයක් කියලා කියන්න බෑ. සිංහල බෞද්ධයා කියන්නෙ එහෙම නොවෙන කෙනෙක් නම්, ඒ බෞද්ධ නමින් ඉන්න වෙනම බෞද්ධ නොවන ගෝත්‍රික පිරිසක් විය යුතුයි.

Friday, May 2, 2014

පිරිමිකමද

තමන්ගෙ මහත්තයා මැරුණම, දාලා ගියාම, වෙන් උනාම වෙන පිරිමි කියල ලංවෙන අය ලංවෙන්නෙ හිත හොඳකමට නොවෙන බව කරදරයට පත් වෙච්ච ගොඩක් ගෑණු අය කියද්දි දැනෙන්නෙ තරහක්...
පිරිමියෙක් වෙලා වනචරයෙක්, සල්ලාලයෙක් වෙන එක ලැජ්ජාවට කාරණයක්.

කෙනෙක්ගෙ අසරණකම තමන්ගෙ අවශ්‍යතාවයට පාවිච්චි කරන පිරිමි .. පිරිමි නෙමෙයි නපුංසකයන්ටත් අන්තයි...
එහෙම පිරිමින්ට නීතියෙන්වත්, වෙන විදියට දඬුවම් දීලවත් හදන්න බෑ. ඒක සමාජ ප්‍රශ්නයක්.. හිතල හැදෙන්න ඕන දෙයක්.
හැඟීම්, අවශ්‍යතා කාටත් තියෙනවා. හැබැයි අසරණ කෙනෙක්ගෙන් ඒක පිරිමහ ගන්න ඒකට ලං වෙන එක පිරිමිකමට වගේම මිනිස්කමට ලැජ්ජාවක්...

මේ රටේ හැමදේම හැදිලා තියෙන්නෙ වැරදියටද මංදා, කෙරෙන්නෙ, පෙළඹෙන්නෙ වරදට ලේසියෙන්... සමහරවිට ඉහලම තැන ඉදලා සීලයක් නැති හින්දා වෙන්නැති... අපිත් කලාට මොකද කියල හිතන්නෙ...

ඉතින් ඒවගේ ඉන්න සල්ලාල මහත්තුරු, වනචර මහත්තුරුන්ට කවදහරි තේරේවි ඒක මෙතනින් ඉවර නෑ කියල. කරන වැරදි වලට කවදහරි කොහොම හරි විපාක ලැබෙද්දි..

Thursday, May 1, 2014

ව්‍යාපාර සහ විශ්වාසය

ව්‍යාපාර වලට මූලිකව උවමනා වන්නේ විශ්වාසය කියල මට හිතෙනව...

ඒක හින්දා වෙන්නැති කාට උනත් බිස්නස් කියල කතා කලත්, කවුරුහරි මට කතා කලත් මම හිතන්නෙ එයාලව විශ්වාස කරන්න පුලුවන්ද කියල.

මට හිතෙන්නෙ බිස්නස් වලදි කාණ්ඩේ හොයාගන්න එක අමාරු නෑ. හැබැයි ඇත්තටම විශ්වාසවන්ත ජිවිතේ වෙනසක් කරගන්න ඕන අය හොයාගන්න එක ලේසි නෑ.

ඉතින් ඒ නිසා නේචර් ප්ලස් ගෘප් එක ගැනත් විශ්වාසයි. එයාල කලින් වැටෙද්දි වගේම නැගිටින්න හදද්දිත් උදව් කල නිසා. ඒක හරියට කරගන්න බැරි උනේ තිබුනු කම්මැලිකම, නොදන්නකම හරියට නොකිරිම වගේම ටීම් එකේ හිටපු එක්කෙනෙක්වත් එකම වතාවක්වත් කම්පනිය මීට් වෙන්න ආපු නැති එක...

විශ්වාසය වගේම උවමනාවත් ඕන ඉතින් කරන්න. එකක් කරලත් මදි වගේ නිසා කීපයක් හෝ බොහොම හොද ඒව කරන්න ඕන...

ලෝකෙ ඉදිරියට එන ව්‍යාපාර 3යි.

1. සෞඛ්‍ය අංශය
2. බල ශක්ති අංශය
3. ජාලගත අලෙවිකරණය(Network Marketing)

1. 2. කරන්න පොදුවේ සාමාන්‍ය ලෙස ලොකු වියදමක් යනව.. හ්ම්....