මෑත ඉතිහාසය බැලුවොත්, අවු 30ක යුද්ධය එයින් ප්‍රධානයි.
● 2017 කුණු කන්ද කඩා වැටුනා
● 2018 ගංවතුර ආවා.
● 2019 පාස්කු ප්‍රහාරය උනා
● 2020 අපිට අදාල නැති වෙන්න ඕන උනත් කොරෝනා ඇවිල්ලා..
- සංගක්කාර කරනවා කවුඩ්රි දේශනය බොහොම අපූරුවට. ඒ කතාව එච්චර විශේෂ වෙන්නෙ ගොඩක් සිද්ධින් අපිට තියෙන නිසා. ලංකාවෙ යුද්ධය, පකිස්ථානෙදි අපේ අයට බෝම්බ - වෙඩි තියපු එක වගේ කතා තිබ්බා..
“ ලෝකයේ හොයාගෙන තියෙනවා සැප පහසු ජීවිත තියෙද්දි නෙමෙයි රටක් ජාතියක් දිනන්නෙ - දියුණු වෙන්නෙ, පුලුවන් තරම් කරදර බාධක මැද ජිවිතය ගත කරනව නම් තමයි නියම තත්වෙකට එන්න පුලුවන් කියල “
- රුසියානු විප්ලවය වෙන්න කලින්, රුසියානු විප්ලවයට සෑහෙන දායකත්වයක් දුන්නු පොත් වල කතා කියවද්දි ඒක හිතෙනව. බොහොම දුෂ්කරතා ගැන කියවෙනවා. මැක්සිම් ගෝර්කිගෙ “ අම්ම “ පොතේ සමහර ඒව තියෙනව. දොස්තයෙව්ස්කිගෙ “ අපරාධය හා දඩුවම “ කියෙව්වත් තේරෙන දේවල් සෑහෙන තියෙනව..
ඉතින් මේ ගාමණී චිත්‍රපටිය බොහෝම ප්‍රසිද්ධ වෙච්ච එකක්. ඒවගේම ඇත්ත සිද්ධිදාමයන් සහිතයි..
● මෙතනදි මූලිකව එන අවුල, ගමේ පන්සලේ හාමුදුරුවොයි, එදා හිටිය අපේ යතිවරුයි, අද ඉන්න දේශපාලන පක්ෂ වලට කඩේ යන හාමුදුරුවරුයි එකද කියල. මොකද ඒ හැමෝම රට - ජාතිය රකින එක ගැනයි කතා කරන්නෙ.
● හැබැයි ඒ දෙගොල්ලක්. ඒකට හේතුව චිත්‍රපටයෙ ඉන්න ගමේ හාමුදුරුවොත්, අපේකම රැකගෙන අවුරුදු දහස් ගානක් බුදු දහම වගේම ජනතාවට උදව් කරපු යතිවරුත් ඒවා කලේ තමන්ගෙ වාසියට නෙමෙයි. වාසි ගත්තෙත් නෑ.
බෝධිසත්වයෝ “ නලපාන ජාතකයෙදි“ තමන්ගෙ අයව බේරගන්න වැඩ කලා. ඒක නායකයන් අනිවාර්ය කල යුතුයි ! හැබැයි තමන්ගෙ හිතට එකඟව හරියට...
සරලව, අද පක්ෂ වලට කඩේ යන හාමුදුරුවරුන්ට පුදුම තරම් වාසියි. එනිසා එදා හාමුදුරුවරුයි, අද ඉන්න වාසියට වැඩ කරන හාමුදුරුවරුයි පටලවා ගැනීම හොද නෑ.
දුටුගැමුණු රජතුමා, “ මාගේ මේ ව්‍යායාමය රජ සැප විදීමට නොව - සම්බුද්ධ ශාසනයේ දියුණුවටයි “ එහෙම කියල ඇත්තටම එහෙම කලා. හැබැයි අද රට - ජාතිය පෙන්නගෙන මවාපෑම් කරන නායකයෝ ඇත්තටම එහෙම අය නොවෙන බව අපිට තේරෙන්න ඕන තරම් අවස්ථා තියෙනව.
● තරමක අතිශයෝක්තියක් තිබ්බත් ගාමණී චිත්‍රපයට හොද එකක්. බැරිකම - අසරණකම වෙනුවට ජිවිතේ දිනන්න අපිට හුරු කරවන්න උදව් කරන එකක්...
No comments:
Post a Comment