Tweets by @Tweetsbysuku myblog: September 2017

Facebook Fan Page

Saturday, September 30, 2017

Jesus 🙏


Always love and respect Jesus...
There is a saying, "Jesus is a Healer"...well I experienced it by seeing how Jesus help to people who pray.., specifically for love sufferings..

ජේසුතුමා ගැන හැමදාම හිතේ ආදරයත්, ගෞරවයත් තියෙනව..
ජේසු කියන්නෙ සුව කරන්නෙක් බව කියමනකට කියනව, මම අත්දැකීමෙන් ඒක දැකල තියෙනව විශේෂයෙන්ම විරහ වේදනා තිබුනු මගෙ කතෝලික මිතුරන්ට..
මම විශ්වාස කරන විදියට ජේසුතුමා ජීවමානයි... ⁣දේව මණ්ඩලයේ දෙවි කෙනෙක්..
මිනිස්සු වෙන අපි විවිධ විශ්වාස අනුව ආගම් වල බෙදුනත් දේව මණ්ඩලය එකයි, ඒවගේම දහමට එකගයි.. හොඳින් ජීවිතේ ගත කරන අයට දෙවිවරු ආශිර්වාද කරනව.....

#ජේසු #ජේසුතුමා #මීගමුව #jesus #negobmo #srilanka

All choices including suicide is belong and right of a living being..

ප්‍රශ්න වලදි සියදිවි නසාගන්න එක අප්‍රමාණ සංසාරයේ තවත් දුකට වැටෙන්න හේතුවක්.. ඒනිසා ඇත්තටම ජිවිතේ කියන්නේ මොන ප්‍රශ්න ආවත්, මැරෙන්නත් බැරි සමහරවිට ජිවත් වෙන එක ලේසි නැති දෙයක්.. ඒක තේරුනා නම් හරි..

කොහොම උනත් කෙනෙක්ගෙ ජිවිතේ පිලිබද සම්පූර්ණ අයිතිය තියෙන්නෙ ඒ කෙනාටමයි..
වරදක් කරගත්තාම ඒකෙ කරදරය ඇත්තටම එන්නේ දෙමාපියන්ටයි..
ආදරේ කරපු කෙනාවත්, බැන්ද කෙනාටවත් වඩා දරු දුක තියෙන්නෙ අම්මට - තාත්තට නිසා ඇත්තටම වේදනාව, විඳවීම තියෙන්නෙ එයාලට..
ඒව තේරෙන්න සංසාරගත පිනක් තියෙන්න වගේම, දේවල් ගැන හිතල බලන්න පුරුදු වෙලා ඉන්න ඕන...

Friday, September 29, 2017


දේශපාලනයෙදි අනිත් දේවල් වලදි වගේම අංක 01 ජ්‍යෙෂ්ඨයන්ට ගරුත්වය - සැලකීම දෙන්න ඕන...ඊලග කාරණේ, ආසන සංවිධායකට අනිවාර්යෙන්ම දිනුවත් - පැරදුනත් බලය හිමි වෙනවා තමන්ගේ ආසන බල ප්‍රදේශය තුල..
එහෙම නොකර කටයුතු කරනව නම්, ඒක සම්පූර්ණ වැරදියි !
( මේ කාරණයේදී ජෝසප් මයිකල් පෙරේරා මහත්තය කියන්නේ කථානායක ඒකියන්නෙ රටේ 4 වෙනි පුරවැසිය වෙච්ච කෙනෙක්)
අපේ පක්ෂයේ කියන දෙයක් තමයි, කොටන් අදින අලි ඉද්දි පෙරහැරේ යන්නේ අලුතින් ආපු අලි කියල...
ඒවගේ කියල හිතෙනවා, වෙන පක්ෂ වලත්, කලින් ආණ්ඩුවෙත් චරිත වල අතකොළු අද වැඩියෙන් පේනවා..
පක්ෂය වෙනුවෙන් එදා ඉදල වැඩ කරපු පරණ මිනිස්සු කලකිරීමක ඉන්න බවත් අපිට හිතෙනව..
(ගාල්ලේ අපේ වැඩ වලදි පවා බෙන්තර ඇල්පිටිය ආසනයට, ඒ ආසනයේ සංවිධායක දැනුවත් නොකර වෙන ආසන වල සංවිධායකවරු ගෙනැල්ලා ඡන්දෙ දෙන්න කියපු මීටින් අපි දැකල තියෙනවා. වෙන අය ගෙනැල්ලා පාරවල්, ගොඩනැගිලි විවෘත කරන්න හදපු උත්සාහයන් අපි දැකල තියෙනවා ඒවා වැරදි වැඩ)
මේව අපි හදාගෙන යායුතු, හදාගෙන යන දේවල්, ආණ්ඩුව මාරු වෙන්නෙ නැත..

#UNP #SLPolitics #unitednationalparty #එක්සත්ජාතිකපක්ෂය #එජාපය

Thursday, September 28, 2017

ඇතැම් ස්වාමීන්වහන්සේලා තමන්ගේ නම අගට “ සාදු “ කියන නම භාවිත කරනවා.
සාධුවරු කියල කොටසක් ඉන්නවා.
ඒ අයට සාදු කිව්වට කමක් නෑ. හැබැයි බුද්ධ චීවරය දරණ අපේ හාමුදුරුවරුන්ට සාදු කියන එක වැරදියි..
අපි දැකල තියෙනවා පන්සල් වලදි අම්මල කියනවා, පුතේ අර සාදුට මේ සාදුට වඳින්න කියල.. ඒ අයගේ හිත් නරක් උනත් වැරදි භාවිතය කියල දීලා තියෙනවා..

(Gurugoda Siriwimala ගරුතර ස්වාමින්වහන්සේටත් මෙතන කලින් එහෙම නමක් තිබුන වගේ මතකයි, කියන්නම ඕන උනත්, මම කියන විදියට හිත් රිදීම් ඇති වෙන නිසා මොකුත් කිව්වෙ නෑ)
ලංකාවේ අපිට හාමුදුරුවරු හරි අඩුයි... 28,000ක්වත් නෑ..
බුද්ධ චීවරය දරණ හාමුදුරුවරුන්ගේ වටිනාකම මෙච්චරයි කියන්න බෑ..
සාමණේර පොඩි හාමුදුරු නමක් උනත්, රටේ නායකයට වඩා ඉහලයි..
ලෝක ඉතිහාසය වෙනස් කරපු නිග්‍රෝධ සාමරණේයන්වහන්සේගේ ශාන්ත ගමන් විලාශය නිසා අශෝක අධිරාජ්‍යයා වෙනස් උනා.. අධිරාජ්‍යයෙක් වෙනස් වෙන්න හේතු උනා නම් පොඩි හාමුදුරු කෙනෙක්, අද මේ බලය තියෙන, බලය නැති දේශපාලකයෝ අපේ හාමුදුරුවරුන්ගේ පයට පෑගෙන දූවිලි තරම්වත් වටින්නෙ නෑ..
ඒක අද සමහර හාමුදුරුවරුන්ට තේරෙන්නෙ නැති එක ගැන දුකයි - වේදනාවයි - කණගාටුයි හ්ම්...

#septsh2017 #srilanka #sadu

Sunday, September 24, 2017

රටපිට ගිහින් එන අය විශේෂයෙන් ඒ රට වල වටිනාකම්, අපේ රටට සාපේක්ෂව කියද්දි වේදනාවයි..

● යුරෝපයට, වෙන රටවලට ඇඳුම්වත් නැතිව ඉද්දි දඬු මොනරයෙන් ගියපු, ලෝකයම පාලනය කරපු ජාතියක් අපි !!!
එහෙම අපිට වෙන රටවල ලොකුකම් කියද්දි, ඒව ඇත්ත උනත්, දැනෙන්නේ වේදනාවක්..
ඒ වගේ තත්වෙකට අපිව වැටෙන්න මූලික වෙන්නෙ දේශපාලනය එක්ක බැඳුනු දේවල්. ඒ දේශපාලකයන්ට බලය දෙන්නෙ ජනතාව..

● ලොකුකම් ලැබුනට වැඩක් නෑ ඒ ලොකුකමට ගැලපෙන්න තත්වය - ගරුත්වය තියාගෙන වැඩ කරන්නෙ නැත්නම්..
පාලකයෝ ඉන්නවා, රටෙන් හොරකම් කරනවා... ලොකු වාහන වල ගියාට වැඩක් නෑ කරල තියෙන්නෙ හොරකම් - වැරදි නම්..,
අපි දන්න අසීමිත බලයක් තිබ්බෙ මහින්ද මහත්තයට, එතුමාටවත් ඒ අසීමිත බලය අවු 10ක් තිබුනේ නෑ.. අනිත් අය හිතන්න ඕන තමන් කවුද කියල එතකොට..

● සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා තේ ෆැක්ටරි, හෝටල්, කාර් සේල් ඇතුළු හැමදේම තියෙනවා. හැබැයි කසල තේ ලංකාවෙ ලේබලේ ගහල වැඩි ලාභෙට රට යවනව. අන්තිමට එයාට ලාභ උනාට, තේ වවන පොඩි මනුස්සයට බඩේ පාර වදිනවා, රටට නරක නම එනවා. අපි යටට වැටෙනවා..
තමුන්ගේ පවුල තනියෙන් ඉහලම සැප වින්දත් මොකටද අන්තිමට රටට වරදිනව නම්...

● ජනතාව තේරුම් ගන්න ඕන දේ තමයි, මම ඡන්දෙ ඉල්ලල දිනුවත් හොරකම් කරනවා කියන වැරදි මතයෙන් දැන්වත් මිදෙන එක... ( 1ක් ඡන්දෙ ඉල්ලලා ඉහලට යාවි, එයාගෙ 1 යාළුවෙක් බිස්නස් කරාවි වැරදි ඒව, ඒවට සපෝට් ලැබේවි, තව යාළුවෙක් පොලිසියේ ඉහලට යාවි එයත් දේශපාලන බලයටයි, බිස්නස් එකටයි සපෝට් කරාවි, තව කෙනෙක් රාජ්‍ය සේවයේ ඉහලට යාවි වැරදි කරාවි, අර අයටම සපෝට් කරාවි.. අන්තිමට අපි වැඩකට නැති රටක් - ජාතියක්)

එදා ඉදලම හොරකම්, වැරදි නිසා තාමත් ලෝකෙ තත්වයක් නැති ජාතියක් විදියට ඉන්නවා..

“ ඊලඟ පරම්පරා වලටත් දියුණු වෙමින් පවතින ජාතියක් විදියට අහන්න දෙනවද කියන කාරණේ “ දැන් ඉන්න අය තීරණය කරන්න ඕන !!!

#srilanka #lka

Saturday, September 23, 2017

ආඝාත පටිවිනය සූත්‍ර (තරහ පාලනය කිරිම)


= තලල්ලේ චන්දකිත්ති ස්වාමින්වහන්සේ

තරහ එන්නෙ හේතු 2ක් නිසාය.
1. කැමති දේ නොලැබීම.
2. අකමැති දේ ලැබීම

අඬනව කියන්නෙ අපේ හිතෙ තියෙන තරහ හොඳ ස්වරූපයකින් පිට කිරීමයි.
ලෙඩවීමෙදි දුකක් කියන්නෙත් තරහයි.

තරහ යන හේතු 9 (නවාඝාතය)

1. අතීතයේ මට අනර්ථ කලා
2. වර්තමානයේ අනර්ථ කරනවා.
3. අනාගතයේ අනර්ථ කරාවි.
4.අතීතයේ අහවලා මගේ හිතවතුන්ට කරදර කරා.
5. වර්තමානයේ අහවලා මගේ හිතවනතුන්ට කරදර කරනව.
6. අනාගතයේ අහවලා මගේ හිතවතුන්ට කරදර කරාවි.
7. අහවලා මගේ තරහ කාරයාගේ ගුණ අතීතයේ, අනාගතයේ, වර්තමානයේ කිව්වා.

#septsh2017

Friday, September 22, 2017

ජාතික නායකත්වයට එන්නට ඉන්න හෝ එනව කියන ගොඩක් අය හිතන්නෙ,
සල්ලිත්, පවුල් පසුබිම එක්ක හැකියාවත්, දැන් ඉන්න නායකයන්ට කොන්ද නවාගෙන සිටිම තුලත්, ඒවගේම ලැබෙන පොඩි අවස්ථා වලදි පවා සාමාන්‍ය මිනිසුන්ට ලොකුකම් පෑමෙනුත් ඒ තත්වයන්ට එන්න පුලුවන් කියල..

ඒ කාරණා වලත් තරමක අවශ්‍යතාවයක් ඇති.
හැබැයි නායකයෙක් උනාම පලවෙනි කාරණය අනිත් අයට ඇහුම්කන් දෙන්න ඕන. නමුත් අද ගොඩක් අය කරන්නේ අහනව වගේ පෙන්නගෙන ඉන්නවා, එයාලගේ මූණ බැලුවාම පේනවා එයාල අහන්නෙ නැති බව.. එතකොට ඒක කියන කෙනාත්, ඊටත් වඩා වටපිටාවේ ඉන්න අයත් නොපෙන්නුවට කලකිරෙනවා..
ජාතික තලයේ පවා එහෙම දේශපාලකයෝ ඉන්නවා. ලංකාව වගේ රටක වැඩියෙන් වැඩ කරාම වෙන්නේ කරදර.. ඒක දන්න නිසාද මංදා, ආත්මාර්ථකාමි මිනිස්සු වැඩි නිසාද මංදා දේශපාලකයොත් ගානට ඒක පාවිච්චි කරනව...

හැබැයි බලය නැති කාලෙක තේරෙනවට වඩා දැන්ම තේරුම් ගත්ත නම් හරි..

ඒවගේම දැන් ඉන්න දේශපාලකයන්ට කොන්ද නමාගෙන, අනිත් පැත්තෙන් හිතනවා ඒ අයව රවටලා මාත් බලයට එනව කියල.
නමුත් වෙන්න ඕන ඒ අයගෙ ජිවිත අත්දැකීම් එක්ක අවබෝධය ගන්න ඕන, ගරු කරලා..
තරමක් වාසනාවත් ඕන...
හැමදේටම වඩා සාමාන්‍ය මිනිස්සු එක්ක ටිකක්වත් ඉදල තියෙන්න ඕන. එහෙම නොවුනු අය බලයට පත් උනාම එයාලත් කරදරේ, මිනිස්සුත් කරදරේ..
පොලවේ පය ගහල තියෙන්න ඕන හරියට...

Wednesday, September 13, 2017

කොතෙක් මා හැඟි වුවද නුසුදුසු පුද්ගලයාට කරන පරිත්‍යාගය නිෂ්ඵලය.
කොතෙක් ශ්‍රේෂ්ඨ වුවද කපටියාට කරන අනුග්‍රහය නිෂ්ඵලය.
කොතෙක් උදාර වුවද අකෘතඥායට කරන උපකාරය නිෂ්ඵලය.

- පංචතන්ත්‍රය

It doesn't matter how precious a gift if, that person is not suitable for it..
Sponsor a cunning one and it's a waste..
Help ungrateful, it doesn't matter how noble is it...
#panchatantra #lka #septsh2017

Sunday, September 10, 2017

පිටිකිරි මාරාන්තිකයි !

#විහිළුව නම්,
කිරිපිටි සමාගම් ලංකාවේ ගවයන් මරණයෙන් බේරාගන්නට කැපවී කටයුතු කරාට, කිරිපිටි හදන්න උදව් කරන ගවයන් අඩු ආයු කාලයකින් මරණයට පත් කරන එකයි...
(දොස්තර අචල උපේන්ද්‍ර - කිරි බොන්නට පෙර සිතා බලනු පොතත් කියවීම වටිවි. )

පිටරටදී (නවසීලන්තය, ඕස්ට්‍රේලියාව) වගේ රටවලදි දවසකට පැය 4-5ක් වගේ කාලයක් එක දිගට අවුරුදු 5ක් විතර ගවයන්ගෙන් කිරි අරගෙන තමයි කිරිපිටි හදන්නෙ..

සාමාන්‍ය ඉස්සර ගවයෙක් අවු 15ක්වත් හිටියට කිරි ගන්නම හදන ගවයන් ජිවත් වෙන්නෙ අවු 5ක් විතර.. ඒ අවුරුදු 5න් පස්සෙ අමාරුවට වැටුනාම කිරි කර්මාන්තයෙන්, මස් කර්මාන්තයට යනවා...

ලංකාවෙ ගොඩක් අයට පිටිකිරි වලට තියෙන්නෙ ඇබ්බැහියක්..
සමහර අය පිටිකිරි බොන්නේ කැල්සියම් ගන්න ( 0.01කටත් වඩා අඩුයි ලැබෙන ප්‍රමාණය)

1974 හොයාගත්තා පිටිකිරි බිව්වාම ගොඩක් දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ එන බව..
ලගදිත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලංකාවෙ වෛද්‍ය බලධාරින් පිටිකිරි වල තියෙන විපාක ගැන දැනුවත් කරල තියෙනව කියනවා, හැබැයි ඒව එක්කවත් පිට වෙන්නෙ නෑ..

පිටිකිරි වෙළදාම අවම විදියට අවුරුද්දකට කෝටි 7000-8000ක්වත් වෙන නිසා මේව ගැන කතා කරන එක මරණයට අතවැනීමක්ලු.. ජනාධිපති කෙනෙක් උනත් මේව කියන්න බයයිලු.. ඒ තරම මුදල් සම්භාරයක් නිසා ආණ්ඩු උනත් වට්ටන්න පුලුවන්ලු..

ලංකාවේ ඖෂධ ප්‍රතිපත්තිය හරියට ගේන්න උත්සහ කලේ මහාචාර්ය සේනක බිබිලේ.. ඒ මහත්තයා කැරිබියන් දූපත් වලට ගිහින් එක වතුර වීදුරුවක් විතරක් බීලා මරණයට පත්වෙනවා...
මේව අස්සේ තියෙන මහා ලොකු සල්ලි එක්ක, මාෆියාවන් ඇති...

හැබැයි රටට හොඳක් කරද්දි, ඒ කලින් මැරුණු - කරදර වෙච්ච අය ඒවට බය වෙලා නැති...

#septsh2017 #පිටිකිරිමාෆියාව

Tuesday, September 5, 2017

එක දිගට දවසට පැය 4-5ක්වත් කතා කරලා ඒක නැති උනාම ඒ දැනෙන හිස් බව ලේසි දෙයක් නෙමෙයි..
ඒක කාලය එක්ක දරාගෙන ඉද්දි, ඇත්තටම තේරුනා එතන දැනුනු තේරුනු දේ ප්‍රේමය කියන තැන නෙමෙයි කියල..
කොහොම උනත් ඒ තනිකමේ සැනසීමක් තියෙනවා.. හිත රිදවීමක් නෑ..
හිතේ කොණක තිබුනත් ආයෙ හරියාවි කියල, අනිත් පැත්තට මතක් වෙනව එහෙම උනත් නවතින්නෙ ආයෙත් හිත රිදවීම් තියෙන තැනක කියල..
තාම උණුසුමයි.. ඒත් ඒක ටිකෙන් ටික ගෙවිලා යනව... හ්ම්...

#හිතෙනදේවල්