දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුනා..
මනමාලි වී ඈ හද ගින්න අවුලා පිටගම් යනවා බොඳවී පෙනුනා..
බාලේ ඉඳලා හඳ බැඳි ආදරේ ගෙල රන්තාල නොබැඳී අවසන් උනේ..
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ ඈ කරකාර බැඳලා නොකියා ගියේ..
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුනා..
මාදං කැලෑවේ ලඳු ඕවිටේදී බාලේ ඉඳන් කී කවි ගීතිකා
පාවී ගියාවේ සුළඟේ වෙලීලා ආලේ නමින් වූ හද ගී මකා..
නොසිතූ සේ ආදර මල් පෙති විසිරෙයි සිත වැලපේ සුහදේ
නොපැතූ සේ යායුතු වෙයි මේ ඉරණම් ගමනේ කඳුලින් මෙසේ..
දේදුන්න සේදී....
ආලේ ලවැල්ලේ වැව් තාවුලේදී දිවුරා හදින් මේ බහ දුන් නිසා..
දෑසින් මහෝගේ උතුරා ගැලූවේ දෝරේ ගැලූ දා බැඳි ආදරේ..
තනි වූදා මාපිය සෙනෙහසටයි හිස නැමුනේ රහසේ..
නොපැතූ දා මා හද දෙව් ලොව හැර යන්නම් මිහිරේ තරු ඇස් වැසේ..
දේදුන්න සේදී ....
දේදුන්න සේදී ....
No comments:
Post a Comment