Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Tuesday, August 23, 2016

අපේ ලොකු අම්ම එක්ක අද දේවල් සාකච්ඡා කරද්දි ලොකු අම්ම කිව්වා,
බණ දේශනාවකදි කවුරුහරි ඇහුවලු ඇයි අපි පින් කරලා දෙවියන්ට කියල අනුමෝදන් කරන්න ඕන, නොපනෙන අයට පින් දෙන එක තේරුමක් තියෙනවද කියල..

ඒ හාමුදුරුවො කිව්වලු,
බුද්ධ දේශනාවෙම තියෙනවා දෙවිවරුන්ට පින් අනුමෝදන් කරන්න කියල..
වෙලාවකට හිතෙනව තමයි, ඇත්තටම පින් අනුමෝදන් කරන එක කල යුතුද, තේරුමක් තියෙන දෙයක්ද කියල... මොකද අපිට ආශ්චර්ය වගේ දේවල් ගැන අවබෝධය තරමක් තිබ්බට ඇත්තටම එහෙම දේවල් ගැන ලොකු තේරුමක් නැති නිසා..

මං දන්න කරුණු අනුව, පින් අනුමෝදන් කරන්න ඕන හේතු කීපයක් තියෙනව..

ඒ අතර මූලිකයි, පින් අනුමෝදන් කරනව කියන්නෙ තමන්ට ලැබෙන පිනේ කොටසක් අඩු කරගන්න එක නෙමෙයි. පින තව අයට අනුමෝදන් කරාම පින වැඩි වෙනව. ඒකියන්නෙ එතකොට තමන්ට ලැබෙන පිනත් වැඩි වෙනව..
ඒකයි ගෙදර දානයක් දෙනකොට හාමුදුරුවරු වඩම්මනවට අමතරව, නෑදෑයන්ට, හිතවත් අයට එන්න කියන්නෙ.. කුසලය වැඩි කරගන්න..
පින් කරද්දි වෙන අයව එකතු කරගත්තම වගේම, පින් අනුමෝදන් කිරීම තුල සංසාරය පුරා කටයුතු වලට පිරිස් බලය ලැබෙන බව මං විශ්වාස කරනවා..

තව හේතුවක් විදියට, සංසාරේ අපිට අමතක කාලෙක, ආත්ම භව 1000කට විතර කලින් උනත් නෑයෙක් වෙච්ච කෙනෙක්, අම්ම - තාත්ත කෙනෙක් ඉන්න පුලුවන් මිදෙන්න, සුගතියකට එන්න පොඩි පිනක් නැතිව.. ඒ අයට පිනක් දෙන්න කෙනෙක් නෑ.. භූත, ප්‍රේත වගේ ආත්ම වල ඉන්නව වෙන්න පුලුවනි...
එතකොට එහෙම අසරණ වෙච්ච අය අපි දිහා වෛරයෙන් බලනව.. ඒක අපිට තරමක් හරි කොයි කාලෙක හරි බලපාන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නව..

තව කාරණයක් තමයි, තමන්ට අකුසලයක් තියෙනව නම් ඒ අකුසල විපාකය අඩු වෙන්න හේතු වෙනව දෙවියන්ගෙ ආශිර්වාදය..
තමන් සීලය - ප්‍රතිපත්තිය රැකගෙන හරියට පින්කම් කරලා දෙවියන්ටත් අනුමෝදන් කරනවා නම් දෙවියන්ගේ ආශිර්වාදය වටීවි..
ඒනිසා පින්කම් කරලා, “ මේ පින් සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට ලැබේවා “ කියල ප්‍රාර්ථනාවක් කරන්න...

පින් කරන්න සල්ලි ඕන නැහැ.. පින් කරන්න උවමනා වෙන්නේ ශ්‍රද්ධාව..
කෑම කාලා පිඟාන හෝදන ගමන් මේ ඉඳුල් ස්වල්පය කුසගිනි ඇති සත්වයන්ට ආහාරයක් වේවා කිව්වත් පින් ලැබෙනවා.. ඒ ආහාරය ගන්න කොටස් පොලවේ ඉන්නව..

- මෛත්‍රී භාවනාව ඇසුරු සැනක් වගේ පොඩිම කාලයක් කලත් මහා කුසලයක් කරගන්න ලැබෙනව කියල බුද්ධ දේශනාවෙ තියෙනව වගේ මතකයි හ්ම්...

‪#‎පින‬ ‪#‎කුසලය‬ ‪#‎augusttsh2016‬ ‪#‎pin‬ ‪#‎kusal‬

No comments:

Post a Comment