Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Friday, August 5, 2016



"අව්ව වැස්ස නොතකා කොළඹ ඉඳන් මහනුවරට ආ ජන ගංගාව අවම වශයෙන් කෝටි 2කට වැඩියි"
- ගීතා කුමාරසිංහ
https://www.facebook.com/NewsfirstSL/videos/1188581647868758/


“ අවම වශයෙන් මිලියන 2ක්වත් කොළඹට ආවා “ - මහින්දානන්ද අලුත්ගමගේ


* මුළු කොළඹ ජනගහණය මිලියන 2.4කට(ලක්ෂ 24කට) අඩුයි..
- ඒකියන්නේ කොළඹ ඉන්න අයට ඉඩක්වත් තිබිලා නෑ ඉන්න.

* පාද යාත්‍රාවක් සාර්ථකයි කියන්න පුලුවනි, මහින්ද මහත්තයා ඉස්සර කරපු එක... 
මේපාර පාද යාත්‍රාවේ තැන තැන අසභ්‍ය වචන භාවිතය, මත්වතුර ගන්න යන අය බාර් ගාවදී විඩියෝ වීම, නාමල් අයියගේ බ්‍රේක් ඩාන්ස් (පාද යාත්‍රා තියෙන්නෙ ඒවටද මංදා), ශ්‍රීලනිප මූලස්ථානය ගාවදී හූ කීම..
විශේෂයෙන් පොඩි දරුවෙක්ට උගන්වමින් අසීලාචාර විදියට වචන කියවපු එකත්, ඒක අනුමත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඒ දරුව සමග සිටිමත් කියන කාරණා නිසා පාද යාත්‍රාව කුමන එකක් වුනාද කියල හිතන්නටම ඕන..

- ඇම්බියුලන්ස් යවපු එක ආණ්ඩුවට අදාල අය සූක්ෂමව කරපු වැඩක් වෙන්න ඕන, නමුත් ඒ වගේ කපටිකමකට හරියට මුහුණ දෙන්න තරම් හැකියාවක්, බුද්ධියක් තිබ්බේ නෑ මේපාර මහින්ද මහත්තයගේ අයට..
(‍ආණ්ඩුවේ අය පාද යාත්‍රාවට තමන්ගේ අයව යවලා යමක් කරන්න ඇති, දේවල් තේරුම් ගන්න ඇති. නමුත් ඒ වගේ දේකට සූදානම්ව වැඩ කරා නම් හරි, එවැනන්ක් අපි දැක්කේ නෑ).
-
- පොලිසියෙන් තහනම් නියෝග ගැනීම වරදක් කියල හිතන්න අමාරුයි, අනවශ්‍ය ගැටුම් ඇතිවීම නැති වෙන්න කරපු දෙයක්. ඒවගේම එජාපයටත් අදාලව එයාලට එයාලගේ කටයුතු නවත්තන්න උනා.. 
- රතු පස්වල, කටුනායක, හලාවත උද්ඝෝෂන වලට කරපුවත් අපිට මතකයි.. හ්ම්..


- ගීතා කුමාරසිංහ වගේ චරිතයක් පාර්ලිමේන්තු යවපු ගාල්ලේ ජනතාවත්, ඒ ආසනය වෙන බෙන්තර ඇල්පිටියේ කෙනෙක් වීම ගැනත් මේ ලියන මම කණගාටු වෙනව.
- හැබැයි ඒ මැඩම් දිනුවේ ශ්‍රීලනිපය ප්‍රමුඛ පලාතේ දේශපාලකයන්ගේ දුර්වලතාවය නිසයි...
(සමහර ගම් වලට ඒ මැඩම් ඇර වෙන කවුරුවත් ගිහින් තිබ්බෙ නෑ. ඒනිසාම ඒ ඡන්ද එයාටම විතරක් උනා)

No comments:

Post a Comment