Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Sunday, May 29, 2016

යශෝදරාව ගැන අද බෞද්ධයා නාලිකාවෙ බණකදි ඇහුවා.. අහම්බෙන් මැදකදි අහන්න ගත්තේ..

හිතාගෙන ගියාම මුළු සම්බුද්ධ ශාසනයේම පැවැත්මට ප්‍රධානම හේතු සාධකයක් තමයි යශෝදරාව...
යශෝදරාව තරම් කැපකිරීම් කරපු කෙනෙක් සම්බුද්ධ ශාසනයේ නැහැ.
(පහුගිය ජනාධිපතිවරණයෙදි සුසන්තිකා ජයසිංහ නොදැනුවත්ව කල කතාවට මම බොහෝම සැරට කියපු එකටත් ගොඩක් අයට ප්‍රශ්න තිබ්බ... ඒත් යසෝදරාව නොහිටිය නම් අද අපිත් නැහැ)


• දීපංකර බුදුන්වහන්සේගෙන් සුමේධ තාපසයා වෙච්ච බෝධිසත්වයන් විවරණ ගනිද්දි, දීපංකර බුදුන්වහන්සේගේ ගිහි කාලයේ බිරිඳ, උදව් කරපු කරුණු ගැන අහල හිත පැහැදිලා හිටිය සුමිත්‍රාවත් සසර පුරාවටත් බුදු වෙන කාලය දක්වාත් පාදපරිචාරිකාව වෙන්න විවරණ ලැබිල තිබුන..

• කොහොම හරි ඉතින් සංසාරේ කවදාවත් කායික වශයෙන් තියා හිතෙන්වත් බෝධිසත්වයන්ගෙන් වෙන් නොවී සීලය රැකගෙන පතිවෘතාව හැම භවයකදිම රැකගෙන හිටියා. ටිකක් හරි වෙනසක් තිබ්බෙ කුස ජාතකයේ, ඒත් අපහාස - කරදර තමයි උනේ..

• සංසාරේ පුරාම බෝධිසත්වයන්ට කලින් තමන්ගේ මරණය ප්‍රාර්ථනා කරලා ඒ විදියටම හැමදාම සිද්ධ උනා. ඒවගේම බෝධිසත්වයන්ගේ ජිවිතයට තර්ජන ආපු, මැරෙන්න ගියපු හැමවෙලාවෙම බේරගත්තා...
ලේන කුලේ ඉපදිලා තමන්ගෙ දරුවන් මුහුදට ගෙනියද්දි නැට්ටෙන් මුහුද ඉහල, දරුවෝ බේරගන්න තරම් සෙනෙහසක් තිබුනු යශෝදරාව අර ජූජක බමුණට දරුවො දන් දෙද්දි ඉවසුවා, දරුවන්ට ගහමින් ගෙනියද්දිත්, අන්තිමේ තමන්ව දන් දෙද්දිත් ඉවසුවා..

• ඒ තරම් උතුම් යශෝදරාවගේ කැපවීම් හරියටම සාර්ථක වෙන්නේ කායික සම්බන්ධයට වඩා අධ්‍යාත්මික බැඳීම නිසයි... අද සමහර ගෑණු ළමයින්ට මේව කිව්වම අමුතු වගේ තියේවි...
හැබැයි යශෝදරාව මේ කල්පය පහල වෙනකම්ම මේ ලෝකෙ මේතාක් පහල වෙච්ච වාසනාවන්තම කාන්තාව...  ඒ ගුණාංග එක්ක අපි මතක් කරන එක තමයි ඒ වගේ උතුම් ගුණාංග වලට කුසල් පලදීම මට හිතෙන්නෙ..

• අපි සාමාන්‍ය ලෙස ගෑණු ළමයෙක්ට ප්‍රාර්ථනා කරන්නේ යශෝදරාව වගේ වෙන්න කියල... හැබැයි ඉතින් යශෝදරාව වගේ වෙන්න නම් සිදුහත් කෙනෙකුත් උවමනයි... එහෙම නැතිව කරන කැපකිරීම් වැරදි නැති උනත් ඵලක් වෙන එකක් නෑ...
අද තියෙන භෞතික පැත්තේ දියුණුව එක්ක, තාක්ෂණය එක්ක  මේව ගණන් නොගත යුතු දේවල් කියල හිතාගෙන ඉන්න අයත් ඉන්නවා.. එයාල දන්නෙවත් නැතිව ඇති  භෞතික වශයෙන් පවා මීට වඩා දියුණු කාල මේ ලෝකෙම තිබිලා නැති වෙලා ගියපු බව...
ඒත් ඒ අධ්‍යාත්මික ගුණ වගාව නැති වෙලා නැහැ...


* බලාගෙන ගියාම අපේ මුළු සම්බුද්ධ ශාසනේම කාන්තාවෝ නිසා තමයි පවතින්නෙ.. එහෙම නැත්නම් සෑහෙන්න හේතුවක් තියෙනවා කාන්තාවන්ගෙන්..
ඒක අදටත් පැහැදිලියි පන්සලකට ගියාම වැඩියෙන්ම ඉන්නෙ කාන්තාවොනේ...

බුදු දහම පවතින්න හේතු වෙන්න තව මූලික කාරණාවක් ශ්‍රී මහා බෝධින්වහන්සේ...
ශ්‍රී මහා බෝධින්වහන්සේ ලංකාවට වැඩම කරවන්නේ, සංඝමිත්තා තෙරණිය..

දළදා මාලිගාවේ වැඩ ඉන්න දන්ත ධාතූන් වහන්සේ වඩම්මන්නේ හේමමාලා කුමරිය මාස ගානක් තිස්සේ කරදර විඳල...

• ඒ තරම කැපකිරිම් කරපු කාන්තාවන්ට සර්වඥ ධාතු මන්දිරයට ඇතුල් වෙන්න නොදෙන එක, එක්තරා විහිළුවක්...
ලංකාවෙ ආරණ්‍ය සේනාසන පටන් ගත්ත, ආරණ්‍ය සේනාසන වල මූලස්ථානය තියෙන අපේ ආරණ්‍යය සේනාසනයේ සර්වඥ ධාතු මන්දිරයෙදි නම් අපි ඒව වෙනස් කරල තියෙනව...  (දහමට කිලි කුණු නැහැ.)

ආශ්‍රිත -

http://blogsuku.blogspot.com/2015/01/susanthika.html

https://www.facebook.com/photo.php?fbid=10204059249076034&set=a.10201481189466155&type=


#mayTSH2016 #SukuHari #Yashodara #Siduhath #Love #Life 

No comments:

Post a Comment