Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Friday, May 20, 2016

සාමාන්‍ය විදියට හිතෙන දේ තමයි, අරයව මෙයාව පරද්දලා දිනුවම ඒක ඉවරයි කියල...

ඒත් ඒක එතනින් නවතින්නෙ නෑ... තරහක්, වෛරයක්, ද්වේෂයක් උනත් ඒකෙ උපරිමයෙදි කරන්න පුලුවන් දේ තමයි අනිත් කෙනාව මරන එක... එහෙම කලත් ඒක ඉවර නෑ.. ඒක සංසාරෙටම තියෙනව...

බුදු බණේ තියෙනවා කාල යක්කිණී කියල කතාවක්.. ඒකෙ තියෙනවා ආත්ම භව ගානකදිම මරා ගන්නවා ගෑණු අය 2ක්..

ඇත්තටම හිතුවොත් ඒක එතනින් ඉවරත් නෑ. වෛරයක් වගේ දෙයක් හිතට ආවොත්, මැරුණත් ඒක සංසාරෙටම ගෙනියනව..

සමහරවිට අපි නොදන්නවට යම් කාලෙක කරදර කරපු අය මොකක් හරි ආත්ම භවයක ඉන්න පුලුවනි අපිට වෛරී බැල්මක් එල්ල කරගෙන... එතකොටත් අපිට කරදර වෙන්න, වැඩ පාඩු වෙන්න ඉඩ තියෙනව... (ඕව කේන්දරේ පෙන්නන්නෙ නෑ)

ඒනිසයි කියන්නෙ පින් දෙනකොට “සියලු දෙවියන්, සියලු ඥාතින්, සියලු සත්වයන්ට “ කියල පින් දෙන්න කියල...

පින් දෙන්න අමුතුවෙන් සල්ලි ඕන නෑ... කෑම කාලා පිඟාන හෝදනකොට, “ මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සතෙකුට ආහාරයක් වේවා “කියල හිතුවත් ඇති...

පහුගිය කාල වල ලොකු ප්‍රචාර එක්ක මැරුණු ගොඩක් අය ගැන හොයද්දි, නොදන්න ආත්ම භව වල කර්ම විපාක තමයි ලැබිල තියෙන්නෙ...
ඒව ඉතින් හොයාගෙන යන එක තේරුමක් නෑ... මොකද වෙන ආත්මයක කරපු දෙයක් මේකෙදි දන්නෙත්, මතකෙත් නැති නිසා....

- තරහව, වෛරය දිගට තියාගෙන ගිහිල්ලා... කොහේවත් ඇත්තට දිනුමක් නෑ...
මේකෙ දිනුවත්... ඊලග එකකදි සිද්ධ වෙනවා විපාක දෙන්න... කරදර විඳින්න... අද දුක් විඳින කරදර වෙන හැමෝටම නොවුනත්, ගොඩක් අයට ඒ කර්ම විපාක තියෙනව වෙන්න ඇති හ්ම්...

No comments:

Post a Comment