Tweets by @Tweetsbysuku myblog: වෙසක් දින වල 21-22 මැයි 2016

Facebook Fan Page

Wednesday, May 25, 2016

වෙසක් දින වල 21-22 මැයි 2016

බුදු රුව සහිත අත්කම් නිර්මාණය පිණිකහන බෞද්ධ මධ්‍යස්ථානයේදි පූජා කරන ලද අවස්ථාව.

ත්‍රිපිටකවේදී ඇල්පිටියේ ධම්මික නායක ස්වාමින්වහන්සේට පිලිගන්වන ලදි...
මාස 4කට ආසන්න කාලයක්, දිවා-රෑ වෙහෙසෙමින් බොහෝම කැපවීමෙන්, ඉතාම නිවරදි සිහියකින් මේ සියුම් අත්කම් නිර්මාණය කරන්න පුලුවන් නංගි කෙනෙක් ඉන්න එක ඇත්තටම ආඩම්බරයක්... ^_^
(ක්‍රොස්ට්‍රිච්/කතිර මැස්ම භාවිත කර ඇත. පාට 49කි.)

මේ සියලු පින් අපේ සීයා ඇතුළු සියලු ඥාතින්ට, ලක්ෂ්මි දේව මෑණියන් ඇතුළු සියලු දේව මණ්ඩලයට, සතර බ්‍රහ්ම රාජයන් මූලික වන බ්‍රහ්ම මණ්ඩලය, නන් අයුරින් උදව් උපකාර කල, ධෛර්යය සැපයූ සියලු හිත මිතුරන්(ෆේස්බුක් මිතුරන් විශේෂයි), ඇතුළු සියලු සත්වයන්ට අනුමෝදන් කරමු !

Crated design of Lord Buddha offered to Pinikahana Temple..
I don't think anyone can do such thing...
Almost 4 months, you have been working on it...
So proud to have a Sister like YOU !
(A crostrich, 49 colors were used)

‪#‎mayTSH2016‬ ‪#‎Buddhist‬ ‪#‎Buddhism‬ ‪#‎Pinikahana‬ ‪#‎Karma‬ ‪#‎GoodDeed‬ ‪#‎Life‬ ‪#‎SL‬ ‪#‎lka‬
‪#‎crostrich‬ ‪#‎crostrichpattern‬


- මේ පින් කටයුත්තෙදී මූලිකව ඒ කටයුත්ත කරන්න තේරුමක් නැති උනත්, අන්තිම සති කීපයේ නංගි රෑ නිදි මරාගෙන ඉද්දි මාත් නැගිටගෙන හිටියා ඉවර වෙනකම්...
ඒ තරම ලස්සනට ඇත්තේ දේව මණ්ඩලයත් පිලිගෙන, ලක්ෂ්මී දේව මෑණියන් සියලු තැන් වලට පූජා කරපු නිසා වෙන්නත් ඇති. ඒවගේම ඒ කැපවීම, මහන්සිය මෙච්චරයි කියන්න බැහැ..
ඒ තරම සියුම් කටයුත්තක්, ඒවගේම හරිම සිහියකින් ඉන්නත් ඕන... භාවනාවක් වගේ...
නිවන් යන්න භාවනා කරන්න ඕන එක තැනක ඉදගෙන එක ඇස් පියාගෙන නෙමෙයි, සිහියෙන් ඉදීමෙන්...


- කොහොම හරි වෙසක් දවසේ ඒ පූජාව පිණිකහන පන්සලට කරා වගේම, ගංවතුරෙන් කරදර වෙච්ච අයටත් පොඩි දෙයක් කරන්න පුලුවන් උනා. මගෙ ඇඳුම් අල්මරියෙන් බාගයක් විතර දුන්නා... ආර්ථික තත්වය ඒ තරම හොඳ නැති මේ දවස් වල ඊට වඩා ලොකු දෙයක් කරගන්න අමාරුයි...
ගමේ ගිහින් එද්දි හාල් - පොලුත් ගෙනැල්ලා ඒවත් දුන්නා... පින්තූර ගන්න හිතුනෙත් නෑ.
පින්තූර අරගෙන ෆේස්බුක් එකේ ඒ ආධාර දීම ගැන කියන එක වරදක් කියල හිතෙන්නෙත් නැහැ.. එකම දේ හොඳ හිතින් කරන්න පුලුවන් නම් එච්චරයි...

ගොඩක් තැන් වලින්, ගොඩක් අය, ආණ්ඩුව පැත්තෙනුත් සහනාධාර කණ්ඩායම් වලට, ඒ වැඩ වලට කතා කරත් ඇත්තටම යන්න හිතක් තිබ්බෙ නෑ. කරන්න පුලුවන් දේ කරනව මිසක්, වෙන අයගෙ ආධාර බෙදන්න යන්න මට කැමැත්තක් ඇති උනේ නැහැ...

මේව දන්න අයගෙන් අහගන්න තිබුන කියල හිතෙද්දි නම් යම් කළකිරිමක් එනවා. නමුත් සමහර වෙලාවට අකුසල් පල දෙනකොට ඒව දැනගෙන හිටියත් විපාක ලැබෙනවමයි... ඒනිසා ඒක ගැන එච්චර හිතන්නෙ නැතිව ඉන්නව...

මේ කාලේ කරන්න පුලුවන් දේ කරන්න හිතනව එච්චරයි...



No comments:

Post a Comment