Tweets by @Tweetsbysuku myblog: If Grandfather had lived, today is his 99th Birth day.... hmm....

Facebook Fan Page

Friday, November 20, 2015

If Grandfather had lived, today is his 99th Birth day.... hmm....

අපේ සීයා අද හිටිය නම් 99ක්....

අපේ සීයගෙ නම ‪#‎සනත්ගුණවර්ධන‬ - කාලෙ හැටියට තරුණ නමක් හ්ම්..
(කවර් පින්තුරේ සීයගේ 98 වෙනි උපන්දිනේට අපි පොඩි සංග්‍රහයක් ලෑස්ති කරලා ගයි මාමටත් එන්න කිව්ව... ගයි මාමා බුදු පිළිම වහන්සේ කෙනෙක් ගෙනත් දුන්න මතකයි හ්ම්)

අපිටත් වඩා නිරෝගීව, බොහෝම පිලිවෙලට හැමදේම කරගෙන අවුරුදු 98දිත් රටේ ලෝකෙ හැමෝගෙම ගරුත්වය ලබමින්, බොහොම සාමකාමිව සංතෘප්තියෙන් ජීවත් උන කෙනෙක්..

ස්වේච්ඡා සේවය කාලෙ ග්‍රාම සංවර්ධන සභාපති වෙලා එදා කරපු දේවල් අදටත් ගම්වල තියෙනව..., ඒවගේම
මහා ධනවතෙක් නොවුනත් ඒකාලෙ ගොඩක් අයට කරපු උදව් අදටත් ඒ අයට මතකයි... අපිටත් ඒ අය සලකනව...(ඡන්දෙට ආවත් පලවෙනි වතාවෙ නම් ගොඩක් ඡන්ද සීයගෙ නමට විතර ගන්න පුලුවන් ඇති)

කහදුව පුරාණ විහාරයේ දශක කීපයක් දායක සභාවේ සභාපති වගේම, ආරණ්‍ය සේනාසන පටන් ගත්ත වතුරුවිල වනවාස සංඝ මූලස්ථානයේ දශකයකට වඩා දායක සභාවේ සභාපති.
පලාතටම යුග පුරුෂයෙක් වෙච්ච සීය කෙනෙක් ලැබුනු එක ලොකු සතුටක්...

අනිත් අයට සාපේක්ෂව මට සියව ගොඩක් ආශ්‍රය කරන්න ලැබුන... ඒකෙ සමහර ලක්ෂණ මට තාම තියෙනව...
පොඩි දරුවන්ට අපේ සීයා තරම් චොක්ලට් දීපු කෙනෙක් නැති තරම්... අදටත් ගමේ ගොඩක් අයට දිලා තියෙනව... ඒක ඉස්සර ඉදලම කරපු දෙයක්ලු..
හැමදේ දිහාම හරි උපේක්ෂාවෙන් බලන ගතියක් සීයගෙ ජිවිතේ ගොඩක් තැන්වලදි දැකල තියෙනව... ඒ නිසාද මංදා වෙලාවකට මටත් ඒව තියෙනව.. වයස ගිහින් නැති උනත්..

ජේවිපි භීෂණය කාලෙ ඝාතනය නොවිච්ච, ඝාතනයකට හේතු ඇති නොවුනු පලාතේ හිටිය ලොකුම එජාප පාක්ෂිකය..
ඒකට හේතුව කාවවත් පාවල නොදීම...
ඒකට සලකන්න හැමදාම පලාතේ ජේවිපි කටයුතු වලදි එන්න කියනව සීයට, සෝමවංශ මහත්තයා නායකය කාලෙ එක එක උත්සව වලටත් එන්න කිව්වම ගියා මතකයි...
අපෙ හොඳ යාළුවෙක් හිටියා ජේවිපි මත දරන, Mandura කියල(ඒ යාළුව අවු කීපෙකට කලින් නැති උනා), මන්දුර මට කියනව ඒකාලෙ එයාල කිව්වොත් සීයා ජේවිපි එකට ඡන්දෙ දේවිලු. ඒතරම විශ්වාසයි...
මම නෙමෙයි, ‪#‎ගයන්තකරුණාතිලක‬ මාමා යුඑන්පියෙන් ගියත් සීය නම් කවදාවත් ඡන්දෙ වෙනස් කරන්නෙ නෑ... සීයගේ ප්‍රතිපත්ති එහෙමයි... ඒ ගැන අන්තිම දවසේ ‪#‎ගයිමාමා‬ ලස්සන අර්ථවත් කතාවක් කලා - එකම ගිහි කතාව..
(https://www.youtube.com/watch?v=8rMeaNVTsB8)

** සීයා පලාතටම ආශිර්වාදයක් විදියට අභිමානයක් විදියට ජිවිතේ ගත කලා...
ඒ ගත කල විදිය අනුවත්, අපි දන්න ඒව හොයාගත්ත ඒව අනුවත් සීය මේ සංසාරේ කරදර කාලෙ පහු කරල ඉවරයි...
ඉතින් මුළු සංසාරෙටම අපේ සීයට තුනුරුවන්ගෙ සරණයි kiki emoticon

No comments:

Post a Comment