Tweets by @Tweetsbysuku myblog: 10 - 18 - ii - පෙම්වතුනි/Lovers..

Facebook Fan Page

Saturday, October 18, 2014

10 - 18 - ii - පෙම්වතුනි/Lovers..

පෙම හොද දෙයක්, ලංකාවෙ පෙම් කරන්න හරියට තැන් අඩු එකත් අවුලක් තමයි...

හැබැයි පොදු ප්‍රවාහන සේවය අස්සෙ පෙම් කරද්දි ටිකක් හිතන්න ඉන්න ඕන විදිය ගැන..

ඔයාලගෙ ප්‍රයිවසියට රූම් එකකට ගියත් කමක් නෑ, ඔයාලගෙ කැමැත්තනෙ, 18ට වැඩිනම්, යන තැනට ටුවරිස් බෝඩ් අනුමැතිය තියේ නම්, සදාචාරෙට මිසක් නීතියෙන් අවුලකුත් නෑ...

ඒනිසා, ටිකක් හිතන්ට...
— feeling safe.

ඇත්ත පෙම් කරන්න තැන් නෑ තමයි... ඒත් හිතන්න... ඔයාල ප්‍රේම ලෝකෙ ඉද්දි වෙන අය ඉන්නෙ ඒකෙ නෙමෙයි... අනික දැන් දකින ගොඩක් අයගෙ ප්‍රේම කතා වලදි වැඩියෙන් බර ආශාවන් සන්තර්පණයට...
ගොඩක් ගෑණු ළමයි කැමතිත් එහෙම තමයි... ඒක කාලයේ වරදක් හැටියක් වෙන්න ඇති..
හැබැයි එක දෙයක්, බැන්දට පස්සේ කරන්න ඕන ඒවා,  කලින් කරන අයගෙන් 10%කට අඩු ප්‍රමාණයක් තමයි විවාහ වෙන්නෙ... ඒක මම හොයල බලල තේරුම් ගත්ත දෙයක්..

අනික ප්‍රේම කරද්දි පිරිමි ළමයා විශේෂයි. තමන්ගෙ පෙම්වතියගේ ගරුත්වය තමන්ගෙ ගරුත්වයට වඩා එහා තියෙන්න ඕන.. පෙම්වතියගෙ ඇඟ පූජනීය බව හිතන්න ඕන... එහෙම කරන්න පුලුවන් නම් ඒක වටිනව... මේ ලගදි දැක්ක පෙම්වතා පෙම්වතියට සලකන්නෙ මොන්ටිසෝරි දරුවෙක්ට වගේ... මූණ පිහිදානවා කට පිහිදානවා අත පිහිදානවා.... තව තව වැඩ ගොඩයි...
පිරිමියෙක් විදියට ගරුත්වයෙන් ඉන්න...

අපි මේව මෙහෙම කිව්වම ආශාවන් වලටම රාගයටම නැත්නම් සල්ලි යහමින් තියෙන්න ඕන කියල හිතන වගේ තත්වයන් ගැන හිතන ගෑණු ළමයි අපිට අකමැති වෙන එක වෙනම කාරණයක්... එහෙම අයගෙන් ඇති වැඩකුත් නෑනේ...

පෙම් කරද්දි හරියට කරන්න.. ප්‍රේමය ෆැන්ටසියක්.. අධ්‍යාත්මයට බරව තියෙන ෆැන්ටසියක්.. පෙම් කරද්දි සංසාරෙටම ඒක අදාල කරගෙන කරන්න ගියාමත් අවුල්... ඒනිසා ප්‍රේමය, ප්‍රේමය වගේ කරන්න.. බැන්දට පස්සෙ ඒ විදියට ඉන්න.. දරුවෝ ලැබුනත් තමන්ගෙ ප්‍රේමය දවස් පතා නැවුම් කරගන්න... ක්‍රම තියෙනව දන්නෙ නැත්නම් අහන්න කියල දෙතෑකි... :)

දැන් ගොඩක් වෙන්නෙ බදින්න කලින් කරන්න ඕන ඒව කීපදෙනෙක් එක්කම කරනවා, කරල තව වෙන කෙනෙක් බදිනව... රස්සාවට යනව... 35 වෙද්දි තමන්ට තේරෙනවා ජිවිතේ යමක් වැරදුනා කියල.. ආයෙ පස්ස හැරිල බැලුවත් ඒක හොයාගන්න බෑ.. මේක අදාල වෙන්නෙ ප්‍රේමය ගැනම විතරක් නෙමෙයි හැමදේ ගැනම... ඊට පස්සෙ 40න් පස්සෙ ජිවත් වෙන්නෙ තමන්ගෙ උවමනාවට නෙමෙයි.. උපන්නාට ඔහේ වැනෙනවා... දරුවො ගැන හිතල ඉන්නව සමහර අය...
එහෙම වෙන්න එපා... දරුවන්ට හරියට හරි දේ කරන්න... එයාල වෙනුවෙන් ජිවත් වෙන්න එපා... එයාල එක්ක ජිවත් වෙන්න...

No comments:

Post a Comment