පහුගිය දවසකදී ‘අපේ ගෙදර‘ හමුවීමෙදි... අපෙ Kelum අයිය මගෙන් ඇහුව ප්‍රශ්නයක්....
‘ ගස් ගල් වලටත් ජීවය තියෙනවා කියල බුදුන්වහන්සේ වදාරල තියෙනවා, එහෙම නම් ඇයි මල් කඩලා බුදු හාමුදුරුවන්ට පූජා කරන්නෙ කියල... ‘ ?
ඒකට උත්තරේ ගැන යම් වැටහීමක් තිබ්බත් සම්පූර්ණයෙන් තේරුනේ අපේ Dinush අයිය එක්ක කතා කලාට පස්සෙයි... අයියට පින්
1. ගස් ගල් වලට ජීවය තියෙන බව බුදුන් වහන්සේ වදාරපු බව ඇත්ත... නමුත් ගස් ගල් වලට ‘ප්‍රාණයක්‘ නෑ... ඒකියන්නෙ නාම රූප නෑ...
බුදු දහමේ පරිදි ගස් ගල්, ප්‍රාණියෙක්/සතෙක් නෙමෙයි...
(රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ )
ඔය තණකොල වලටවත් මුත්‍රා කරන්න එපා කියල තියෙන්නෙත්, සත්තු ඉන්න පුලුවන් නිසයි.
ඒ කාලේ නිගණ්ඨ ආගමේ අය වස් කාලෙට එලියට ගිහින් නෑ අළුතින් එන තණකොට පෑගෙන්න ඉඩ තිබුනු නිසා.. ඒ කාලේ භික්ෂූන්වහන්සේලා වඩිනකොට විරෝධය
ආවා... ඒනිසා සමාජ සම්මුතියට එකඟ වීමක් ලෙස වස් කාලය පනවල තියෙනව...
(වස් කාලය පැනවීමට හේතු වුනේ සම්ප්‍රදාය අනුව ඵලදායි දේකට යොමුවීමට පමණයි)
2. බුදුන්වහන්සේට මල් පූජා කරන්නෙ කාරණා 2කටයි...
අනිත්‍ය මෙනෙහි කිරීමට සහ ලෝකයට වර්ණයෙන් සුවඳින් යුතු මලක් තථාගතයන් වහන්සේට පූජා කරන්නේ උන්වහන්සේ ලෝකයට වර්ණයක් දහම් සුවඳක් එක් කරපු බව මෙනෙහි කරන්නත් එක්කයි...
No comments:
Post a Comment