myblog: පැණි වළලු 2... හිතට දැනුන දෙයක්..
පැණි වළලු 2... හිතට දැනුන දෙයක්..
හෙට වැස්සොත් මගේ පෙම්වත මගේ ළඟින් ඉන්න....
ඍතුව වෙනස් උනොත් මගෙ පෙම්වත, අර සිංදුව..........
ලියුමක් එව්වොත් මගෙ පෙම්වත, හම්බ වෙන්න එන්න...
අද දවස අපි හැමදාම මතක තියා ගම්මු....
එහෙම තියාගෙන හදවතේ මල් පුදමු....
මගේ ඇස් වලින් කඳුළු වැටුනොත් මගේ පෙම්වත, මාව සනසවන්න.....“
-පැණි වළලු කියවද්දි හැමදාම අමුතුම දුකක්, අවබෝධයක් දැනෙනවා.... යුනිවර්සිටියෙ ඉන්න ගෑණු ළමයෙක්ගෙ කතාව ආයෙ මේ ලගදි කියවද්දි ආයෙත් දුකයි...
මෝඩ උද්ධච්ඡ රට ගැන නොහිතන අමනයො පාලකයො උනාම වෙන දෙයක් තමයි 2500කින් ජිවත් වෙන්න පුලුවන් කියන එක....
හැමදේම වගේ ටිකක් ලාබෙට ලැබෙන යුනි දරුවෙක්ටවත් 2500ට ඉන්න බෑ( උදේ 20, දවල් 30, රෑ 30 -කන්න විතරක්) එතනම 2400ක් ඉවරයි... තව මොන කතාද....
ඒක කියවද්දි නම් කඳුළුත් ආවා... තාමත් 2500යි මහපොලට දෙන්නෙ... අපේ අක්කලගෙ කාලෙත් ඒ ගානමයි... අපෙ අක්කටයි චූටි නංගිටයි මෙරිට් නිසාද කොහෙද 2550ක් ලැබෙනවද කොහෙද... හ්ම්... මෙරිට් එක 50ක් වටිනවා...
ඒවගෙම පැණි වළලු 2 මුල්ම කතාවත්... “ජපන්නු පරාදයි, හිතුවොත් අපිටත් බැරි නෑ“ හිතට ඇල්ලුවා...
අපේ ගොඩක් අයට රස්සාව කරන තැන තමන්ගෙ කියල හිතෙන්නෙ නෑ, ඒකෙ ලොක්කන්ට අයිතිකාරයන්ටත් ඒක එහෙම තමන්ගෙ තැනක් කරල දෙන්න උවමනාවකුත් නෑ... ඉතින් උවමනා නම් ගන්න වගේ තමයි තියෙන්නෙ...
No comments:
Post a Comment