Tweets by @Tweetsbysuku myblog: Recent

Facebook Fan Page

Thursday, November 14, 2013

Recent

1. සතුට නම්... බස් රථයෙදි, පාරෙදි... වෙනත් අය වෙනත් අයට උදව් කරනු දැකීමයි.

2. අද බස් එකේදි ගර්ල් කෙනෙක් තාත්ත එක්ක නැග්ගා, හොඳට බලද්දි ප්‍රෙග්නන්ට්ද කියල ඇහුවම කිව්වා මම ලගින් බහිනවා කමක් නෑ කියල... මම සොරි කියල සීට් එක දුන්නා. ලගින් කිව්වට හෝල්ට්ස් 4ක් වගේ ගියා. ඒනිසා වෙලාවට සීට් එක දුන්නෙ.. හ්ම් සතුටුයි...

3. ගම්පහ දිස්ත්‍රික්කයට යෑමටත් ඒමටත් පැය 3ට වඩා ගතවීමත් රෑ වෙලා එද්දි චෝගම් නිසා හදිසි පාර වැසීම නිසා පැය 4ක් දක්වා පාරේ කට්ට කෑමට සිදුවීමත් යන කරුණු ගැන, අපේ මහින්ද මහත්තයා ඇතුළු රජය ගැනම ජනතාව කතා කරනු ඇසේ... ඒවා  අසාගෙන සිටියා...

4. බොදු බල සේනාව සිරිකොතට යෑම ...
ආණ්ඩුවේ අරමුණු උනත් නැතත්... හාමුදුරුවරුන්ගෙ සිවුරෙන් අල්ලලා නොහොබිනා විදියට හැසිරුන එක වැරදියි. හාමුදුරුවරුත් අනේ මංදා අපිට ගිහියො විදියට මොකුත් කියන්නත් බෑ....

5. සමහරු ඉන්නවා ෆේස්බුක් එකට ඇවිල්ලා, ඉන්නවා, මෙතන එක එක ඒවා හදාගෙන ඒවයෙන් කරදර දාගෙන තිබුනු එකවුන්ට් වහලා, ඊට පස්සෙ අපිට කියල ඒවට කරන්න ඕන ඒව කරගෙන දිගටම මෝඩකම් කලාම ඒකට විරුද්ධ උනාම තරහ වෙලා ඉන්නවා. අපිත් ඒකම කරනවා. ඒපාර ෆේස්බුක් පොර වැනි චරිත වගේ ලයික් කමෙන්ට්ස් වැටෙද්දි හිතනවා තමන් හරි ලොක්කෙක් කියල...
කෙහෙම්මල තමයි දැන් අවු. 8ක් විතර ඕකෙ වෙන ඒව දැක්කනේ... ලයික් කමෙන්ට්ස් උනත් තාවකාලිකයි... ඔය වගේ චරිත ඕන තරම් දැකල තියෙනවා... බලමුකො...

6. තවමත් බිස්නස් එක කරගැනීමට නොහැකිවීම ගැන මගේ බලවත් කණගාටුව මෙන්ම ලැජ්ජාවක්ද ඇත....

7. අද කදුලුගෙ කවියක් ටිකාක් මොඩිෆයි කලා... (තාමත් එයාව මතක් වෙනවනේ... බස් එකේ පැය 4ක් විතර ගාටද්දි මතක් උනා...
https://www.facebook.com/sukumal.harischandra/posts/10201566671563154

8. අපෙ මහින්ද මහත්තයා රටවල් 50 ගානක නායකයා වෙන එක හොඳයි... ඒත් චෝගම් ඉවර උනාට පස්සෙ හැමදේම වැඩි උනොත්... - ඒක තමයි ආශ්චර්ය කියන්නෙ වෙන්නැති...

9. ලෝකෙ ධනවත්, සාර්ථක, දියුණු, විශිෂ්ඨයො වෙච්ච අතිබහුතරයක් උගත්කම අතින් හුඟක් අඩු උනේ මොකද මංදා....
ඒකෙ තේරුම් උවමනාව මිස වෙන මොකුත් නෙමෙයි කියන එක වෙන්නැති...

No comments:

Post a Comment