Tweets by @Tweetsbysuku myblog: ඉගෙනීම, විභාග සහ අධ්‍යාපනය... - 1 කොටස

Facebook Fan Page

Sunday, November 10, 2013

ඉගෙනීම, විභාග සහ අධ්‍යාපනය... - 1 කොටස

* ඉගෙනීමේදි වරදින තැන් 3කි.

1) පසුවට කල් දැමීම

2) මට මේක අමාරුයි/බැරි වෙයි සිතීම

3) මට විභාගේ ලියද්දි බැරි වේවිද/අමාරු වේවිද

1) කල යුතු දේ මේ දැන්ම කිරීමට කටයුතු කිරීම.  එනම් යම් කාලයක් ලබාදීම සුදුසු වේ. සෑම පැයකටම විනාඩි 2-3ක පමණ විවේකයක් ගන්න( වතුර බොන්න, ඇස් පියාගෙන සිටින්න). මුලදි අපහසු වුවත් ක්‍රමිකව හැකියාව ලැබෙනු ඇත.

2) විවිධාකාර ලෙස තම දක්ෂතා ගැන අඩුවෙන් සිතීම හොඳ නැත.උදා : මම දේශපාලන විද්‍යාවට දක්ෂ නෑ එවිට සිදුවන්නෙ මොලය විසින් එය අමාරු ලෙස සිතීමයි. එහි ඵලය වන්නෙ පාඩම් කරන විටදීද මොලයේ අදහස එනිසා උත්සාහය කුමටද යන්නයි, අවසානයේ කරන පාඩම අසාර්ථක විය හැක.* වැදගත් වන්නෙ මේවා වෙනස් කල හැකි වීමයි. කාගේත් මොලය පොදුවේ සමානය. උවමනාවේ තරමට දියුනු ලැබෙන බව සිතීමයි.

3) මෙම සෘණ අදහස් වෙනස් කිරීමට සිතට ගත යුතුය. කැපවිය යුතුය.* ඉගෙනීමට අමාරුයි, මට බෑ කියන යාළුවන්ගෙන් පරිස්සම් වීම වැදගත්ය, මක්නිසාදයත් අත්දැකීමෙන් දන්නේ,ඔවුන් අපට වඩා ඉදිරියට යා හැක-නොකියා පාඩම් කිරීමෙනි.

ක්‍රමය


සෑම විෂයක්ම කුඩා කුඩා කොටස් වලට බෙදන්න. එකින් එක හෙමිට පාඩම් කරන්න.ආරම්භයෙදි දිනකට පැය 4-8 කාලයක් ඇත. ඊට වඩා කාලය අනවශ්‍ය වේ. සෑම පැයකට වරක්ම විනාඩි 2-5ක් විවේක ගන්න. ප්‍රශ්න පත්තර කරන්නෙ නම් අදාල කාලය තුල සිදු කරන්න...

* සැලසුම් කල කටයුතු සාර්ථක වූ පසු එය සිතට මහත් සතුටක් වේ- එයම ඉදිරියටත් ජය ගැනීමට හේතු වේ. * දිනපතා නින්දට පෙර අද කල දේ සිතන්න(අතපසු වූ දේ ඊලග දිනයේ කරන්න)  කරන්න.

* හැකි නම් කරන පාඩම් ආදිය වෙනම පොතක ලියන්න.( අද මම රාජ්‍ය සංකල්පය පාඩම් කලා, මට මේක හොදටම පුලුවන්, මේ කොටස ගැන ආයෙත් අහගන්න ඕන)

* විවේකය මෙන්ම විනෝදයද අත්‍යාවශ්‍ය බව සිතන්න.

No comments:

Post a Comment