Tweets by @Tweetsbysuku myblog: Our Dinush Aiya... - අපේ දිනුෂ් අයිය

Facebook Fan Page

Thursday, July 4, 2013

Our Dinush Aiya... - අපේ දිනුෂ් අයිය

මේක අද පහුවෙලා හරි එෆ්බී ස්ටේට්ස් එකකටවත් දාන්න ඕන... අපේ දිනුෂ් අයිය ගැන. මට දිනුෂ් අයියව තාම මීට් වෙලා නෑ. දිනුෂ් අයියයි මායි මම හිතන්නෙ දැනට අවුරුදු 3ක් විතර දන්නවා.
දිනුෂ් අයියට මම හරි කැමති හැම වෙලාවෙම ධර්මය ගැන නිවරදිම අදහස දෙන්නෙ දිනුෂ් අයිය නිසයි. කවදාවත් දිනුෂ් අයිය හිත හදන්න කියල බොරු කියන්නෙ නෑ. දිනුෂ් අයිය සෑහෙන දැනුම වගේම ඒ දැනුමේ ප්‍රායෝගිකත්වය දන්න කෙනෙක්, අනිත් අයට කියල දෙන කෙනෙක්.

ඉස්සර නිතරම එක එක අය එක්ක පැටලුනාම දිනුෂ් අයිය ඇතුළු අයට කිව්වම තමයි හිත හදාගන්න ලැබෙන්නෙ, එතනදි දිනුෂ් අයිය විශේෂයි. වෙන කෙනෙක් එක්ක හිත නරක් උනාම දිනුෂ් අයිය තමයි කියල දෙන්නෙ “මල්ලි වෙන කෙනෙක්ගෙ දුර්වලතාවයකට, ඇයි අපි හිත නරක් කරගන්නෙ“ කියල.
ඒවගේම මතකයි අපේ සීනාවි නැතිවුන වෙලාවෙ මට බලන්න යන්න බැරිව ගොඩාක් දුකෙන් ඉද්දි හිත සෑහෙන හැදුනෙ දිනුෂ් අයිය නිසයි. අවුරුදු 14ක් දරුවෙක් වගේ හදපු සීනාවිගෙ අන්තිම වෙලාවෙ මට තිබුනු දුක කියාගන්න බෑ. දිනුෂ් අයිය කියල දුන්නා ඒ ගැන හොඳට අදටත් හිත හැදෙනව මතක් වෙද්දි.
ඒවගේම එක එක වෙලාවට එන එක එක අවුල් වලදි ඒවට හරියටම, බොහොම සාධාරණව උත්තර දෙනවා. සමහර වෙලාවට කියන දේට මම 100%ක්ම එකඟ නැති උනත් (උදා: ජෞතිෂ්‍යය) මම එකඟයි.
ඒවගේම දිනුෂ් අයියගෙත් මගෙත්/අපෙත් අදහස් උදහස් ඒවගේම සිතුම් පැතුම් විතරක් නෙමෙයි ක්‍රියා වලත් බොහොම සමානකම් තියෙනව...
මුණ ගැහෙන්න තිබුනු අවස්ථා මඟ ඇරුනා. ඒත් කවදහරි මුණ ගැහෙන්න පුලුවන් කියල හිතනව. සමහරවිට දිනුෂ් අයියත් සංසාරෙම දන්න කෙනෙක් වෙන්නැති... සහෝදරයෙක් වෙන්නම ඕන... හ්ම්....
විශේෂයෙන් ෆේස්බුක් එකේ හැලහැප්පීම් වලදි හිත නොරිදෙන්නෙ දිනුෂ් අයිය ඇතුළු ඉතාම හොඳ අය සෑහෙන්න මා එක්ක ඉන්න නිසයි...

අපේ දිනුෂ් අයියට තුනුරුවන්ගෙ සරණයි !

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200716939440382)

No comments:

Post a Comment