Tweets by @Tweetsbysuku myblog: ගාමන්ට් ගැන මතයක්

Facebook Fan Page

Tuesday, July 16, 2013

ගාමන්ට් ගැන මතයක්

ගාමන්ට් ගැන පොදු මතයක් තියෙනවා, ගාමන්ට් යන අය ගැන සමාජයේ තියෙන්නෙ සුබ මතයක් නෙමෙයි. දැන් ඒ මතය ටිකක් අඩුයි. ඒ මතයේ හැටියට ගාමන්ට් වල විධායක ශ්‍රේණියෙ අයත් ඒ තරම් හොඳ නැති බවයි කියවෙන්නෙ.

පහුගිය දවසක ඒ මතය සැබෑම නොවෙන බව තේරුනා. පහුගිය දවසක මුණ ගැහුනා ගාමන්ට් එකක විධායක ශ්‍රේණියෙ මහත්තයෙක්. එතුමා පොදුවේ බොහොම වැදගත් කාරුණික මහත්තයෙක්. එතුමා තමන් යටතේ සේවය කරන අයටත් දරුවන්ට වගේ සලකන්නෙ. කතාවෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් ඒක ඔප්පු උනා එතුමා ගියපු විවාහ උත්සවයකට මටත් යන්න ලැබුනු නිසා.  ඒ විවාහ උත්සවයේ මනාලිය උනේ එතුමගේ ගාමන්ට් එකේ ස්ටාෆ් එකේ සේවය කරන ඝෑණු ළමයෙක්.

එතනදි එතුමට ලැබුනු ගරුත්වය, වගේම එතුමගෙ හැසිරීමෙන් පැහැදිලි උනා ඒක. ඒවගේම කතාවෙන් තේරුනා ගාමන්ට් එකේ විනය රැකගන්න හැටිත්, සේවය වෙනුවෙන් නොමිලේ ගමනාගමන පහසුකම් ඇතුළු බොහෝ සේවා ලබාදී තිබෙන බවත්. ගාමන්ට් වල වැඩ කරන අයට හොඳ මානසික තත්වයකින් ගරුත්වයෙන් යුතුව වැඩ කරන්න කරපු කටයුතු. ඒව අහල හිතුවම ඇත්තටම බොහොම සතුටුයි ඒ ගැන. ඇඟලුම් ක්ෂෙත්‍රය ලංකාවෙ විශාලම ක්ෂෙත්‍රයක්... හරි දේ කරන හරි අය තාමත් ඉන්නවා... මේ රටේ...
ඒ අවස්ථාව ලැබුනෙ ප්‍රවීණ ඡායාරූ/වීඩියෝ කරන කෙනෙක් වෙන උපුල් අග්බෝ අංකල් නිසයි... එතුමටත් ස්තූතියි... හ්ම්

No comments:

Post a Comment