Tweets by @Tweetsbysuku myblog: ජීවිතේ ගැන....

Facebook Fan Page

Wednesday, July 10, 2013

ජීවිතේ ගැන....

ජීවිතේ ගැන වෙලාවකට පුදුමයි... මෝඩකම්, ගොන්කම් තියාගෙන සිල්වත් උනාට, යහපත් උනාට වැඩක් නෑ... ස්ථාවර වෙන්නත් ඕන... නැත්නම් ඉතින් ජීවත් වෙන්න බෑ... අන්තිම තත්පරේට එරිල හිටියත්... එහෙම දැනෙන්නෙ නැත්තෙත් ඒවගේ අවුලක් නිසාද මංද...
කාලෙකට කාණ්ඩේ කියනව හැමදාම ලග ඉන්නවා කියල. අඩු ගානේ සතියකට පාරක් උන්නද මලාද හොයාවිදෝ කියල හිතපු අයත් කාලෙකට හොයන්නෙවත් නෑ... උදව් කරද්දි ඒව හිතුවෙ නැති උනත් සමහර වෙලාවට දුකක් දැනෙනව, ඇයි කතාවක්වත් නැත්තෙ කියල...

ඊලගට මුණ ගැහෙන අයත් ආයෙත් අර විදියටම කියද්දි, හිතවත්ව ඉන්නවා හැමදාම කියල.....
අනෙ මංදා මම තාමත් පරණ තැනමයි කියල හිතෙනව...

එහෙම උනාම හිත හදාගන්නෙ මගේ ෆේස්බුක් මොටෝ එක කියවල...

" Doing a Help to a person, if the person is happy cause of your help or not, can u be Happy... its great.... "

“ කෙනෙකුට උදව්වක් කරලා, ඒ කෙනා ඒ උදව්ව නිසා හෝ නැතිව සතුටින් ඉන්නව දැක්කම සතුටු වෙන්න පුලුවන් නම්... ඒක හරිම උතුම්... “

No comments:

Post a Comment