Tweets by @Tweetsbysuku myblog: දිරච්ච ඉරටු නවන්න බෑ, කඩන්න පුලුවන්

Facebook Fan Page

Friday, April 5, 2013

දිරච්ච ඉරටු නවන්න බෑ, කඩන්න පුලුවන්

සමහර වයසින් වැඩි පුද්ගලයන් ඉන්නවා, කරන ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙක් වෙලා හෝ නැතිව, හිතාගෙන ඉන්නෙ එයාලට වඩා දන්න තව අය ලෝකෙ නෑ කියල. ඒවගේම එයාලගෙ තරුණ වයස තමයි ස්වර්ණමය කාලෙ අද ඉන්න අයට මොකුත් නෑ, මොලෙත් නෑ අපි විතරයි කියල අධිමානයකින් හිතාගෙන ඉන්නවා. 
එහෙම අය වෙන අයගෙ දේවල් වලට කමෙන්ට් කරන්නෙ, අදහස් දක්වන්නෙ තමන්ව පිම්බෙන්න විතරයි, ටික කලක් ඒ අයගෙ අදහස් කියෙව්වාම ඒක අවබෝධ වෙනවා. එයාලව පිම්බිලා අනිත් අයව පහත් කරන්න කටයුතු කරනවා. හරි අපරාධයක් ඒක... මොකද එතන තියෙන්නෙ උද්ධච්ඡකමක්....

“ගහේ ඵල බර වැඩි වෙනවකොට... නැවෙනව විතරයි, කැඩෙන්නෙ නෑ“ 

නමුත් අර කියපු වගේ අයට කියන්න වෙන්නෙ,

“දිරච්ච ඉරටු නවන්න බෑ, කඩන්න විතරයි පුලුවන්“ කියල.

ඉතින් එහෙම ලොකු මහත්තුරු නෝනල එහෙම හිටියම ඒක මුළු සමාජයටම ලොකු ගැටළුවක් වෙනවා....
මනෝවිද්‍යාත්මකව කරුණු හිතුවම ඒක අයිති වෙන්නෙ අධිමානයට නෙමෙයි හීනමානයට, අපිට මේ කාලේ මේව කරන්න බැරි උනා, අපි කලදේ විතරක් හරි.... - අද අය ගැන අපිට ඉරිසියයි.... ඒකනෙ ඔය නොකිය කියන්නෙ... මනෝමූලික අක්‍රමිකතාවක්... ඒකට හේතුව අද සතුටින් නොඉන්න එක.... " Remain broke “ - රොබට් කියොසාකි එහෙම කියනව ඒ ගැන...

දිරච්ච ඉරටු නවන්න බැරි එකේ, ඒ වගේ අයට කියන්න තියෙන්නෙ.... දිගටම කරගෙන යන්ට.... වෙන දෙයක් තේරෙවිනෙ.

No comments:

Post a Comment