Experience Metta Meditation
Just my thoughts.....
* Snowdrops මල සහ කතාව
* මරණය සහ සියදිවි නසාගැනීමේ සිතිවිලි
* ආදරය යනු කුමක්ද..?
* ආදරය කරන දෙදෙනෙක් වෙන්වී යාමේදි මතක ගැන,
* බිලියන ගණනක් අතරින් තමන්ටත් කියල එකම එක කෙනෙක්..,
* කවි ලියන්න බැරි උනත්, හේතු දෙන්නම් කවි ලියන්න...,
* ලැවෙන්ඩර් ඇට 500කින් 1ම එක ඇටයක් විතරක් ඵලදාව දීම...
එක චරිතයක්, ෂැංග්‍රිලා ඉදිරිපිට තිබෙන ඓතිහාසික බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිමාව කැඩිය යුතුය යන මුග්ධ කටයුත්ත ගැන කතා කර ඊට යම් දෙයක් කල නිසා, පොලිසිය පසුවදාම අධිකරණ නියෝග ගත්තේ ඒ අසල මීටර් 50ක් වටේට සියලු ඉදිකිරීම් තහනම් කරන ලෙසයි. එය රජයට මහත් අස්වැසිල්ලකි, ඔවුන් බලාසිටි දෙය ඔවුන්ට කර දුන්නා වැනි විය. ඒ තුල සැගවුනු බොහෝ දේ ඇති.. ඒ ගැන පසුවට කතා කරමු..
කෙසේ වුවද, ඒ අවස්ථාවේ සියලු ඉදිකිරීම් ඉවත් කලද, අංකල්ගේ වගාවන් පොලිසිය ඉවත් කලේ නැත. ඔවුන්ද එහි වටිනාකම දන්නා නිසාය.
අගෝස්තු 8 මම අවසානයට ගෝඨාගෝගමට යන විට වගාව සෑහෙන්න ඉවත් කර තිබුනු බවත්, අංකල් ගෙදර ගිහින් බවත් මතකය..
අරගලයේ විශේෂ දේවල් අතර, අපි අතර හිටිය වැඩිහිටියා ටියුඩර් රාජපක්ෂ අංකල් තමයි මේ.
ඔහුගෙන් ඉගෙන ගත්ත දේවල් තියනව... ඒවගෙම මට ඔහුට සහය දක්වන්න ලැබුනා පැල වගා කරන්න.
මුල ඉදලම ඔහුට අවශ්‍ය සහය දෙන්න මට පුලුවන් වෙච්ච එක සතුටක්..
ඒවගේම ඒ පැල වගා කරපුවා - ඵලදාව දුන්නා...
ලංකාවට, රාජ්‍යයක් විදියට IMF ණය ලැබෙන්නෙ 17 වෙනි වතාවට. කලිනුත් ණය ගත්තා හැබැයි හරියට කලේ නෑ. ඉතින් මේපාර කියල වෙනසක් වේවිද කියල මුලින්ම හිතෙනව.
ඊටපස්සේ මූලික දේ තමයි, ඒ ගිවිසුමේ කොන්දේසි විදියට රාජ්‍ය ආදායම වැඩි කරගන්න එක.
ඒකට කරන්නෙ බදු ගහන එකයි. ඍජු සහ වක්‍ර බදු.
බදු ගෙව්වට කමක් නෑ ඒකෙන් රටට වගේම තමන්ටත් හොදක් තියනව නම්.
කාලෙක ඉදන් නොමිලේ තියෙන රෝහල් වලත් බෙහෙත් නැති අවුල් තියෙද්දි කොහොමද ඒක විශ්වාස කරන්නෙ ?
පහුගිය දවසක පත්තර වල තිබ්බා,
" කෝටි 200ක හිග ලයිට් බිල්, බොල් ණය විදියට කපලා", " කෝටි 200ක සැප වාහන ගෙනැල්ලා " කියල..
ඉතින්, වත්මන් ජනාධිපතිවරයා රටට දෙයක් කරාවි කියල විශ්වාස කරන්න පුලුවන්ද ???
ඒ මදිවට ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්නත් වැඩ.. (ටෙලිකොම්)
ඊටත් වඩා වැඩේ, ඒක ලැබුනාම රතිඤ්ඤා පත්තු කරපු එක..
හැබෑටම ලංකාවෙ මිනිස්සු මේ තරම ගොබ්බයි - ගොජබ්බයි කියල කලින් දැනගෙන හිටියෙ නෑ. කලකිරනව ඉතින්..
මේවයින් රට හදන්න බැහැ... රට හදන්න ඕන හරි දැක්මකට අනුව වැඩ කරලා.
විකුණලා ඕව කරන්න බැහැ. ඉතිහාසයෙ අත්දැකීමත් අදත් එච්චරයි..
ජන අරගලයට රාජපක්ෂ මැරයන් පහරදුන් දවස. එම මැරයන් සහ එම මැරයන් පෙළඹවූ කිසිවෙකුට නීතියෙන් දඩුවම් ලැබීමක් අප දන්නේ නැත.
නමුත් එයින ඇරඹුනු මහා ව්‍යවසනය සරල නැත. අවසානයේ ජිවිත මෙන්ම දේපලද හානි වී නැවතිනි.
දැන් නැවත අරගලයක් නොවන්නට අරගල කල අය මර්ධනය සහ එසේ නොවන්නට කටයුතු කරන අතරම, වත්මන් ජනාධිපති කරන්නේ රාජපක්ෂලා සහ උන්ගේ බත්බැලයන් ආරක්ෂා කිරීමය.