Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Tuesday, April 26, 2016

ලෝකයේම රස්සා කරන අය 80%කටත් වඩා සිටිති.
එනම් ව්‍යාපාර කරන අය, තමන්ගේම ව්‍යාපාර කරන අය සිටින්නෙ
20%කට අඩුවෙනි.

●  රස්සා කරන අයට ලෝකයේම පොදු තත්වය නම් දවසේ වටිනාම කාලයේ රැකියාවට වැය කිරීමට සිදුවීමයි.
රස්සාව ලැබෙන්නේ උගත්කමට, හැකියාවටයි. දවසේ හොඳම කාලයේ රස්සාව කරනවාට මාසයට වතාවක් පඩියක් ලැබෙයි. එය නිවරදිම අගයද නැද්ද කෙසේ වෙතත්, එය වටිනා දෙයකි.

- ජිවිතයේ වටිනාකම කාලය රස්සාව වෙනුවෙන් කැප කරනවා ගැන කතා කරන්නට ගිහින්, පඩිය ගැන කියන්නේ පඩිය සැබෑවටම වටිනා බව දන්නා නිසාය. පඩියක වටිනාකම තේරුම් ගන්නට, ව්‍යාපාර කර පාඩුවී කරගන්නට දෙයක් නැති අයගෙන් හෝ රැකියාවක් නැති කෙනෙකුගෙන් අසා බලන්න.
රස්සාවේ පඩිය එතරම්ම වටිනා බව කියනු ඇත.

●  මූලිකව කිව යුත්තේ රස්සාවක් යනු “ ස්ථිර ප්‍රශ්න වලට තාවකාලික විසඳුමක් බවයි“
- එනිසා මූලිකව තමන්ගේ පවුලේ අයට මුල් තැන දෙන්න. රැකියාවේ වගකීම් කරන අතරම නිදහසේ සිටින්නට ලැබෙන වෙලාව මනාව භාවිත කරන්න. එනම් රාත්‍රියට ගෙදර ගියද, ගෙදර අය සමග කතා කරන්න.
ප්‍රේමයක් පවති නම් ඒ ගැනද මනාව සොයා බලන්න. මිතුරන් ගැනද සොයා බලන්න.
-- එහිදි අදාල වන්නේ එම අය සමග ඔබට ඇති වටිනාකමේ තරමට අනුව කාලය ඒ වෙනුවෙන් කැප කිරිමට හැකි වීමයි !

● ඔබ රැකියාවක් කරන්නේ නොකර බැරිකමට නම්,
ඔබට රැකියාවේ මුදලින් කොටසක් ඉතිරි කර එය ආයෝජනය කල හැක. අයෝජනයට විවිධාකාර මාර්ග ඇති අතර නිසි විශ්වාසදායි දෙයක් කිරීම ඔබගේ වගකීමකි.
- “බැබිලෝනියාවේ ධනවත්ම මිනිසා - Richest Man in Babylon පොතේ සදහන් වන පරිදි, ආදායමෙන් 10%ක් ඉතිරි කල යුතුය. කාලයක් ඉතිරි කර ඉන්පසුව එය ආයෝජන කල යුතුය. ආයෝජනය සාර්ථක වුවොත් එම ලැබෙන මුදල්ද නැවත ආයෝජනය කල යුතුමය.
● පූජාවලියේ සඳහන් වන්නේ හොඳින් අඟහිඟයෙන් තොරව සිටිමට නම් වියදම මෙන් 8 ගුණයක් ඉපයිය යුතු බවයි.


● කුමන ආකාරයට ජිවිතය ගෙන ගියද, රැකියාවේ වටිනාකමක් තිබේ. විශ්‍රාම යන කාලයට ලැබෙන දේ නිසා රැකියාවේ වටිනාකම අවතක්සේරු කල නොහැක...
එසේ වුවද පෙර කී ලෙස සිතා බලා වෙලාව භාවිත කිරීම තුලින්, සහ ඔබගේම කැපවීම තුලින් සියලු අඩුපාඩු දුරු කරගන්නට කටයුතු කරන්න !

#හිතෙනදේවල් 

Tuesday, April 19, 2016

මල් කඩද්දි

‪#‎Flower‬ “ ‪#‎මල්‬ “

‪#‎ගමේදී‬,
තව මල් කඩා ගන්න..., අපිටත් පින් ලැබෙනවනෙ...
වඳින කොට පින් ටිකක් අපිටත් දෙන්න...

‪#‎නගරෙදි‬,
ඔයා කොහේටද මල් ගෙනියන්නෙ ? මොකක්ද පූජාව ?
මේ මල් අයිති අපිට.., අපේ ඉඩමෙ නොවුනට මේ හරියෙ මල් අයිති අපිට,
අපේ මල් කඩනවට අපි කැමති නෑ..
අපිත් බෝධි පූජාවට, බුද්ධ පූජාවට ගන්නේ මේ මල්...

අහිංසක - අසරණකම්, මෝඩ - කුහකකම් අතර දෝලන වෙන..
ගමෙයි නගරෙයි මනුස්සකම් වල එක පැත්තක්...

Wednesday, February 10, 2016

මාධ්‍ය සහ දේශපාලනය

දේශපාලනයක් නිසා, තමන්ගේ ගරුත්වය නැති කරගන්නා අය අතර, මේ කාලයේ,

Chatura Alwis, Sanka Amarajith මහත්වරුන් මූලික වෙයි...

‪#‎චතුරඅල්විස්‬ අපි බොහෝ ප්‍රිය කරන නිවේදකයෙකි. දැන් කියන විවේචනාත්මක කතා අප දුටුවේ නැත. රටට ආදරේ කියන කොටසක් එය උඩ තැබුවාට අප බැලුවේ නැත. මන්ද ඒවා බැලීමෙන් තිබෙන ගරුත්වය, කැමැත්ත නැති කරගැනීමට අකමැති නිසාය.

‪#‎සංකඅමරජිත්‬ ද එසේය. මතක විදියට සෙනසුරාදා, ඉරිදා දිනවල උදේ 6.30 සිට සිටින්නෙ ඔහුය. බොහෝම නම්‍යශීලී ප්‍රියමනාප ආකාරයකට සැහැල්ලුවකින් වැඩසටහන කල ඔහු විසින් “දන්නො බුදුන්ගේ ගීතය“ කියූ ගායිකාවට කල අපහාසයද පුදුම සහගතය.

දෙරණේ අයිතිකාර මහත්තයාද කොහෙද මහින්ද මහත්තයා නැවත බලයට ගෙන ඒමට පහුගිය කාලයේ බොහෝ වැඩ (උදා, මංජුල පිරිසි මහතා විසින් කළගුණ සැලකිය යුතු බව කීම) කල නිසාද මංදා දෙරණේ බොහෝමයක් අය පක්ෂ දේශපාලනයට හසුව ඇතැයිද සිතේ..

ජනතාව ලෙස දැනෙන්නේ දේශපාලකයන්ට, උදා, අගමැති රනිල් මහත්තයාට ඇති තරම් මඩ වැදී ඇත. ඒවා සත්‍යද අසත්‍යද නොව විවේචන අප්‍රමාණය. එය දේශපාලකයන්ගේ තත්වයයි.
අප මාධ්‍යවේදින්ගෙන් අපේක්ෂා කරන්නේ ඊට එහා ගිය බොහෝම ගෞරවනීය භූමිකාවකි. රටක් නැගී සිටුවන භූමිකාවකි... වෙන රටවල සෑහෙන තරමක් එසේය.
ඉන්දියාවේ වෛද්‍ය සිසුවිය දූෂණය කර ඝාතනය වූ විට, ඊට විරුද්ධව ජනතාව පාරට ගෙනාවේ මාධ්‍ය බව අපට මතකය. - අපේ නම් එහෙම උනේ නැත.
හැමදාම කොහේ හෝ කවුරු හෝ සිටින දේශපාලකයන්ගෙ බළල් අත් මෙන් විටින් විට වැඩ කරන අය දකිමු.

සංඛ අමරජිත් සහනශීලිව එක්තරා ආකාරයකට භූමිකාව කරනු ඇතැයිද, ‪#‎චතුර‬ ඊට වඩා දියුණු තියුණු ලෙස රට වෙනුවෙන් පක්ෂ පාට නැතිව භූමිකාව කරනු ඇතැයිද සිතාගෙන සිටියේද, තවම සිතන්නේද එබැවිනි...
(විවේචනයක් නොව අදහස් පමණි) ‪#‎යථාර්ථවාදිජනතාවාදියා‬

Monday, January 11, 2016

ඇත්තටම වඳින්න ගාථා ඕනද ?

අපි නම් පොඩි කාලෙ ඉදලම ගාථා කියල, ඒවයේ තේරුම් ගැන අවබෝධයෙන් හිටිය නිසා ගාථා ගැනත් ඒ අනුව පින්කම් ගැනත් තේරෙනවා..

පහුගිය දවස් වල පිටරට ඉපදුනු, කසින්ලා ගොඩක් මුණ ගැහුනු වෙලාවලදි ධර්මය ගැන අහද්දි, එයාල අපි වගේ හැම ගාථාවම, හැම පිරිතම ගැන තේරුමක් නෑ...

ඉතින් ඇත්තටම වඳිනවා කියන්නෙ ගාථා කියන එක නෙමෙයි... ඒක එහෙම කිව්වම කවුරුවත් බය උනත්...,
බුදු හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ගාථා තිබුනේ නෑ..
ඒනිසා ඇත්තටම උවමනා වෙන්නෙ ඒ වෙනුවෙන් හරියට හිත පහදවාගෙන වඳින එකයි... ඒ වන්දනීය ප්‍රාර්ථනය තියෙනවා නම් ගාථා කියන්න කියල නියමයක් නෑ..
කියන එක හොඳයි, හැබැයි ඒ හිත හදාගෙන කියන්න ඕන...
(හතර පෝයටම සිල් ගන්න ගමන් අනිත් අය ගැන වෛරයෙන් හිතන අය ඕන තරම් සිංහල - බෞද්ධ කියාගෙන ඉන්නව...
එහෙම අයගෙ බෞද්ධකමෙන් තේරුමක් නෑ..)

වෙන රටවල හැදිල උනත්, ගාථා නොදැන උනත් හරියට බුදුන්ට වඳිනවා කියල හිතන සිතිවිල්ල තුලින් විතරක් පින අත්වෙන බව ඒ ගැන අහපු කසින්ස්ලට තේරුම් කරල දෙන්න පුලුවන් උනා හ්ම්...
ඊට වඩා පින් අත්කරගතෑකි ගාථා දන්නේ නැති උනත්, සිල් වෙනම ගත්තේ නැති උනත් හිත පහදවගෙන වඳින පුදන, පින්කම් කරන අයට.. හ්ම්...
අධිෂ්ඨාන බලයෙන් ඕන දෙයක් කරගන්න පුලුවනි..

Saturday, December 26, 2015

Dec 22 - 26 Until Today !







https://www.facebook.com/photo.php?fbid=10206615230173964&set=a.10206279183853016.1073741872.1668558048&type=3

Went to meet GuyMama @Ministry of Mass Media & Information , to get that letter for Chayavi !

https://www.facebook.com/sukumal.harischandra/posts/10206613161042237

It was fine... I thought I might hear something from Guy Mama ... But he was cool...
I did my social media stuff wid best efforts & dedication... hmm
Anyways I was feeling guilty my less temper at the Parliament few months ago....

Also Chaya got all the qualification for that post, and it was a relief...  We saw people without wanted qualifications, not having exact letter. It should be the way... no matter what...


Devinda Aiya was absolutely helpful..





HAPPY
________________

23rd Dec.



Had to visit Ministry of Telecommunication & Digital Infrastructure which is Harin Aiya's Ministry..

We met Media Secretary Mr.Athula Jayalal and he is supportive and encouraging too..

Media Secretary Mr.Athula Jayalal
At the Elevator

After that I came to #Mosh....

Which wasn't a my thing...

https://www.facebook.com/sukumal.harischandra/posts/10206620226218862


_____

24th Dec.

Went to ODEL
https://www.facebook.com/sukumal.harischandra/posts/10206627852009502