Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Saturday, January 31, 2015

Hope... is the best thing...

https://www.facebook.com/sukumal.harischandra/posts/10204534445715653

මෛත්‍රි පාලනයක් ආවා... ජෙනරල්ට, ශිරාණි මැඩම්ට ලැබිය යුතු ගරුත්වය, යුක්තිය ලැබුන...
ජනතා සහන අතුරු අය වැයෙන් සෑහීමකට පත් වෙන්න ලැබුනා... “

ඉදිරියෙදී මූලිකව, “ තොරතුරු දැනගැනීමේ පනත“ ගැනත් විධායකයේ බලතල අඩු කිරීම ගැනත් බලාගෙන ඉන්නවා...

* මෙතනින් මේක ඉවර නෑ... දැන් නම් අපේ ගම් පැතිවලත් ගොඩක් අයට අයවැය සහන එක්ක යම් දෙයක් තේරිලා... හොරකම් ගැන අවබෝධයක් ඇවිල්ලා...

ලගදි ආපු ත්‍රිවිල් අයිය කෙනෙකුත් කිව්වේ, මේ හොර අහුවෙද්දි ඡන්දෙ දුන්නෙ මහින්දට උනාට පැරදුනාට සතුටුයි කියල...
(මේ අතුරු අයවැය විවිධාකාරව විග්‍රහ කරන මරාවාදි මහ මොලකාරයන්ට කියන්නට ඇත්තේ, මේ පොදු ජන මනස.... ඒක ඊලග ඡන්දෙදි පැහැදිලව පෙනේවි... මේක සර්ව සම්පූර්ණ නැති බව අපි දනිමු.)

හයිවේ හදපු ඉංජිනේරු නෑයෙක් විතරක් වැඩි පැහැදීමක් තාම නෑ, සමහර ව්‍යාපෘති නවත්තපු නිසා.. ඒකෙ ගැටළුව ඒවයේ මිල මුදල් නිසා ඒව මුල ඉදල ආයෙ බලල තමයි කරන්න හදන්නෙ..

මේ ලගදි Lahiruගෙ කමියුනිකේෂන් එකට ආපු එක මහත්තයෙක් හිටියා, මාස 2කට කලින් කෝම හරි මහින්ද දිනනවාමයි කිව්ව, එදත් ෆෝන් එකේ ස්ක්‍රින් එක ගිහින්... අදත් ඒක දාගෙන නෑ... හැබැයි මහින්ද හොදයිලු... එයා කියනවා මම ආවත් හොරකම් කරනවලු. වටේ අයට උදව් කරපු අයට වාහන, ඉඩම් දෙනවලු..
මම එතකොට කිව්වා මම මීඩියා සපෝට් කලානේ අලුත් ජනමාධ්‍ය ඇමතිතුමාට මම අදත් මේ ආවෙ පයිනේ කිලෝමීටරයක් විතර ඇවිදල කියල.. එතකොට නම් පුදුමෙන් බැලුවා මං දිහා..
අන්න ඒ මෝඩ සිතිවිල්ල වෙනස් කරන්න කාලෙ හරි... මම බලයට ආවත් හොරකම් කරනව කියන..

* දේශපාලනය කියන්නෙ බොහොම ගෞරවනීය දෙයක්... පාරෙ ඇවිදින අයගෙන් පවා හොරෙක් කියල අහගන්න වෙනව නම් කොයිතරම ලැජ්ජාවක්ද ඒක....

* ජනතාව විදියට අපිට තියෙන්නෙ, මේ හොඳ ප්‍රතිඵල වලින් අපේ ජිවිත යහපත් කරගන්නට උපරිම උත්සහ ගන්න එකයි...

මහින්ද මහත්තය ගැන හිතල අඬලවත්, මෛත්‍රි මහත්තය ගැන හිතල උදම් වෙලාවත් වැඩක් නෑ..

දැන් කරන්න ඕන තමන්ගෙ දියුණුව ක්‍රමිකව සලසා ගැනීම...

උගතුන්ට සලකන රටක් හැදෙනවා... ගරුත්වය ලැබෙනවා.. නීතිය හැමෝටම පොදුයි...

* අයවැයෙන් බඩු අඩු කරනකම් නොඉද, ආර්ථිකය ශක්තිමත් කරගෙන ජිවත් වෙන ගමනක් අපි ජනතාව විදියට යන්න ඕන... ඒ තත්වය ඇති කරගන්න ඕන...
ආණ්ඩුවක බලපෑම හැමදාම තියෙනවා... බොහෝවිට මේ ආණ්ඩුවෙන් ආණ්ඩුව පැත්තෙන් දෙන්න ඕන උදව් දේවි..

පූජාවලියෙ තියෙන්නෙ නම් වියදම වගේ 8 ගුණයක් හම්බ කලොත් සැපට ඉතෑකි කියල... හ්ම්...
( කෙලෙස් මිස, සැප අතාරින්නට බුදු දහමේ නොකියවේ)

https://www.facebook.com/sukumal.harischandra/posts/10204539794409367

Friday, January 30, 2015


Yesterday @ Namel Malini Punchi Theater


අතුරු අයවැය කොහොමද

*** අධ්‍යාපනයට දළ දේශිය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම...
( කාලයක් බලාගෙන හිටි දෙයක්... ඉතියෝපියාවෙත් අපිට වඩා වෙන් කරද්දි... පහුගිය අය කලේ උගතුන් බුද්ධිමතුන්ව හෙලා දැකපු එක... පහතට දාපු එක.. ඔන්න දැන් හරි.. මේ ආරම්භය විය යුතුයි අධ්‍යාපනයට සලකන තරමට...)

* රාජ්‍ය සේවක වැටුප් 5000කින් ඉහලට

* අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 13ක මිල පහලට (ගෑස් 300කින්, භූමිතෙල් නැවත අඩු කෙරේ)

* ගොවි ණය 50%කින් කපා හැරේ...

* ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතු 15%ක පොලියක්

* කිරිපිටි මිල අඩු වන අතර, දේශීය කිරි ගොවින්ට වාසි සහ රටේ දියුණුව පිණිස ආනයනකරුවන් සමග ඉදිරියේදි කටයුතු කරනු ඇත.

* 2015 වසර සදහා ජනාධිපතිගේ අපේක්ෂිත වියදම කෝටි 9593 සිට කෝටි 256 දක්වා අඩු කෙරේ...
පාර්ලිමේන්තු සියලු මන්ත්‍රිවරුන්ට පක්ෂ විපක්ෂ සැමට විමධ්‍යගත අරමුදල මිලියන 10ක් කෙරේ. ඒක ලබාගන්න කවුරුවත් පස්සෙන් යන්නත් ඕන නැත....
* තව සෑහෙන්න තියෙනවා...

“ අපි දැන සිටියෙමු... අපි දැන සිටියෙමු... “ //

2010 ජනාධිපතිවරණයත්, පහුගිය ඌවත්... වෙනස් කල හැටි ඕන නම්... ඉදිරියට කියවේවි... හ්ම්...
පහුගිය හොරකම් ගැන පල වීම් නිසා කලින් තිබ්බ ඡන්ද සෑහෙන අඩු වෙච්ච බව තාම මහින්දවාදින් කියන අයට තේරෙන්නෙ නෑ...

වෙනම පක්ෂයකින් යන්න හදන්නේ, ඇත්තටම මහින්ද මහත්තයගේ උවමනාවටම නෙමෙයි... මේක බලෙන් එතුමගෙ ජනප්‍රියතාවය ප්‍රයෝජනයට අරගෙන දේශපාලන වශයෙන් අනාථ වෙච්ච... හොරකම් කරලා ඒවට බයේ වෙන දේ ගැන තේරුමක් නැතිව ඉන්න අයගෙ වැඩ...
කොහොම උනත් ඔය වැඩෙන් වෙන්නෙ, මහින්ද මහත්තයට යම් තිබුන ගරුත්වයක් තියෙනව නම් ඒකත් නැතිවීම... ඒක එහෙම උනත් ඡන්දෙට එන්න ලැබෙන එක විශ්වාස නැ... ආවත් දිනුම කෙසේ වෙතත් සැලකිය යුතු ඡන්දයක් ලැබෙන එකකුත් නෑ...

පරාජය අවජාතකයි කියනවනේ... දැන් තමයි කලින් එජාපයට වගේ තියෙන හැම ප්‍රශ්නෙම එලියට එන කාලේ... ඒ කාල වලදි කරන්න ඕන එක ඉවසීම... සහ සංවිධානය වීම....
කලබලේට එලියට පැනලා දඟලන්න හදන එක නෙමෙයි...

ඒකාලේ එජාපයේ අය ඉවසද්දි... අපි දන්න ගොඩක් අය කිව්වා ඇමතිකමක් ගන්න ආණ්ඩුවට එකතු උනා නම් මොකද කියල... මට මතකයි ගයි මාමා යනවා කියල ආරංචියට මට ඇවිත් කියපු අය.... ඔයාට වැඩක් නැත්නම් අපිට දෙයක් අරගන්නවත් යන්න කියන්න.......

අන්තිමේ දයාසිරි මහත්තයල වගේ අය ගියා... ගිහින් ජාතික දේශපාලනයෙන් පලාත් එකට වැටුනා... මහ ඇමතිකමෙන් දෙයක් කරාද කියල එතුමගෙන් තමා අහන්න වෙන්නෙ...

ඉවසගෙන හිටිය අතිබහුතරයට යම් කාලෙකට හරි ඇමතිකම් ලැබුනා... ඒක තමයි කියන්නේ...
“ ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය.... මහමෙර උසුලනා මිහිකතටත් වැඩිය “ කියල....

මෙච්චරකල් ගොඩක් අය හිතාගෙන හිටිය, අපි දේශපාලනේ කරත් වැරදි කරනව කියල... හොරකම් කරනව කියල... ඒකට හේතුව ජනතාවගේ සිතීමේ ගැටළුවක්... හොරු දේශපාලකයෝ වෙන්නෙ ඒ නිසා.... ඒනිසා අද මේ පාලනය ඒවට විරුද්ධව යම් දෙයක් කරාවි කියලත් විශ්වාසයි...
එතකොට ජනතාව වෙන අපිටත් තේරෙන්න ගනිවි... දේශපාලනය කියන්නේ සේවය මිසක් ගැරීම නෙමෙයි කියල...

Back to back few days...

https://www.facebook.com/sukumal.harischandra/posts/10204517166003671


මහින්ද මහත්තය අලුත් පක්ෂයකින් එන්න ලෑස්තිලු..
https://www.facebook.com/sukumal.harischandra/posts/10204517779659012

ඒ කැම්පේන් එකත් දැනටම දන්න අයට කියල තියෙනව... කරන්න භාරගන්න කියල...
අපේ දැනුමෙ, තේරුමෙ හැටියට නම් ඔච්චර තමයි... තාම කරපුව එලි වෙන්න පටන් ගත්ත විතරයි...
දැනට යන්නෙ කරපුව එලිවෙන කාලෙත්, බලයෙන් උදම් වෙලා කරපුවට පශ්චත්තාප වෙන කාලය...
විපාක තාම අපිට දැනෙන්න පටන් ගත්තෙ නෑ...

අප්‍රමාණ සංසාරේ බලය එක්ක කරපුව ගැන තියෙන පොඩි අවබෝධය අනුව, දන්නව, කොයිතරම් කාලයක් මේ කරපුවට විපාක ලැබේවිද කියල...

විහිලුව තමා, දුටුගැමුණු රජතුමාට, මහින්ද මහත්තයට සමාන කරන්න හදන එක... දුටුගැමුණු රජතුමා හරියට වැඩ කලා.. ඒපිනෙන් අද දිව්‍යලෝකෙ..
මහින්ද මහත්තය හරියට කලේ නෑ.. ඒනිසා යන්න වෙන තැන එච්චර හොදත් නෑ... හ්ම්

Monday, January 26, 2015

Being a Vegetarian (25/01/2015)



වසර 1-2ක් පමණ හිතල....

https://www.facebook.com/1668558048/posts/10204507918372486/
මුලින්ම පටන් ගත්තේ, නාමල් අයිය වගේ ගෙදරින් පිටදී මාංශ ආහාර නොගෙන ඉදීමෙන්....
අමාරු උනත් යම් තරමකට... ඒ තරම දෙයක් නෙමෙයි...

ජිවිත ආරක්ෂාව ගැන හිතෙන නිසා... කොහොම උනත් ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය ගැන හොඳ අවබෝධයක් තිබුන...

ඒක එහෙම උනත්, “ මස් කන්න එපා කියල කියන්නෙ අප්‍රමාණ සංසාරයේ අපේ අම්ම තාත්ත වෙච්ච අය පවා අද මස් වෙලා කන්න ලැබෙන නිසා“ කියල මම විශ්වාස කරනවා...
මේ සිතිවිල්ලෙදී මූලික වෙන, ඉරු සේවයේ වෙද මහත්තයා.. මස් මාංශ අනුභවය සහ ඒවායෙදි දේවාකර්ෂණය යනාදිය ගැන කියල දුන්න...

අපේ දිනුෂ් අයියා සෑහෙන්න විස්තර කරල තිබුනා මාංශ අනුභවය ගැන... ඒව කාලයක්ම හිතල ගත්ත තීරණයක්...
කලින්ම නිර්මාංශ වෙච්ච අපේ නංගිගෙත්, #තාෂ්ගෙත් ඍජු ගතිය අගය කරනවා... !



Friday, January 23, 2015

___ යහපත්ව සිටීම/අන් අයට උදව් කිරීම සහ එයට විපාක ලැබීම ___


අද සමාජයේ දකින, තේරෙන දෙයක් තමයි පොදුවේ අපි හැමෝම කරන හොඳට, තව හොඳක් බලාපොරොත්තු වීම.. ඒක හිතේ තියෙන දෙයක් වෙන්නැති...

ජිවිතේ ගත කරද්දි හරියට ඉන්න එකත්, ඒ හා සමානව විපාක ලැබෙන එකත් ගැන ගොඩක් දෙනෙක් පහුගිය කාලේ බලාපොරොත්තු අතෑර ගත්තා...
ඒකට හේතු වෙන්න ඇත්තේ, තමන් යහපත්ව හිටියත් අයහපත් ක්‍රම වලින් ඉහලට එන, දේශපාලකයෝ සහ අනිකුත් වෘත්තින් වල අයව දැකපු නිසා වෙන්නැති... සාමාන්‍ය මතයක් බිහිවෙලා තිබ්බා... “ අපි ඔතනට ගියත් හොරකම් කරනව කියල... “

දැන් ඒ තත්වය ක්‍රමිකව ලංකාවෙන් නැති වෙලා යාවි, ඊට අදාල පසුබිම සකස් වේවි කියල දැනෙනවා...

ලෝකයේ පහල වෙච්ච මහා සමාජ, ආර්ථික, මනෝ විද්‍යාඥයා වන නැපෝලියන් හිල්ගේ “ Think and Grow Rich /ඉසුරින් පිරි ජීවිතයක් “ පොත කියවද්දි.... තේරුන දෙයක් තමයි...
(ඒක මගේ අත්දැකීම් අනුවත්, මම දන්න ගොඩක් අයගෙ ජිවිත දිහා සෑහෙන කාලයක් බලාගෙන හිටිම අනුවත් දැනුනු දෙයක්)

“ කරන හොදට කවදාහරි හොද ලැබෙනවා... “ ඒක කරන සැනින් බලාපොරොත්තු වීම තමයි ගැටළුව(කවදාවත් දේවල් බලාපොරොත්තු නොවි කිරීමයි වඩා වැදගත්)... - ඒක ධර්මය අනුව දිට්ඨ ධම්ම වේදනීයව ලැබෙන දෙයක් කියන්නත් පුලුවනි.

ඒ වෙනුවෙන් ගත වෙන කාලයක් තියෙනවා....
අද හෙට නෙමෙයි. මාස 1-2 අවුරුදු කීපය වගේ ගත වෙන්න පුලුවනි... ඒක උනාම තේරේවි...
අනිත් කාරණ් වැරදි කරන අයටත් එහෙමයි... අද හෙට, විපාක නැති උනත්... කාලය එක්ක හිතාගන්න බැරි විදියට විපාක ලැබෙන්න ඉඩ වැඩියි...

රජවරු වගේ ඉදලා හිඟන තත්වයට පත් වෙච්ච අය ඕන තරම්..... හ්ම්.....

Thursday, January 22, 2015

face book භාවිතය

Face book භාවිතය සහ එහි කටයුතු ගැන බොහෝ දෙනෙක්ට තවමත් හරි අදහසක් නෑ වගේ...
ගොඩක් අය තාම හිතනවා මේකෙ දේවල් රහසෙන් කරන්න පුලුවන් කියල...

ඒකට හේතු වෙන්න ඇති ගොඩක් පවුල් බිඳ වැටෙන්න, තියෙන ප්‍රේම සබදතාව බිඳ වැටෙන්න මේකෙන් හොයාගත්ත යාළුවන් හේතුවීම...
ඒත් 1 දෙයක්.. අද නෙමෙයි මීට අවුරුදු 3-4කටත් කලින් ඉදලා අපි කරන ඕන දෙයක් බලන්න ආණ්ඩු වලින් අදාල පියවර අරගෙන තිබුනේ...
ඒක ඉතින් ජනතාවට හිතැති විදියට නෙමෙයි, පාලනය පවත්වාගෙන යාමෙ දෙයක් විදියට....
හැකින් ඩිග්රි තියෙන අයම ගෙන්නල කලේ...

ඉතින් ඉදිරියේදි අදාල බලය ඇති අය එක්ක කතා කරලා මේ කටයුත්තට සහයෝගයක් ගන්න අපි බලාපොරොත්තු වෙනව...

මේකෙ ඉදගෙන වැරදි කරන අයට අදාල විදියට නීතියෙන් පියවර ගන්න ඕන දේවල් කරන්න.....

[මට මේ භාවිතය ගැන තේරුමක් නැති බව තේරුනේ දැන්, එක එකවුන්ට් එකකින් ආපු මසේජ් එකකින්... මේ වගේ මසේජ් දවසට 10කට වඩා එන දවස් ඇති තරම් තියෙනවා..
(https://www.facebook.com/profile.php?id=100006014048430)
මගෙ 1 යාළුවෙකුත් දැකපු ගමන් රික්වෙස්ට් එක අරගෙන... වැඩේ තියෙන්නේ මේ එකවුන්ට් එක දැක්ක ගමන් ඕන කෙනෙක්ට තේරෙනව බොරු කියල....

ඒ මදිවට තව මහත්තයෙක් දාලා, Thanx nangi....pls send me Ur num.... .... කියල...
වෝල් එකට ගියොත් බලාගතෑකි...]

https://www.facebook.com/sukumal.harischandra/posts/10204480818975018

Wednesday, January 21, 2015

Thinking ...



ජනාධිපති මෛත්‍රිපාල මහත්තයගේ නෝනා, දැන් ජනාධිපති ආර්යාව ඉස්සරම එතුමගේ ආරක්ෂාව වෙනුවෙන් මස් - මාංශ අනුභවයෙන් වැලකිලා ප්‍රතිපත්තිම ශීලයක ඉදලා තියෙනවා...,
(වටිනකම ගැන තේරෙනවා, මේපාර කරපු හූනියම් වලින් වැඩක් නැති වීමෙනුත්..)

හිටපු ජනාධිපති මහින්ද මහත්තයා රජ උනේ ශිරන්ති ආර්යාවගේ කේන්දරේ තිබුනු බලවත්කම නිසාලු....

බලාගෙන ගියාම මේ හැමදේම හරියන්න හේතු වෙන්නේ ස්ත්‍රි පාර්ශවයනේ..... හ්ම්....

ශුද්ධ බයිබලයෙ තියෙන්නෙ... “ ස්වර්ගයේ හෝ අපායේ යතුර ඇත්තේ විවාහයේය “ කියල....
හ්ම් හ්ම්....

https://www.facebook.com/sukumal.harischandra/posts/10204471016729968

Monday, January 19, 2015

Hmm As always..

Yeah... if anyone asks, what have you done so far ....

one thing up front is...

* I protected sisters.... taught them... told things to understand.... most sisters, got use of it... hmm 

Sunday, January 18, 2015

ඉස්සර ඉදලම තිස්ස අත්තනායක මහත්තයට මොකද අකමැති කියල...

සමහර අය අහනවා, ඉස්සර ඉදලම තිස්ස අත්තනායක මහත්තයට මොකද අකමැති කියල...
https://www.facebook.com/sukumal.harischandra/posts/10204458908507270

ඒකට මූලික හේතුවක් උනේ, අපි 2008 නුවර හිටියේ.. .පේරාදෙණියේ, ගන්නොරුව පාර පටන් ගන්න තැන. මායි මගෙ හොදම යාළුවා Chamaraයි, තව කීපදෙනෙක් හිටියා... අපි හිටියෙ ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් වෙච්ච රත්නසිරි බණ්ඩාර කියන මහත්තයගෙ ගෙදර නැවතිලා.

කොහොම හරි එතන ඒ කෝස් එක කරද්දි, අපිට පස්සෙ ආපු කොටසක් හිටියා ඒ කෝස් එකට.. එකවතාවක් අපි දෙගොල්ල අතර ගැටුමක් ඇතිවෙන්න ආවා...

දැන් වගේ නෙමෙයි ඒකාලේ ටිකක් වලියට බර වැඩි... දකුණෙ කියන දේත් ඔළුවෙ තිබුනා...
කොහොම හරි එහෙම වෙද්දි, විරුද්ධ පැත්තෙ 1ක් කිව්වා තිස්ස අත්තනායක අපේ බාප්ප කියල... මාත් ඒපාර අපේ නෑයො ගැන කිව්වා...

ඒපාර එයාම අනිත් අය එක්ක කතා කරල කිව්වා, රෝහිත රාජපක්ෂව දන්නවද කියල...
මම කිව්ව ඔව් කියල...
ඒපාර කිව්වා පුලුවන් නම් රෝහිතට කියන පෙට් නේම් එක කියන්න, ඒක දන්නෙ එයාගෙ යාළුවො විතරයි කියල...
ඒක මම දැනගෙන හිටි දෙයක් “චිචී“ කියල පටන් ගත්ත තැනදිම ඉතින් ඒක කිව්ව නිසා අනවශ්‍ය ගැටුමක් උනේ නෑ...

එදා ඉදන් මට තිස්ස අත්තනායක මහත්තයා ගැන අපහැදීමක් තිබුන... ඊට පස්සෙ මීඩියා වලට සම්බන්ධ කාලෙත් චරිතෙයි කරපුවයි හෙව්ව... එතනදි ආවෙ අපහැදීමක්....
යුඑන්පියේ ඉන්න කාලෙත් පැහැදීමක් තිබ්බෙ නෑ...
ඔන්න දැන් එතුමා රට ගිහින්ලු... මාසෙක ඇමතිකම කරලා ගිහින්... හ්ම්....