Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Sunday, August 16, 2020

නිවුස්..

 


● ලංකාවේ පාසල් යන ගැහැණු දරුවන්ගෙන් 50%ක් “ සනීපාරක්ෂක පහසුකම් නැති නිසා “ ඔසප් දින වල පාසල් නොයති !

- ලෝක බැංකු වාර්තාව

( ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් 43%ක් ලබන්නේ දවසේ පඩිය)

● සුප්‍රකට Padman චිත්‍රපටයට නිපදවුනේ සැබෑ පෑඩ් මෑන් වූ ඉන්දියාවේ @Arunachachalam Muruganantham විසින් එවකට ජනපති අපේක්ෂකයෙකු වූ සජිත් ප්‍රේමදාස මහතා විසින්, නොමිලේ සනීපාරක්ෂක තුවා කාන්තාවන්ට ලබාදීම ගැන අගයා තිබීම.

● සංවර්ධිත රාජ්‍යයක් වන ස්කොට්ලන්තය විසින් සනීපාරක්ෂක තුවා සියලු කාන්තාවන්ට - ගැහැණු දරුවන්ට නොමිලේම ලබාදීම !

සංජීවනි වීරසිංහ කියන කලාකාරිය විසින්, “ නොමිලේ සනීපාරක්ෂක තුවා“ ලබාදීම දැඩි ලෙස විවේචනය කරමින්, එය ලබාදීමට සිංහල පිරිමින්ට හයිය සහ ආර්ථික හැකියාව ඇති බව කියමින් තමන් හරියට දන්නේවත් නැති සිංහල සභ්‍යත්වය ගැන කරන ලද වීඩියෝව.

- ලංකාවේ අතිබහුතරය සිංහල බෞද්ධයන් වෙති. එය 70%කටත් වැඩිය. 

ලංකාවේ ගැහැණු දරුවන්ගෙන් 50%ක් සනීපාරක්ෂක පහසුකම් නැතිව පාසල් නොයාම ඇය වැනි දේශපාලනික මුග්ධ භාවයෙන් අන්ධ වී ප්‍රකාශ නිකුත් කල කෙනෙක් දකින්නේ කොහොමද දන්නේ නැත.

( මෙය දේශපාලනික අර්ථයෙන් නොගෙන විවේචන නොකර, එය අගය කලා නම් වත්මන් ජනපතිවරයා සහ ආණ්ඩුව පවා එය නොමිලේ දිම ගැන සලකා බලන්නට ඉඩ තිබින)

- අතිශය මානුෂීය කරුණු, අපහාසයට - උපහාසයට - විවේචනයට ලක් කලෝ, මනුෂ්‍යයන් තබා තිරිසන්වත් වන්නට වටින්නේ නැත. ආර්ථික අර්බුද වල සිටින ජනතාවක් සිටින රටක, ණය බර අධික රටක, ගැහැණු දරුවන්ට සැනිටරි පෑඩ් එකද ලබාදීම ලේසි පහසු කරුණක් නොවන පවුල් ඕනෑ තරම් රටේ ඇත. 

ලිංගික අධ්‍යාපනයක් නැතිකම නිසාම අසහනයෙන් පෙලෙන ජනතාවක් සිටින රටක, ලිංගික අපචාර චෝදනා, ස්ත්‍රී දූෂණ චෝදනා වැඩියෙන්ම තිබෙන දේශපාලුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන වැදගත් දෙයක් කරන අයට ගැරහීම ලංකාවේ බහුතර සිරිත විය හැක.

ෂෝ එකට බලය පෙන්වන අයට බලය දෙන කලාවක ඇලි ගැලී ගිලී සිටින ලංකාවෙ ජනතාව... හ්ම්...

#SanitaryPads #srilanka #sajithpremadasa #sanjeewaniweerasinghe #scotland #padman


Wednesday, August 12, 2020

_ මා දුටු රනිල් _

 රනිල් වික්‍රමසිංහ යනු ලාංකීය දේශපාලනේ Legend එකකි.
1977 දී බියගමින් ඇරඹි පාර්ලිමේන්තු දිවිය, 2020 වනතුරු තිබුනු අතර, 1994 සිට ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂයේ නායකත්වයද අඛණ්ඩව දැරීය.
* වසර 42ක පාර්ලිමේන්තු දිවිය තුල, කිසිදින ඔහු පාර්ලිමේන්තු වැටුප ගෙන නැත.

(රනිල්, අධ්‍යාපන ඇමති කාලයේ කල බොහෝ සේවා ඇත. ජාතික අධ්‍යාපන පීඨ වල සිට පටනගත්තොත් කියන්නට දේ බොහෝය)

● මට රනිල් ගැන උනන්දුවක් ආවෙ 2000 එවකට පැවති චන්ද්‍රිකා ආණ්ඩුවේ පැවති දුර්වලභාවය නිසාය. 1999 සිට ඥාතියෙක් පලාත් සභාව තුලින් දේශපාලනයට ආ අතර, මා විසින් ඊට පෙරට වඩා තරමක සක්‍රීයව දේශපාලනය ගැන උනන්දු වූයේ ඒ කාලයේය.

2001 මැතිවරණ තේමා පාඨය, 

“ යුධ ගිනි නැති රටක් - දුක් ගිනි නැති හෙටක්“ විය. රනිල් වික්‍රමසිංහ එවකට ගාල්ල, බද්දේගම, බෙන්තර ඇල්පිටියේ කරන ලද දේශපාලන රැළි බලන්නට මම ගිය අතර, ඒවා ඉතා ආකර්ෂණීය ඒවා විය. 2001 රජයේ එවකට ඉහල කැබිනට් ඇමති ධූරයක් ලද වජිර අබේවර්ධන සමග අලංකාරවත් බස් රථයක රනිල් නායකතුමා පැමිණෙන අයුරු මට අදද මතකය.

● 2002 - 2004 ආණ්ඩුව ඍණව පැවති ආර්ථිකය ධන කලේය. විදේශ සංචිතය ශක්තිමත් කලේය. සෑම අතින්ම රටට ඉදිරියට යෑමට උදව් කරන ලදි. සටන් විරාම ගිවිසුම තුල, යුධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවමද, පොලිසියද ඉතා ශක්තිමත් කෙරුනි. යුධ හමුදාවට කල සේවය ගැන, යුධ හමුදාවේ 50 වන සංවත්සරයේ ඉතා ඉහලින් අගය කර ඇති අතර පිටු ගණනාවක සදහන්ය. ඒ ආකාරයට වර්ණනාවක් යුධ ජයග්‍රහණය කල නායකයා වූ මහින්ද රාජපක්ෂටවත් නැත. සටන් විරාමය තුල, මරුමුවට පත් වූයේ, එක් සෙබලෙකු පමණි. ඔහු වැරදීමකින් අවිය සමග කොටි ප්‍රදේශයකට ගොස් තිබින.  අපකීර්තිමත් “ මිලේනියම් සිටි“ යුධ හමුදා බුද්ධි නිලධාරින් ඝාතනය වූයේ ඒ සමයේය. රනිල් නොදැන, ජනපතිනිය දැනගෙන පැවති යුද හමුදා විශේෂ බුද්ධි අංශයක් වූ එතැන එලිදරව් කරමින් ගැටළුව ඇති කලේ එවකට සිටි ඉහල පොලිස් නිලධාරියෙකි. 

● සටන් විරාමය, ගොඩබිමට අදාල වුවද, මුහුදට අදාල නැත. කොටින්ගේ නැව් ගණනාවක් මේ කාලයේ ගිනිබත් කෙරින. තවද සන්නිවේදන උපකරණ ඇතුළු බොහෝ දේ කොටින්ට ගෙන යන්නට අවසර ලැබින. ඉතිහාසයේ පලවෙනි වතාවට දෙමල ජනතාවට තරමක නිදහසක් ලැබුනු අතර, කොටින්ගෙන් ප්‍රශ්න කරන්නට පවා දෙමල ජනතාව නිර්භය වූ 1 වෙනි වතාව එය වීය.

හමුදාව ශක්තිමත් කිරීමත්, සටන් විරාමය ඇතුලේ පැවති සාකච්ඡා වලදී කරුණා වැනි කොටි නායකයන්ට ලෝකයේ තත්වය වටහා දීමත් නිසා කොටින්ට පසුව සන්නද්ධ නායකයා නැති වීය. 

රනිල්ට වූ චෝදනාව වූයේ කොටි සුරතල් කලා යන්නය. නමුත් රනිල්ගේ ක්‍රමයට ගියා නම් වසර කීපයකදී, ප්‍රභාකරන්ට සිද්ධ වන්නේ තනිවම සයිනයිඩ කන්නය. 

● කාලයක්ම ඇදුනු ලයිට් කපන අර්බුදයද මාස 6කටත් කලින් නතර කලා මතකය...
හැබැයි රනිල්ට වැරදුනේ, චන්ද්‍රිකාව විශ්වාස කිරීමෙනි. ඇය, ආණ්ඩුවෙ ඇමතිකම් අරගෙන වෙනම දෙයක් කලා. එතනදිත් පාක්ෂිකයන් දහස් ගානක් එයාපෝට් ගියේ නායකතුමාට ආණ්ඩුවෙන් ඉවත් වෙලා වැඩ කරන්න උනත්, මහත්මා ගති පෙන්වූ රනිල් ඒක කලේ නැත.

● 2005 ජනපතිවරණ කාලයේ, පුලියදේවන් හරහා කොටින්ට සල්ලි දෙන කතා අපිට ආරංචි විය. පසුව දැනගත් පරිදි, ඒ යෝජනාව මුලින්ම පැමිණ තිබුනේ රනිල්ටය. රනිල් එය ප්‍රතික්ෂේප කලේය. 

කිලිනොච්චියේ ඡන්ද ප්‍රකාශ කිරීම 01කි. එය රනිල්ට ප්‍රකාශ විය. ඡන්දය දුන් තැනැත්තාගේ අත කොටින් කැපූ බව පසුව ප්‍රකාශ විය. 

● 2012 කාලයේ මතක විදියට යොවුන් පෙරමුණේ වැඩසටහනකදී, ආණ්ඩුවේ අවුලකට, ආණ්ඩුව දැන් ගමු යැයි කියූ බොහෝ අය විය. රනිල් නැගිට, අත් 2 වනා අපිට කීවේ දැන් ගන්න බෑ. අපි ගන්නෙ 2015 කියාය.

ඒ විදියටම 2015 ආණ්ඩුව ගත්තේය. 

● කිසිදු ආණ්ඩුවක් නොදුන් තරම් සහන ජනතාවට දුන්නේය.
තොරතුරු පනත, 19 වෙනි සංශෝධනය වැනි දේ ගේන්නට මූලිකත්වය ගත්තේය.
බෞද්ධාගම ගැන කොයිතරම කිව්වත්, පිරිවෙන් වලට හරියට ගෙව්වේ, පන්සල් වලට කිසිදු ආණඩුවක් නොදුන් තරම් ප්‍රතිපාදන වෙන් කලේ, භික්ෂු රක්ෂණය යනාදිය පවා ගෙනාවේ මෙතුමාගේ මූලිකත්වයෙනි. 

● රනිල්ගේ මා දුටු අවුලක් තිබේ, එනම් නොදන්නා අයව විශ්වාස කිරීමයි. පහුගිය සමයේ ඉහල තනතුරු වලට පත් ඇතැම් අය එහෙම අයය. ඔවුන් පක්ෂේ සිටිය අයද නොවේය. නියම දක්ෂතාවයක්ද තිබුනේ නැත. එසේම හැකි පලමු අවස්ථාවෙන්ම රනිල්ගෙන් ඉවත් වූවෝය.

තවද වසර 20ක් ආණ්ඩුවක් නැතිව විවිධ තාඩන පීඩන වලට ලක්ව සිටි පාක්ෂිකයන්ට නිසි ඇගයීමක් - සැලකීමක් ලැබුනේ නැත. එය රනිල්ගේ තනි වරදක් නොවේ, එයට ආසන සංවිධායකවරු වගකිව යුතුය. 

බැදුම්කර වංචාවේදී ක්‍රියාත්මක වීම ප්‍රමාද විය. එය බිලියන 11ක් වෙද්දි, බිලියන 12ක වත්කම් අත්හිටුවා තිබියදි 2008 - 2015 බිලියන 989ක වංචා බව ජනගත කිරීමට නොහැකි විය. පාස්කු ප්‍රහාරයේ මූලික වගකිව යුත්තා නොවුනත්, එයද පෙරලුනේ රනිල් ප්‍රමුඛ එජාපයටය ( ජනපති, ත්‍රිවිධ හමුදාව, පොලිසිය - නීතිය හා සාමය යනාදි සියල්ල තිබුනෙ එජාපයේ නොවේය)

ඒ විදියට බලය එජාපයෙන් ගිලිහුනේය.

● මට මතක ඉතිහාසයේ වතාවන් 2ක්, රටේ ජනතාව රනිල්ට බලය දී ඇත. අවස්ථා 2දීම ප්‍රතිපත්ති රකින්නට ගොස් වරද්දා ගත් බව කිව හැක.
තවද මහින්ද රාජපක්ෂ කදවුර පාක්ෂිකයන්ට උපරිමයෙන් සලකන්න, රවටන්නට කටයුතු කරගෙන වහල් තත්වයක් ආරෝපණය කරන කැම්පේන් කරද්දී, රනිල් එයට පිටින් වැඩ කලේය. එය රනිල්ගේ හැටිය. ඒවා වෙනස් කරන්නට කිසිවෙකුට නොහැක.

● රනිල්ගේ බුද්ධිය ඉතාම ඉහලය. ඒක තේරෙන්නෙ රනිල් එක්ක කතා කරන විටය. මම දේවල් දන්නවා යයි හිතාගෙන රනිල් එක්ක කතා කල විට, රනිල් දන්නා දේ අභියස මා දන්නේ අල්පයක් බව බොහෝ අවස්ථා වල පැහැදිලි වී ඇත. ඉතිහාසය, දේශපාලනය, ආර්ථිකය හැසිරවීම, බුදු දහම යන කාරණා සම්බන්ධව රනිල් ඉතා හොදින් දන්නා කෙනෙකි.

● රාජපක්ෂවරු වාසියට ලේසියට කරන කැම්පේන් නැතිව නියම මගක යන්නට රනිල් එදත් අදත් හිතුවා වගේම වැඩ කලේය. රනිල්ට රාජපක්ෂවරුන්ගෙන්ද, රනිල්ගෙන් රාජපක්ෂවරුන්ටද නෑකම සේම උදව්ද ගරුත්වයද ලැබින. 

● මේ සියල්ල තුල අද ගැන හිතද්දි, රනිල් වැනි නායකයෙකු සමු ගැනීමට සිතීම විශේෂ අවස්ථාවකි. ලංකා ආර්ථිකය ඉතාම ඉහල අර්බුදයක තිබෙද්දි, ජන ජිවිතය ආර්ථිකය නිසා යටටම වැටි තිබෙද්දි රනිල්ගේ දැනුම සහ අත්දැකීම රටට ප්‍රයෝජනයට ගත හැකි නම් අගනේය. 

රනිල්ට පොඩි මිනිහා ගැන එතරම් තේරුමක් නැත. හැබැයි රනිල් පොඩි මිනිහාගේ කරට අත දමා, ඔහුගේ ධනය වක්‍ර බදු වලින් සූරාකන පන්නයේ නායකයෙක් නොවේය.

රට ඉල්ලන්නේ මාධ්‍ය සංදර්ශන කරන රාජපක්ෂ පන්නයේ නායකයෙක්ය. රනිල්ගෙන් පසුව එජාපයට සිතන්නට වෙන්නේ ඒගැන විය යුතුය.

සුභ ගමන් නායකතුමනි !  

රට හොද ගමනකට ගෙන යෑමට, ඔබගෙන් තවත් වටිනාකම් එකතු කරගන්නට තිබුනා නම්... 

#RW #UNP #ranilwickramesinghe #UnitedNationalParty

 

රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා...//
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා....
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා....
මැවෙන්නෙ.. දෙව්ලිය පපුවේ හුස්ම තියා ❤️❤️❤️
මා ඇවිලිලා... ඈ නිවෙනවා...
ඈ ඇවිලිලා... මා නිවෙනවා...

උණුසුම් දෙතොලේ හැඟුමන් කිති කවලා...
සද නැති රෑ තරු සියොලඟ කතා කලා...
අත අතනෑරම නොනිදා පහන් කලා....
නිදි නැති නදියක උණුහුම ඉපැද්දුවා....
මා ඇවිලිලා ඈ නිවෙනවා....

ඈ ඇවිලිලා මා නිවෙනවා...
උරහිසේ හිස තියන්.. ආදරේ කියනවා...
වේදනා ඇස් දෙකේ ඇවිලිලා...
මා නිවෙනවා... ඈ නිවෙනවා....
ඈ නිවෙනවා... මා නිවෙනවා ....


#ridenanoriddena #SankaDineth #slsongs


#UpulShanthaSannasgala

Vocal & Music - Sanka Dineth

Lyrics - Upul Shantha Sannasgala



Sunday, August 9, 2020

_ කඩා දැමුණු රාජ සභාව සහ කුරුණෑගල 2වන පරාක්‍රමබාහු, 2 වන බුවනෙකබාහු, ගලේ බණ්ඩාර/ වත්හිමි කුමරු සහ 4 වන පරාක්‍රමබාහු රජු _



වසර 1000 ගණනකට වඩා පැවති අනුරාධපුර රාජධානියෙන් පොලොන්නරුවට ගිය, එතනින් දඹදෙණියටත්, ඉන්පසුව යාපහුවටත් ගිය අපේ වසර 2500 ලිඛිත ඉතිහාසයේ 5 වන රාජධානිය වන්නේ කුරුණෑගල රාජධානියයි. 

●  ඉතිහාසය පොඩ්ඩක් ගවේෂණය කරාම, කාලිංඝ මාඝ කියන දරුණු ආක්‍රමණිකයා ඒකියන්නේ පහුගිය කාලේ නැතිවෙච්ච ප්‍රභාකරන් වගේ ඒ හා සමාන ලක්ෂණ තිබ්බ චරිතය හරියටම පරාජය කරන්නේ 2 වෙනි පරාක්‍රමබාහු රජතුමයි. ඒක කරන්න, ඔහුට අවශ්‍ය පරිසරය ( දුටුගැමුණු රජුට, කාවන්තිස්ස පියරජු කලා වගේ), සැකසුවේ, ඔහුගේ පියා වෙච්ච 3 වන විජයබාහු රජතුමයි.  අවුරුදු 40කට වැඩි කාලයක් අපේ රාජධානි වල ඉදන්, වෙහෙර විහාර, අපේ උරුමයන් ( මේ උරුමයන් කිව්වාම මේකට සමස්ත ශ්‍රී ලාංකිකයන්ම අදාලයි) විනාශ කරපු කාලිංඝ මාඝව මරණයට පත් වෙනවා. ඒක හෙව්වාම දැනගන්නෙ මම හරි කැමති යුධ උපායක් වෙන “ ක්ෂණික - මාරාන්තික“ (Instant - Deadly) ප්‍රහාරයක් මාඝට එල්ල කරනවා. උතුර - දකුණ මාරු වෙන මාඝ පලා යන්නේ වැරදි පැත්තට. නැගෙනහිරට ඉතිරි අය එක්ක පලායන්න හැදුවත්, යන්නේ බටහිරට. බටහිර වෙරළ තීරයට රාජ්‍ය සබදතා නිසා පාණ්ඩයන් 2 වෙනි පරාක්‍රමබාහු රජතුමාට උදව්වට ඇවිත් හිටියා, එතකොට පාණ්ඩ්‍ය සහ සිංහල හමුදා කියන 2ටම මැදි වෙන අපේ රට වනසපු මාඝ ඇතුළු පිරිස සමූල ඝාතනයට ලක් වෙනවා ( අපි මිනිස්සු මරන්න අකමැති උනත්, කල යුතු දේ අවශ්‍ය වෙලාවට කරන්න වෙනව).
2 වෙනි පරාක්‍රමබාහු රජතුමා, “ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත“ ගෞරව නාමය ලබපු කෙනෙක්. ‘ දඹදෙණි කතිකාවත‘ තුලින් භික්ෂූන්වහන්සේලා සහ බුදු දහම සුරැකීම ඇතුළු රට බොහෝ සෙයින් යථා තත්වයට පත්කිරීම් ඔහු කරල තියෙනව. ඒවගේම රත්නපුරයේ තියෙන සමන් මහා දේවාලයත් එතුමාගෙ කාලෙ හදපු පන්සලක්. අද දේවාලයක් කිව්වට ඒක රජෙක් හදපු ‘රජමහා විහාරයක්‘.

● අවු 34ක කාලයක් විශාල සේවාවක් කරපු, 2 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ ඔහුගේ පුතුන් 5න් 2 වෙනියා වෙච්ච 4 වෙනි විජයබාහු රජ වෙනවා ( මේක ඡන්දයක් අනුව කරා කියලයි තියෙන්නෙ). ඔහුත් දඹදෙණියේ රාජධානිය කරගෙන, සෑහෙන සේවාවන් කරනවා. නමුත් අවු 2 යද්දි මිත්ත කියන සෙනවියා රජුව මරනවා. මිත්ත සෙනවියවත් පසුව රාජපාක්ෂික අය මරනව. රාජ්‍යත්වයට අයිතිය තියෙන 1 වෙනි බුවනෙකබාහු කුමාරයට යාපහුවට යනවා. දඹදෙණි රාජධානිය අවසන් වෙනවා. 

●  වසර 11ක් ( ක්‍රිව 1273 - 1284) දක්වා යාපහුව රජ කරන්නේ 1 වෙනි බුවනෙකබාහු රජතුමයි. ඊටපස්සෙ රජ වෙන්නේ මිත්ත සෙනවිය අතින් ඝාතනය වෙච්ච 4 වෙනි විජයබාහු රජතුමාගෙ පුතා. ඔහු රජ වෙන්නෙ 3 වෙනි පරාක්‍රමබාහු නමින්. විශේෂ දේවල් අතර, 1 වෙනි බුවනෙකබාහු රජුගේ කාලයේ අපේ දළදාවහන්සේත්, පාත්‍ර ධාතුවත් ඉන්දියාවට ගෙනිහිල්ල තිබ්බා. ඒවා නැවත වඩම්මවනවා. 
1 වෙනි බුවනෙකබාහු රජතුමාගේ පුතා ඒකාලේ ඉන්නවා 2 වෙනි බුවනෙකබාහු නමින්. ඔහු රාජ කුමන්ත්‍රණයන් කරනවා, 3 වෙනි පරාක්‍රමබාහු රජතුමා මරන්න. රජතුමා මේක දැනගත්තත්, 2වෙනි බුවනෙකබාහු කුමාරය අතින් ඝාතනය වෙනවා. 

● මේ කියන 2 වෙනි බුවනෙකබාහු කුමාරය තමයි කුරුණෑගල රාජධානියේ ආරම්භ කරන්නෙ. ඔහු ඒක බලකොටුවක් වගේ හදනවා. ඔහු සේවාවන් කරනවා, ඔහුගෙන් පසුව රජ වෙන්නෙ ඔහුගෙ පුතා වෙන 4 වෙනි පරාක්‍රමබාහු රජතුමා. ඔහු කලින්ට වඩා සෑහෙන සේවයක් කරපු බව ඉතිහාසයේ තියෙනවා. 550 ජාතක පොත්වහන්සේ රචනා වෙන්නෙ මේ රජතුමාගෙ අදහසට අනුව.

●● මේ කතාවේ, කුරුණෑගල රාජ සභාව නිර්මාණය වෙන්නේ යාපහුවත් පාලනය කරලා, ඊටපස්සේ කුරුණෑගල රාජධානිය හදන 2 වෙනි බුවනෙකබාහු රජතුමාගෙනුයි. මේ ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් විදියට එදා ඉදලම පිලිගැනිලා වගේම ආරක්ෂා වෙලත් තියෙනවා. යටත් විජිත පාලකයින් ගරු කටයුතු තැන් තමන්ගේ රාජකාරි වලට ගනිද්දි මෙම රාජ සභාවත් තරමක ප්‍රතිසංස්කරණයක් කරලා භාවිතයට අරගෙන තියෙනව. 


● වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ, 2 වෙනි බුවනෙකබාහු රජුට බිසෝවරු ගොඩක් හිටියාය, ඒ අතරින් 1ක් මුස්ලිම් බිසවක්ය කියලා කරපු හානිය වෙනතකට යවන්න උත්සාහ කලා. 
ඔව් ඒ කාලෙත්, ඉතිහාසයෙ එක එක වෙලාවලටත් රජවරුන්ට අන්තංපුර තිබිලා තියෙනව. ඒ අන්තංපුර වල විවිධ ජන වර්ග වල බිසෝවරු ඉදල තියෙනවා.

මම හොයපුව අනුව, 2 වෙනි බුවනෙකබාහු රජතුමා යොවුන් කාලයෙදිම මුණගැහෙන මුස්ලිම් යුවතියකට ආදරය කරලා, පසුව ඇයව බිසවක් කරගන්නවා. ඒවගේම ඇයට ගොඩාක් රජතුමා ආදරය කරලත් තියෙනවා. ඒ කාලෙත්, එක එක වර්ගීකරණ තිබිල තියෙනවා. එතනදි මේ බිසවට ලැබිල තියෙන්නෙ තරමකට අඩු තත්වයක් කියල හොයාගෙන යද්දි තියෙනව. කොහොම හරි රජතුමාගේ ආදරේ නම් අඩුවක් වෙලා නෑ. ඇය, “ මැද්දෙකැටිය කුමාරි“ නමින් හදුන්වලා තියෙනවා. ඒවගේම රජුට දාව ඇයගෙන් උපන් කුමාරය මොහමඩ් ස්මයිල් නමින් අදුන්වල තියෙනවා. “වත්හිමි කුමාරය“ කියන්නෙ ඔහුටයි.

● රජතුමා කොයිතරම ආදරේද කිව්වොත්, තමන්ගෙන් පස්සේ රජකම දෙන්නේ මේ වත්හිමි කුමාරයටයි. ඕක අස්සෙ කතා ගොඩක් තියෙනවා. ඒත් ඉතිහාස පොත් ගොඩක් මේ කතාව හංගනවා. 1302 මරණයට පත්වෙන 2 වෙනි බුවනෙකබාහු රජුගෙන් පස්සේ රජ වෙන්නේ මේ කියන මුස්ලිම් අම්ම කෙනෙක් හිටිය “ වත්හිමි කුමාරය“. ඉතින් මේ වත්හිමි කුමාරය ගැන හොයාගෙන යද්දි, ඔහු ගොඩක් ධනයට ආශා කල කෙනෙක් නිසා ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙච්ච බව කියැවෙනවා. ඔය කාරණාවත්, නියම රාජ්‍යත්වයට එන පරිදි අග බිසවගේ දරුවා නොවීමත් යන කාරණා නිසා ඔහුව ඝාතනය කෙරෙනවා. ඒක හදිසි අනතුරක් කියල කිව්වත්,

ඒ කතාවේ හැටියට,
කුරුණෑගල වැවෙන් රන් සෙම්බුවක් මතු වෙන බවත් ඒක බහිරවයෙන් මුදවන්න මහා පිරිතක් කල යුතු බවත් කියල කුරුණෑගල ගල මුදුනේ පිරිත් මණ්ඩපයක් කරවලා, හාමුදුරුවරු වඩම්මවලා පිරිත් කියවල තියෙනව. ඒ අතර, උපක්‍රමයකින් කුමාරයගෙ අසුන කුරුණෑගල ගලෙන් බිමට වට්ටවල ඝාතනය කරල තියෙනවා. මේක කරා කියල කියන්නෙ එවකට හිටිය සෙනෙවිවරු, ප්‍රභූවරු කියලයි කියන්නෙ.
● කොහොම හරි මෙහෙම ඝාතනය වෙච්ච වත්හිමි කුමාරයගෙ මළ සිරුර අරගෙන මුස්ලිම් ඥාතින් ගෙනිච්චලු. වෙනම තැනක සොහොනක් කරාලු. අදටත් මේ කුමාරය මරණයෙන් පස්සේ දේවත්වයට පත් වෙච්ච බව විශ්වාස කෙරෙන දේවාල 2ක් කුරුණෑගල තියෙනවා. ගොඩක් අය විශ්වාස කරන, ගලේ බණ්ඩාර දෙවියන්/ වත්හිමි බණ්ඩාර දෙවියන්  කියන්නේ මේ දෙවියන් බව විශ්වාස කෙරෙනවා. දේවාල 2න් 1ක් සිංහල අය කරගෙන යන අතර, අනික මුස්ලිම් අය කරගෙන යනවා. 

● මේ දේවාල වලින් මුස්ලිම් අය කරගෙන යන දේවාලයේ, තියෙන්නෙ මුස්ලිම් ආගමක කටයුතු වලට වඩා, බෞද්ධ සහ සිංහල සංස්කෘතියට අදාල ඒව බව මම දන්නවා. ඒ ඇරුනම, කැළණි විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ප්‍රධානි ගල්කන්දේ ධම්මරතන හාමුදුරුවෝ, ඉතිහාසය හදාරන සිසුන් එක්ක ඔය දේවාලය සම්බන්ධව සොයා බැලූ බවටත් වතාවක් කිව්වා. එතනදි අනවශ්‍ය ගැටුම් ඇති නොවෙන්න උන්වහන්සේ ඒ ගැන විස්තර කලා. මම ඉතින් ඔය ඔක්කෝම එක්ක මගෙ සොයා බැලීම් එක්කයි කලේ.

● ඝාතනයට ලක් වෙච්ච වත්හිමි කුමාරය, අවසන් චුති චිත්තය අනුව නරක තැනකට ගිය බවත්, පලි ගත් බවත්, පසුව සිල්වන්ත ස්වාමින්වහන්සේලා විසින් ආශිර්වාද කර, කතරගම දෙවියන් මූලික වී දේවත්වයට පත් වන්නට උදව් ලද බවත් කියවෙනවා. ඒවගේම ගලේ බණ්ඩාර දේවාලය අදටත් මූලිකව භාරව ඉන්නෙ සිද්ධ සූනියම් දෙවියන්. සිද්ධ සුනියම් දෙවියන් ඉන්නේ, කතරගම දෙවියන්ගේ සේනාවේය. ගලේ බණ්ඩාර දෙවියන් සිද්ධ සූනියම් දෙවියන්ගේ සේනාවේ සිටි. 

- ඉතින් ඕක තමයි මහ විස්තරය... 

#කුරුණෑගල #කුරුණෑගලරාජසභාව