When I update the google map as a Local Guide it is a volunteer service.
I faced so many difficulties to do that community service.
So it's kinda exhausting actually.
ගුගල් මැප් එක ගැන ගොඩක් අය ගොඩක් දේවල් අහන නිසා, දන්න දෙයක් කියල දෙන්න හිතුනා.
ගුගල් මැප් එක අප්ඩේට් කරද්දි ප්‍රධාන දෙයක් තමයි, දාන පින්තූර වලින් අදාල තැන හරියට පැහැදිලිව පේන්න, එතන හොයාගන්න ලේසියෙන් පුලුවන් වෙන්න පින්තූර දාන එක.
අපි ෆේස්බුක් - ඉන්ස්ටග්රැම් වගේ සමාජ මාධ්‍ය ජාල වලට පින්තූර දානකොට සෙල්ෆි පින්තූර දාන එක කල යුතු සහ සාමාන්‍ය දෙයක්. ඒත් ගුගල් මැප් එකට, ලෝකල් ගයිඩ් කෙනෙක් විදියට පින්තූර දානකොට ඒක කරන එක නොකල යුතු දෙයක්.
අනිත් කාරණය මේක සමාජ සේවයක් කියල හිතාගෙන වැඩ කරන එකයි වටින්නේ..
#ගුගල්මැප් #ලෝකල්ගයිඩ්
මම සන්නස්ගල සර්ගෙ පොත් කියවන ෆෑන් කෙනෙක් නෙමෙයි. මම සර්ගෙ කියවල තියෙන්නෙ, “ කොළඹ කතාවෙ භික්ෂු පරිච්ඡේදය“ විතරයි. අපෙ අම්ම නම් “ වස්සාන සිහිනය“ ඇතුළු පොත් ගැන, සර් ගැන දැනගෙන හිටිය.
මම මේ පොත ගැන දැනගන්නෙ Kaduluගෙන්( කදුලු මම හිතන්නෙ සර්ගෙ හැම පොතම වගේ කියවල තියෙනව). දවසක් මටත්, තව දවසක සන්නස්ගල සර්ටත් මේ පොත ගැන අදහස් එයා කියනව මම අහගෙන හිටියා. එනිසා වෙන්නැති පොත ගැන අදහසක් ආවෙ.
ඒවගේම මට පොත රෝයල් තැප්‍රොබේනියන් අවකාශයෙදි කියවන්න ලැබුනෙ, කඳුළුගෙ ධෛර්යමත් කිරීමත් උදව්වත් නිසාත් මතක් වෙනවා. කියවල ඉවර කරගන්න කාලයක් ගියේ අතරින් පතර, කලබලයකින් තොරව කල නිසයි..
● මේ පොතේ මට දැනුනු විශේෂත්වය වචන වලින් කියන්න පුලුවන්ද මංදා..
පටන් ගැනීමෙදි කුතුහලයක් ඇති උනා. ඉෂා ගැනට වඩා, කසබා ගැන. නමුත් ඇත්තටම ආදරයවත් - හැකියාවන්වත් වයස මත තීරණය වෙන්නෙ නෑ. ඒ ප්‍රේමය විශේෂයි. අහම්බෙන් ඇති උනත් ඒව ඇත්තටම සංසාරගත ප්‍රේම කතාවක් වගේ කියල මට හිතුනා. නිකමට හිතුවාම, ඒ දෙන්න සාංසාරිකව බැඳිලා නම්, කසබා ඇත්තටම කලින් ඉපදිලා නම් කාලෙකට, ඒත් කවදහරි මුණගැහුනාම ඒ දෙන්න බැඳෙන්න ඉඩ තියෙනවා. මම එහෙම දේවල් වෙන්න පුලුවන් කියල විශ්වාස කරනවා.
● ඒ ආදරය වගේම, දෙමල වීම නිසා, සුළු ජාතියක් වීම නිසා දෙමල අයට විඳින්න වෙච්ච ගැහැට ගැන තරමක් විස්තර වෙනවා. ඒ ගැනත් මම දන්නවා. මම යාපනේ ඉදන් කිලිනොච්චි, වව්නියා, මුලතිව්, මඩකලපු, ත්‍රිකුණාමල පැති වල ඇවිදල තියෙනවා.
කතා කරල තියෙනවා. ඇත්තටම වේදනාත්මකයි.
කුල ප්‍රශ්නය කියන එක අත්දැකීමෙන් නොදත්තත්, ඒකත් ඒවගේම භයානක වෙන්න පුලුවන් ඇති.
අපේ ගම් වල කුලහීන කියන ගෙවල් වලට මම ගිහින් තියෙනවා. වතුර පවා බීල තියෙනවා. ඒ මිනිස්සු අපිට අමුතුම ගෞරවයක් දැක්වූවා කියන කාරණය මතකයි. ඒ ඇරුනාම අමුතු වෙනසක් තිබ්බෙ නෑ අපියි එයාලයි අතර.. අපි වගේම මිනිස්සු..
මිනිසුන්ට මනුස්සකම් නැතිව ජිවත් වෙන්න පුලුවන් උනානෙ කියල හිතුන..
විශේෂයෙන් ගිය අවුරුද්දේ මාස ගණනාවක්, යුද්ධය සම්බන්ධව සජිවි අත්දැකීම් තිබුනු ගෑණු ළමයෙක් එක්ක බොහොම හිතවත්ව හිටි නිසාත්, එයාගෙ ගෙදර වගේම ලොකුම මහවිරු සොහොනට ( කිලිනොච්චි) ගිය නිසාත් කියන කාරණාත් යුද්ධය සම්බන්ධව සෑහෙන අත්දැකීම් දෙමල අයගෙ පැත්තෙන් කියන අහන කතාව මම දන්නවා. (ප්‍රභාකරන්ගෙ උනත් හොද ගතිගුණ කියල තිබ්බ යම් දේවල් අගය කරන්නත් මට පුලුවන් උනා. එහෙම කිව්වට මට එන්ජීඕ කාඩ් එකක් වදින්න ඉඩ අඩු වෙන්නෙ අපෙ පවුල් වල හමුදාවෙ පොලිසියෙ ඉහලම අය හිටිය නිසාත්, මම රට වෙනුවෙන් යුද්ධය කාලෙ පවා යම් යම් දායකත්වයන් දක්වපු නිසාත් කියල මට මතක් වෙනව - ඒක කලේ යුද්ධය අවසන් වීම රටට හොදක් කියන අරමුණෙන්)
● ඇමරිකාවෙ වචනයක් තියෙනවා white guilt කියල. අපිට එහෙම වචනයක් නෑ.
හැබැයි මට ඒ ගැන වේදනාවක් තරමකට තියෙනවා. දෙමල අය, ලංකාවෙ ඉපදුනු අය දැන් ඉන්න හැමෝම වගේ. උතුරේ වව්නියාව - කිලිනොච්චි - මුලතිව් පැති වල විශේෂයෙනුත් උඩරටට ගියාම වතු කම්කරු දෙමල අයත් විඳිනා දුක් ගැන මට අවබෝධයක් තියෙනව. මම ඒ පැති වලට ගිහින් ඒව දන්නවා.
මට මතකයි කිලිනොච්චියෙ ගංවතුර ඇවිල්ලා අපි ගියාම, වහලට තිබ්බෙ රෙදි දාලා. ඒ තරම අසරණයි.. වතුර ටිකවත් නෑ හරියට.. ( එහෙම රටක දේශපාලකයෝ ඉහලම සැප විඳිනව කියද්දි මතක් වෙද්දි, මාත් ඒ දේශපාලන පවුල් වලට සම්බන්ධ කෙනෙක් කියල මතක් වෙද්දි මට ඇත්තටම කණගාටුයි - ලැජ්ජයි)
අපේ රටේ, දේශපාලන අරමුණු පෙරදැරි කරගෙන, බොහොම අමානුෂික විදියට ජාතිවාදය අවුලවනව. සිංහල පැති වල එක විදියකට වගේම ඒක දෙමල - මුස්ලිම් පැති වලත් තියෙන දෙයක්.
ඉතින් මේ කතාවෙ ඉෂා, අතුරුදන් වූවන්ගේ එකමුතුවෙ රැස්වීමට ගියාම ඒක ගැන කියැවුනු කතා වගේම, මටත් මතක් වෙනවා මාත් අතුරුදන් වූවන්ගේ කාර්යාලයට සම්බන්ධව සහ ඒ තොරතුරු වලට යම් දායකත්වයක් දුන්න කියල. උතුරේ - දකුණේ 2ම එහෙම ඒව තිබුනා.
● මම දන්න සහ දැනන් හිටිය හමුදා නිලධාරින් බොහෝමයක් ඉන්නවා. සමහරු ඥාතින්, සමහරු ඥාතින්ටවත් වඩා හිතවත් වෙච්ච අය. ඒ හැමෝම වගේ බොහොම ගෞරවනීය චරිත. ඒවගේම එයින් සමහර අය හිටියා බොහෝම මානුෂියයි හැම කෙනෙක්ටම... මේ කතාවෙ කියැවෙන විදියට අමුතු ගති තියෙන අයද කියලත් මට හිතුනා හරියට කොළඹ කතාවෙ භික්ෂු පරිච්ඡේදයෙ කියැවුනු හාමුදුරුවරු මට මුණගැහුනු බොහෝමයක් හාමුදුරුවරුන්ට වඩා වෙනස් කියල හිතුන වගේ..
● කොහොම හරි මේ කතාවෙ ප්‍රේමය විශේෂයි. ඒක තමයි මට කතාව කියවන්න හේතු උනු කාරණාව. ඒත් පොත ගන්න නොහිතුනෙ, අර කියන දැඩිව දැනුනු - රිදුනු රට සම්බන්ධව තිබ්බ කාරණායි. එනිසා කොහොම හරි කියවලම ඉවර කලා.
● කතාවෙ ගලා යාම, ඉදිරිපත් කිරීම, ප්‍රේමයේ අත්දැකීම වගේ කාරණා හැම එකම ඇත්තටම විශේෂයි. අවසානයත් බොහොම හොදයි.
- එක තැනක තියෙනවා, අර නාවික හමුදා නිලධාරියා ආරක්ෂාවට නාවික හමුදා සෙබලු කීපයක් අරගෙනම ඇවිත් තිබ්බ කියල. එතන මට තියෙන අවු, ඉෂාට වඩා අවු 10ක් වැඩිමල් නම් අවු 35 වගේ වයසක. ඒකියන්නෙ බොහෝවිට උපරිම ඉන්නෙ, කමාන්ඩ හෝ ලුතිනන් කමාන්ඩ රෑන්ක් එකේ. කැප්ටන් රෑන්ක් එකට එනකම්, වෙනම සෙබළු ආරක්ෂාවට ලැබෙන්නෙ නෑ කියල මට මතකයි..
ඒ ඇර අනික් හැමදේම දැනුනා - වැදුනා හොදටම...
#උපුල්ශාන්තසන්නස්ගල #කොළපාටඇස් #උපුල්සන්නස්ගල #srilankabookreaders#upulsannasgala #upulshanthasannasgala #royalthaprobanian #maydecemeberromance #bookssl