Tweets by @Tweetsbysuku myblog: May 2014

Facebook Fan Page

Thursday, May 29, 2014

fb punks who destroy families..

I hate to be cheated...... Some people think its like that anyone can cheat on me...

They say lies without even thinking that I also got a brain got people to find out things, and things like astrology etc...

So its better to leave them and keep moving....

Just I hate it... being close to anyone most of times give heartache .... hmm...

Face book.... hmm you are not destroying families, but people use you do it.... Now its beyond our reach too... hard to change things if any punk lay his hooks around a married lady...
Other petty punks also support it... damn...
To that punks its a joke, a game and they feel its kinda heroic, to make bad a married lady....
In the other hand married lady is trying to hide it.... punks try to tell it to all....

I wish n hope there will be a time that we can make justice to all those matters.....

One I Love




One, I love, Two she loves and three she's true to me. 

All of my friends fell out with me because I kept your company
But let them say whatever they will
I love my love with a free good will. 

One, I love, two she loves, and three she's true to me
They tell me he's poor they tell me he's young
I tell them all to hold their tongue
If they could part the sand from the sea
They never could part my love from me. 

One, I love, two she loves, and three she's true to me
It's over the mountain he must go because his fortune is too low
With an aching heart and a troubled mind he's leaving his own true love behind. 

One, I love, two she loves and three she's true to me
When I'm awake I find no rest until his head lies on my breast
And when I'm asleep I'm dreaming of my one, my dear, my own true love. 

One, I love, two she loves and three she's true to me
When the fire to ice will run and when the tide no longer turns
And when the rocks melt with the sun my love for you will have just begun.
One, I love, two she loves, three she's true to me

One, I love, two she loves and three she's true to me

Tuesday, May 27, 2014

රස්සාවෙන් ගොඩ යෑම...

ඉස්සර නම් ගුරුවරයෙක්ට උනත් තමන්ගෙ පඩියෙන් විතරක් පුලුවනි, රෝද 4ක් ගන්න....
අද ... ප්‍රයිවට් කරන දොස්තර කෙනෙක්ටවත් ලෝන් එකක් නොදා ගන්න බෑ....

* ලෝන් එකක් දැම්මම තියෙන සතුට දැනෙනව ලෝන් දාපු අයට.
ලෝන් එක ගෙවන්න ඕන, ඒ අතර රෙපයාර් වලට ගෙවන්න ඕන, තෙල් වලට ගෙවන්න ඕන..

ඒත් අතිබහුතරයක් තවම හිතන්නේ, රස්සාවෙන් හැමදේම වෙනව කියල....
අන්තිමට රස්සාව විතරක් හිතල වැඩ කරනවා... සමහර දේවල් විතරක් පුලුවනි...

අනාගත සැලසුම් වලට යන්න හිතන්නෙ පඩිය මත පදනම් වෙලා... අන්තිමට දන්නෙම නැතිව කරගත්ත දෙයක් නැති තත්වෙට කාලය අනුව පත්වෙනව...  රැකියාවකින් අවුරුද්දකට පඩි වැඩි කරනවද 5000ක්වත් ... හ්ම් නෑනේ...
ඒක තමයි ඇත්ත හ්ම්... වේදනාත්මක උනත්.. හ්ම්...

( මම දන්න විධායක ශ්‍රේණියක රැකියාවක් කරන කෙනෙක් උනත් 10,000ක් ඉතිරි කරන්නෙ අමාරුවෙන්... 10ක් මාසෙට ඉතිරි කරලා අවුරුදු 10කට තියෙන්නෙ ලක්ෂ 12ය... අවුරුදු 10කින් ලක්ෂ 12කින් මොනව කරන්නද කියල හිතෙනව...
- සලර ගණිතයත් අපි අමතක කරලනේ.. හ්ම්..

Pic for Croatia

A sister from Croatia Maruska Ratkajeva, asked me to take a pic for her lover....

I couldn't do it for 2 weeks, finally yesterday Rumekshi Nangi got that picture... hmmm

https://www.facebook.com/photo.php?fbid=10202871693507887&set=

Saturday, May 24, 2014

සියුමැලි මල... යහපත් මිතුරිය...

නුඹ.. මලකි සියුමැලි.... 
මම දැඩිය... දඬු අඬුවක් මෙනි...
නුඹෙ යහපත් ගති දකිමි නිරතුරු...
කැමතිය සිතින් නිතොරව...

එහෙත් ... 


දඬු අඬු වලින් මල් නෙලන්න හොඳ නෑ නොවැ....

ඊට වඩා හොඳයි මේ මිතුරුකම... 
නැත්නම් නුඹට රිද්දලා මාත් රිද්ද ගනීවි.. 
මොකට ඒ කෝලම්... අපි ඉමු මේ විදියට...

-
සෑහෙන කාලෙක ඉදන් නුඹට කැමතියි. නුඹේ ගති හරි හොඳයි, ඕනවටත් වඩා හොඳයි. නුඹ වගේ අනිත් අයගේ සතුට ගැන හිතන අය ලෝකෙ හරි අඩුයි. වද වෙන අයත් හරි අඩුයි.
කවදාවත් නුඹට නොකියන්න හිතන මේ හැඟීම්... නුඹට යහපත පිණිසම හේතු වේවා !

Friday, May 23, 2014

බිස්නස් ඇයි - 3 ( මනෝ විද්‍යාව හා බැඳුනු ධනාත්මක චින්තනය, ජෝතිෂය සහ Network marketing )

මනෝ විද්‍යාව ධනාත්මක චින්තනය වගේ ඒව මතක ඇති කාලේ ඇඟේ තිබුනු දේවල්... ඕලෙවල් කාලෙත් ඒලෙවල් කාලෙත් ඒව හෙව්වා ඉගෙන ගත්තා. අදහස තිබ්බෙත් මනෝ රෝග විශේෂඥයෙක් වෙන්න හරිස්චන්ද්‍ර මහත්තය වගේ.
ලංකාවෙ ඉන්න තරමක් මනෝ විද්‍යා දේශකවරු වගේම විශේෂයෙන් ධනාත්මක චින්තනය ගැන කතා කරන අය ගොඩක් අය මුණ ගැහිලා තියෙනවා, දේශන වලට සහභාගි වෙලා තියෙනවා. ඒ අතරින් කුමා ඉද්දමල්ලෙන මහත්තය විශේෂයි.
වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහත්තයගෙ නම් ගෙදරත් ගිහින් ඉගෙන ගෙන තියෙනවා නුවර ඉන්න කාලෙ.
කොහොම හරි ධනාත්මක චින්තනය වගේම මනසට විඩාව නොදැනෙන්න පාඩම් කරන හැටි ඉගෙන ගන්න හැටි ගැන සෑහෙන්න පර්යේෂණ පවා කරල දන්නව. සමහර ඒ ක්‍රම වලට කරපුවා අදටත් අමතක නෑ.
ඒව එහෙම උනත් ඔය එක එක චින්තන කියන අතිබහුතරය කරන්නෙ ව්‍යාපාරයක්. එතනදි ධනාත්මක චින්තනය වගේ ඒව පෙන්වන්නෙ එහෙම වෙන්න කියල නෙමෙයි ව්‍යාපාරය පවත්වා ගන්නයි. ඒක අත්දැකීමෙන් දන්න දෙයක්. ඉදහිට ඒවයෙන් වැරදුනාම මනෝ මූලික අක්‍රමිකතා දක්වා දුර ගියපු ඒවත් දන්නව. ( මම පස්සෙ මනෝ විද්‍යාව ඉගෙනත් ගත්ත ඒක අතෑරියේ බුදු දහමෙයි මනෝ විද්‍යාවෙයි තිබුනු සමානකම් නිසා, මනෝවිද්‍යාව ඉගෙන ගන්න එක ඒ තරම වැඩක් නෑ කියල හිතුනු නිසා)

ඒලෙවල් වලින් මෙඩිසින් නොගියම කල්පනා කලේ ඇයි කියල. එතකොට තමයි දැනගත්තෙ ගාල්ලෙ කේන්දර අංකල් කියල තියෙනව කොච්චර මහන්සි උනත් මෙඩිසින් නම් යන්න බැරි වේවි කියල. ඒක දන්නෙ විභාගෙ ප්‍රතිඵල ආවට පස්සෙ. ඉතින් හෙව්වා ජෝතිෂ්‍යය කියල දෙයක් තියෙනව කියල.
ඒක හොයාගෙන බලාගෙන යද්දිත් සෑහෙන ඒව තියෙනව.
ජෝතිෂ්‍යය සේවය නිසාත් ඇත්තටම සැනසීමක් තියෙනව. ශාන්ති කර්ම සහ උපදෙස් අනුව කටයුතු කල නිසා යහපතක් වෙලා තියෙනව.

Network marketing මේ ව්‍යාපාරයට මම සම්බන්ධ වෙන්නෙ අවුරුදු 2-3කට කලින්. සෑහෙන පාඩු ලබල තියෙනව. පාඩු ලබද්දි මට ඒ ව්‍යාපාරයේ හිටපු අපිට වඩා ගොඩක් පරිණත අය, වයස 45න් එහා අය දුන්නු උපදේශය තමයි,
“ අපි අවුරුදු 20කට වැඩි කාලයක් ලක්ෂ 50-60ක්වත් නැති කරගෙන ලබන අධයාපනය ඔයා ලබනවා අවුරුද්දක් 2ක් වැනි කාලයක් තුල ලක්ෂයක් 2ක් නැති කරගෙන කියල.. “

මුලින් නොතේරුනත් මට පස්සෙ තේරෙන්න ගත්ත.. මම මේ ව්‍යාපාරයට කැමති ඇත්තටම ඒක නිසාම නෙමෙයි.
මම කැමති මේකට, කේන්දරයේ මොනව තිබුනත්, වෙන වෙන ප්‍රශ්න නිසා හිත කොච්චර අවුල් වෙලා තිබුනත් මේ වයාපාර ක්‍රමය නිසා සහ එයින් මුණ ගැහෙන යහපත් අය නිසා සෑහෙන්න අඩු වෙච්ච නිසා.

මට මතකයි සතියට එක දවසක් මුණ ගැහිලා කතා කරද්දි මම යන්නෙ හොඳටම අවුල් වෙලා, කේන්දරේ බලද්දි ඒවත් අවුල්, ධනාත්මක චින්තනයෙනුත් ඇති වැඩක් නෑ. නමුත් අර පරිණත අය එක්ක කතා කරාම ඒ වැරදි, අවුල් ගැන එයාල තේරුම් කරල දුන්නම මාත් ඒක හරියට හිතුවම අර ගැටළු හැමදේම ගිහින් අපල දුරු වෙලා හිතත් හැදිලා නැවුම්ව වැඩ කරන්න හිතෙනව දියුණුවට.

ඒවගේම එක ව්‍යාපාර කරන කෙනෙක්, අවුරුදු ගානක් ව්‍යාපාර කරලත් රෝල විතරක් ගහගෙන හිටිය කෙනෙක් මට මෙහෙම කිව්වා,
“ සුකුමාල් මම අවුරුදු 15කට වඩා රස්සාවෙන් අස්වෙලා ව්‍යාපාර කරනව. මම කරන ක්ෂෙත්‍රයේ අදාල තාක්ෂණය අනුව අපෙ කම්පනිය ඉදිරියෙන්ම ඉන්නෙ. ඒත් ගිය අවුරුද්දෙත් පඩි ගත්තේ අන්තිම මාසේ. අනික් කාල වල පඩි ගෙව්වෙ රස්සා කරන අයගේ විතරයි. ඒ කාලේ මට අල්ලගෙන ඉන්න උදව් කලෙ නෙට්වර්ක් මාකටින් ව්‍යාපාරය.
ඒවගේම කොච්චර ව්‍යාපාර කලත් ගමේ ඉදගෙන දරුවො එක්කගෙන ආවම ලොකු රෙස්ටුරන්ට් එකකට එක්කන් ගිහින් වියදම් කරලා මාසෙකට පාරක් කන්න අරන් දෙන්න හැකියාවක් තිබුනෙ නෑ. ඒ හැකියාව මට ලැබෙන්නෙ මේ ව්‍යාපාර ක්‍රමය නිසා... “

“ ඒක නිසා සුකුමාල් සතුටු වෙන්න. මේ ව්‍යාපාරයේ හැම කෙනාම ඉන්නවා ඒ හැමකෙනාම ඔයාට අවවාද දෙනව, කියල දෙනව ඒ අතර ඔයාගෙ හැකියාවත් භාවිත කරනවා එයාලටත් දියුනු වෙන්න.
ව්‍යාපාරයක් කියන්නේ ආත්මාර්ථකාමි දෙයක්. තමන් දියුණුව විතරයි. නමුත් අනිත් අයව දියුණු කරන්නත් මේකෙ පුලුවන්. තමන් දියුණු වෙන්නත් අනිත් අයව දියුණු කරන්නත් පුලුවන් වෙන ව්‍යාපාර ලෝකෙ තියෙනවද... ? “

පිරිත්....

පිරිත් කියන එක සෑහෙන කාලෙක ඉදන් මම කරන දෙයක්.... පිරිත් වල යම් ගුණයක් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මට..

කාලයක් අවුරුදු ගානක්ම එකදිගට කලත් පහුගිය මාසය 2 වගේ කාලයෙදි යම් යම් අතපසුවිම් උනා, කඩින්කඩ තමයි පිරිත් කියන්නෙ. ඇවිදල එද්දි පිරිසිදු නොවි පිරිත් කියන්න හිතෙන්නෙ නෑ. ඒ ගැටළුව තියෙනව. යම් යම් හිත නරක්වීම් මට අදාලත්වය අඩු උනත් එහෙම උනා. දෙයක් විශ්වාස කරද්දි ඒ වෙනුවෙන් තමන්ගෙ වැඩ අතෑරලා හිතල කැපවෙන්න හිතන එක එක්තරා අතකට මෝඩකමක් කියලත් හිතෙනව...
අද නම් කොහොම හරි නාලා පිරිසිදු වෙලා වැඳලා, පිරිතුත් කිව්ව... ඒ ගැන සතුටුයි...

අද සජ්ජායනය කල මොර පිරිත, රත්නමාලා බන්ධන ගාථා, සීවලී පිරිත, රතන සූත්‍රය, ඛන්ධ පිරිත, චන්ද පිරිත, සූරිය පිරිත, ජිනපඤ්ජරය, මහා ජයමංගල ගාථා, අටවිසි පිරිත, අන්තරාය නිවාරණ  පිරිත, බණ පිරිත යන මහානුභාවසම්පන්න ගාථා රත්නයන්ගේ ආනුභාවයෙන් අප සියලු දෙනාටම යහපතක්ම වේවා !

Thursday, May 22, 2014

යථාර්ථයක්...

සතුට නම්,

ලංකාවේ අතිබහුතරයක් එනම් 95%කටත් වඩා කැමති කුමන වෙළද නාමය යටතේ වුවද එහි
originalම භාණ්ඩය ගැනීමටයි....

දුක නම්...,

එය එසේ වුවද MC එකෙන් ඇහුවද ගිය මාසයේ Apple, Samsung යනාදි නාම යටතේ ඔරිජිනල්ම මොබයිල් විකිණී ඇත්තේ උපරිම 10කි.
නමුත් Chinese mobile අවම ලෙස 200ක්වත් විකිණී ඇත...

* ලංකාවෙ මාකට් එක එහෙමය... නමුත් අපි හිතන්නෙ වෙන විදියකටය...

~ විහිළුව නම්... ඔරිජිනල්ම ඇපල් ෆෝනයේද පසුපස කොටසේ දක්වා ඇත්තේ
“ designed in California, Assembled in China “
කියාය....

Wednesday, May 21, 2014

දැන දැන පැරදුමට... පෙනි පෙනි පරාජය... ජය ගන්නටම වෙර දරමි....

පරදින්න වෙන බව දැනගෙන, පරාජය ස්ථිර බව හිතෙද්දි දිනන්න වැඩ කරපු අය දිනපු බව ලෝකෙන්ම ආරංචි වෙලා තියෙනව...

ඒනිසා මේපාරත් අසාර්ථකවීම් විඳිමින්, බයත් ලාවට දැනෙද්දි... ජීවිතේ ගැන කලකිරෙද්දි... යුතුකම වගකීම ගැන හිතල... යහපත වෙනුවෙන් සටන් වදිමි...

දෙකයි පනහේ එවුන් සමග යුද කිරීම තරම් නොවුනද... වෙන කරන්නට දෙයක් නැතිවනු ඇත. සාමාන්‍ය ලෙස සිතේ ආවේගයට ක්ෂණික සිතිවිලි වලට කර ජය ගත නොහැකි වීම ගැටළුවකි...

මෙය ක්‍රමෝපායන් පිළිබඳ යුද්ධයකි... ශක්තිය පිළිබඳ හෝ වෙනත් බාහිර දෙයක් පිළිබඳ 1ක් නොවේ...

දිවි දී හෝ දිවිගෙන සටන දිනිය යුතුයි.... හ්ම්... 

Tuesday, May 20, 2014

ප්ලැන් වල කොටස් වීම....

සමහර අය හිතාගෙන ඉන්නව අපි මෝඩයි කියල.
එයාලගේ ප්ලැන් වලට අපිව  පාවිච්චි කරන්න බොහොම සූක්ෂමව ප්ලැන් කරනවා. ඒකට ලොකු රඟපෑමක් කරනව. ඒක කරල හිතනව අපි රැවටුනා කියල.

බෙන්තර ගඟෙන් එහා අච්චරකල් හිටිය එකේ තේරුමකුත් නෑ ඕව නොතේරෙනව නම්...

බලාගෙන ගියාම මේ මිනිස්සු වංචාවට ප්‍රෝඩාවට සහජ දක්ෂතා තියෙන අය. ගානට මිම්මට මැනල, කිරල අපිව අන්දගෙන එයාලගෙ ප්ලැන් එකට අපිව පාවිච්චි කරනව. ඒක හරිගියාම එන අතුරු ප්‍රතිඵල වලට දැන් ඉදන්ම අපිව කොටස් විදියට ගත්තම කිසි ගැටළුවක් නෑනේ, කොටස් වලට බෙදෙනවනේ... හ්ම්...

තොහොම උනත් මෙහෙම හරි බේරුන එක හොඳයි. එකම දේ ටිකක් හිත රිදේවි එච්චරයි... ටිකක්ම නොවුනත්... කාරි නැත, මේව වෙන්නෙ හොඳටය. ජීවත් වෙනකොට එන ගැටළු වලට හරියට මූණ දෙන්න පුරුදු වෙන්න වෙනව...  ඒව තමයි ජීවිතේ.

ගොදුරක් සොයමින් සිටින කෙනා ගොදුරක් වෙන අවස්ථා නැතිව නෙමෙයි, ඒවගේ වෙන අදහස් වලින් අටවන උප්පරවැට්ටි තමන් නොදැනම තමන්ට විරුද්ධ දෙයක් වෙන එක සාමාන්‍ය දෙයකි.

වංචාව, ද්‍රෝහීත්වය කවදාවත් පිටු නොදැකිය යුතු දේවල්ය. බළලුන් ලවා කොස් ඇට බාවන්නට විවිධාකාර උපක්‍රම කරන මිනිසුන් අතර, අපගේ බෙදීම සුළු කාලයකට බව ඔවුන් නොදැන සිටීමම ඔවුන් කරගන්නා ලද බරපතල වරදකි. අප එක්වුනු විට කල හැකි දෙයක් ඔවුන්ට නැති. කරලා බලන්නට...


“ දෑසින් කෙනෙකුට ඉඟිකරමින්
 තවකෙකු හා සිනාවෙන් මුකුළු කරමින්
 තවකෙකු හා කතාද කරමින්
හිතෙන් වෙන කෙනෙක් ගැන සිතමින් “

( - ගෑණු අය ගැන කවුදෝ ලියල තිබ්බ)

Monday, May 19, 2014

සිතුමිණි නංගිගෙ කවුන්සිලින්

හදිසියෙම 11 30ට විතර සිතුමිණි නංගි කතා කරයි කියල හිතුවෙවත් නෑ. සාමාන්‍ය ලෙස එයාවත් මමවත් මෙච්චර රෑ වෙලා කතා නොකරන නිසා.. කොහොම හරි ඉතින් එයාගෙ එෆ්බී එකවුන්ට් එක ඩිලිට්ම කරල නිසා එයා පේජ් එකෙන් විතරක් ෆේස්බුක් එනවලු.

අද ඇවිල්ලා අපිව බලල ගිහිල්ලා, මාත් අද අහම්බෙන් නංගිගෙ පරණ මසේජස් දැක්ක...

හිතේ තිබුනු ප්‍රශ්න කිව්වා, එයාටත් උපදෙස් දෙන්න හොදට පුලුවන් හ්ම්... හොඳ දරුව රට ජාතිය ගැන හිතන දහමට අනුව ඉන්න හොඳ දරුවෙක්..

Sunday, May 18, 2014

As it seems...

Hmm... life is damn short to worry... As for my part I was da comforter most of times.....

But I just feel I m not in a good mood now. Its not about me... Its about people close to me. When they seems not ok... I m freaking out.... even stressed....

When I feel I can't change things for good or things that seems good, I feel broke...

It effects me anyway... right now I got to do so much and I feel I m kinda slow.... hope all gonna be fine again with tomorrows business meeting............. hmm

If it's not working... I have to talk doc aiya or preferably Indrani Akka... as a senior counselor she must know what to do... hmm...

Hope.... is the best thing....  

වාසනාව...

දැන් අවුරුද්දකට ලගයි, අන්තිම ප්‍රෙමය නැති වෙලා... කොහොම උනත් ඇත්තටම හරියට සජීවිව දැනෙන්න හැඟෙන්න කරපු අන්තිම ප්‍රේමය ඉවර වෙලා දැන් අවුරුදු 7ක් වෙනව....


කලක් මගෙ     වාසනා...
මට නොවුනි    වාසනා....
වෙන අයට      වාසනා...
නුඹ නොවෙයි  වාසනා..


දැන් ඉතින් ඒ කාලෙ නෙමෙයි. ඊයේ රෑ දන්න කේන්දර දැනුම ටෙස්ට් කරන්න එක්ක අක්කගෙ කේන්දරය අල්ලගෙන දඟලද්දි වාසනාව කියල හිතාගෙන හිටපු කෙනාවත් මතක් උනා.. හ්ම්....



අතීතයේ එක් දවසක.. 2012 පෙබරවාරි...

අතීතයේ එක් දවසක... බිස්නස් හොඳටම වැටිලා අතේ සතේ නැතිව ඉන්න කාලේ... හ්ම්.. අවුරුදු 2කට විතර කලින්...



මගෙ අක්කයි මමයි...

Amaya Manik
මල්ලියො ... වෙන දවසක එන්නම් හොදේ.... නැත්තන් මල්ලි එන්න, අපි දෙන්නම කඩේකින් කමු
Sukumal Harischandra
2/22, 10:16am
Sukumal Harischandra
කඩේකින් කන්න ?
හ්ම් මගෙ සල්ලි ඉවරයි... බොරුවට නෙමෙයි ඇත්තටම ඉවරයි
ඒනිසා ගේ ඇතුලට වෙලා ඉන්නවා
Amaya Manik
2/22, 10:18am
Amaya Manik
මම අරන් දෙන්නම් ... බැහැපිය එලියට .. 

Saturday, May 17, 2014

දන්දීම....

ඩේවිඩ් සීයා අවුරුද්දකට විතර කලින් නැතිවීමත්, ඩේවිඩ් සීයලාගෙ ගෙදර කවුරුවත් අවුරුද්දේ දානයක් නොදීමත් අපිට ලොකු කණගාටුවක් උනා. කොහොමත් අටපිරිකර අරන් දෙන්න හිටියෙ දානෙට. ඒක නොවුනු නිසා ගිය මාසේ මම හිතුවා දානෙ දෙන්න ඕන කියල.

වැඩ එක්ක ටිකක් පරක්කු උනත් මේපාර කොහොම හරි කරනව කියල හිතාගත්ත. මලගිය ඥාතින්, ආකර්ෂණය වෙලා ලග ඉන්න අය, ඉෂ්ඨ දෙවිවරු වගේම ආශිර්වාද කරන අනිත් හැමෝටමත් දානයක් දීලා පින් අනුමෝදන් කරන්න හිතාගෙන හිටියෙ.. හ්ම්..

ඉතින් කොහොම හරි අම්මයි නංගියි ඊයෙ ගිහින් ඒකට අවශ්‍ය දේවල් හැදුවා. මම ඊයෙ දවසම හිටියෙ මෙහෙනෙ..
ඊයෙ ඒපාර මගෙ අක්ක ඇහුවා අපිත් එන්නම් කියල, අක්ක කෝමත් දානෙට සම්මාදන් නිසා මාත් හා කිව්ව...
ඊට පස්සෙ අද උදේ 8ට කිට්ටු වෙන්න කුමාර අයියයි, අක්කයි ආවා.  අපි ඉතින් 9 30 වගේ වෙද්දි ආව වගේ මතකයි... හයිවේ එකේ ගමනට පැයක්වත් ගියේ නෑ.

අයියටයි අක්කටයි ගම පෙන්වන්න නම් කාලයක් ආවෙ නෑ. වෑන් එකක් හයර් කරගෙන කහදූව පන්සලට ගිහින් දානෙ දීලා අටපිරිකර පූජ කරල ආවා. හිතට හොඳයි. තාත්ත නැති වෙලා මේ මාසෙට අවුරුදු 14කුත් වෙනව.
ඉතින් නෑයෝ හැමෝම මතක් කලා...
කෝලිත හාමුදුරුවො අනුශාසනාව කලේ. හොඳට කලා හිත හැදෙන විදියට. ලොකු පිංකමක් විදියට මට නොදැනුනත් හිත සතුටුයි, යුතුකමක් කලා වගේ දැනෙනව...
මගෙ අක්ක කියද්දි හාමුදුරුවො කිව්වා දන්න විදියට අක්කල නැ කියල. මං සංසාරේ කතාවක් කියන්නත් හිතල මොකුත් නොකිය හිටිය.
හාමුදුරුවො පාර්ලිමේන්තු වඩිද්දි මාව දැකල තියෙනවා කොළඹ අවටදි... හාමුදුරුවො ගෝඨාභය ලේකම් තුමත් බැසිල් ඇමතිතුමත් ආදි අය එක්ක හිතවත්නෙ. ගයි මාම එක්ක අහිතවත් නැති උනාට වැඩ කරන්නෙ නෑ.
මම කිව්වා ගයි මාමට මම සෝෂල් මිඩිය පටන් ගන්නව කියල.
කොහොම හරි දානෙ ඉවර වෙලා අයියයි අක්කයි එක්ක ගෙදරටම ආවා... හ්ම්... ඒ යුතුකම හරි...

තව මීට වඩා මහා පරිමාණයෙන්  දන් දෙන්න ලැබෙන්න ඕන... හ්ම් මේ මදි මට...

දන්සැල් වන්දනාව... (05/15)

දන්සැල් කියල කියන්නෙ මොකක්ද කියල දැනගෙන හිටියත් තවම දන්සැලකින් බත් කන්න ලැබී නැත. ගාල්ලෙ ඉන්න කාලෙත් ගියොත්, බෙලිමල්, කොත්ත මල්ලි විතරයි ලැබුනෙ...

අදත් බෙලිමල් පමණි... අනික්වා අතින් වියදම් කරගෙන කාලාම ආවා...

පුදුම සෙනගක් ඉද්දි දේවල් හරියට කරන්න බෑ කියල හිතෙනව. තදබදය හොදටෝම... හ්ම්...

Thursday, May 15, 2014

බිස්නස්... ඇයි - 2

සල්ලි..... සල්ලි නෙමෙයි වැදගත් කාලය....
කොච්චර සල්ලි තිබුනත්, ජීවිතේ වැදගත්ම කාලය උදේ 8-9 හවස 4-5 අතර කාලයේ වැඩි හරියක් ඔෆිස් එකක ඉන්නව නම්...
සල්ලි කොච්චර තිබුනත් මොකටද...

මම මේ ලගදි මුණ ගැහුනා බිස්නස් කරන කෙනෙක්... උදේ 10.30 කෝල් කරද්දි දරුවො හුරතල් කරනවා.. මට ඇත්තටම පුදුමයි... අපේ පවුල් වල ඉහලම රස්සා කරන කවුරුවත් සතියෙ දවසක උදේ 10.30 ගෙදරදි දරුවො එක්ක නම් හොයන්න බෑ..

මට ඒ අයිය කිව්වා,

“ මල්ලි මාත් කාලෙකට කලින්, ලක්ෂයකට ආසන්න පඩියක් ලබන විධායක ශ්‍රේණියෙ රස්සාවක් කරපු කෙනෙක්.  කම්පනියෙන් වාහනයකුත් දිලා තිබුනේ.
ඒත් මට මේ බිස්නස් අවස්ථාව ලැබුනම මම ඒක ගත්ත. අද මම පඩියට වඩා සෑහෙන්න හොයනව. ඒවගේම මම මගෙ ගෙදර අය එක්ක සතුටින් ඉන්නවා...

“ මම දකිනවා මල්ලි මගෙ දරවො ලොකු වෙනව.. මගෙ දරුවො ඇවිදින දවස, නැගිටපු දවස... ඒ හැමදේම මම දකිනව.... ඒ සැනසීම වචනයෙන් විස්තර කරන්න බෑ මල්ලි...  “

_ මටත් පුදුම හැඟීමක් ආවේ... ඇත්ත නේද කියල. මාත් ඉතින් රස්සා කීපයක්ම කරානේ. හොඳම හැම වෙලාවෙම ඉන්නෙ පාරෙ හරි ඔෆිස් එකේ හරි කොහේ හරි කම්පනියක. අපි මාකටින් පොඩි කමිෂන් එකකට... ඒව වහන්න අපිට දෙනව පොඩි පොඩි ලාභ... වෙලාවකට වාහන දෙනව, නැත්නම් කම්පනි වාහනයක් දෙනව ඩ්‍රයිවර් එකක්... එක එක ප්‍රතිලාභ දෙනව.

ඒත් ඇත්ත තමයි, මහන්සියෙන් 90%ක් තියෙද්දි 10%කට අදාල පඩියක් දෙන එක... ඒක තමයි ඇත්ත...

Wednesday, May 14, 2014

සුභ වෙසඟක් වේවා !

නංගිගෙ වැඩ
අක්කත් එක්ක තිබුනු අමනාපය ඊයෙ සම්පූර්ණයෙන් නැති උනා. අක්ක දුක් වෙච්ච එකට නම් හොඳටම දුකයි. මමත් වෙලාවකට හිත හරි තදයි මගෙ හිතේ. ඒත් මම එහෙම කලේ බලපෑමක් කරන්න අකමැති නිසා.
අදාල කාන්තා චරිතය සල්ලාලයන්ගෙන් කරදර කාල වලදි අපෙන් උදව් අරගෙන ඒවට, පස්සෙ අපිටම කරදර කල කෙනෙක්. වෙලාවට සම්පත් අයියත් ඒව දන්නව.

ඩේවිඩ් සීයව විශේෂයෙන් මතක් කරලත්, අනිත් අයවත් මතක් කරල දෙන දානයත් ඉක්මණට දෙන්න ඕන. මේ දවස් වල වැඩ ටිකක් වැඩිද මංදා... වැඩ වැඩි නෑ හිත බිසී.... තාත්තට නැති වෙලා හෙටට අවුරුදු 14ක් වෙනව... හ්ම්...

බිස්නස් වැඩ ටික හොඳට කරන්න ඕන හ්ම්...

Monday, May 12, 2014

දැඩි අදහස්... නෑ හිතේ හැටියට අදහස්...

මට වෙලාවකට හරියට තරහ එනව. තරහ එන එක මගෙ හැටියක්ද කොහෙද. මම ගොඩක් ගරු කරන ආදරේ කරන කෙනෙක්ට වෙන කවුරුවත් මොකුත් අසාධාරණ විදියට කිව්වත් මට හොඳටම තරහ එනව. කොන්දේසි විරහිතව මම ඒකට විරුද්ධ වෙනව.

ඒවගෙම මම පිලිකුල් කරන අකමැති චරිතයක් එක්ක මම ගොඩක් ගරු කරන ආදරේ කරන කෙනෙක් හිතවත්නම් මට ඒකට ගොඩක් රිදෙනව. ඒක මගේ අඩුපාඩුවක් වෙන්නැති. ඒත් ඒ මගේ හැටි. මම හරි අකමැතියි ඒ වගේ ඒව වෙනස් කරන්න. ඉදහිට වෙනස් කරන්න උනත්.

වැරදි කරන කෙනෙක්, වැරදි නොකරන අය නැති උනත් පොදුවේ සාපේක්ෂව හිතුවම සෑහෙන්න වැරදි කරන කෙනෙක් කොච්චර හොඳ උනත් මට, මම එයාට කැමති නෑ. පහුගිය කාලෙ ෆේස්බුක් එකේ හැප්පුනු සල්ලාල අය කවුරුවත් මට වචනයක් කලින් කියල නෑ. සමහර අය මට රට එන්න උදව් කරන්න වගේ දේවල් පවා කිව්ව.
ඒත් මංදා මට හිතෙන්නෙම නෑ වෙනස් වෙන්න... දැනුත් එහෙමයි...
වෙච්ච දේ අනුව ඒක ඒ හැටි දෙයක් නොවුනත්.. මට ඒක වෙනස් කරන්න හිතෙන්නෙ නෑ...

ෂාමින්ද තනෝජ් අයිය මගෙම සහෝදරයක් වගේ තමයි. තාම මුණ ගැහිලා නැතත්, ෆේස්බුක් මසේජස් ගොඩක් නැතත්, ස්කයිප් කතා කරල තියෙන 2-3 වතාවක් විතරක් උනත්... අයිය සෑහෙන ලග හිටියෙ.
මං ගැන කියල වෝල් පෝස්ට් පවා දැම්ම. මාත් සහෝදරකමට කරන්න පුලුවන් ඒව කරල ඇති. අයියගෙ අක්ක ලෙඩ උනාම මෙහෙ කවුරුවත් නැති හින්දා අපෙ ඩොක්ට අයියට කතා කරල හොයල බලල ඩොක්ට අයියගෙ යාළුවෙක්ව යවල තත්වෙ නෝමල් කියල දැනගත්ත නිසා අපිත් බලන්න ගියේ නෑ. ඒ අතර කේන්දර බලන අයටත් කතා කරල ඒවට කරන්න ඕන ඒවත් කිව්වා.
ඉතින් ඒ මට පුලුවන් ඒව... එච්චර තමා... තාම උදව්වක් කියල ඔයිට වඩා දෙයක් කරගන්න බෑ.

ඒත් ප්‍රසාද් සිරිවර්ධන අංකල් මැරුනු වෙලාවෙ, 100%ක් හොඳයි කියන්න කාටවත් බැරි ලෝකෙ ප්‍රසාද් අංකල් කියන්නෙ හොඳ කෙනෙක්. ජිවිතේ කරදර විඳලා දැනුත් විඳිමින් දෙකයි පනහෙ දේශපාලුවන්ට බය නොවි හිටිය කෙනෙක්. ඒක අත්දැකීමෙන් දන්නව.
ඉතින් එහෙම කෙනෙක් මැරුණම, අපි කවුරුවත් මැරුණම නරකක් කියන්න කැමති ජාතියක් නෙමෙයිනෙ. ඒ අංකල් මැරුණම ඊ නිවුස් එකේ තිබුනු පල් බොරුව ෂාමින්ද අයියත් දාලා තිබුනා. ඒකට හේතුව ෂාමින්ද අයියට පොලිසි එක්ක තියෙන අමනාපය.
ඒ වෙලාවෙ ආයෙ සහෝදරකම් නැති වේවි අයියෙ කියල කියපු විදියට මම දැන් කතා කරන්නෙ නෑ. මට ඇති ලාභයකුත් නෑ. ප්‍රසාද් අංකල්ටවත් දරුවන්ටවත් ඒකෙන් ඇති වෙන සෙතකුත් නෑ. ඒත් ඒ වැරදි දේට එරෙහි වෙන්න ඕන කියල මට  හිතුනා. මම කලා... හ්ම්....

මම හිතන පතන විදියෙ බරපතල අවුලක් ඇති. ෆේස්බුක් එක උනත් ඕනවට වඩා ඇගේ ඇති. මම ඒකට ඇබ්බැහි නෑ මගේ ජීවිතේ ගොඩක් ඒවට ෆේස්බුක් සම්බන්ධයි. ඒ මගේ හැටි දැන්... 

Sunday, May 11, 2014

අපි බොක්කෙන්... අපිට බොලොක්කෙන්...

අපි මැරීගෙන කාටවත් උදව් කරාට ඒකෙ වැඩක් නෑ.  අතිබහුතරයට ඒක වගක්වත් නෑ. එහෙම ඒව කීයක් නම් උනාද. තමන්ගෙම කියල හිතන අයත් එහෙමයි. එතකොට තමයි ජීවිතේ ගැන දුකක් කණගාටුවක් ඇතිවෙන්නෙ.

අපි උදව් කරලා, ඊට පස්සෙ අපිට කරදර කරන පහත් තත්වයට පත් වෙන චරිත එක්ක ඇයි හොඳයිකම් දැන දැනම අපේය කියන අය තියාගන්නේ, එයාලව අගය කරන්නෙ අපිට වඩා එයාල හොඳ නිසයි. එතකොට කරන්න ඕන හොඳ අය එක්ක ඉන්න දීලා පැත්තකට වෙන එකයි.

ගොඩක් අයගේ ෂෝක් වචනයක් තමයි,

“ අපිට එයා වරදක් කලේ නෑනේ. ඒනිසා අපි එයා එක්ක තරහ වෙන්නෙ මොකටද.... “

සමහර අයට මේක තේරෙනවා තමන්ටත් වෙච්ච දාට... තව අයට තේරෙන්නෙ නෑ.
අපි නම් මිනිස්සු නරක නම් එයාලව අයින් කරනවා. කලිනුත් කරල තියෙනව. ඒනිසා එවන් අය කොච්චර හොඳ උනත් අපිට වැඩක් නෑ... අනිත් අයට කරදර කරන, පහත් අය නම්...

දේශපාලකයන් ඉදල ඉහල අය හැමෝම පෙන්වන්නෙ ඒකනේ... අපි නරකයි, නමුත් අපිට බලය තියෙනවා අපි, අපිට කැමති දේ කරනවා. උඹලත් අපිට කැමතියි නේද... එච්චරයි...

Saturday, May 10, 2014

Bradby Fiesta 2014



It was unexpected. Sampath Aiya called me in da morning n asked if I like to join him to go Bradby Fiesta 2014...

I just said yes. Hmm I went to Lahiru's shop and met Bodika malli n came to Burger King @ Rajagiriya...

We went Colombo 7 and it was great... I m not familiar with but not bad...

Enjoyed... and thanx for Sampath aiya... Somehow my luck is working... I like his Astrological explanations...
A day with so many things to think back again.... Alfa Romeo Car... hmm marketing lady's intentions were clear and helpful... I wish I had 10 million wid me to buy it. Its nice...

Unexpectedly I met Pathum Danketumalli too... I was ready to meet him, but not today..... it was fine too. didn't get chance to talk more... One day, some day... hmm soon...


Friday, May 9, 2014

බිස්නස්... ඇයි - 1

මම අලුතින් සම්බන්ධ වෙච්ච, ඒත් කාලයක්ම දන්න අය සමග එකතු වුනු ව්‍යාපාරය ගැන විස්තර කරන්න කලින් මම ඒකට කැමති ඇයි කියල මුලින්ම කියන්න ඕන.

1. මම කැමතියි නිදහසේ ජීවත් වෙන්න. ඒ අතර සල්ලි කියන කාරණය ජිවිතේ කටයුතු වලට බාධාවක් නොවෙන තැනට කරගන්න මම කැමතියි. අනිත් කාරණය තව කෙනෙක් යටතේ වැඩ කරන්නත් මම අකමැතියි. ඒවගේම වෙන අය කියන වෙලාවට කියන දේවල් කරන්න මම අකමැතියි.
ජීවිතේ වැදගත්ම කාලයෙදි(ගෙදර අය එක්ක ඉන්න, ප්‍රේමයක් කරන්න, යාළුවො එක්ක ඉන්න) මම කමැති නෑ ඔෆිස් එකකට වෙලා ඉන්න.

2. මම කැමතියි මට උදව් කරගන්න මම කැමති තත්වයට එන්න. ඒවගේම ජිවිතේ වෙනස් කරගන්න කැමති කෙනෙක් ඉන්නව නම් එයාලට ඒ තැනට එන්න උදව් කරන්නත් මම කැමතියි.
මේ ක්‍රමයෙදි මම වගේම මට වඩා දියුණුවට ව්‍යාපාරය කරන අය පවා ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඒවගේම ව්‍යාපාරයෙදි අඩුපාඩු පසුබෑම් තිබුනත් ඒවට බැනලා අපහාස නොකර, අත දෙන්නම් නැගිටින්න කියන තරම් හොඳ අය මේකෙ ඉන්නවා.
තව දෙයක් මේ ව්‍යාපාරයේ ඉහලට ඉගෙන ගත්ත අය වගේම උගත්කම බොහොම අඩු අයත් ඉන්නවා.
මේකෙදි දියුණුවට හේතු වෙන්නෙ උවමනාව සහ කැපවීම තමයි.

3. ව්‍යාපාරයක් උනාම මූලික දේවල් 2ක්

 * ව්‍යාපාර ක්‍රමය(Plan එක)
* භාණ්ඩ ( Products)
මම මේකට සම්බන්ධ වෙන්නේ ප්ලැන් එකටයි. භාණ්ඩ වලට නෙමෙයි. භාණ්ඩත් සෑහිමකට පත්විය හැකියි.

4. Network Marketing කියන්නෙ ලෝකයේ ඊලගට හොදම ව්‍යාපාර 3 න් එකක්.
බිල්ගේට්ස් පවා කියනවා ආයෙ අවස්ථාවක් ආවොත් කරන්නෙ නෙට්වර්ක් මාකටින් කියල.

ඒවගේම ලෝකෙ අනිත් ප්‍රධානම හොදම ව්‍යාපාර වෙන ව්‍යාපාර වර්ග වෙන්නෙ, සෞඛ්‍ය, සහ බලශක්තියට අදාලව. ඒවගේ ව්‍යාපාර වලට මූලික ප්‍රාග්ධනය මිලියන වලටත් එහායින් පටන් ගන්නේ. ඒනිසා නෙට්වර්ක් මාකටින් මට ලේසියි.

5. තව දකින් වැදගත්ම දෙයක් තමයි මුදල් ගෙවීමේ සැලැස්ම හොදයි.
පැය 24ක් යන්න කලින් අදාල බැංකු ගිණුමට කම්පනි ගිණුමෙන් මුදල් එවනව.
ඒනිසා ලැබෙන සල්ලි කම්පනිය තියාගෙන ඉන්නෙ නෑ(වෙන තැන්වල ආයෝජන නෑ).
දන්න මේවගේ කම්පනි වලත්, වෙනත් තැන් වලත්, රස්සා කරපු තැන්වත් අදාල මුදල් විශේෂයෙන් කමිෂන් එක දෙන්නෙ මාසයට අදාල දින වල විතරයි. ඒනිසා ඒ කම්පනි අස්සේ සල්ලි තියෙනවා මොකක් හරි අවුලක් උනොත් ලොකු අවදානමක් තියෙනව.

6. මේ නෙට්වර්ක් මාකටින් කම්පනිය ලංකාවෙ ලියාපදිංචි කරපු කම්පනියක්. ඒවගේම දැන් මේක තව කම්පනි කීපයක් එක්ක එකතුවක් විදියට ගෘප් ඔෆ් කම්පනීස් විදියට යන්නෙ.
මම මේ කම්පනියේ ගමන් මග සහ කරන අය ගැනත් දන්නවා. එයාල හොඳට ඒක කරනවා.

ලංකාවේ නෙට්වර්ක් මාකටින් කරන සෑහෙන ඒව තියෙනව. ඒ හැම එකම වගේ මම දන්නවා වෙච්ච ඒවත් කරන ඒවත් දන්නවා. ඒනිසා මට මේ කම්පනිය ගැන ලොකු විශ්වාසයක් තියෙනව අත්දැකීමෙන්ම.

අපි අපේම ව්‍යාපාරයක් කලත් ඒකට අපි මහන්සි උනොත් විතරයි ආදායම, ඒවගේම අපිට උදව් කරන්න, උපදෙස් දෙන්න කවුරුවත් නෑ. මේ ව්‍යාපාරයේ වටිනාම ලක්ෂණ විදියට මම දකින්නෙ ඒවා.
විශේෂයෙන් අපට වඩා වැඩිමහල් අය මේ වයාපාරයෙන් ජීවිතය වෙනස් කරගත්ත හැටි අහද්දි ලැබෙන සතුට, ඒවගේම ඒ අත්දැකීම ජිවිතේටම වටිනවා. ව්‍යාපාරයක් විතරක් නෙමෙයි මේක ජීවිතයම වෙනස් කරන දෙයක්.

තව එකක්, අද කාලේ බුලත් විට කඩයක් දැම්මත් වියදම බොහෝම අධිකයි. කඩල කරත්තයක් දැම්මත්, ත්‍රිවිල් එකක් ගත්තත්, සිල්ලර කඩයක් ඒ සාමාන්‍ය ලෙස පටන් ගත හැකි හැමදෙයිම පටන් ගන්න මුදල පවා අධිකයි. නමුත් ආදායම සහ ලාභය පොදුවේ බොහොම අඩුයි.
මේ ව්‍යාපාරය එහෙම නෑ.
එක හිතකින් හිතට අරගෙන කරනව නම්, උදව්ත් අරගෙනම ක්‍රමිකව බොහොම දියුණුවකට එතෑකි...

_ දැනට නවතිමි.... 

Sunday, May 4, 2014

සිංහල බෞද්ධකම ගැන... හ්ම්

තමන් සිංහල බෞද්ධයෙක් වෙලා පන්සිල් නොරකින සමහර අය, දළදා වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දීලා ඒ ප්‍රතිඥා කඩපු පාලකයන්ට ඡන්දය දෙන සමහර සිංහල බෞද්ධ අය...

අපේ දහම හරියට නොදන්න(අපි කියන්නේ උපතින් සිංහල බෞද්ධ වෙන එක තමයි හරිම කියලනේ), විදෙස්ගත කාන්තාවන් බුදු හිමියන්ගේ පච්චයක්/ටැටූ එකක් කොටාගෙන හිටියොත්, තව කොහේ හරි රටක බුදු පිලිමයක් ගාව, නිගරු වෙන විදියට හැසිරෙන අය දැක්කම පුදුම තරහයි.

අපේ බුදු හාමුදුරුවෝ හිටිය කාලෙක උනත් උන්වහන්සේ මේවයින් කලබල වෙන්නෙ නෑ...
උන්වහන්සේ ක්ලේශ පිරුණු දෙවියෙක්, යක්ෂයෙක් හෝ වෙනත් එවන් ආත්මභාවයක් නොවෙන නිසා....

සිංහල බෞද්ධකම හරියට රකින්න, මුලින්ම පන්සිල් රකින්න ඕන... එතනින් පටන් ගත්ත නම් වෙන තැන් වලින් පටන් නොගෙන... හ්ම්...
(https://www.facebook.com/sukumal.harischandra/posts/10202733148164340?stream_ref=10)


Dinush Witharama අයියාගේ අදහස

සිංහල බෞද්ධයා කියලා හඳුන්වන්නේ තෙරුවන් සරණ ගිය කෙනෙක් නම්; පැහැදිලිවම බෞද්ධ මූලධර්ම මත පදනම් වුන සමාජයීය හැසිරීමක් වගේම පෞද්ගලික ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් වෙන්න ඕනි මල්ලි. 

පංච ශීලයේ පිහිටන්න උපරිම උත්සාහයක් දරන්න ඕනි මූලිකවම.

සතර සංග්‍රහ වස්තුවෙන් යුක්ත වෙන්න ඕනි. 

සමාජයීය වශයෙන් ක්‍රියා කරනකොට සප්ත අපරිහානි ධර්ම වල පිහිටන්න ඕනි.

මේවා නැත්නම් ඒ සමාජයට බෞද්ධ සමාජයක් කියලා කියන්න බෑ. සිංහල බෞද්ධයා කියන්නෙ එහෙම නොවෙන කෙනෙක් නම්, ඒ බෞද්ධ නමින් ඉන්න වෙනම බෞද්ධ නොවන ගෝත්‍රික පිරිසක් විය යුතුයි.

Friday, May 2, 2014

පිරිමිකමද

තමන්ගෙ මහත්තයා මැරුණම, දාලා ගියාම, වෙන් උනාම වෙන පිරිමි කියල ලංවෙන අය ලංවෙන්නෙ හිත හොඳකමට නොවෙන බව කරදරයට පත් වෙච්ච ගොඩක් ගෑණු අය කියද්දි දැනෙන්නෙ තරහක්...
පිරිමියෙක් වෙලා වනචරයෙක්, සල්ලාලයෙක් වෙන එක ලැජ්ජාවට කාරණයක්.

කෙනෙක්ගෙ අසරණකම තමන්ගෙ අවශ්‍යතාවයට පාවිච්චි කරන පිරිමි .. පිරිමි නෙමෙයි නපුංසකයන්ටත් අන්තයි...
එහෙම පිරිමින්ට නීතියෙන්වත්, වෙන විදියට දඬුවම් දීලවත් හදන්න බෑ. ඒක සමාජ ප්‍රශ්නයක්.. හිතල හැදෙන්න ඕන දෙයක්.
හැඟීම්, අවශ්‍යතා කාටත් තියෙනවා. හැබැයි අසරණ කෙනෙක්ගෙන් ඒක පිරිමහ ගන්න ඒකට ලං වෙන එක පිරිමිකමට වගේම මිනිස්කමට ලැජ්ජාවක්...

මේ රටේ හැමදේම හැදිලා තියෙන්නෙ වැරදියටද මංදා, කෙරෙන්නෙ, පෙළඹෙන්නෙ වරදට ලේසියෙන්... සමහරවිට ඉහලම තැන ඉදලා සීලයක් නැති හින්දා වෙන්නැති... අපිත් කලාට මොකද කියල හිතන්නෙ...

ඉතින් ඒවගේ ඉන්න සල්ලාල මහත්තුරු, වනචර මහත්තුරුන්ට කවදහරි තේරේවි ඒක මෙතනින් ඉවර නෑ කියල. කරන වැරදි වලට කවදහරි කොහොම හරි විපාක ලැබෙද්දි..

Thursday, May 1, 2014

ව්‍යාපාර සහ විශ්වාසය

ව්‍යාපාර වලට මූලිකව උවමනා වන්නේ විශ්වාසය කියල මට හිතෙනව...

ඒක හින්දා වෙන්නැති කාට උනත් බිස්නස් කියල කතා කලත්, කවුරුහරි මට කතා කලත් මම හිතන්නෙ එයාලව විශ්වාස කරන්න පුලුවන්ද කියල.

මට හිතෙන්නෙ බිස්නස් වලදි කාණ්ඩේ හොයාගන්න එක අමාරු නෑ. හැබැයි ඇත්තටම විශ්වාසවන්ත ජිවිතේ වෙනසක් කරගන්න ඕන අය හොයාගන්න එක ලේසි නෑ.

ඉතින් ඒ නිසා නේචර් ප්ලස් ගෘප් එක ගැනත් විශ්වාසයි. එයාල කලින් වැටෙද්දි වගේම නැගිටින්න හදද්දිත් උදව් කල නිසා. ඒක හරියට කරගන්න බැරි උනේ තිබුනු කම්මැලිකම, නොදන්නකම හරියට නොකිරිම වගේම ටීම් එකේ හිටපු එක්කෙනෙක්වත් එකම වතාවක්වත් කම්පනිය මීට් වෙන්න ආපු නැති එක...

විශ්වාසය වගේම උවමනාවත් ඕන ඉතින් කරන්න. එකක් කරලත් මදි වගේ නිසා කීපයක් හෝ බොහොම හොද ඒව කරන්න ඕන...

ලෝකෙ ඉදිරියට එන ව්‍යාපාර 3යි.

1. සෞඛ්‍ය අංශය
2. බල ශක්ති අංශය
3. ජාලගත අලෙවිකරණය(Network Marketing)

1. 2. කරන්න පොදුවේ සාමාන්‍ය ලෙස ලොකු වියදමක් යනව.. හ්ම්....