Tweets by @Tweetsbysuku myblog: November 2018

Facebook Fan Page

Monday, November 19, 2018

“ Colombo Story “ - Bikshu Chapter ~ Upul Shantha Sannasgala

“ හාමුදුරුවරුද මනුෂ්‍යයන්ය “

කාලෙකට පස්සෙ විශේෂයෙන් දැනුනු පොතක් කියෙව්වා. “කොළඹ කතාව“ - භික්ෂු පරිච්ඡේදය.
ඒක විශේෂ වෙන්නෙ උපුල් ශාන්ත සන්නස්ගල සර් ලියපු නිසා නෙමෙයි.
( සර්ගෙ  ගෝලයෙක් නෙමෙයි. මම සර්ව දන්නෙ මම සර්ගෙ දේශන බොහෝමයක් අන්තර්ජාලය හරහා අහපු නිසයි. රෝයල් තප්‍රෝබේන් වගේම පොත් ප්‍රදර්ශනයෙදිත් සර්ව දැක්කට කතා කලේ නැත)
 ඇත්තටම කාලෙකින් දැනුනු පොතක් වීමයි. මම පොත් දහස් ගානක් කියවල තියෙනවා. පොත් කියෙව්වට මදිනෙ. 1 ඒ පොත් දැනෙන්න ඕන. 2 ඒකට අදාල දැනුමක් තියෙනව නම් ඒක නිවරදිව ගන්න ඕන - ඒක මට කියල දුන්නෙ ජිනදාස සර්..

කොහොම හරි මේ පොත ගැන මට ඔය හැටි උනන්දුවක් ආවෙ නෑ. සන්නස්ගල සර් කියන දේ බොහෝම යථාර්ථවාදියි. හැබැයි ඒව කියන්නෙ අමුවෙන්. ඉතින් වදින අයට, එහෙම නැත්නම් මිනිස්සු මරලා බුදු දහම රකින්න හිතන අයට ඒව බොහෝම වැරදි විදියට පේනවා ඇති. මාත් සෑහෙන්න දහමට අනුකූලව හිතලා හොයන නිසාද මංදා මටත් සමහර කාරණා වල විවේචන වලට ඒ තරම කැමති නෑ. හැබැයි දැන් හිතෙනවා සර් ලියන්නෙ මේව අත්දැකීම් සහ අදහස් විදියට පමණයි, ඒ ගැන වෙනම තරහක් - ද්වේෂයක් හදාගෙන නෙමෙයි කියල.

- ඔය අතර අපේ
@Ven Yatalamate Kusalananda නායක හාමුදුරුවන්ගෙ මේසෙ උඩ පොත තියෙනව දවස් කීපෙකට කලින් දැක්කා. කොහොම හරි මම නිකමට වගේ පොත කියෙව්වා මුල් පිටු. කියවන්න හිතුනා. ඉතින් මම හාමුදුරුවන්ට කිව්වා මේක කියවන්න හිතුනු බව. එහෙම කියද්දි පිටු 20ක් විතර කියවල හිටියෙ. හාමුදුරුවො ඒ පොත කියවන බව දැනගත්ත නිසා තියල ආවා.
ගෙදර ඇවිල්ලත් පොත මතක් වෙනව. ඉතින් මම ඊයෙත්(17) පන්සලට ගිහින් පොතේ පිටු කීපයක් කියවද්දි හාමුදුරුවො දැකල මට කිව්වා - මම දැන් වෙන පොතක් කියවනව, කමක් නෑ කියවල ගෙනත් දෙන්න කියල. ඔන්න මගෙ වැඩේ හරි. ඊයෙ හවස මට අපෙ දන්ත වෛද්‍යවරිය මුණගැහෙන්න තිබ්බා. මම දන්නවා පැය 2කට වඩා යන බව ඉතින් මම මේ පොත අරගෙන ගිහින් පිටු 50ක් විතර කියෙව්වා. සමහර ලද බොදල පොත් වගේ එකපාරට කියවල ඉවර කරන්න අමාරුයි මොකද, මේකෙ හැමදේම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. සිම්බාට කියල තියෙන ඒවත් අර්ථයෙන් හිතන්නම වෙන නිසා.

- කොහොම හරි මම අදත් තාම පොත කියවනවා. ඒ අතර දැනුනු දේවල් තමයි කාලෙකට පස්සෙ මොලේ ටිකක් හෙල උනා වගේ දැනීම. මම දන්නවා භික්ෂු ජිවිතය ලේසි නැති බව. අපි හිතාගෙන ඉන්නෙ ගිහි ජිවිතය තමයි කරදර භික්ෂු ජිවිතය නොවෙන බව. ඇත්තටම කෙනෙක් භික්ෂුවක් වෙන්නෙ සසර කලකිරිලා මේ බැඳීම් වලින් දුරස්ව ඉන්නයි. ඒකට තමයි සුපටිපටිපන්න ගුණය කියල කියන්නෙ. ඒක තියෙන්නෙ මේ තුන් ලෝකෙම සංඝරත්නයට විතරයි ( මම ලගදි සංඝානුස්සතියත් කරන නිසා දන්නව). නමුත් අද අතිබහුතරයක් පන්සල් වල  භාවනාවක් තියා හරියකට හාමුදුරුවරුන්ට හිතේ සැනසීමෙන් ඉන්නවත් ලැබෙනවද මංදා. ඒ තරමට කටයුතු බහුලයි. ඒවගේම ප්‍රායෝගිකව මුහුණ දෙන දුෂ්කරතාත් නැතිව නෙමෙයි. පොතේ එක තැනක කියවෙනවා පිරිකර විකුණනලා ගමන් ගාස්තු හොයාගන්න වෙන බව. ඉස්සර බෞද්ධ රජවරු භික්ෂූන්ට නොමිලේ ගමන්බිමන් දුන්නට අද එහෙම නෑ. ඛුද්දානුඛුද්දක ශික්ෂා පද අතර මුදල් පරිහරණය සීමාවකට කෙරෙන්න ඕනද කියලත් මතක් වෙනවා.

- කොහොම හරි මේකෙ කියවෙන මූර්ති කියන හාමුදුරුවන් ගැන, බොහෝ දේවල් හොයපු, විශේෂයෙන් නිවන අරමුණු කරගෙන කටයුතු කලත් ඒක එහෙම නොවිම ගැන මම කල්පනා කලා. ධර්මය “සන්දිට්ඨිකයි“ ඒකියන්නෙ මේ ජිවිතය තුලදීම අවශ්‍ය නම් අවබෝධ කරගත හැකියි. නමුත් බොහෝම කැපවීමෙන් ඉවසීමෙන් ඒ කටයුතු කලත් ඒක නොවුනේ මොකද ? ඒකට මට හිතෙන්නෙ ඒකට අදාල කුසල් පිරිලා (සසර කරපුවත් මදි) නැති බවයි. එහෙම නැත්නම් මේ ජිවිතය තුල ආපු විවිධාකාර බාධක එක්ක ඒකට අවශ්‍ය කටයුතු සිද්ධ නොවුනු බවයි. මොකද එහෙම පෙර සංසාරයෙ කුසල් කරලා දහම් පද කීපෙකින් සෝවාන් උනු කතා අපි අහල තියෙනවා. ඒවගේම එහෙම අය අද මේ ලෝකෙ ඉන්න බව මම අත්දැකීමෙන් දන්නවා.

අපේ හාමුදුරුවරු මේ පොත කියවල දක්වන අදහසුත් අහගන්න ඕන.
මූර්ති කියන හාමුදුරුවො සිවුරු ඇරියට තරහක් නෑ, ඒත් තරමක දුකක් ඇති වෙනවා, අපි හරියට අපේ ශාසනය ගැන හිතන නිසා වෙන්නැති, එහෙම හිතද්දි ආයෙ මතක් වෙනවා හැමදේම අනිත්‍ය බවත්. සිදුහත් කුමාරය නිවන හොයාගෙන බුද්ධත්වයට ගියපු ගමන හරි. මාත් ඒ ගමනට කැමතියි. ලෞකික ජිවිතයේ අත්දැකීම් ලබල ඒකෙ නීරස භාවය අවබෝධ කරගෙනයි අයින් වෙන්නෙ. පොඩි කාලෙම හාමුදුරුවරු දෙමාපියන්ගෙ කැමැත්තට ශාසනේට භාර දෙන එක හරිද මංදා.
* පහුගිය කාලෙ මම ආදරේ කරපු ගෑණු ළමයෙක් එහෙම හිතාගෙන හිටිය. එයාට එහෙම දරුවෙක් සංසාරගත බැදීමකට හිටිය තමයි ඉතින්, ඒවගේම ඒ දරුව බොහෝම කුසල් ශක්තිය ඇති කෙනෙකුත් තමයි. ඒත් මගෙ අදහස නම් ඒක ඒ දරුවගේ අයිතියක්. දෙමාපියන්ගෙ නෙමෙයි. සංසාර පුරුදු වගේම කර්ම ශක්තිය අනුව ඔය වගේ දරුවො බිහි වෙනව. මට මතකයි දවසක් මහා පින් කරනව කියල, උදම් අනපු ජෝඩුවක් අපෙ කුසලනන්ද නායක හාමුදුරුවන්ට එයාලගෙ යාළුවෙක් අවුරුදු ගානක් දරුවෙක් නැතිව ඉදල, ලැබුනු දරුවා ශාසනේට පූජා කරනව කියල බොහෝම උජාරුවට කියපු හැටි. හාමුදුරුවො බොහොම පැහැදිලිව වගේම ඍජුව ඒ අදහස් වැරදි බවත් ඒක ඒ දරුවගේ අයිතිය බවත් කියල දුන්නා. මාත් ඒකට එකඟයි හ්ම්..,

තාම පිටු 200 ගානයි කියෙව්වෙ... මතු සම්බන්ධ ඇති..

#srilanka #lka #UpulShanthaSannasgala #kolambakatawa #කොළඹකතාව #භික්ෂුපරිච්ඡේදය

Sunday, November 18, 2018

ප්‍රභාකරන් සාධකය මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් - වෛද්‍ය රුවන් එම්.ජයතුංග

උපුටා ගැනීම්,

Archeypes do n't have a determinate content...but since the moment they become conscious, that is filled with material of our conscious experience... The archetype is empty, it is a pure formal element, nothing else but a possibility to perform, a tendency of representation given a priori.

- හිට්ලර් බොහෝවිට ඔටෝ බිස්මාක් කෙරේ ආවේශ විය.
ප්‍රභාකරන් තමාගේ ලෝකය නිර්මාණයට ශිව සහ විනාශ කරන්නා යන ආවේශයට සමාන වීමට තැත් කරයි. කළු කොටින් නිදසුනකි. වෛරය සහ විනාශය තුලින් චමත්කාර ලොවකට යා හැකි බව ඔහු සිතුවේය. මරණය ඒ ලොවට පිවිසීමේ දොරටුවයි. මරණයෙන් පසුව අනුගාමිකයන් විචිත්‍ර ලෝකයට යති. ඔහුන් එවිට තමන්ගේ අනිකුත් මියගිය සගයෝ හමුවෙති. මෙය ප්‍රභාගේ මනසේ තැන්පත්ව තිබු ෆැන්ටසියේ කොටසකි. මහා භාරතය සහ හින්දු ජන කතා ආශ්‍රයෙන් මේ චිත්‍රය මැවී තිබේ.
දුක් විඳීමෙන් ආත්මය ජ්වලිත වේ යන හින්දු සංකල්පය විශ්වාස කල ප්‍රභාකරන්, ද්‍රවිඩ ජනයා අත්විඳින පීඩනය, වේදනාව ඔවුන්ගේ විමුක්තිය සාක්ෂාත් වීමට හේතු වෙතැයි අහේතුකවාදිව නිගමනය කරයි.

- කුඩා කල සිට ඔහු ලෝකය වටහාගත්තේ එය ඉතා අන්තරායකාරි, නපුරු සිංහලයන්ගේ පිරී, එම ලෝකයේ ද්‍රවිඩයන් මරා දැමෙන - ගෞරවයට ලක්වෙන පූසාරිවරුද සිංහල රාක්ෂසයන් විසින් මරා දැමෙන විදියටය. ඔහු හමුදා නිල ඇදුම් කෙරේ වෛරයක් ගොඩනගා ගත්තේය. මෙම නපුරු බලවේගය පරාජය කරන්නට මම පෙරට එහි සපථ කලේය.

--
උතුර සහ දකුණ හවුලේ නිපදවූ ප්‍රභාකරන් සාධකය සැලකූ කල බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ප්‍රකාශය, “යුද්ධයක් පටන් ගත්විට එයට සදාචාරයක්, නීති පද්ධතියක් මෙන්ම තිරිංගද නැත“- අශෝක හදගම.

--

හිට්ලර්ගේ පැරනොයිඩ ෆැන්ටසියට ගෝරිං මාටින්බෝමන්, හිම්ලර්, රුඩොල්ෆ් හෙස්, ඇල්බට් ෆියර් වැනි අය කිසිදු ප්‍රශ්න කිරිමක් නොකොට දායක වූහ.
ප්‍රභාකරන්ගේ භක්තිමත් අනුගාමිකයන්ද මෙලෙස ඔහුගේ ෆැන්ටසියට බද්ධව සිටිති. ඔවුන් ලෝකය දකින්නේ ප්‍රභාගේ දෑස් වලින්. ඒ වෙනුවෙන් දිවි පිදීමට පසුබට නොවෙති. ඔවුන් ඉටු කරන්නේ තමන් දේවත්වයෙන් අදහන අර්ධ දෙවියාගේ නියෝගයි. එනිසා එය ඉටු කිරීමට ජිවිතය වුවද කැපකල හැකිය. කල්ට් සාමාජිකයන් මෙන් තම නායකායට පෞද්ගලිව පක්ෂපාති වෙති, වන්දනා කරති.
ඔවුන් මරණයේ ආශය තම ගෙලේ පළදා සිටින සයනයිඩ් කරලෙන් සංකේතවත් කරති. මෙය id අංශය පිළිබිඹු කරන චිත්‍රයක් වැනය. පිකාසෝ ඇඳි tortured - Guernica චිත්‍රයේ id අංශයේ Thanatos යොමුව ගැන පවසන්නාක් මෙන් සයනයිඩ් කරල එල්ලාගත් එල්ටීටීඊ සාමාජිකයා මගින් Thanatos පාර්ශවය පිළිබිඹු කෙරේ.
බෙනිටෝ මුසෝලිනී බලයේ සිටි කාලයේ එක් පූජයෙකුගෙන් ඒකාධිපතියා සහ ක්‍රිස්තුන්වහන්සේ අතර ඇති වෙනස ඇසූ විට, “ ක්‍රිස්තුන්වහන්සේ සියලුදෙනා වෙනුවෙන් කැපවන අතර, ඒකාධිපතියාට සියලුදෙනා කැපවිය යුතුය.“


-
ප්‍රභාකරන් තුල Narcissistic neurosis - ආත්ම රාගය එනම් තමා කෙරේ දැඩි ඇල්ම නිසා අපරික්ෂාකාරි නොවිය. සමකාලිනයන්ට වඩා වැඩි කාලයක් ජිවත් වීමේ රහසද දුම් පානය, මත්පැන් පානය වැනි හානිකර දේට නොඇලීම - නාසිස්ටික ස්වභාවය.

- රාජන් හුල් ප්‍රකශ කල අන්දමට එල්ටීටීඊය ඝාතනය කල දෙමල වැසියන්ගේ සංඛ්‍යාව 20,00කට වැඩිය. ඔවුන් තමන්ගේම වද කදවුරු පවත්වාගෙන ගොස් ප්‍රතිවාදි අදහස් දැරූ ද්‍රවිඩ ජාතිකයන් වද බන්ධනයට සහ ඝාතනයට ලක් කරන ලදි.

- සටන් විරාම ගිවිසුම නිසා එල්ටීටීඊයේ සංවිධානයේ උග්‍ර සටන්කරුවන්ගේ මානසිකත්වය ඔහු අවබෝධ කරග්නටන ඇත. සටනකින් තොරව නිදහසේ සිටින්නට දීමෙන් ඔවුන්ගේ ප්‍රහාරාත්මක හැකියාව වියැකේ. දෙමල ඊලමට පවතින උන්මාදනීය අභිලාෂය හීන වෙයි.

- ප්‍රභාකරන් සාධකයට ප්‍රජාතන්ත්‍රවාදය පැවතීම මෙන්ම සුළු ජාතින්ට මහ ජාතිය සහනශීලි වීම ඉවසිය නොහැක.



- #Prabakaran #srilanka #tamilelam #slpolitics


Thursday, November 15, 2018

අවුරුදු ගානකට කලින් මම සරසවි පොත් හලේ ඉන්නකොට, මම දැක්කා ලොකු හාමුදුරු කෙනෙක්, අවු 10ක විතර පොඩි හාමුදුරු කෙනෙක් එක්කගෙන ඇවිල්ලා පොත් - පෑන් අරගෙන දෙනවා.

- මට මතක් උනා අපිත් පොඩි කාලේ හරි ආසයි පාට පාට පෑන් ගොඩක් තියෙනවට..
- අපිට ඒව අරගෙන දෙන්න දෙමාපියෝ හිටියත්, මහණ උනාට පස්සෙ ඒ කටයුත්ත කරන්න ඉන්නෙ පන්සලේ ලොකු හාමුදුරුවෝ..

ඇත්තටම ඒක බොහෝම සංවේදී දර්ශනයක් උනා. අද වගේ කැමරා ෆෝන් නොතිබුනු කාලෙක නිසා පින්තුරයක් ගන්න පුලුවන්කමක් තිබ්බෙත් නෑ..

ඒ මතකය අලුත් උනා අද මේ පින්තුරේ දැක්කම..
පොඩි කාලෙදි අපි හැමෝම කැමතියි පුදුම තරම් සතුටකින් ඉන්න..
පොඩි හාමුදුරුවොත් පොඩි දරුවෙක්.. මෙහෙම සතුටක් ලබාදීම ගොඩක් වටින දෙයක්...

- විශාඛා මහෝපාසිකාව ඒකාලෙ ප්‍රසිද්ධයිලු පොඩි හාමුදුරුවරුන්ටත් පැණි රස දේවල් දෙන බවට..
- මට මතකයි අපේ සීයත් පොඩි හාමුදුරු ගැන හොයල බලනවා. අපේ සීය අනිත් ළමයින්ට වගේම, පොඩි හාමුදුරුවන්ටත් පැණි රස දෙයක්, චොක්ලට් එකක් දෙන්න කටයුතු කලා. ඒකම අපේ අම්මත් කරනව. මට නම් තාම ඒක කරගන්න බැරි උනා.

- අද පොඩි හාමුදුරුවරු තමයි, දවසක ලොකු හාමුදුරුවරු වෙන්නෙ !!!
සමහරවිටෙක අද වෙනදට වඩා සිවුරු අරින කතා අහන්න ලැබෙනවා. ඒකටත් එක හේතුවක් වෙන්න පුලුවන්, ලොකු හාමුදුරුවන්ට විතරක් වදින, පොඩි හාමුදුරුවන්ට නොවදින තීරණ සමහර අයගෙ.
- ගිහි අපිට වගේ නෙමෙයි, කාලය එක්ක උන්වහන්සේලාට ලැබෙන නායකකම් බොහෝමයි..

- ලොකු හාමුදුරුවරු වගේම අපේ පොඩි හාමුදුරුවරුත් බොහෝම වැදගත්.. අපේ ශාසනය රැක ගන්න අපේ යතිවරු... !!!

#srilanka

Monday, November 5, 2018

පැසුණු හිසින් බුහුමන් ලබව - ජිනදාස සර්

ජිනදාස සර් කිව්වාම, දන්න අය දන්න සුවිශේෂි චරිතයක්. අහම්බෙන් වගේ මට මුණගැහෙන්නෙ කැබිතිගොල්ලෑව යන ගමනෙදි මුලින්ම. මුණගැහිලා විනාඩියක් යන්න කලින් සර් ගැන තේරුමක් ආවා. අපි ඉගෙන ගන්න කාලෙ මෙහෙම ගුරුවරයෙක් හිටිය නම් කියල..  සර්ගෙන් ඉගෙන ගත්ත බොහෝමයක් දේවල් තියෙනවා... සර් 71 කැරැල්ලෙ සැකකරුවෙක්. ඒකාලෙන් පස්සෙ ඒවයෙන් අයින් වෙලා රටට සේවා කරගෙන උගන්වමින් ඉන්නවා. සර් තමයි වැලිවේරියෙ සුදර්ශී උපකාරක පන්ති මධ්‍යස්ථානය පටන්ගත්තෙ.

මේ ලගදි කතා කරද්දි 71 - 88 කැරලි ගැන මම ඇහුවා. ඒ තරම හැකියාවක් තිබුනු ජවිපෙට වැරදුනේ කොතනද කියල සර්ගෙ අදහස අනුව..

“ විවේචන සහ ස්වයංවිවේචන“

විශේෂයෙන්ම කොමියුනිස්ට්, සමාජවාදි පක්ෂ වල තියෙන දෙයක් තමයි මේක. තමන්ට අන් අයව විවේචනය කල හැක. තමන් තමන්ගේ වැරදිද කිව යුතුය. එයට උපදෙස් අනිත් අය දිය යුතුය. යම් ලෙසකින් අන් අය විවේචන කර තමාගෙ වැරදි සැගවුවොත් වැරදි 2කි. එනම් පක්ෂයට වංක වීම 1, වරදක් කිරීම යන්න 2 වෙයි. මෙයාකාරය.

71 කැරැල්ල වැරදීම

මූලික න්‍යාය කෙටියෙන් කිව්වොත් අඩුපාඩු තිබිම. පන්ති 5 දී ඉගැන්වූ දෑ.
ගත යුතු මග - සියලු පොලිස් ස්ථාන පහරදී අල්ලා ගැනීම, ඒ අතර කම්කරුවන් ස්ට්‍රයික් කිරීම. නමුත් හමුදාව ආවම කුමක් කල යුතුද යන්න උපායමාර්ගිකව තීබි නැත, නායකත්වය ඒ ගැන කියල දීමක්ද නැත.
කිරි ටින් වලට වෙඩි බේත් පුරවා, කීපයක් වුනු ෂොට් ගන් යනාදියද තිබුනි. කෙසේ වුවද රතිඤ්ඤා පත්තු කර පොලිසිය වෙඩි තිබූ පසු ඔවුන්ගේ පතුරම් අවසාන වූ පසු අල්ලා ගැනින. නමුත් හමුදාව ආ විට දෙන්නට සිදුවිය.
විජේවීර වැනි මොලයකට එය හසු නොවූයේ මන්ද ? ඒ ගැන රෙජිනෝල්ඩ් කුරේ අසා තිබුනේ, “ පලවෙනිද දවසේ පහරදී පැරදුනොත් 2වෙනි දවසේ කරන්නෙ මොකක්ද ? - එයට පිලිතුර ලෙස කුරේව ඉවත් කර තිබුනි.
- විජේවීර කියා තිබුනේ ඔහු නොව වෙනත් කෙනෙක් පහර දීමට අණ දී තිබුනු බවයි.
- එවිට කුරේ අසා තිබුනේ බෝම්බ හැදු බව විජේවීර දන්නවාද නැද්ද ? දන්නවා නම්, එය වැඩිකල් තබා නොහැකි බව නොදන්නේද ?
රෙජිනෝල්ඩ් කුරේ පක්ෂයේ වැඩ කරන අතරම ඉහලින් ඔහුව කපා තිබුනි. දෙණියාය අල්ලා ගෙන සිටින ලදි.

* උඩින් යටට - යටින් උඩට පැමිණිය යුතුව තිබුනු ප්‍රජාතන්ත්‍රවාදයක් ජේවිපියේ නොතිබුනි. විජේවීර ඒකාධිපතිත්වයක් ගොඩනගන ලදි - මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුනි.

71න් පසුව වැරදුනු තැන් කතා කල යුතුව තිබුනද, විජේවීර එසේ නොකර කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂ වල වැරදි නිසා එසේ වූ බවයි - එනම් මුල ආරම්භය ඒවායෙන් සිදුවුනු නිසා ඒවායේ වැරදි නිසා බවය.


  88-89 භීෂණ සමයේ විජේවීරගෙන් අසන ලද ප්‍රශ්නයක් වූයේ, 71 කරපු වැඩේමද කරන්න හදන්නෙ ?

“ ඉතිහාසයේ 1ම වරද 2වරක් කරන්නෙ නැත - එසේ වේ නම් එය නාඩගමකි“

- එසෙ නම් විජේවීරගේ වචනෙයන්ම 89 කරන ලද්දේ විගඩමකි. වරද පිලි නොගැනීම. එසේ නොකිරීම තුල වැරැද්දෙන් වැරද්දට යයි. පිලිගත්තේ නම් වරද එතනින් අවසන් වෙයි.