Tweets by @Tweetsbysuku myblog: අපි බොක්කෙන්... අපිට බොලොක්කෙන්...

Facebook Fan Page

Sunday, May 11, 2014

අපි බොක්කෙන්... අපිට බොලොක්කෙන්...

අපි මැරීගෙන කාටවත් උදව් කරාට ඒකෙ වැඩක් නෑ.  අතිබහුතරයට ඒක වගක්වත් නෑ. එහෙම ඒව කීයක් නම් උනාද. තමන්ගෙම කියල හිතන අයත් එහෙමයි. එතකොට තමයි ජීවිතේ ගැන දුකක් කණගාටුවක් ඇතිවෙන්නෙ.

අපි උදව් කරලා, ඊට පස්සෙ අපිට කරදර කරන පහත් තත්වයට පත් වෙන චරිත එක්ක ඇයි හොඳයිකම් දැන දැනම අපේය කියන අය තියාගන්නේ, එයාලව අගය කරන්නෙ අපිට වඩා එයාල හොඳ නිසයි. එතකොට කරන්න ඕන හොඳ අය එක්ක ඉන්න දීලා පැත්තකට වෙන එකයි.

ගොඩක් අයගේ ෂෝක් වචනයක් තමයි,

“ අපිට එයා වරදක් කලේ නෑනේ. ඒනිසා අපි එයා එක්ක තරහ වෙන්නෙ මොකටද.... “

සමහර අයට මේක තේරෙනවා තමන්ටත් වෙච්ච දාට... තව අයට තේරෙන්නෙ නෑ.
අපි නම් මිනිස්සු නරක නම් එයාලව අයින් කරනවා. කලිනුත් කරල තියෙනව. ඒනිසා එවන් අය කොච්චර හොඳ උනත් අපිට වැඩක් නෑ... අනිත් අයට කරදර කරන, පහත් අය නම්...

දේශපාලකයන් ඉදල ඉහල අය හැමෝම පෙන්වන්නෙ ඒකනේ... අපි නරකයි, නමුත් අපිට බලය තියෙනවා අපි, අපිට කැමති දේ කරනවා. උඹලත් අපිට කැමතියි නේද... එච්චරයි...

No comments:

Post a Comment