Tweets by @Tweetsbysuku myblog: December 2016

Facebook Fan Page

Friday, December 30, 2016

Pray & His or Her Will/ Wish(Not someone watching over us) යාඥාව සහ ප්‍රාර්ථනය/ අධිෂ්ඨානය.

I know we as Buddhists we have Will/wish not prayers..
I have to explain this to some cousins cause they don't know the difference between prayer and will..
Usually we are not expecting something from some other person or thing outside of us. If we expect, it's called Prayer..
Buddhists stanzas are to memorize the good and true or the merit we gained by a good activity or a feeling. And we just make our ultimate goal or the objective more powerful by memorizing those stanzas and it is to offer our honor to the ultimate teacher and his supremacy lord Buddha.
Finally, purifying the mind is the teaching of Lord Buddha ...

බෞද්ධ අපිට යාඥාව නැහැ. අපි කරන්නෙ ප්‍රාර්ථනයක්. හරියටම කිව්වොත් අධිෂ්ඨානයක්. පිටරට ඉපදිලා කාලයක්ම එහේ ඉදලා මෙහේ ආපු කසින්ලා වගයක් ඉන්නවා මට මේක හරියටම තෙරුම් කරගන්නෙ කොහොමද කියල මම කල්පනා කලේ. එයාල හිතන්නෙ ප්‍රේ කරනව කියල ගාථා කියල.. එහෙම කරන බෞද්ධයොත් ඉන්නව ඉතින්..
හැමදාම වගේ දේවල් කියල දෙන, කළ්‍යාණ මිත්‍ර අපේ Dinush අයියගෙන් අහගත්ත..
අයියට බොහොම පින්... නිවන් පිණිසම අපිට මේ කුසලය හේතු වාසනා වේවා !

ප්‍රාර්ථනාව කියන සිංහල වචනේ අදහස බලාපොරොත්තු වීමක්. Will කියන එක ගැලපෙනවා, අධිෂ්ඨානයත් ඒ සමානයි. අනුසස් දැනගැනීම මූලිකයි ධර්මයේ, යම් බලාපොරොත්තුවක් කරා යාමට දැඩි අධිෂ්ඨානයක් කිරීමක්. කාගෙන්වත් නෙවෙයි. තමන්ගේම හැකියාවෙන්..

විෂ් කියන එක බලාපොරොත්තු වෙනවා කියන අර්ථයෙන් එනකොට හරි hope කිව්වත් එහෙමයි. නමුත් ගාථා කියන්නෙ ඒ අර්ථ එකකින්වත් නෙවෙයි.
බුදුරජාණන් වහන්සේගේ ගුණ සුවඳට උපහාරයක් ලෙස පැහැයෙන් සුවඳින් යුතු මල් පූජා කරනවා. මල් කියන්නෙ පවිත්‍ර බවේ සංකේතයක්. මිනිස්සු උසස් යැයි ගන්න අලංකාරවත් දෙයක්. මල් පූජාව බුදුන් වහන්සේට කරන්නේ ඒ වෙනුවෙනුත්, එතකොට මල මිලාන වෙනවා ඒකියන්නෙ ලෝක ස්වභාවය මෙනෙහි කරනව කියල..
පහන් පූජාවත් එහෙමයි. තුන්ලෝකයටම පහනක් වුන සම්මා සම්බුදු රජාණන් වහන්සේට උපහාරයක් ලෙස සිදු කරන්නේ ඒ පූජා කරන ගාථා බුදු ගුණ ගාථාවෙදි බුදුගුණ නවයකට කැටි කරල මෙනෙහි කරනවා. ප්‍රාර්ථනාවක් නෑ.
සඟ ගුණ දම් ගුණත් එහෙමයි. අනිත් ගාථා එකින් එක අරන් බලන්න
අපි පින් අනුමෝදන් කරනවා, මළගිය අයට සහ දෙවියන්ට.

ඒ කිව්වෙ අපි මේ කරපු පින්කම දැකලා සතුටු වෙලා එයාලත් කුසල් සිත් උපදවා ගන්න කියලා ආරාධනා කිරීමක්. එතනදි අපි බලාපොරොත්තු වෙනවා එයාලත් අපි කරපු පින්කමෙන් කුසල් සිත් උත්පාදනය කරගෙන සැපයට පැමිණෙයි කියලා.
ඒකත් කාගෙන්වත් අපිට ලැබෙන්න ඉල්ලන දෙයක් නෙවෙයි.
හරියට මම යමක් කාටහරි කියනවා මම මේක ඔයාව සිහිකරලා දුන්නෙ කියලා..
මම නිකම්ම දෙනවා දකිනකොටත් ඔයාට කුසල් සිතක් ඇතිවෙනවා හිතේ පැහැදීම එක්ක
නමුත් ඔයාට මම කිව්වම ඒක දුන්නෙ ඔයා වෙනුවෙන් කියලා සිත තවත් පැහැදෙනවා...

බුදුන්වහන්සේගෙ, බෝධිසත්ව කාලෙ ප්‍රාර්ථනා හිතුවොත්, බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීමටත් වඩා ඒ කරපු කුසලානිසංසය බුද්ධත්වය පිණිස වීමක් - කුසලයක් කියන්නෙ සිතේ යම් හැකියාවක් වර්ධනය වීම..
නොඇලීමේ හැකියාව, අත්හැරීමේ හැකියාව, නොගැටීමේ හැකියාව මෙහෙම හැකියාවන් මහා ප්‍රමාණයකින් වර්ධනය වෙන්න ඕනි සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න...
ඉතින් බෝසතාණන් වහන්සේ නමක් යම් දෙයක් කරලා එතනදි බලාපොරොත්තු වෙනවා මේ වර්ධනය කරපු කුසලතාවය අනාගතයේ සියලු කෙලෙසුන් නසා බුද්ධත්වය ලබා ගැනීම පිණිස උපකාර වීමට යාඥාවෙන් ඉල්ලන්නෙ වෙන කෙනෙක්ගෙන්.

අපි පින්කමක් කරලා හිතනවා ඒ වර්ධනය කරගත්ත කුසලතාවය අපිට අනාගතයේ දී බොහෝ යහපත පිණිස හේතු වන බව. මූලිකවම එතන ප්‍රාර්ථනාවකටත් වඩා ආනිශංස දැනගෙන පිංකම කිරීමක්. කිව්වෙ ඥානසම්ප්‍රයුක්තව කරන පින්කමක්...

යමක් කරලා යමක් බලාපොරොත්තු වීම කියන්නෙ ගනුදෙනු මට්ටමෙන් නෙවෙයි
ඒ කියන්නෙ මම මේක කළා.. ඒ නිසා මට මේක දැන් ලැබෙන්න ඕනි කියලා නෙවෙයි
එතනදිත් බාහිර කෙනෙක් ඒ කරපු දේ බලං ඉඳලා සතුටට පත්වෙලා යමක් ලබාදෙනවා කියන අර්ථය එනවා.... එහෙම කරන බෞද්ධයොත් ඉන්නවා. බෝධිපූජා බුද්ධ පූජා එහෙම කරලා, එතන බුුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාව නෙවෙයි නමුත් මූලිකවම ශාසන ප්‍රතිපදාවෙ තියෙන්නෙ අරමුණක් objective එකක්...

ඒ අරමුණ පිණිස කැප වීමක්- ප්‍රහාණය තමයි අරමුණ... ඒ කිව්වෙ නිර්වාණය
“ඉදං මෙ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු“
කියලා ප්‍රාර්ථනාව කෙරෙන්නෙ ඒ අර්ථයෙන්
නැත්නම් ගඟක් ළඟට ගිහින් මාව ගඟෙන් එතෙර වේවා කියලා කරනවා වගේ එකක් නෙවෙයි
මේ කරපු පින මට සියලු දුකින් අත්මිදීමට හේතුවක් වීමට අරමුණු කිරීමක්....
කුසලයක් වර්ධනය කරනවා කියන්නෙ කොහොමත් යහපත් මිතුරන් ඇසුරට ලැබෙනවා
මොකද හොඳ දේට හොඳ දේ එකතු වෙන නිසා ඒ අනුසස දැන ගැනීම නිසා කුසල බලය තවත් වැඩි වෙනවා.. හිත තවත් ප්‍රමෝදයට පත් වෙනවා
ඒ ගාථාව කියන එකෙන් වෙන්නෙ ඒකයි...

එහෙම නැතිව අපේ ඒ ගාථාව කවුරුහරි අහගෙන ඉඳලා බාලයින්ගෙන් අපිව කවුරුවත් ඈත් කරනව නෙවෙයි.....

Update

බෞද්ධ අයට යාඥාව නැති බව ඇත්ත. ඒවගේ දේවවාදී ආගම් වල නිර්මාතෘවරු වෙච්ච සියලුම දෙවිවරු වගේ ඉන්නවා දේව මණ්ඩලයේ. ඔය අතර ප්‍රධාන දෙවියන් වෙන්නෙ සක් දෙව් රජ. සක් දෙව් රජ, දිව්‍ය, බ්‍රහ්ම 2ටම ප්‍රධානයි.
සක් දෙව් රජ හොඳ බෞද්ධයෙක්. අනිත් සියලු දෙවිවරුත් දහමට ගරු කරනවා.
බලන්ගොඩ ආනන්ද මෛත්‍රි නාහිමියන් ගැන ලියවුනු පොත් වල තියෙනවා උන්වහන්සේ වදාරලා, දෙවියන්ගෙන් ඉල්ලීම වරදක් නෙමෙයි කියල. ඉතින් කෙනෙක් අධිෂ්ඨාන විදියට කලත්, ඉල්ලීමක් විදියට කලත් ඒක වරදක් නෙමෙයි.

එකම දේ තමන් හරියට සිල්වත්ව - ගුණවත්ව ඉන්න ඕන. එතකොටයි ආශිර්වාද ලැබෙන්නෙ.

Thursday, December 15, 2016

අමාදහර බලද්දි මතක් වෙච්ච ඒවත් එක්ක..

කාවන්තිස්ස රජතුමා මැරුණට පස්සෙ, තිස්ස කුමාරය ඇවිල්ලා කඩොල් ඇතාත්, විහාර මහා දේවියත් අරගෙන යනවා. ගැමුණු කුමාරයා මාලිගාවට ඇවිල්ලා, පණිවිඩ යැව්වත් අම්මවත්, කඩොල් ඇතාවත් එවන්නෙ නෑ තිස්ස කුමාරය...
ඒනිසා යුද්ධ කරනවා, දසමහා යෝධයෝ යුද්ධෙට එන්නෙ නෑ.

පලවෙනි යුද්දෙ පැරදිලා ගැමුණු කුමාරයා පහුබහිනවා. දෙවෙනි යුද්ධෙ ගැමුණු කුමාරය දිනනවා, මට මතක විදියට යුදගනාව පිටිය වගේ මතක.
යුද්දෙ දිනන්නෙ ගැමුණු කුමාරය තමන්ගෙ වෙළඹ, කඩොල් ඇතාට උඩින් පනින්න සලස්වලා ඒනිසා කඩොල් ඇතාගෙ පසුබෑමත් එක්ක සේනාව පැනලා ගියාම වගේ මතක..

කොහොම හරි පැරදුනු තිස්ස කුමාරය පැනලා යන්නෙ දෙමටමල් විහාරෙට, ගිහින් ඇඳක් යටට රිංගනවා. නායක හාමුදුරුවො මේක දකිනව. දැකලා සිවුරක් පෙරවනවා ඒ ඇඳට.
තිස්සව හොයාගෙන ආපු ගැමුණු කුමාරය නායක හාමුදුරුවන්ට වඳිනකොට දකිනවා ඇඳ යට තිස්ස ඉන්න බව..
ඒ වගක් නොකියා නායක හාමුදුරුවන්ගෙන් අහනවා “තිස්සයා මෙහි ආවාද “ කියල..
නායක හාමුදුරුවො උත්තර දෙනවා “තිස්සයා ඇඳෙහි නැත“ (ඇඳ යට ඉන්න බව කියන්නෙ නෑ)..
හාමුදුරුවන්ට තියෙන ගරුත්වයට, එලියට ඇවිල්ලා පන්සල වටේ මුරකාවල් තියලා සේනාව එක්ක ගැමුණු කුමාරය ඉද්දි මේක ඉවරයක් නැති බව තේරුම් ගන්න නායක හාමුදුරුවො අපවත් වෙච්ච හාමුදුරු කෙනෙක් ගෙනියනවා වගේ ඇඳක තිස්ස කුමාරය තියල, හාමුදුරුවරු 4 නමකගේ උරහිසින් එලියට යනව.
හැමදේම හොදින් දන්න ගැමුණු කුමාරය,

“ තිස්ස, කුලදේවතාවුන් පිටින් යෑම අප වැන්නවුන්ට තරම් නොවෙයි, කුල දේවතාවුන් නුඹට කල උපකාරය මතු සිහි කරව“ කියල යනව.
(තමන්ගෙ බලය පාවිච්චි කරලා තිස්සව කුදලගෙන යන්නෙ නෑ)..

- පස්සෙ මහ සඟරුවන මැදහත් වෙලා අයියල මල්ලිලා සමගි කරනව...
ඒකාලෙ රජවරුන්ගෙ තිබුනු විනය ගැන කියවුනේ. දසමහා යෝධයන්ගෙ විනය ගැන..
අද අයට නැති..

අද හාමුදුරුවරුන් කියන දෙයක් හරියකට අහන්නෙ නෑ, ඊට වඩා තමන් දන්න බව හිතන බලේ නිසා මොලේ ඉදිමිච්ච අය වැඩියි...
- කොහොම හරි, ඒ විනය රැකගත්ත දුටුගැමුණු මහ රජතුමාත්, සද්ධාතිස්ස රජතුමාත් දෙදෙනාම දිව්‍ය ලෝකයෙ මහා බලසම්පන්න දිව්‍ය රාජයන් 2ක්...
ඒ තමයි හරියට හිටියාම, විනය රැක්කාම තියෙන යහපත..
(භාවනා කරන අයට අධිෂ්ඨාන කරලා භාවනා කලොත් දර්ශනය වේවි)

- අද කතාව #විනය ගැන අමාදහරෙ... අත්තනායක සර් කියපු කතාවට පොඩ්ඩක් එකතු කරල හ්ම්..
#swarnawahini #amadahara #attanayakamherath #dectsh2016 #අමාදහර #දුටුගැමුණු #සද්ධාතිස්ස #දසමහායෝධයන්

Tuesday, December 13, 2016

Hmm may be...



May be we still can make a better future to our country...
Struggled for years.. and tired now...
Still have the faith on this country and our people... hmm

(My feelings with experiences after watching this)

සමහරවිට තවමත් අපේ රට හොඳ තැනකට ගේන්න, යහපත් සමාජයක්, ජිවන තත්වය දියුණු, සතුටින් - සැපෙන් - සංතෘප්තියෙන් ඉන්න ජනතාවක් හදන්න කාලෙ තියෙන්න පුලුවන්..
අවුරුදු ගානක් දේශපාලනයත්, ඒ හා බැඳුනු සෑහෙන කාරණාත් නිසා ටිකෙන් ටික පරිහානියට යන, දැනටත් පරිහානියේ ඉන්න රටක් වෙච්ච අපේ රටේ ගොඩක් දේවල් නිසා ඇති වෙන්නෙ කලකිරිමක්... ඊටත් වඩා ලොකු විඩාබර ගතියක්...

මොන පක්ෂෙ බලයට ආවත්, ජනතාව නඟා හිටවන්න පිලිවෙලට වැඩ නොකර, එක එක කොම්පැනිකාරයන්ගෙයි, වෙන රටවලයි අතකොලු වෙවී, තමන්ගෙ දරු පවුලයි - තව තමන්ට හිතවත් අයයි ගොඩදාන සිස්ටම් එක වෙනස් කරන්නම ඕන...
- එහෙම කරපු ගොඩක් දේශපාලකයෝ දැන් ඉන්නෙත් අසහනෙන්, පීඩාවෙන්.. මැරුණු එහෙම ගොඩක් අය ඉන්නෙත් නරක තැන් වල..
ඒව හිතන්න මොලයක් තිබ්බ නම් කියල වෙලාවකට හිතෙනව..
කොහොම හරි රට - අපේ අය ගැන තාම විශ්වාසයක් තියෙනව.....

#dectsh2016 #lka #lanka #dahampahana #kandula #chalesthomas

Sunday, December 11, 2016

The Longest Ride (2015)

I'm an ordinary man who fell in love with an extraordinary woman.
Ruth had an incredible eye for talent... while I only had eyes for her.
For me... the great joy of collecting wasn't in the art itself, but in the person

I collected it with. 
My beloved Ruth, he happiness these paintings brought her was immeasurable. And sharing that happiness... was the great privilege of my life. We celebrated, we achieved.
We endured, we compromised.


And above all... we loved.

The true work of art... as the longest ride Ruth and I shared. This thing called life.
There's not a painting here I wouldn't trade in a heartbeat.. to hear her voice, or see her smile.
Just one more time.


විචාර ලියන්න නොතේරෙන මම, මූවි එකේ ගියපු කතාව ඒ විදියටම අහගෙන ටයිප් කලා..

ජිවිතය කියන දේ ගැන එක එක විදි වලින් එක එක වෙලාවට අත්දැකීම් අපිට ගතෑකි. මේ කතාව එක විදියක්. කාලෙකට පස්සෙ ටිකක් සැරට දැනුනු එකක්..
විවාහ ජිවිතයෙදි දරුවො ඉන්න ඕන කියලම නියමයක් නැතිව ඇති.., හැබැයි දරුවො ඉන්න එක වටිනවා.. අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න, එහෙම කියන්නෙ එයාල කවදහරි සලකාවි කියන දේටම නෙමෙයි, සමහරවිට ඒක අපිට හිතෙන්නෙ අපේ රට වල විදියට අපි හුරු වෙලා ඉන්න විදිය නිසා වෙන්නැති හ්ම්...

ජිවිතේ ගැන දන්නව මදිද මංදා.. ඒත් මේ අත්දැකීම් එක්ක සියදහස් ගණනක් දේවල් තිබුනත් දන්න ඒව.. තාමත් මදිද මංදාය.. 

Thursday, December 8, 2016

Farewell Chayavi - May you attain Nibbana

ඔයා මගෙ යාළුවෙක් වෙන්න කාලෙක ඉදල හිතුවත් අන්තිමට මම ගත්තෙ Yasiru මල්ලිගෙ ඉන්නව දැක්ක නිසා..

යාළුවෙක් විදියට ඔයා සෑහෙන කැපවෙලා යාළුවන්ට උදව් කරන්න බලන යාළුවෙක්..
මාස 2-3ක් එකදිගට චැට් කරා, කෝල් කලා.. පස්සෙ කාලය එක්ක වැඩිය කතාබහක් නැතිව හිටිය..
- මාස 2කට විතර කලින් පින්තුරෙක සුකුමාල් අයියෙ ඔයාව හොයල බැලුවෙ නැත්තෙ මට වැඩ තිබ්බ නිසා, නැතිව අමතක වෙලා නෙමෙයි කියල කිව්වත් මතකයි..

- ඒ දවස් වල අපිට ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා, හරීන් ඇමතිතුමාගෙ මාධ්‍ය ලේකම්තුමාට කතා කරල ලබාදුන්නු උදව් වලට බොහෝම පින් Gayantha Karunathilaka ඇමතිතුමාට වගේම Devinda අයියටත්..
- මේ වෙලාවෙ #චායාට උදව් කරපු ෆේස්බුක් එකේ ගොඩක් අයට බොහෝම පින්.. අපෙ #ලලිතා ආන්ටි ඇතුළු ඒ හැමෝම...

- හොඳ වැදගත් පවුලක ඉපදිලා, ඉහලින්ම ඉගෙනගෙන, හොඳ දෙමාපියො ලබපු ඔයාට මෙහෙම දෙයක් උනේ අපෙත් අවාසනාවට තමයි හ්ම්..
කවදහරි දවසක අපේ කෙනෙක් අපි දන්න කෙනෙක් මේ ලොකු නෝනා කියන්න ලැබේවි, දවසක දරුවො ඉන්න කාලෙක බලන්න එන්න ඕන කියල ඔයාටත් කිව්වත්, ඒව එකක්වත් නොවුනෙ අපෙත් අකුසලයකට තමයි...
සංසාරේ පුරාවට තුනුරුවන්ගෙ සරණ ආශිර්වාදය ලැබේවා !
මතුයම් දිනක නිවන් ලබන්නට කල පින් හේතු වාසනා වේවා !

( I took this pic 23rd of Dec 2015 at Ministry Of Telecomunication & Information Technology)

Friday, December 2, 2016




දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුනා..
මනමාලි වී ඈ හද ගින්න අවුලා පිටගම් යනවා  බොඳවී පෙනුනා..

බාලේ ඉඳලා හඳ බැඳි ආදරේ ගෙල රන්තාල නොබැඳී අවසන් උනේ..
කාලේ ගෙවිලා මං ගම ආ දිනේ ඈ කරකාර බැඳලා නොකියා ගියේ..
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුනා..

මාදං කැලෑවේ ලඳු ඕවිටේදී බාලේ ඉඳන් කී කවි ගීතිකා
පාවී ගියාවේ සුළඟේ වෙලීලා ආලේ නමින් වූ හද ගී මකා..
නොසිතූ සේ ආදර මල් පෙති විසිරෙයි සිත වැලපේ සුහදේ
නොපැතූ සේ යායුතු වෙයි මේ ඉරණම් ගමනේ කඳුලින් මෙසේ..

දේදුන්න සේදී....

ආලේ ලවැල්ලේ වැව් තාවුලේදී දිවුරා හදින් මේ බහ දුන් නිසා..
දෑසින් මහෝගේ උතුරා ගැලූවේ දෝරේ ගැලූ දා බැඳි ආදරේ..
තනි වූදා මාපිය සෙනෙහසටයි හිස නැමුනේ රහසේ..
නොපැතූ දා මා හද දෙව් ලොව හැර යන්නම් මිහිරේ තරු ඇස් වැසේ..

දේදුන්න සේදී ....