Tweets by @Tweetsbysuku myblog: බිස්නස් ඇයි - 3 ( මනෝ විද්‍යාව හා බැඳුනු ධනාත්මක චින්තනය, ජෝතිෂය සහ Network marketing )

Facebook Fan Page

Friday, May 23, 2014

බිස්නස් ඇයි - 3 ( මනෝ විද්‍යාව හා බැඳුනු ධනාත්මක චින්තනය, ජෝතිෂය සහ Network marketing )

මනෝ විද්‍යාව ධනාත්මක චින්තනය වගේ ඒව මතක ඇති කාලේ ඇඟේ තිබුනු දේවල්... ඕලෙවල් කාලෙත් ඒලෙවල් කාලෙත් ඒව හෙව්වා ඉගෙන ගත්තා. අදහස තිබ්බෙත් මනෝ රෝග විශේෂඥයෙක් වෙන්න හරිස්චන්ද්‍ර මහත්තය වගේ.
ලංකාවෙ ඉන්න තරමක් මනෝ විද්‍යා දේශකවරු වගේම විශේෂයෙන් ධනාත්මක චින්තනය ගැන කතා කරන අය ගොඩක් අය මුණ ගැහිලා තියෙනවා, දේශන වලට සහභාගි වෙලා තියෙනවා. ඒ අතරින් කුමා ඉද්දමල්ලෙන මහත්තය විශේෂයි.
වෛද්‍ය රත්නසිරි බණ්ඩාර මහත්තයගෙ නම් ගෙදරත් ගිහින් ඉගෙන ගෙන තියෙනවා නුවර ඉන්න කාලෙ.
කොහොම හරි ධනාත්මක චින්තනය වගේම මනසට විඩාව නොදැනෙන්න පාඩම් කරන හැටි ඉගෙන ගන්න හැටි ගැන සෑහෙන්න පර්යේෂණ පවා කරල දන්නව. සමහර ඒ ක්‍රම වලට කරපුවා අදටත් අමතක නෑ.
ඒව එහෙම උනත් ඔය එක එක චින්තන කියන අතිබහුතරය කරන්නෙ ව්‍යාපාරයක්. එතනදි ධනාත්මක චින්තනය වගේ ඒව පෙන්වන්නෙ එහෙම වෙන්න කියල නෙමෙයි ව්‍යාපාරය පවත්වා ගන්නයි. ඒක අත්දැකීමෙන් දන්න දෙයක්. ඉදහිට ඒවයෙන් වැරදුනාම මනෝ මූලික අක්‍රමිකතා දක්වා දුර ගියපු ඒවත් දන්නව. ( මම පස්සෙ මනෝ විද්‍යාව ඉගෙනත් ගත්ත ඒක අතෑරියේ බුදු දහමෙයි මනෝ විද්‍යාවෙයි තිබුනු සමානකම් නිසා, මනෝවිද්‍යාව ඉගෙන ගන්න එක ඒ තරම වැඩක් නෑ කියල හිතුනු නිසා)

ඒලෙවල් වලින් මෙඩිසින් නොගියම කල්පනා කලේ ඇයි කියල. එතකොට තමයි දැනගත්තෙ ගාල්ලෙ කේන්දර අංකල් කියල තියෙනව කොච්චර මහන්සි උනත් මෙඩිසින් නම් යන්න බැරි වේවි කියල. ඒක දන්නෙ විභාගෙ ප්‍රතිඵල ආවට පස්සෙ. ඉතින් හෙව්වා ජෝතිෂ්‍යය කියල දෙයක් තියෙනව කියල.
ඒක හොයාගෙන බලාගෙන යද්දිත් සෑහෙන ඒව තියෙනව.
ජෝතිෂ්‍යය සේවය නිසාත් ඇත්තටම සැනසීමක් තියෙනව. ශාන්ති කර්ම සහ උපදෙස් අනුව කටයුතු කල නිසා යහපතක් වෙලා තියෙනව.

Network marketing මේ ව්‍යාපාරයට මම සම්බන්ධ වෙන්නෙ අවුරුදු 2-3කට කලින්. සෑහෙන පාඩු ලබල තියෙනව. පාඩු ලබද්දි මට ඒ ව්‍යාපාරයේ හිටපු අපිට වඩා ගොඩක් පරිණත අය, වයස 45න් එහා අය දුන්නු උපදේශය තමයි,
“ අපි අවුරුදු 20කට වැඩි කාලයක් ලක්ෂ 50-60ක්වත් නැති කරගෙන ලබන අධයාපනය ඔයා ලබනවා අවුරුද්දක් 2ක් වැනි කාලයක් තුල ලක්ෂයක් 2ක් නැති කරගෙන කියල.. “

මුලින් නොතේරුනත් මට පස්සෙ තේරෙන්න ගත්ත.. මම මේ ව්‍යාපාරයට කැමති ඇත්තටම ඒක නිසාම නෙමෙයි.
මම කැමති මේකට, කේන්දරයේ මොනව තිබුනත්, වෙන වෙන ප්‍රශ්න නිසා හිත කොච්චර අවුල් වෙලා තිබුනත් මේ වයාපාර ක්‍රමය නිසා සහ එයින් මුණ ගැහෙන යහපත් අය නිසා සෑහෙන්න අඩු වෙච්ච නිසා.

මට මතකයි සතියට එක දවසක් මුණ ගැහිලා කතා කරද්දි මම යන්නෙ හොඳටම අවුල් වෙලා, කේන්දරේ බලද්දි ඒවත් අවුල්, ධනාත්මක චින්තනයෙනුත් ඇති වැඩක් නෑ. නමුත් අර පරිණත අය එක්ක කතා කරාම ඒ වැරදි, අවුල් ගැන එයාල තේරුම් කරල දුන්නම මාත් ඒක හරියට හිතුවම අර ගැටළු හැමදේම ගිහින් අපල දුරු වෙලා හිතත් හැදිලා නැවුම්ව වැඩ කරන්න හිතෙනව දියුණුවට.

ඒවගේම එක ව්‍යාපාර කරන කෙනෙක්, අවුරුදු ගානක් ව්‍යාපාර කරලත් රෝල විතරක් ගහගෙන හිටිය කෙනෙක් මට මෙහෙම කිව්වා,
“ සුකුමාල් මම අවුරුදු 15කට වඩා රස්සාවෙන් අස්වෙලා ව්‍යාපාර කරනව. මම කරන ක්ෂෙත්‍රයේ අදාල තාක්ෂණය අනුව අපෙ කම්පනිය ඉදිරියෙන්ම ඉන්නෙ. ඒත් ගිය අවුරුද්දෙත් පඩි ගත්තේ අන්තිම මාසේ. අනික් කාල වල පඩි ගෙව්වෙ රස්සා කරන අයගේ විතරයි. ඒ කාලේ මට අල්ලගෙන ඉන්න උදව් කලෙ නෙට්වර්ක් මාකටින් ව්‍යාපාරය.
ඒවගේම කොච්චර ව්‍යාපාර කලත් ගමේ ඉදගෙන දරුවො එක්කගෙන ආවම ලොකු රෙස්ටුරන්ට් එකකට එක්කන් ගිහින් වියදම් කරලා මාසෙකට පාරක් කන්න අරන් දෙන්න හැකියාවක් තිබුනෙ නෑ. ඒ හැකියාව මට ලැබෙන්නෙ මේ ව්‍යාපාර ක්‍රමය නිසා... “

“ ඒක නිසා සුකුමාල් සතුටු වෙන්න. මේ ව්‍යාපාරයේ හැම කෙනාම ඉන්නවා ඒ හැමකෙනාම ඔයාට අවවාද දෙනව, කියල දෙනව ඒ අතර ඔයාගෙ හැකියාවත් භාවිත කරනවා එයාලටත් දියුනු වෙන්න.
ව්‍යාපාරයක් කියන්නේ ආත්මාර්ථකාමි දෙයක්. තමන් දියුණුව විතරයි. නමුත් අනිත් අයව දියුණු කරන්නත් මේකෙ පුලුවන්. තමන් දියුණු වෙන්නත් අනිත් අයව දියුණු කරන්නත් පුලුවන් වෙන ව්‍යාපාර ලෝකෙ තියෙනවද... ? “

No comments:

Post a Comment