Tweets by @Tweetsbysuku myblog: June 2015

Facebook Fan Page

Monday, June 29, 2015

දේශපාලන වාසි ගෙන නැත්තෙමි !

අපිත් එක්ක ඉස්කෝලෙ හිටිය යාළුවෝ, සමහර ඥාති වෙන අපේම අය එහෙම හිතාගෙන ඉන්නවා අපි ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් අරක මේක කරගන්නව කියල...
අපි තඹ දොයිතුවක දෙයක් දේශපාලනයෙන් කරගෙන නැහැ. අපේ සීයලගෙ ඉදල එහෙමයි.

මේ ලගදිත්, අපෙ ඉස්කෝලෙ මල්ලි කෙනෙක් කිව්වා, යාළුවො කතා වෙද්දි කෙනෙක් කිව්ව කියල සුකුමාල් අයියට ‪#‎ITN‬ එකේ ලොකු පෝස්ට් එකක් දීල කියල..
මම කිව්වා අයිටිඑන් එක ගාවින් නම් යනව... තාම ඇතුලටවත් ගිහින් නෑ කියල..

දේශපාලකයෙක් අපෙන් උදව් ඉල්ලුවාම කරල දෙනව... ඒකත් බොහෝවිට ඥාතිත්වයයි, හිතේ හොඳකුයි පැවතුනොත් විතරයි..
ඒ ඇර අපි කාලා ඇඳල ඉන්නෙ සංසාරෙ කරපු පිනට ලැබෙන දේවල් නිසා මිස, ටිකක් බලය ලැබෙද්දි ඉදිමෙන, මෝඩ වෙන දේශපාලකයොවත් ඒ බලය නිසා එයාලව වටකරගන්න අය නිසාවත් නෙමෙයි... හ්ම්..

https://www.facebook.com/sukumal.harischandra/posts/10205598256350254

Sunday, June 28, 2015

දැනගත්ත දෙයක්..

‪#‎Hemas‬ පෞද්ගලික රෝහල ගැන ඊයේ We Support to Maithri කියන පේජයේ මේ පින්තුරය තිබ්බ.

(https://www.facebook.com/we.support.maithri/photos/a.730277823746151.1073741828.729867943787139/850268388413760/?type=)

මුලින්ම ඒ ගැන දැනගත්තෙ Piyum Srilal මහත්තය ගෙනුයි..

ඊයෙම ඒ අදහස බොරුවක් කියල Hemas Hospital, Thalawathugoda පේජ් එකේ දාලා තිබ්බ.
ඒනිසා අද ඒ පැත්තෙ ගිහින් ඒ රෝහලේ බලධාරින් එක්ක කතා කරලා ඒ ගැන අදහසක් ගත්ත.
උඩ තියෙන ලින්ක් එක සම්බන්ධව එයාල පොලිසියට පැමිණිලි කරල තියෙනව.
ඉක්මණින් අදාල පැමිණිලි අංකය සහ පුලුවන් නම් පොලිස් පැමිණිල්ලෙ පිටපතක් ෆේස්බුක් වල පල කරයි කියල අපි හිතනව..

හේමාස් එක අයිතිකාර මහත්තය මුස්ලිම් තමයි. අපි නිතර යනකොට නම් මුස්ලිම් අය නෙමෙයි මුණ ගැහෙන්නෙ වැඩ කරන ගොඩක් අය සිංහල අය..
එක රටක් විදියට නැගී හිටින්න තව ගොඩක් කරුණු කාරණා තියෙන කාලෙක... අන්තවාදයවත්, ජාතිවාදවයත් අපිට අවශ්‍ය නැති බවයි අපේ විශ්වාසය..
දේශපාලන උවමනා වලට මේව භාවිත නොවෙන්න අපි බලාගන්න ඕන...
නැත්නම්.. ඊලග පරම්පරාවල්... අපි ගැන හොඳින් හිතන එකක් නම් නැහැ...... හ්ම්..

Friday, June 26, 2015

මහරජ ගැමුණු - කාලෙකින් බැලුව හොඳ අපේ සිනමා පටයක්

කාලෙකට පස්සෙ හොඳ දෙයක් විදියට මේ සිනමා පටය ගැන හිතන්න පුලුවනි.

මූලික හේතුවක් විදියට ඉතිහාස කතා වල විකෘති කිරීම් අවම වීම වෙන්න පුලුවනි...

වෙන ෆිල්ම් වලට වඩා බොහොම දියුණුයි සංසන්දනාත්මකව බැලුවාම.

අපි අපේ රට ජාතිය රැකගත්ත විදිය... හ්ම්...

එහෙම හිතද්දි තේරෙනවා, එදා රට රැකපු අය, විශේෂයෙන් දුටු ගැමුණු මහරජතුමා වගේ අය රටට තිබුනු ආදරය ස්ථිර අවංක එකක් බව.
අද මහ ලොකු නායකයෝ කියන 1ක්ටවත් නෑ එහෙම අව්‍යාජ බවක්... ඒක තමයි හෙණේට හිටල තියෙන්නෙ මෙච්චරකල්....

Wednesday, June 24, 2015

Me... ? hmm most probably ^_^




මම මේ ලෝකෙ ඉන්න හොඳම පිරිමි ළමයලු... හොඳම සහෝදරයලු....
kiki emoticon නංගි කෙනෙක් කිව්වෙ...
" you are the best brother in whole world Aiya " - a Sister told me....

https://www.facebook.com/sukumal.harischandra/posts/10205557437969820


























Monday, June 22, 2015

මහින්ද මහත්තයා ගැන Chathura Senaratne මහත්තයාගේ ප්‍රකාශයට විරුද්ධයි...

අපේ මහින්ද මහත්තයා ගැන Chathura Senaratne මහත්තයාගේ ප්‍රකාශයට අපි විරුද්ධයි...

මුලින් තේරුම් ගන්න ඕන වයසින් වැඩිහිටියෙක් නේද කියල..
මහින්ද මහත්තය කියන්නෙ මේ රටේ හිටිය ජන නායකයෙක්, පාලකය වෙච්ච කෙනෙක්. 30 අවුරුදු යුද්ධයක් ඉවර කරන්න නායකත්වය දුන්නු කෙනෙක්..
රටේ නායකත්වයට බොහොම කරදර විඳලා එතනට ආපු කෙනෙක්.

#‎චතුරසේනාරත්නව‬ අපිට හිතෙන්නෙ නාමල් අයියල වගේ කියල... තාත්ත කැබිනට් ඇමති නිසා පටන් ගන්නෙ ඉහලම තැනකින්... - ඔහොම වෙන්න ගියොත් වැඩිදුර යන්න ලැබෙන එකක් නැහැ.

#‎බෙලිඅත්ත‬ ගැන අපි දන්න ටිකට අනුව ඔබතුමා එහෙ ගිහින් ඉල්ලුවොත් ඡන්ද 5ක් ගන්න ලැබෙන එකක් නැහැ. දකුණේකමත් එක්ක මහින්ද මහත්තයට ඒ පැතිවල මිනිසුන්ගෙ තියෙන භයමුසු පක්ෂපාතිත්වයත්, ආදරයත් අපි දන්නව...
එජාප රජයක් යටතේ භීෂණය තියෙද්දිත් ඒ පැති දිනපු තරුණ මහින්ද මහත්තයට, රාජ්‍ය නායකත්වයත් හොබවල දැන් බෙලිඅත්ත දිනන්න බැරිවෙනව නම් ඒක බොළද සිතිවිල්ලක්....

‪#‎Yahapalana‬ ආණ්ඩුව ගෙනාවෙ රටේම ජනතාව.... කලින් අය යුද්ධෙ තනි සින්නක්කරේට ලියාගත්ත වගේ, මේ ආණ්ඩුවත් තමන් මහන්සියෙන් තනියෙන් ගෙනාව වගේ හැසිරෙනවට අපි කැමති නැහැ.
හරියට මොලයක් තියෙන අය කැම්පේන් කලොත් ඔබතුමාගෙ කතාවෙන්ම යහපාලනේ වට්ටන්න තරම් පුලුවන්කමක් තියෙනව...

https://www.facebook.com/sukumal.harischandra/posts/10205540260780401

Sunday, June 21, 2015

ජනමාධ්‍ය ඇමතිතුමාට දෙන Social Media Service ගැන

අපි Gayantha Karunatilleka ඇමතිතුමාට ලබාදෙන සෝෂල් මීඩියා සපෝට් එක ලබාදෙන්නේ ඥාතිත්වයටත් වඩා එතුමාට ඇති ගරුත්වය නිසායි.

ඒ ඇර වෙන කිසිම වාසියකට නෙමේය. අතින් වියදම් කරගෙන කැම්පේන් කරන්නෙ, ඉදිරි අනාගතයේ දේශපාලන සංස්කෘතිය හැඩගැසිය යුත්තේ මෙවන් ගරුත්වයක් ඇති චරිතවත්, රට සහ ජනතාව ගැන විශ්වාස කරමින් දේශපාලකයන්ගෙන් නිසා බව තරයේ විශ්වාස කරන නිසාය.

‪#‎Yahapalanaya‬ ගෙනාවේ, ගෙන ඒමට ප්‍රාර්ථනා කලේ යහපත් රටක් සාදාගැනීම පිණිස පමණි. රටට හොඳ වූවිට එය ඉබේම අපිටද හොඳක් වන බව විශ්වාස කරන නිසාය.
කලින් අය කලා වගේ තමන්ගේ අයට හෝ හෙංචයියන්ට මඩි තර කරන කටයුතු ඉදිරියට වෙන්නේ නම් ඒ ඉතා අල්පයෙනි.
රටට හොඳක් වෙනවාමය !

Thursday, June 18, 2015

මල් පූජා කිරීම ගැන...

මේ දවස් වල Romantic අදහස් පහල වන්නේ නැත.
Job කරන අයට වගේ හොඳින් කරන්නට, හෝ ටාගට් කවර් කරන්නට ඇත්තේද නැත.
වැඩක් විශේෂයෙන්ම කරන්න හිතෙන්නේත් නැත. කරපුවා කරගෙන යනවාය..
එක ලොකු තැනක එකෙක්ගේ ලොකුකම වැඩි නිසා ඊට වඩා හොදින් මගේ වැඩේ කරගෙන යනවාය..

මේ දවස් වල හොඳින්ම කරන වැඩේ නම්, බුදුන් වඳින්නට මල් හොයන එකය... හිතට සැනසීමක් ලැබෙන්නටද හොඳ දෙයකි - මල් පූජා කරලා වඳින එක... හ්ම්..
ගාල්ලෙ වගේ ලේසියෙන් මල් හොයන්න කොළඹදි බැරිය...
එක්කෝ සල්ලි වලට ගන්න ඕනය.. නැත්නම් මහන්සි වෙලා ගේන්න ඕන...

සුදු මල් නම් ගොඩක් තැන්වල තිබුනත්, විෂ්ණු දෙවියන්ගේ නාමයෙන් සියලු බුදුවරුන්ට පූජා කරන නිල් මල්(නිල් කටරොඩු), ලක්ෂ්මි මෑණියන්ගේ, තාරා මෑණියන්ගේ නාමයෙන් සියලු බුදුවරුන්ට පූජා කරන කහමල් ආදිය පවා සොයාගන්නට අමාරුය.. - ඒක දුකකි.. හ්ම්..

ඉතින් අනුරාධපුරේ ගියත් පාට පාට මල් අරගෙන එනවාය..
ගමේ ගියත් වෙනම පෙට්ටියක් ගෙනිහින් මල් ගේනවාය...

අද බුද්ධ පූජාවට එළකිරි හොයාගන්න ගිය වෙලේ කහ මල් ගොඩක් තිබුනා දැක, ඒ ගෙදර වයසක අංකල්ගෙන් මල් කඩාගන්නද ඇහුවාම හා කිව් නිසා සතුටින් මල් කඩා ගත්තෙමි..
ඒ අංකල්ට තෙරුවන් සරණ පතලා ආවෙමි... ඉතින් හිතට සතුටුයි.. අනුරාධපුරේදි කෑමට අමතරව නිල් මල් 200ක් විතර ගේන්න ලැබුනු එකත් සතුටකි.. හ්ම්..

බුදු පුදට මල් වවන සියලුදෙනාට තුනුරුවන්ගෙ ආශිර්වාදය දෙවි රැකවරණය ලැබේවා !

පහුගිය කාලෙ මම හරියට නොකල වගේම කරන්නවත් නොදැන හිටිය මල් පූජාව දැන් හොඳට දන්න කෙනෙක් වගේ කරන්න ලැබෙන එක හොද දෙයක් වෙන්න ඕන... දහම් පාසල් ගිය කාලෙත් ගෙදරදි මල් එක හදාගෙන ගියා මිසක් මල් වට්ටියක් හදාගන්න මට පුලුවන් කමක් තිබ්බෙ නැ. දැන් පුලුවනි... හ්ම්..
https://www.facebook.com/hithenadewal/posts/686647068134198

Wednesday, June 17, 2015

ඉස්සරහට එන්නෙ යහපත් කාලයක්, රටටම...

හරියට හිටපු අයට, ගුණධර්ම රැකපු අයට යහපත් කාලයක්..
වැරදි කරපු අයට, මොන තරාතිරමේ උනත් විපාක ලැබෙන කාලයක්...

නරකින්, වරදින් ඉන්න ගමන් අපිට මොකුත් වෙන්නෙ නෑ කියල ලොකුවට හිටි අයට වරදිද්දි හරියට ඉන්න ඕන කියල අනිත් අයට තේරෙන කාලයක්...

රනිල්ට විශ්වාසභංගෙ ගෙනැල්ලා ආණ්ඩුව පෙරලල, මහින්ද මහත්තය බලයට ගේනව කියල ටික දවසකට කලින් කොටසක් කියද්දී , රනිල්ගෙ පින බලවත් කාලෙ මොකුත් වෙන්නෙ නෑ කියල මම අහල කිව්ව.. ඒක ඒවිදියටම උනා...

ඡන්දෙන් පැහැදිලි බහුතර බලය ලැබෙන්නෙ එජාපෙට ..
පොදු ජනතාවට මේ ආණ්ඩුව ගැන පැහැදීමක් තියෙනව...
ෆේස් බුක් එකෙන් එලියට බැස්සම මහින්ද මහත්තයට කවුරුවත් නැති ගානයි.. මේකෙ දගලන ඒවෙයෙන් ගොඩක්ම ෆේක් ඒව...

Saturday, June 13, 2015

මට නිමිති පහල උන කතාවක්.. හ්ම්...

ඔන්න එකෝමත් එක කාලෙක, ෆැසිස්ට්වාදි පාලනයකින් මිනිස්සු මරනවලු....
ඒ උනාට නිහඬව හිටියලු... මාව නෙමෙයිනෙ කියල...
ඊට පස්සෙ එහා ගමේ අයව මැරුවලු.... - කමක් නෑ.. මාව නෙමෙයිනේ...
ඊට පස්සෙ අපේ ගමේ අයව මැරුවලු... - මාව නෙමෙයිනේ...
එහා ගෙදර මනුස්සයවත් මැරුවලු... - මාව නෙමෙයිනේ...
අන්තිමට මාවත් මැරුවලු... - ආ කලින් අය මරද්දි මක්කවත් කලා නම්...........

මෙතන දන්න නංගි කෙනෙක් ඉන්නවා... නංගි කවි වලට ආසලු... කවුද ඉතින් ආස නැත්තේ මාත් ආසයි ලියාගන්න බැරිකමට...
කවිය පාවිච්චි කරලා සල්ලාලකම් කරන අයත් ඉන්නවනේ නංගි...
ආ ඒකට කමක් නෑ අයියේ... මට එයාලගෙන් ප්‍රශ්නයක් නෑ.. මම කවි බලන්න විතරයි කැමති...,,

__ උඩ ලියපු කතාවට මේකෙත් අදාලත්වයක් තියෙනවද මංදා __

* විද්‍යා දැරිවිව දූෂණය කරලා මරපු අයට දෙස් දෙන අපි, රුසියානු තරුණිය සමූහ දූෂණය කරපු අයට වෛර කරන අපි...
මෙතන ඉන්න සල්ලාල මහත්තුරුන්ට....
ආ කමක් නෑ අපිට කරදරයක් උනේ නෑනේ කියල ඉන්න එක නිකන් හරියට _____________ මොකක්ද වගේ...

හරියටම කීපදෙනෙක් රටවල් ගානකම ගෙදරත් එයින් එහාටත් යැව්ව වගේ ඉතිරි අයවත් යවනවා, සල්ලාල මහතුනි... නිකන් නෙමෙයි නීතියට අනුවම බොහෝදුරට ඉක්මණට...
තමුන්ලගේ පව තමුන්ලට ඵල නොදුන්නොත්... අපිට මොකුත් කරන්න වේවි...
අනිත් අයට හෙණ ගැහුනත් වෙන අය නොහිතුවට අපිට කරන්න දෙයක් නෑ... අපි හිතනව... හ්ම්...

Thursday, June 11, 2015

‪#‎Yahapalanaya‬ හොඳයි තමයි !



* කලින් ටෙලි නාට්‍යයක් ජාතික රූපවාහිනියෙ හරි අයිටිඑන් එකේ හරි පෙන්න ගන්න එක කොටසකට රු. 50,000 ගානෙ ගෙවන්න ඕන... මේක ප්‍රසිද්ධ රහසක්...
ටෙලි නාට්‍යය අධ්‍යක්ෂකවරු කොයිතරම කරදරේ වැටුනද, කවුරු කවුරු පස්සෙන් යන්න උනාද ....

දැන් ඒ තත්වෙ ඉවරයි... නියමයි ‪#‎ගයිමාමා‬ !

Monday, June 8, 2015

vijitha rohana soysa මහත්තය වෙත - ලින්ක් එකේ එකවුන්ට් එක බ්ලොක් කරල තියෙන්නෙ. පේජ් එකට මොකුත් කලේ නෑ.

https://www.facebook.com/vijitharohanaw
මේ ලින්ක් එකෙන් ඉන්නෙ අර විජිත් රෝහණ සොයිසා කියන ජ්‍යොතිර්වේදි මහත්තයා.
එතුමා කිව්ව මෛත්‍රිපාල ජනාධිපතිතුමා දිනනව කියල. ඒක හරි ගියා.

ඊට පස්සෙ එතුමාම වීඩියෝ එකේ කියනවා, අපිට මොකුත් දුන්නෙ නෑ කියල...
දැන් ජ්‍යොතිෂ්‍යය අනුව ගණන් හදල පෙන්නනවා Maithripala Sirisena ජනාධිපතිතුමාට මාරකයක් තියෙනව කියල...
අපි දන්න දැනුම, ජ්‍යොතිෂ්‍යයට එහා ගිය දේවල් අනුව මෛත්‍රිපාල ජනාධිපතිතුමාගෙ මාරකය ගෙවිල ඉවරයි.
එතුමගෙ මේ වීඩියො එකේ ඒක කිව්වම, අපිට ලොකු කතා කියනවා, ඊට පස්සේ බ්ලොක් කරනවා...
( අපිත් දකුණේ කියන විදියකට ලෑස්තියි කිව්වම බයට කරන්නෙ බ්ලොක් තමා)

https://www.facebook.com/vijitharoh…/videos/702104283252674/

ඔය මහත්තයාගේ එතුමගෙ ෆේස්බුක් එකවුන්ට් එකේ ඉන්න අය ගාන ගැන කියවලා මට කමෙන්ට් කරලා තිබ්බා... මහත්තයා ෆේස්බුක් දකින්නත් කලිනුයි මම ෆේස්බුක් ආවේ...



* ඔබතුමා දන්න දැනුම අනුව දේවල් කියන්න... හැබැයි ජ්‍යොතිෂ්‍යය කියන්නෙ කර්ම ශක්තිය... කර්මය ධෛර්යයෙන් වෙනස් කරගන්න පුලුවනි... ඒක එහෙම නෑ කියනව නම් එතුමා ඍෂිවරයෙක්ටත් වඩා දියුණු වෙන්න ඕන.. ඔබතුමාගෙ අධ්‍යාත්මික ගුණ ඒ තත්වෙ නැති බව ඔබතුමාට තාම තේරිලා නැති හැඩයි..

* මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ මාරක අපල ගෙවිල ඉවරයි. එතුමා ධූර කාලය ගත කරනවා. ඒක එහෙම නොවුනොත් ඔබතුමා හොයාගෙන එන්නම්කෝ...


Saturday, June 6, 2015

මහින්ද මහත්තයගෙ කතා..

අපේ මහින්ද මහත්තයා/Mahinda Rajapaksa දැන් කියනවා....

“ දෙවියන්ට විතරලු“ කියන්න තියෙන්නේ...

එතුමගෙ දැනුමෙ තරමට... දෙවියො කියන්නේ ලොකු පූජා වට්ටියකට කැමති වෙන, වැඩි ගානක් පඬුරු වශයෙන් දුන්නම ඒකට ආසාවෙ තමන්ට ආශිර්වාද කරනව කියල හිතාගෙන වෙන්නැති...

දෙවියො කියන්නෙ අධ්‍යාත්මික ගුණය අතින් අපිට වඩා බොහොම දියුණු පිරිසක්.. දේව මණ්ඩලයේ මාර්ග ඵලලාභි දෙවිවරුත් සෑහෙන්න ඉන්නවා. අපේ බුදුහාමුරුවො විතරක් නෙමෙයි ඊටත් කලින් බුදුවරුන්ගෙ කාල වල හිටිය දෙවිවරු ඉන්නවා...
දෙවිවරු ධර්මය දන්නවා... දෙවිවරු තමයි දහම රැකගන්න කටයුතු කරන්න...

මහින්ද මහත්තයා ගියේ දහම රකින ගමනක නෙමෙයි... දහමට පිටුපාලා තමන්ගෙ හෙංචයියන්ට වැඩ කැමති විදියට කරන්න දුන්නා...
පින ඉවර වෙද්දි, විපාක පටන්ගෙන...
දෙවියන්ගේ තීරණය වෙනස් වෙන්නෙ නෑ මහින්ද මහත්තයෝ... ඒ බව ඉදිරි මාස කීපයෙදි කාටත් දැනගන්න ලැබේවි...
එදාට පරක්කු වැඩි වේවි... පුලුවන් විදියට දන්න භාෂාවෙන් අපහාසයක් නොවෙන්න උපරිම වශයෙන් මහින්ද මහත්තයගෙ අනුගාමිකයන්ට, එහෙම හිතාගෙන ඉන්න අයට කිව්වත්... ඇහුවෙ නෑ නේද කියල තේරේවි...

Monday, June 1, 2015

අපේ රට සහ ඉදිරිය ගැන හිතෙන දැනෙන... හැඟෙන හැටියට...

අපෙ DS අයිය ලගදි දවසක කියල තිබ්බ සිංහල ජාතියට ඉස්සරහට කරදර වැඩිවේවි කියල...
එහෙම අපිටත් නොහිතෙනව නෙමෙයි.. හැබැයි ඉතිහාසයේ ගත්තම ඊට වඩා අමාරු තැන් අපි
පහුකරල ආපු අය...

දැන් පවතින තත්වෙ අනුව හිතුවොත්... දැන් රටේ පාලකයා අපෙ ජනාධිපතිතුමා පින් ඇති කෙනෙක්. අගමැතිතුමත් එහෙමයි. පින ඉදිරියට තියෙන අය...
ඒ අනුව මේ ක්‍රමය ඉදිරියට යනවා. වෙච්ච වැරදි හදාගෙන යනවා. තාම දේශපාලන සංස්කෘතියේ අවුල් නිසා හරියට පැහැදිලි නෑ ගමන..
මහින්ද මහත්තයගෙ පින ගෙවිල ඉවරයි.. ආයෙ ඒමක් නෑ.. අඩුතරමින් ඡන්දෙකටත් එන්න ලැබෙන එකක් නෑ... (ඒකාලෙ වෙන රටවල අය පවා අහද්දි මහින්ද මහත්තය කියල තියෙනවා අද ඉන්න තත්වෙට හේතුව පක්ෂය හැර නොයාම කියල, මූලික කාරණයක් විදියට... ඉතින් වෙන පක්ෂයක් හදාගෙන දෛවයේ සරදමකට ලක් වෙන එකක් නෑ කියල මට හිතෙනව)

අන්තවාදිත්වය සහ ජාතිවාදිත්වය කතා කලොත් කවුරුත් කැමති සතුටින් සැපෙන් ඉන්න.
අපි දන්නවා කොළඹ ඉන්න මුස්ලිම් අය නෙමෙයි කාත්තණ්කුඩි ඉන්නෙ. අමුතු අය. වාහනයක යන්න බෑ ඒ පාරවල... නීතියක් නෑ. හෙල්මට් නෑ. පොලිසියටත් වැඩි බලයක් නෑ. ඒව ඒ ඒ අයගේ වැඩ.
හැබැයි ඒව එහෙම උනත් එකක් පෙන්නලා තව එකක් කරන පාලනයකට වඩා මෛත්‍රි පාලනේ දියුණුයි.
ඒනිසත් රට රකින දෙවිවරු නිසත් ඉදිරියට මේ සියලු ප්‍රශ්න ක්‍රමිකව විසඳෙනව..
අන්තවාදිත්වයේ මූලික තැනකට නේපාලෙට වෙච්ච දෙයක් වෙන්නත් ඉඩ තියෙන අතර ඒකත් අන්තවාදිත්වය අඩු වෙන්නත් හේතු වෙන් පුලුවනි.

මේ රට වාසනාවන්තයි... දෙයියන්ගෙ බුදුන්ගෙ රට... 1 වෙනි බුදුවරයාත් වැඩිය මේ රටට, අපිට වින කරන්න ලේසි නෑ... වෙන රටවල ඒකාධිපති පාලකයෝ අවු 30-40 ඉද්දි අපෙ එහෙම නොවෙන්නෙ ඒකයි...
යටින් තියෙන්නෙ අදටත් වඩා අමාරුවෙන් අපි හිටපු කාල ගැන මතක ටිකක්...
____
* 01) 5 වෙනි මහින්ද රජ එක්ක අනුරාධපුර රාජධානිය ඉවර වෙනව... එතුමා බීමතින් හිටිය පුදුම ස්ත්‍රි ලෝලත්වයක් තිබ්බ, රටේ ආර්ථිකය විනාශ කරපු කිසි දෙයක් නොදන්න කෙනෙක් කියල තමයි ඉතිහාසයෙ දැක්වෙන්නෙ...
ඊට පස්සෙ එතුමාගෙ පුතා 6වෙනි කාශ්‍යප පටන් ගන්නවා(*) එතුමා වික්‍රමබාහු නමින් තමයි මුලින් පටන් ගන්නෙ. අවාසනාවට ලෙඩ වෙලා මැරෙනවා --- ඊට පස්සෙ කීර්ති සෙන්පතිය
ඊටත් පස්සෙ මහලාන කීර්ති --- වික්‍රම පාණ්ඩ්‍ය -- ලෝකේෂ්වර එනවා...
ඊටත් පස්සෙ තමයි මුල ඉදල කීර්ති කුමාරය = මහා විජයබාහු රජතුමා...

* 02) තව එක අවස්ථාවක් තමයි, කෝට්ටෙ මහා රණශූරය වෙච්ච වීදිය බණ්ඩාර නැතිව කෝට්ටේ පාලනය පෘතුගිසින් දොන් ජුවන් ධර්මපාලගෙන් අරගනිමින් හිටි අවස්ථාව.
ඒකාලේ බලවත්ම පාලකයා උනේ සීතාවක රාජසිංහ රජතුමා... ඒත් අරිට්ඨ කී වෙංඩු වගෙ අය නිසා එතුමා බුද්ධාගමට හානි කලා...
සිංහලේ අනතුරේ තිබ්බේ.... රාජසිංහගෙන් පණ බේරගන්නත්, තාත්ත මරපු පලිය ගන්නත් පෘතුගිසි ගාවට ගිහින් එහේදි රොසලින් කියල කෙනෙක්ව බැඳපු කොනප්පු බණ්ඩාර...
කරලියැද්දේ බණ්ඩාර රජතුමාගේ ඥාති පුතා වෙච්ච යමසිංහ බණ්ඩාර එක්ක උඩරටට ඇවිත් අල්ලගන්නවා... යමසිංහ බණ්ඩාර පෘතුගිසි කැප්ටන්ට ඔළුව පහත් කරගෙන ඉදීම ඉවසන්නෙ නැති කොනප්පු බණ්ඩාර යමසිංහ බණ්ඩාර මරල “ 1 වෙනි විමලධර්මසූරිය“ වෙනව..
අන්තිමේ තමන්ගේ පරණ ප්‍රේමය අමතක කරලා, දෝන කතිරිනා/කුසුමාසන දේවිව බැඳලා අපේ රටට අලුත් අලෝකයක්/පණක් දෙනව....

*03) කාලිංග මාඝ තමයි ප්‍රභාකරන් වගේ මහා විනාසයක් ලංකාවට කලේ. එදත් මානුෂීය මෙහෙයුම් තිබුන... කාලිංග මාඝ පරාජය කලේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා තමයි මූලිකව...

*04) 1815 උඩරට කැමැත්තෙන් දුන්න මිසක් යුද්ධෙන් දිනුවේ නෑ. ශ්‍රී වික්‍රමරාජසිංහ පිස්සු නටපු නිසා අන්තිමේදි ජනතාවම බලය සුද්දන්ට දුන්න..
ඒකෙත් ඉවසගෙන හිටිය 1848 වෙනකම්( අතරමැද තිබ්බා ඒව හරියට දැනුනෙ නෑ. 1818ත් එහෙමයි)

* 05) මෝගල් අධිරාජ්‍යයටත් ඕනකම තිබ්බා ඉන්දියාවෙත් සෑහෙන්න අල්ල ගත්ත වගේ ලංකාවත් අල්ලගන්න... ඒත් බැරි උනා... ඒකාලෙත් දුර්වල පාලනයන් තිබ්බෙ.. මූලිකව දකුණු ඉන්දියාව අල්ලගන්න බැරි උන නිසාත් අපේ වාසනාවටත් ඒක උනා...
___
‪#‎යථාර්ථවාදිජනතාවාදියා‬