Tweets by @Tweetsbysuku myblog: December 2019

Facebook Fan Page

Saturday, December 28, 2019

ශ්‍රීපාද ගමනෙන්..


සතියකට කලින් දෙසැ 20 වෙනිදා එරත්න පාරෙන් උදේ 7.15ට විතර පිටත් වුනු අපි ශ්‍රී පාද උඩමළුවට ආවේ 21 වෙනිදා උදේ 7.30ට විතරය.
නොහිතපු විදියට වැස්ස( කලින් දිනවල නොතිබුනු), නිසා ගමනට සෑහෙන බාධා ආව. එරත්න පාරේ පඩි පෙලවල් නැ. යන්න තියෙන්නෙ බොහෝ අවස්ථා වල ගල් උඩින්. ඒවගේම දිය පිරුණු, ඇල දොල වගේ ඒවත් සෑහෙන්න තිබුනා ඒවා උඩින් තමයි යන්න උනේ. දිගටම වැස්සත්, හීතලත් නිසා තරමක අපහසුතා ඇති උනා. මඩ වෙලා යන්න උනා ඒවගේ ගැටළු තිබුනා. ඒනිසා ගමන හෙමින් උනේ.
කොහොම උනත් ඒ පාරෙ නම් කුණු නොතිබුනු තරම්. අතරමගදි මුණගැහුනු නඩයත් බොහෝම හොද - උදව් කරපු සහ කරන්න සූදානම් අය උනා. සීත ගගුලෙන් එගොඩ වෙන්න උනේ දණිසට වඩා උඩින් වතුර යද්දි දෙපැත්තනේ අල්ලගෙන. එතනදි ඉවසීමත් අනිත් අයගේ උදව්ත් නිසා කරදරයක් උනේ නෑ. නමුත් තරමක අවදානමක් තිබුනා. අර කියපු නඩය අපිට මගහැරුනා සීත ගගුලෙන් පස්සෙදි.

ඊටපස්සෙ එකදිගටම තනියම යෑමක් තිබුනෙ. උවමනා උනත් කිසිම සිග්නල් එකක්වත් නැතිව එක දිගට යන්න උනා.
මහගිරිදඹට කලින් රෑ 10ට විතර විවේකයක් අරගෙන උදේ 5න් පස්සෙ තමයි ආයෙ ගමන ආරම්භ කලේ.
කොහොම හරි වැඳලා, ඝාණ්ඨාරය හඬවලා 9ට විතර පටන්ගෙන හවස් වෙද්දි පහලට බැහැ ගත්තා.

Friday, December 27, 2019

සිංහලකම ලොකුවට කතා කරන අපේ බහුතරය නිසා කලකිරිම ඇතිවී ඇත.


● දෙමල අප ඉගෙනගත යුතු නැති බවද, පැරදුනේ ප්‍රභාකරන් නිසා ඔවුන් සිංහල කතා කල යුතු බවද කියයි.
නමුත් උවමනාවකදී අප සමග කටයුතු කරන දෙමල හෝ මුස්ලිම් අයට සිංහල බැරි වූයේ නම් ඇතිවන තත්වය කුමක්ද යන්න නොසිතති.
- සැබවින්ම අපට දෙමල බැරි නම්, සන්නිවේදනය පවත්වාගෙන යාමට අන්‍ය ජනවර්ග වලට සිංහල පුලුවන් වීම ගැන අප සතුටු විය යුතුය.

● වැඩිහිටි නිවාස, ළමා නිවාස වල පිරී ඇත්තේ සිංහල ජනතාවය.

● පන්සිල් පද 5වත් හරියට රකින්නේ නැත. හැබැයි මහා සිංහලකමක් සිතති.

● රාවණා නැගිටලා සිංහලය බේරාගන්නා තුරු බලා හිඳිති.
හැබැයි මහා රාවණ යනු සිංහලයෙක් නොවන බවවත්, හෙලයෙක් බවවත්, සිංහලයන් ඇතිවන්නේ හෙලයන් විනාශ කරගෙන බවවත් නොදනිති.

● මහ විරු සමරුවට විරුද්ධව කතා කරති.
හැබැයි අපේ මහා වීරයා වූ දුටු ගැමුණු රජතුමා, එලාර නම් දමිල රජාව පරාජය කර, එලාර රජුගේ සොහොන සෑදූ ස්ථානයට ගරු කල යුතු බවට නියෝගයක්ද කර ඇති බව ඉතිහාසය කියයි.
ඒ තරමවත් ගරුත්වයක් දෙන්නට, අඩු තරමින් මැරුණු අයට ගරුත්වයක් දෙන්නට තරම්වත් මානුෂීය නොවෙති, හැබැයි සිංහල - බෞද්ධකම ගැන කියති.

‍- දේශපාලනික යටි අරමුණු ඇතිව අන්ත ජාතිවාදය ඇරඹුනත්, පවත්නා සියලු රජයන් සහ හමුදාව - පොලිසිය “ උගත් පාඩම් “ සිතේ තබාගෙන කටයුතු කිරීම ප්‍රශංසනීයය !!!

- පහුගිය දවසක මම, නිලධාරින් පිරිසකට කල කතාවක කොටසක් ..

#යථාර්ථවාදිජනතාවාදි #tshdec2019 #srilanka

Thursday, December 26, 2019

පදනම් ආයතනෙයදි කල දේශනයෙන්


පහුගිය 17 වෙනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනය විසින් රාජ්‍ය නිලධාරින්ට  තොරතුරු තාක්ෂණය සහ ඒ සම්බන්ධව කරන ලද දින කීපයක වැඩමුළුවෙදි, Google Maps සහ Google My Business ගැන ඔවුන් දැනුවත් කිරීමේ දේශනය මට පැවරුනා.
මුල ඉදලම ගුගල් මැප් එක භාවිත කරන විදිය, ගෙදර සහ තමන්ගේ හිතවත් සහ තමන්ට වැදගත් තැන් මැප් එකට ගන්න විදිය වගේම ගූගල් එකේ රිවිව් එකක් දාන විදියත්, ඒ අනුව රටට කරන සේවය ගැනත් ලංකාවේ ඉන්න Google Local Guides සමාජය ගැනත් දැනුවත් කරා.
     

මෙතනදි තරමක ගැටළුවක් උනේ එක් එක් නිලධාරියා සතුව තිබුනු මොබයිල් ෆෝන් වල තියෙන ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් වල තිබුනු වෙනස්කම්. ඒ අනුව තරමක වෙලාවක් ඒව පැහැදිලි කරන්න ගියත් සාර්ථකව කටයුත්ත කරන්න හැකි උනා කියල හිතනවා. තවත් සමාජ මාධ්‍ය භාවිතයට අදාලවත් එයාලට පැහැදිලි කරන්න හැකියාව ලැබුනා. ඒවගේම Google My Business කටයුත්ත කරන හැටිත් කියල දුන්න, එතන හිටිය එක් නිලධාරියෙක්ට තමන් කරන ඉංග්‍රිසි උපකාරක පන්තිය ගුගල් මයි බිස්නස් වල ඇතුලත් කරල දෙන්නත් විනාඩි ගානකින් හැකිවීම ගැන ඇත්තටම සතුටක් දැනුනා.
ඔවුන් බොහෝමයක් නිපුණතා සංවර්ධන නිලධාරින් ( Skill Development Officers) නිසා විය යුතුයි ඔවුන් බොහොම සුහදශීලියි. මම ඒක ඇහුවාම තමයි කිව්වෙ එයාල පාසල් දරුවන් ඉදන් හැමෝම නිතර මුණගැහෙන බව. එනිසා ඒ අත්දැකීම ගැන සතුටුයි.
මට මේ අවස්ථාව ලබා දෙන්න මූලික උනේ පදනම් ආයතනයේ පර්යේෂණ අංශයේ සිටින ඉංජිනේරුවරියක වන නිරංජලා දිල්හානි..



Sunday, December 15, 2019

“ බාමියන් බුදු පිලිම කැඩීම සහ රම්බොඩගල්ල බුද්ධ ප්‍රතිමාව “

කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ පීඨාධිපති ගල්කන්දේ ධම්මරතන ස්වාමින්වහන්සේ විසින් පවසන ලද කතාව මගේ අදහසද සහිතව..

තලේබාන්වරු විසින්, බාමියන් බුදු පිලිම කැඩූ කාලයේ එක්තරා තරුණ පිරිසක් රම්බොඩගල්ල බුදු පිලිමය සාදන්නට මූලිකත්වය ගෙන ක්‍රියාකල හාමුදුරුවන් හමුවට ගොස් ඇත. එයින් 1 තරුණයෙක් තලේබාන්වරු කලාක් මෙන්, ඉස්ලාමීය පල්ලි කැඩීමට යෝජනා කර ඇත.
● අප විසින් කල යුත්තේ පල්ලි කැඩීම නොව, නව බුද්ධ ප්‍රතිමා, නිර්මාණ කිරිම බව හාමුදුරුවන් විසින් තරුණ පිරිසට පැහැදිලි කරන ලදුව ඔවුන් විසින් බුද්ධ ප්‍රතිමාවක් සෑදිමට මූලික කටයුතු වන මුදල් එකතු කිරීම කර යම් මුදලක් ඒ ආකාරයට උන්වහන්සේට භාර දෙන ලදි.

● එම හාමුදුරුවන්ද එම කටයුත්ත ගැන උනන්දුව සිටියදි හනුමන් දේවාලක් සෑදු “ඊශ්වරන් බ්‍රදර්ස් “ නම් ව්‍යාපාරිකයන්ව දැනගෙන ඔවුන්ගේ උදව් ඇතිව දකුණු ඉන්දියාවේ ප්‍රතිමා නෙලන අය වෙතද ගොස් කාරණය පැහැදිලි කරන ලදි.
එයට කියන ලද මුදල ඉන්දියන් රුපියල් කෝටි ගණනක් වූ නිසා අසරණ වූ හාමුදුරුවන්ට, ඊශ්වරන් බ්‍රදර්ස් විසින් මෙම අයකිරීම බොහොම සාධාරණයි, මේ කටයුත්තට කැමති වෙන්න අපිත් උදව් කරන්නම් ලෙස පවසා ඇත.

- ඒ අනුව ඊශ්වරන් බ්‍රදර්ස්, දකුණු ඉන්දියානු ප්‍රතිමා නෙලන අය, එවකට ජිවත්ව සිටි ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාද ( කතෝලික) සමග මහජනතාව විසින් ලබාදෙන ලද ආධාර අනුව මෙම ප්‍රතිමාව කල බව උන්වහන්සේ විසින් කැළණිය විශ්ව විද්‍යාලයෙන් එම ප්‍රතිමාව නැරඹීමට ගිය ඉතිහාස අංශයේ ගෞරව උපාධි අපේක්ෂකයන් ඇතුළු පිරිසට දැනුම් දෙන ලදි.
ගල්කන්දේ ධම්මරතන හාමුදුරුවන් විසින් පසුව අසන ලද්දක් නම්, ඉස්ලාමීය ජනතාව මෙම කටයුත්තට දායකත්වයක් ලබාදුන්නාද යන්නය ? එය මුලදි නොකියවනු කරුණකි.

● එවිට පෙර කී හාමුදුරුවන් පවසා ඇත්තේ සුළුතර ජනතාවක් වන මුස්ලිම් අයගේ දායකත්වය ප්‍රතිශතයක් ලෙස ගත්විට සිංහල බෞද්ධයන්ට වඩා වැඩි බවය. ඔවුන් පන්සලට පැමිණි සෑමවිමට ප්‍රතිමාවට ආධාර කල බවද, එස්කැවේටර් යන්ත්‍ර අවශ්‍ය වේලාවෙදි එක් මුස්ලිම් මහතෙකු ස්ථාන ගණනාවකට වඩම්මාගෙන ගොස් ඒවාට උදව් කර ඇති අන්දමද විස්තර කර ඇත.

- ඒ අනුව එම ප්‍රතිමාව සියලු ජන කොටස් වල සහභාගිත්වයෙන් සිදුවී ඇත.

- නමුත්, අදටත් ඉතිහාසය ලියැවුනු අයගේ අවුලකටදෝ මන්දා වැඩියෙන් අහන්නට ලැබෙන්නෙ ජාතිවාදය සහ වර්ගවාදය තමන් උසස් යන්න පිලිබිඹු කෙරෙන කතා වැඩියෙන්ය. කෙසේ වුවද ඒවා සියල්ලම පාහේ දේශපාලන පසුබිමකින් සිදුවූ ඒවා වන අතර වත්මන් රජය නිසා එම තත්වයන් සමනය වනු ඇතැයි බලාපොරොත්තු වෙමු..

#lka

Saturday, December 14, 2019

1972 අයර්ලන්තයේදි බ්‍රිතාන්‍ය හමුදාව කල සටනේ සටහනක්..


බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව කරපු සටනෙදි තමන්ගෙ පෙම්වතා තුවාල උනාම ඔහු වෙනුවෙන් ඇය තුවක්කුව ගෙන දිගටම සටන් කලා.

😳

● තුවාල උනු ඇගේ පෙම්වතාව ආරක්ෂිත ස්ථානයකට යැව්වට පස්සේ ඔහුගේ ජිවිතය බේරුනා.

ඒත් ඇය දිගටම සටන් කලා මිය යන තුරුම.

● යුද්ධයෙන් පස්සෙ, එංගලන්ත හමුදාවේ සොල්දාදුවන් හොයාගන්නවා එයාල මේ ගැහැණු කෙනෙක් එක්ක සටන් කලේ කියල. අණ දෙන නිලධාරියා නියෝගයක් දෙනවා කිසිම සොල්දාදුවෙකුට ඇයගේ මෘත දේහය ස්පර්ශ කරන්නට තහනම් බවත්, අයර්ලන්ත ජාතිකයන්ට ඇයගේ සිරුර භූමදානය වෙනුවෙන් ගෙනා හැකි බවත්.

ඒ වගේම ඔහු මෙහෙමත් දෙයක් කියනවා..,

“ අපි සටන් කරනවා මහ රැජින වෙනුවෙන්, ඇය අපි ගැන තැකීමක් කරන්නෙ නෑ. ඒත් මේ කාන්තාව තමන්ගේ රටත්, පෙම්වතාත් වෙනුවෙන් ජිවිතය පවා දුන්නා “

- මේ පින්තූරය අයර්ලන්තයේ කාන්තා දිනයේදි තෝරාගත් පින්තූරය උනා.

“ ශක්තිමත් කාන්තාවක් එක්ක සම්බන්ධ වෙන්න බය වෙන්න එපා. දවසක “ ඇය “ ඔබගේ එකම ආරක්ෂාව වේවි !!!

#bloodysunday