Tweets by @Tweetsbysuku myblog: February 2013

Facebook Fan Page

Thursday, February 28, 2013

Rich Dad, Poor Dad....


A Job is a Short term Solution for a Long term Problem...
- Rich Dad Poor Dad Series

Sometimes....

Just Keep moving forward and don't give a shit about what anybody thinks...
Do What You Have to Do.... For You 
Sometimes.... when you feel, you are done, its not. Its hard to be like that cause, may be your close ones also cannot understand you are in pain and they won't help you.
Then frustration is huge. Feel devastate. Sometimes, what is the reason to having such kinda close ones, they cannot understand things. Sometimes they misunderstand you and take wrong decisions....

May be its what call life. Its the nature of it. may be night is darkest just before the dawn... I really believe it... hmmmm

Wednesday, February 27, 2013

පොල් ගෙඩි 8, හොරකම, මාධ්‍ය සදාචාරය, & හොරු

පොල්ගෙඩි 8ක් සොරකම් කල දරුවා ගැන මාධ්‍ය ලොකු ප්‍රචාරයක් දුන්නා... දීලා ඒ හොරකම වීරකමක් විදියට පෙන්නුවා... ෆේස් බුක් එකෙත්ගොඩක් අය ඒක කතා කලා... ඇත්ත තමයි ඒ දරුවව පාසලෙ අවුරුද්දට ගෙවන ගාස්තු වලින් පවා නිදහස් කරල තිබුන එක...

නමුත් සදාචාරයක් නැති මාධ්‍ය පෙන්නුවෙ වෙනම දෙයක්.. ඒක නිසා සමහර අය ඒක ආණ්ඩුවට විරුද්ධව කරන දෙයක් කරගත්තා... තව අය ඒක කාලෙ වරදක් කිව්වා... ඒ පාසලේ විදුහල්පතිතුමාට, ගුරුවරුන්ට අපහාස කරා...
ලංකාවෙ මාධ්‍ය සදාචාරයක් තියෙනවද කියල වෙලාවකට හිතෙනවා. ඉන්දියාවෙ වෛද්‍ය ශිෂ්‍යාව අතවරයට පත් උනාම ඊට එරෙහිව ජනමතය ගොඩනඟපු ඉන්දියන් මාධ්‍ය, වෛද්‍ය ශිෂ්‍යාවගෙවත්, ගෙදර කෙනෙක්ගෙවත්, යාළුවෙක්ගෙවත් කතා, පින්තූර මාධ්‍ය වල පල කලේ නෑ. ඒ වගේ බාල විදියට මාධ්‍ය හැසිරෙව්වෙ නෑ.
අපෙ රටේ ඉතින් මරණයක් උනාම ඒකෙ මලමිනියත් මාධ්‍ය විකුණගෙන කනවද එයින් නොනැවතී ඥාතීන්වත් ඒකට හවුල් කරගන්නවද කියල අපිම හිතන්ට ඕන....

මට තියෙන අවුල නිතරම දකින ඇහෙන එකක්.. තමා “මම දේශපාලනේ කලත්, උඹ දේශපාලනේ කලත් හොරකම් කරනවා“ කියන එක...
ඒකියන්නෙ හොරෙක් උනාට වරදක් නෑ කියල... ඒක ඇත්තක් වෙන්නැති... පාලකයා වගේමයි වැසියාත් කියල කියනවනේ.. පාලනය කරන උදවිය හොරකම් කරනව.. ජනතාවත් අනුබල දෙනවා... ඒක තමයි රටේ වෙන්නෙ.. එහෙම හිතුවම වැරදි දේශපාලකයද අපිද කියල හිතන්ට ඕන...

* අවසාන වශයෙන් අපිට ඕන හොරකම් කරන හොරු හදන රටක්ද... ????

(ස්වර්ණවාහිනියෙ අමාදහර බලල ආපු අදහසුත් එක්ක)

Saturday, February 23, 2013

Feel Sooooooo Happy..............

ඔබ කොයි කොටසෙද.... ?

+Robert Kiyosaki ගෙ Business School පොත ඉතින් පුරුද්දක් විදියට කියවනවා. ඒකෙ තියෙන්නෙ විප්ලවකාරී අදහස් නොවුනත් සාම්ප්‍රදායිකව බ්‍රේන් වොෂ් කරපු, වැරදි කිරීම පාපයක්, වැරදි නොකර “දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටින්“ කියන දේට මම කවදත් අකමැති නිසා....

කියොසාකිට අනුව මිනිස්සු තමන් කරන රැකියාව හෝ ව්‍යාපාරය.. අනුව කොටස් 4කට බෙදෙනවා. ඒ ගැන කලිනුත් කියල ඇති.

1. E - Employer - You have a job.
රස්සාවක් තියෙන කෙනෙක් තමයි E කොටසට අයිති වෙන්නෙ... මේ කොටසෙ ඉන්න අයගේ මූලිකම අවශ්‍යතාව තමයි රැකියාවකින් ලැබෙන ආරක්ෂාව  ඉතාම ඉහල දෙයක් විදියට දකින එක.

2. S - Self Employed - You Own a Job
මේ කොටසට අයිති වෙන්නෙ තමන්ගේම වූ ව්‍යාපාරයක් කරන අයයි. රැකියාවෙන් ඉවත් වෙලා තමන්ගේම දෙයක් කරන අය මේ කොටසට අයිති වෙනවා. මේ කොටසේ අයගෙ සුවිශේෂි ලක්ෂණය තමයි ස්වාධීනත්වය
මේ අය නිතර කියන දෙයක් තමයි “අවශ්‍ය දෙයක් තියෙනව නම් ඒ දෙය ඔබම කරන්න“.
මේ කොටසට අයිති වෙනවා, වෛද්‍යවරුන්, නීතීඥයන් වගෙ තමන්ගේම කියල දෙයක් කරන අය.

3. B - Business Owner - You Own a System & People work for you
මේ කොටසට අයිති වෙන්නෙ විශාල ව්‍යාපාරිකයන්(500ට වැඩි පිරිසක් සිටින), බිල් ගේට්ස් වගෙ අය අයිති වෙන්නෙ මේ ගණයටයි.
මෙයාලගේ විශේෂත්වය තමයි මෙයාලා ජීවිතයේ ලොකු දූත මෙහෙවරක් කරපු අය වීම. ඒ නිසා තමයි එයාලගෙ ව්‍යාපාරය ඒ තැනට ගේන්න එයාලට හැකි උනේ.
ඔවුන්ට පුලුවන් ගොඩක් අය එක්ක වැඩ කරන්න වගේම ගොඩක් අයට සේවය කරන්නත්.
උදා : +Bill Gates , +Thomas Alva Edison , +Henry Ford

4. I - Investor - Money works for You
මේ කොටසට අයිති වෙන්නෙ ආයෝජකයන්. එයාලගේ තියෙනන විශේෂත්වය තමයි “ආර්ථික නිදහස“.
ආයෝජකයන් ගොඩක් ක්ෂෙත්‍ර වල ආයෝජනය කරනවා, රන් කාසි, නිශ්චල දේපල, වෙන ව්‍යපාර, වෙනත් වත්කම් වල.....

රොබට් කියොසාකිගෙ පැහැදිලි කිරීම බලන්න....


මෙතනදි මම තේරුම් ගත්ත කාරණා වගයක් තියෙනවා. රස්සාවකින් අපි බලාපොරොත්තු වෙන්නෙ මාසෙට ජීවත් වෙන්න ස්ථිර පඩියක්. ඒක හොඳ දෙයක්. ඒ ක්‍රමයටත් සල්ලි කියන කාරණය ගැටළුවක් නොවෙන තැනට එන්න පුලුවනි. අනවශ්‍ය වියදම් නැතිව හොඳින් කලොත්. ගොඩක් අයගෙ තියෙන වරදක් තමයි වෙනසට බයයි. ඉතින් හැමදාම ඒ විදියටම ඉන්නවා. එහෙම අයගෙන් සමහර අයගෙ කටේ තියෙන්නෙ “ මම ප්‍රතිපත්ති ගරුකයි, මට සල්ලි වටින්නෙ නෑ මිනිස්සු වටින්නෙ“, “මට සල්ලි ජීවත් වෙන්න තිබුනම ඇති“. - ඒව ඉතින් ඇත්තටම ඇත්තද කියල දන්නෙ කියන අය තමයි.
ඉගෙන ගන්න, රස්සාවක් කරන්න, බඳින්න, ළමයි හදන්න... ජිවිතේ එච්චරක්ම නෙමෙයි... හ්ම්

තමන්ගෙම වූ ව්‍යාපාරයක් කරන කුඩා ව්‍යාපාරිකයත්(S), (B)මහා පරිමාණ ව්‍යාපාරිකයත් අතර වෙනස්කම් තියෙනවා.
(S) කොටසෙ අයට ඕන තමන්ම ඒ දේ කරන්න, තමන් ඒ ක්ෂෙත්‍රයේ දක්ෂයා වෙන්න.
(B) කොටසෙ අයට ඕන ඒ ක්ෂෙත්‍රයෙ දක්ෂයො තමන් එක්ක වැඩ කරන්න.

* තව එක දෙයක්... (S) කොටසෙ අය අද වැඩ නොකලොත් මුදල් නොලැබෙන්න පුලුවනි. (B) කොටසට එහෙම ගැටළුවක් එන්නෙ නෑ....

Thursday, February 21, 2013

යථාර්ථයක් විය හැකි දෙයක්...

අපෙ රැඩිකල් කවි අයියගෙ දින පොතේ තිබ්බා...


පැරණි ප්‍රේමවන්තියක් අහම්බෙන් නුවර ටවුන් එකේදී හම්බවුනා. දරුවත් අතින් අල්ලගෙන,,
ආගිය විස්තර කතාකළා. ඇය රූපය චුට්ටක් විතර වෙනස් වෙලා තිබ්බට කටහඩ උස් පහත් කරන විදිහ, මුහුනේන් ඉගි බිගි පාන විදිහ පොඩ්ඩක් වත් වෙනස්වෙලා නෑවගේ. ඇය දරුවා රැකබලා ගන්න රැකියාවෙනුත් ඉවත්වෙලා. ඇය සතුටින්,,
සමුගෙන ඇය ඇතට යනකම් මම බලාගෙන හිටියා.
මවින් පෙරේරා කොහෙදෝ ඉදන් ඇවිත් සිංදුව හදවතට කියන්න ගත්තා.

"මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි.."

+++++++++++++++++++

හ්ම් සමහරවිට අපි හැමෝටම අත්විඳින්න වෙන ඇත්තක් ඒක...‍

“ඔබ අතගෙන ගිය වීදීයෙ ඈ හා යනවා.... සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා... “
ඒකාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා.... ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා....

Tuesday, February 19, 2013

Lankan Ad Click Training Programme....

It was held in last Sunday(17) at Dehiwala. There were nearly 100 members participated in.

In the beginning there was a story about disabled children's race. It was different from a normal race as when it goes on, one racer fall down and others helped him and others helped him and they won as a Team.... (Which we forget in life and most important thing I think).

Next item was everyone is a superstar... There are more than 2 million sperms and only one hit the ova and we born.

Its pretty important to find good words to communicate, only good things.

Success Pentagon

1. Knowledge
2. Attitude
3. Talents
4. Habits
5. Strategies

* When we do our business it should be a team effort. Most importantly remember 2 things, not a social worker or a salesman.

Then Long Term Suffering & Short Term Suffering.

Suspecting takes more time, admiring good qualities and interests, .... etc.

Prospecting needs patience and brain.

Approach and closing up, and way to close.

Loving and doing business are like quite same... in many ways....

* I m always happy and laugh a lot. I wish I could dance well in that case I don't know it. Rest was pretty fine.... Enjoyed....

Epic Love story... hmmm


Monday, February 18, 2013

හිතන්නත් බෑ.....

ගෙන්දගම් පොලවේ කවුද හිතුවෙ මෙහෙම අය ඉදීවි කියල.....
දුරාචාරයෙන් දූෂිත වෙලා.... කට්ටකමින් ඔප් නැංවිලා...
හිතට එකඟ නැති වැඩ කරන අය ඉන්න පැත්තක....
මඩ නොගෑවුන නෙළුම් මලක්..... හ්ම් .....
හිතාගන්නත් අමාරුයි.... නමුත්... ඒක තමයි ඇත්ත....
මලේ.... මටත් හිතයි... කරන්න... හොඳ දෙයක්....
නොවෙයි නෙලන්න දඬු අඬුවක් විලස....
සනසන්න... සතුටු වෙන්න... නුඹ සමඟ............ හ්ම්....

B'day wishes.... still.





Sunday, February 17, 2013

ආන්යාවිය... හ්ම් ගිහින් කියන්නෙ.....

මට හිතුනේ....


නොගියොත් එන්න බැරි....
ගියොත් එන්න හැකි......
ඉක්මණට ගියොත් ... ඉක්මණට එන්න හැකි...
යාම් ඊම් පමණක් ඇති ලොවක... ඔයා ගිහින් නෑ..... අපි ඇවිල්ලත් නෑ.... හ්ම්

Friday, February 15, 2013

පළිඟු කැට - ජීවිතේ දේදුන්න දකින්නට.....

අපේ උපේක්ෂා ඉමාලි අක්කගෙ “පළිඟු කැට“ කවි පොතෙන්...

සරලයි.... මට උනත් තේරුනා හැමදේම වගේ... සතුටුයි....

ගිය අවුරුද්දෙ ජනවාරි වල පොත එලි දැක්වීමට යන්න බැරි උනා, ඒ කාලෙ කලේ දවසේ පැය 14-17ක් යන රස්සාවක් නිසා.. හ්ම්... පොත අපූරුයි....

මට හොඳටම දැනුනු ඒවා..

   ----- බඩ ඉරිඟු ----
 මුන් කන්නෙ හප හපා ඉන්න
උන් කන්නෙ වේල පිරිමහන්න

          --- වි-රහ ---
ලෝකයෙ මොනම රහවත් දුකක් නෑ මේ තරම්...

නියඟලා මල දැකලා කලා රස නොවින්ඳට....
නියඟලා අල කෑවෙ කුසගින්න වැඩිකමට....

               --- නිවීම ---
පහන් දැල්ලට ඕනි නිවීමෙන් සැනසෙන්න....
මම හැදුවේ පහන් වැටි දල්වලා සැනසෙන්න...

                   --- සම්භාව්‍ය ---
ඔබ සම්භාව්‍ය චිත්‍රයක් හැමෝම බලන... කිසිවෙකුට නොතේරේන.....
මම කැටයම් දාපු ලී රාමුවක් හැමෝටම පෙනෙන... කිසිවකුට නොවටින...


Thursday, February 14, 2013

LinkedIn said I m a 5,00,000 member


ආදරේත්..., බිස්නසුත් එකපාරට පෙනෙන Valentine's day...

ප්‍රේමයකදි, ව්‍යාපාරයකදි උනත් තමන්ගෙ හැකියාව ඉස්මතු කිරීම, පෙන්වීම ඒ වෙනුවෙන් වටිනාකමක් ගැනීම වැදගත් වෙනවා...
එතනදි ව්‍යාපාර වලදි නම් කියන්නෙ මූලික නීතියක් ගැන... “ Fear of Rejection", ඒ කියන්නෙ අකමැති වේවි කියන/ප්‍රතික්ෂේප වේවි කියන බය... ඒකට තියෙන අකමැත්ත...
හෙට වැලන්ටයින් නිසා විශේෂයෙන් තනියම හෝ නිසි වයසෙදි ප්‍රේමයක් නැති අයට කියන්නෙ, ඒ ගැන බලාපොරොත්තුවක් තියෙනව නම් උත්සහ ගන්න.... ලෞකික ජීවිතයක් ගත කරද්දි ජීවිතයට සහකාරයෙක්/සහකාරියක් උවමනයි.. ඒ ගැන හිතන්ට ඕන...
මට අකමැති වෙයි කියල හිතල කැමති කෙනෙක්ගෙන් නොඅසා ඉන්න එක හොඳ නැති දෙයක්....
මතක තියාගන්න ලෝකයේ වැඩියෙන්ම ප්‍රතික්ෂේප වෙච්ච අය තමයි වැඩියෙන්ම දියුණු වෙච්ච උදවිය... ඒක මෙහෙම කිව්වට නොතේරුනාට... නිකමට හිතන්න රටක ජනාධිපති ගැන... 50/51%ක් කැමති වෙද්දි අනිත් සියල්ල අකමැති වෙනවා ඒකයින්නෙ මිලියන වලින් ජනාධිපතිව ප්‍රතික්ෂේප කරනවා...

හිතන්න, හිතල හරි දේ වෙනුවෙන් වැඩ කරන්න... ව්‍යාපාර ලෝකයත්, ආදර ලෝකයත් හැමදේම එකවතාවෙ එලියට පෙනෙන වැලන්ටයින් දවසේ නිකමට ආපු අදහස් ටිකක්...

Thursday, February 7, 2013

බොරළු පාර ටෙලි නාට්‍යය

මෑතක බලපු හොඳම ටෙලියක් වෙච්ච බොරලු පාර අද අවසාන උනා... මෙගා වලින් මොල විකෘති වෙච්ච ලංකාවෙ, බොරලු පාර හැමෝටම ආදර්ශයක්... ජාතික රූපවාහිනිය දන්න තරමින් හැමදාම කතාවල කොලිටිය ආරක්ෂා කරගත්තා....

බොරලු පාරේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය සිදුවීමක් උනා.... රට වනසන ඇමති කෙනෙක්ව වරදට අහුවෙලා දඬුවම් ලැබුනා... ඒක ඉතින් ලංකාවෙ වෙන්නෙම නැති දෙයක් නිසා ටෙලියකින් හරි දැක්කම බලාපොරොත්තුවක් ලැබුනා... හ්ම්...

කොහොම උනත් ඒවගේ කතාවක් බලපු එක හිතට ශක්තියක්....

හොඳ නළු නිලියො වගේම, කතාවෙන් සෑහෙන ආදර්ශයක් ලැබුනා, නීතිය ක්‍රියාත්මක කරන, නොකරන නිලධාරින්, පාතාලයන් දේශපාලන අතකොළු, පාසල් වයසෙ ප්‍රේම සම්බන්ධ, පවුල් සම්බන්ධය රාජකාරිය එක්ක හරියට කරගන්න බැරි වෙන පොලිස් නිලධාරින්.... තත්වය පහතට ගියාම කවුරුත් නොසලකන හැටි.... ඒවගේම හිතට එකඟව හෘද සාක්ෂියට වැඩ කරන අය..
අසරණ වෙන අයට උදව් කරන විදි....

සමහර අය හිතන් ඉන්නෙ පන්සලට දන්දීලා පින් කැටේට සල්ලි දැම්මම නිවන් ලැබේවි කියල... එහෙම කියලා සල්ලි පොදි ගහනවා....
එහෙම නිවන ලැබෙනව නම් ගොඩක් අය ගිහින්... හරි ලේසියි.. ෂෝට් කට් එකක් වගේ.... නිවන් එහෙම ෂෝට් කට් වලින් බෑ... හයිවේ වලිනුත් බැරිය....

මොලේ පෑදෙන්න ඕන රටක ඉන්න, මගෙත් මොලේ පෑදිලා නෑ තාම මට හිතෙන්නෙ.. හ්ම්.......


Friends ..... goes....

Everything comes and goes, not stopping or sustainable.... hmmm..
Life is amazing... with having difficulties and hurts.....

Nadee Akka just deactivated without even informing, I thought her account faced to a phishing activity. Hmm she got studies to do.. so she left fb for some time.... may be everyone is leaving just me ... I feel like that sometimes....

What to do, sweet, cute, awesome... all those kinda friends will leave us one day. Its irritating to be a trouble, not in my nature, not in curtain situations... hmm...
So I had to leave, I wont hesitate. I m very quick, and don't look back what will the result and things..... Anyways its my nature.

There are no perfect human beings.... ... hmmm... will miss friendship forever..... I mean whole Sansara... who knows....

Our Dilini Akka's Wish....

Wednesday, February 6, 2013

B'day Wishes.......



 Its 1500+  wishes to me since yesterday.... Its good I think....

Nearly 650 messages to the mobile, 300+ Fb postings, 450+ fb messages, 78 Calling wishes, 10 B'day wishes... hmmm

There were few gifts too.... dnt like to mention them... ok...


අද දවස... හ්ම් උපන්දිනයක් කියල ලොකු උවමනාවක් තිබ්බ දවසක් නෙමෙයි. හරියට බලෙන් කඩාපාත් උනා වගෙයි... වයස 25ක් වෙන එක එච්චර අවුලක් නැති උනත්... උවමනාවක් තිබ්බෙ නෑ... කොහොම උනත් මං කියල කෙනෙක් ලෝකෙ 1500කට විතර එකපාරට දැනෙනව කියල තේරුන එක ගැන සතුටුයි... උදේ ඉදන් සාමාන්‍ය කරන වැඩත් කරගන්න බැරි වෙච්ච තරමට බිසී උනා.....
ගිය අවුරුද්දෙ වගේ ෆේස් බුක් එකේ උපන්දිනේ වහන්නයි තිබ්බෙ කියල හිතුනත් කමක් නෑ සතුටුයි... හිතුවට වඩා ගොඩාක් අය විෂ් කලා... කේකුත් ලැබුනා, තෑගිත් ලැබුනා... ඒකට සතුටුයි... මේ දැම්මෙ යාන්තමට හිතුන පින්තූර කීපයක් විතරයි... ටාරකී ලෙඩ වෙච්ච එකට අකමැති වගේම අදත් සෑහෙන චැට් තිබ්බා... චතූ එක්ක කලකින් චැට් කරන්න ලැබුන එකත් දෝනි අක්ක එක්ක කරන්න ලැබුන එක ගැනත් සතුටුයි... චතූගෙ වොයිස් එක ඕවර්ද ෆෝන් මාරම ස්වීට්... මාස 3කට පාරක්වත් අහන්න ඕන...
මගෙ කේන්දරේ නම් හොඳයි... මහන්සිය මදි වගෙයි... ඒකත් හදාගන්ට ඕන... වැඩ ගොඩයි තාමත් කරන්න හිතමින් තමයි... හ්ම් නිදාගන්ටත් ඕන....

තුනුරුවන්ගෙ සරණයි !





Its my B'day........ :D

Last year I changed the day of B'day in fb. This year I couldn't do it... So more and more wishes almost 400 now... Hmm...

Google started.....

Sunday, February 3, 2013

සිංහයන්.......

සිංහයො කියන්නෙ ගොදුරට වද දෙන ජාතියක් නෙමෙයි... ගොදුරට වද දෙන්නෙ, කොටි, දිවියො වගෙ අය... සිංහය කරන්නෙ ගොදුරේ වේදනාව එකපාරට ඉවර කරන එක... ඒ සිංහයන්ගෙ හැටි.....

අද සිංහ කියාගන්න අය හයිනා බල්ලන්ටත් අන්තයි.... කැනහිල්ලුන්ටත් අන්තයි.... හරි දේ හරියට දකින්න බැරි අයගෙන් කිසි වැඩක් නැති.....

මේක කියන්න හිතෙන්නෙ, ඊශ්‍රායල ඩොලර් කුට්ටි වලට ලංකාවෙ නීතියට පිටින් වැඩ කරලා රට ගිනි තියල, මඩි තරගෙන තවත් කළු ජූලියක් හදන්න ඇති කරන්න හදන, රට, ජාතිය, ආගම, ඉතිහාසන නොදන්න උග්‍ර ජාතිවාදීන්ටත්.... දැනුවත්ව හෝ නොදැනුවත්ව, ඍජුව හෝ වක්‍රව රට ගිනි තියන්න සහය දෙන අනිත් සිංහලයන්ටත්.....

ඒවගේම ලංකාව මුස්ලිම් රටක් කරලා, මෙහේටත් ශරිය නීතිය ගේන්න දඟලන අන්තවාදී කාලකණ්ණි අය මතක තියාගන්ට, මෝඩකම් කරන උග්‍ර ජාතිවාදීන් හිටියට, රටට ආදරේ කරන රට ගැන හිතන අයත් ඉන්නවා...... අපි තාම පටන් ගත්තෙ නෑ....

* මේ අවුරුද්දෙ ජාතිවාදි කෝලහලයක් ඇතිවීමේ ලොකු අනතුරක් පේනවා....... කළු ජූලිය අද ගොඩක් අය පිළිකුල් කරත්... ආයේ ඒ වගේ තත්වෙකට රට නොගෙනයාවි කියලය පතනවා........

නින්ද නොගිහින් හිතෙන කතා....

Saturday, February 2, 2013

චන්දන අයියට මතක දේවල් >>.. රූ සැඳෑව.


චන්දන අයිය මෙහෙම කියන්නෙ මම “පොදු පුරුෂයා“ කියවගෙන යද්දි දාපු ස්ටේටස් එකකට...
(වරණාසිට... ආදරේ කරන්න හිනෙතනවා... හ්ම්...වරණාසි වගේ නිවුන, තැන්පත්, අවබෝධය තියෙන ගෑණු ළමයෙක්ට මාත් කැමති.... හැබැයි ටිකක් මුරණ්ඩුයි...මම නම් සාෂා වගෙ නෙමෙයි, ඒත් වරදක් කියන්න බෑ. ඒ එයාගෙ විදිය.. සල්ලාලය කියල මරන්නය...සාෂගෙ පරිණතකම එක්ක වර්ණාසි වගේ සියුමැලි මලකට හොඳ නැති බව දැනුනත් (දඬු අඬු වලින් මල් නෙලන්න හොඳ නෑ) ඒ දෙන්න ගැලපෙනවා... සාෂා ඇත්තටම වර්ණාසිට ආදරයි..... හ්ම්)



මම ඔය දඬු අඬු වලින් මල් නෙලන්න ොඳ නැති කතාව කිව්වෙ 2011 පෙබරවාරි 20 තිබුනු ුල්ම රූ  සැදෑවෙදි....
දැන් පෙබරවාරි මාසේ... හ්ම්.... රූ සැදෑවට අවුරුදු 2ක් වෙන්නත් ලඟයි.... දැන් කලින්ට වඩා සමූහය සෑහෙන්න දියුණුයි... මම හරියකට ඒකෙ නෑ.. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ...
කොහොම උනත් මට කියන්න ඕන වෙන්නෙ චන්දන අයියගෙ මතක හැකියාව ගැන... මගෙ වගේම තව ගොඩක් අයගෙ දේවල් චන්දන අයියට මතකයි.... මට මතක ප්‍රසන්ජිත් අයියගෙ කතාව “ආගමික තුවාල වලට, ආගමික පැලැස්තර“......
රූ සැදෑව සමූහයට දැන් අවුරුදු 2ක් පිරෙද්දි එදා මුලින්ම මුණ ගැහුනු, චන්දන අයියා, අරුණ අයියා, රැඩිකල් කවි අයියා, රංජිත් අයියා, ප්‍රසන්ජිත් අයියා, කෝසල අයියා, චින්තන අයියා, පීකේඩි අයියා කියන අයියලව මතක් වෙනවා....

ජීවිතේ ඒ කාලෙ හැටියට සෑහෙන සතුටු වෙච්ච දවසක්..... මංදා මට මේ හදිසියෙ හිතන්න හිතුන දෙයක්... හ්ම්........

සිංදුවක්..... හදිසියෙ මතක් වෙච්ච...

පෙම්වතුන් සිනාසේ.....
අප කඳුළු සලන්නේ....
දෙතැනක හිද තනිවී....
විසඳුම් සොයනු කෙසේ..... //

මා තුරුලේ හිඳිනා.... උණුසුම් යහනාවේ....
ඉකිබිඳිමින් හැඬුවා ... මතකද ගංතීරේ.......
මගෙ ලොව ඔබ වේ නම්.... සැකයෙන් ඇයිද මෙසේ....
ඔබ මිස වෙන සතුටක්...... කොයිබද මියුලැසියේ......

මල හිරු බැස යද්දි... සඳු පායා ඒවි.....
අළුත් ඉරක් පායා... හෙට දිනයක් ඒවි....
අද ශෝකෙන් පෙලිලා...යහනේ සැතපේදෝ....
අරුණලු උදා වෙලා.... මුව විකසිත වේදෝ.....

- ප්‍රින්ස් උදය මහත්තයගෙ....

සිංදුව අහන්න....

Friday, February 1, 2013

නුඹ ආවම මට දැනෙන්නෙ.. ඇයි...?.....

නුඹට කරපු ආදරේ ... නුඹ දන්නෙ නෑ....
නුඹ කරපු ආදරේ.... මම දන්නෙ නෑ....
නුඹ කලේ ආදරයක්ද මම දන්නෙ නෑ...
නුඹ වගෙ දුක දෙන්න හැකි කෙනෙක් නෑ..


අද දවස ගැන කියන්න ගොඩක් දේවල් තිබ්බත්... කියන්න බෑ හිතට මහන්සියි... හ්ම්...