Tweets by @Tweetsbysuku myblog: July 2020

Facebook Fan Page

Sunday, July 19, 2020

බොහොමයකගේ හෘද සාක්ෂිය වෙන්න පුලුවන් දේ තමයි මේ හ්ම්...

80දි පාරට වැටිච්ච වැටිල්ල තාමත් පාරේ..
හිඟා නොකා හිඟා කෑවා. කවුද අපි ගැන බැලුවෙ ?
මේ රට ගැන, මිනිස්සු ගැන බලල වැඩක් නෑ බං..
වෘත්තිය සමිති බැලුවද ? වාමාංශික දේශපාලන පක්ෂ අපි ගැන බැලුවද ?
උන් තමයි අපිට කෙලෙව්වෙ. අපි ගැන එකෙක්වත් බැලුවෙ නෑ.
අන්තිමට හිඟා නොකා හිඟා කාලා හදපු දරුවොත් අපි ගැන බැලුවෙ නෑ.
-
අපේ රට, මිනිස්සු ගැන දීර්ඝව කල්පනා කරාම අන්තිමට වෙච්ච දෙයක් නෑ කියල තාමත් කියන්න ඕනෑවටත් වඩා අත්දැකිම්, උදාහරණ තියෙනවා.
‍වෙන රටවලට ගිහින් පවා ලංකාවට දෙයක් කරන්න ඕන කියල ආපු අතිබහුතරයක් ආයෙ එන්නෙ නෑ කියල යන තරමට ලංකාව වැටිල..
- කතාවෙ ඒක ජිවිතයේ සෑහෙන කාලයක් වැඩ කරපු චරිතයකගේ ජිවිත අත්දැකීම් තුලින් කිව්වාම, ඇත්තටම ඒක පරාජිත උනත්, ඒක පසුගාමී බවක් හැගුනත්, අපිට හිතෙන්නෙ ඒ වරද නිවරදි කල යුතුයි කියන එකයි..
ජඩ මාධ්‍ය ඇතුළු මාධ්‍යයත්, ඒකටම හරියන දේශපාලුවන් වගේම සමහර කලාවට සම්බන්ධ අයත් ලංකාව සුරපුරයක් කියල අපිට පෙන්නුවට, ඇත්තටම තත්වය ඒක නොවෙන බව අපි දන්නවා..
මට හිතෙනවා, මේ විදියට සමීප කරාම මේවයෙන් යම් දෙයක් ජනතාව වෙන අපි ඉගෙන ගනීවි කියල.
ආණ්ඩු වෙනස් කරන්නම නෙමෙයි. කෙනෙක්ට හරියට උදව් කරන්න, මානුෂීය විදියට හිතන්න, ජාතිවාදි - අන්තවාදි නොවෙන්න, තිරිසන් සතෙකුට උනත් හොදට සලකන තත්වයකට පත් වෙන්න මනස හැදෙන්න මේ වගේ පෙළඹවීම් උදව් කරාවි කියල හිතෙනව..
#lka

Friday, July 10, 2020

Ex love

ලගදි දවසක මට එයාව මුණගැහුනා.
මට ආදර කතා ගණනාවක් තිබුනත්, කවදාවත් ආදරය නැවැතුනාට පස්සේ ආයෙ මුණගැහිල තිබුනෙ නෑ.. එක දවසක් මුණගැහිලා, ආයෙ දවස් කීපයකට පස්සෙ එයාව ආයෙත් මුණගැහුනා..
- එයා මා එක්ක කතා කලේ නෑ. අනිත් අයට කියනව ඇහුනා, බදින කතාවක්.. හැමෝටම ආරාධනා කරනවත් කිව්වා. ඒ කියද්දි මං දිහා බලනවත් මම දැක්කා. මට කියාගන්න බැරි විදියෙ වේදනාවක් දැනුනත්, එයයි මායි ආදරේ කල බව එතන හිටිය අයගෙන් 1-2යි දන්නෙ.
එයාට ඒක අතීතයට ගිය සිද්ධියක් ... දැන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින් නිසා..

වේදනාව, දුක ඇරුනාම මම හොදින් හිටිය. ඒ ගියපු තැන සහ මුණගැහුනු පිරිස අතර මාත් තරමක චරිතයක් නිසා වෙන අවුලක් උනේ නෑ.
එකම දේ නිතර නිතර, දවස් 2-3ම එයාව දකිනවා. එයාගෙ කටහඩ ඇහෙනවා. එයාගෙ රූපෙ පේනවා..

“ මට හරි ආසාවක් ආවා එයාගෙ අත අල්ලන්න, ඇත්තටම ඒක ආසාවකට වඩා උවමනාවක් වගේ දැනුනා.. අත අල්ලගෙන ටිකක් වෙලා ඉන්න.. ඒ වේදනාව කොයිතරම තිබුනද කිව්වොත්, මට අද උදෙත් එයාව හීනෙන් පෙනුන..“
ඒ සුදු අත අල්ලල, ටිකක් වෙලා හරි එයා ලග ඉන්න තිබුන නම් කියල තාම හිතෙනව..
කාටවත් නොදැනෙන්න, මම පින්තූර ගානක් එයාගෙ ගත්ත... එයා කලින්ටත් වඩා ලස්සනයි..
ජිවිතේ - සංසාරේ කොයිතරම පුදුමාකාරද වගේම, අසරණ කරනවද කියල දැනෙන්නෙ තේරෙන්නෙ මේ වගේ දේවල් නිසයි. ආදරේ උනත් කියාගන්න බෑ. කියාගන්න බෑ නෙමෙයි ඒක හිතන්නවත් බෑ. ජිවිතේ හරි කටුකද කියලත් නොහිතුනාම නෙමෙයි..

එයා මෑත සංසාරේ, මනුස්ස ආත්ම භව ලබපු අවස්ථා වලින් වැඩි ගානක මගෙ ආදරවන්තිය/ බිරිද...
ඒත් මේ සංසාරේ ආයෙ අපි, අපිව මුණගැහෙන්නෙ නෑ.. මට ඒක එයාට කියාගන්න ඕන වෙලා හිටියෙ. අනිත් අය එක්ක එයා ලග ඉදන් කතා කරද්දි මම අනිත් අයට වගේ කිව්වා. මම ඉස්සර කාලෙ මෙහෙම ආදරයක් කලා කියල ඒකෙ විස්තර කියල, අන්තිමට කිව්වා, එයයි මායි සංසාරේ මුණගැහෙන අන්තිම ජිවිතේ මේක කියල.. මම දැක්කා එයා මං දිහා බලනව...

ඉතින් එච්චරයි....
#ආදරය #අහිමිපෙම #tshjuly2020