Tweets by @Tweetsbysuku myblog: August 2020

Facebook Fan Page

Monday, August 24, 2020

ජංගම ආට්සෙන්ටර් + ජංගම පුස්තකාලයක් !

 “ උන්ට කියවන පුරුද්ද හදන්න. ගොඩක් පොඩි උන්ට කියවන පුරුද්ද නෑ. ඒක නිසා උන්ව වට කරගෙන පොතක් කියවනවා. නැත්නම් ඒක ප්‍රාසාංගික විදියට පෙන්වනවා“.

“ මොකටද ? උඹලට පිස්සුද “

“ කලාව, සාහිත්‍ය නැති පරම්පරාවක් එක්ක ජිවත් වෙන්න අපි බයයි. උන් ප්‍රචණ්ඩයි. තර්කයක් නෑ. විකල්ප අදහසක් නෑ. ඕනම වර්ගවාදයකට ලේසියෙන් නම්ම ගන්න පුලුවන්. උන් භයානයකි. එහෙම උන් එක්ක ජීවත් වෙන්න අපි බයයි..“

“ පිස්සුද උඹලට. එහෙම බය නම් වීසා එකක් හදාගෙන රටින් පලයං“

“ උඹට එහෙම ඕන නම් අපි ඒකටත් උදව් කරන්නම්. අපි යන්නෙ නෑනේ. ඒක නිසා අපි මේක හදාගන්න ට්‍රයි කරනවා “

- සත්‍යා ටෙලි නාට්‍යය

සැබෑ ජිවිතයේදීද අතමිට සරු නැතිව, “ වේලකට හාල් පොල් රැගෙන යන පොරවල්ය“ කියන කාරණාව, ඇත්තටම අත්විඳින ගමන්, අනිත් මිනිස්සු වෙනුවෙන් කැපවෙන, රටේ මිනිසුන්ට වඩාත් හොද ජිවන් තත්වයක් අරගෙන දෙන්න වැඩ කරන මිනිස්සු ඇත්තටම මේ රටේ ඉන්නවා. මට මුණගැහිල තියෙනවා. මම වැඩ කරල තියෙනව..

වැඩි දෙයක් නැති නැතිව, ඇත්තටම ඇති දෙයක් නැතිව, මිනිස්සු වෙනුවෙන් වැඩ කරන ඒ මිනිස්සු ගැන හිතද්දි, සියලු පහසුකම් සහිතව පාලන බලය දෙන අය සහ එයාල නිසා වැජඹෙන අය ගැන හිතද්දි මොකක්දෝ අමුතුම හැගීමක් එනවා. කර්මයද මංදා කියලත් හිතෙනව. මොකද ඇත්තටම, බලය ලැබිලා අධි සුඛෝපභෝගි ජිවිත ගෙවන අයට රට ගැන එහෙම කැක්කුමක් නැති බව දන්න නිසා..

- මේ කතාවෙම කලින් කොටසෙදි කියනවා, දවසකට එක වතාවක්වත් මැරෙනව කියල මිනිහෙක්ට මතක් කරන්න ඕනය නැත්නම් ජිවත් වෙනව කියන එක අමතක කරනවය කියල. ඒකෙනුත් මට හිතුනෙ අනිත්‍ය ස්වභාවය ගැන වෙන විදියකට, සමහරවිට ආගමික දෘෂ්ටිවාදයකින් තොරව, මානුෂීය ස්වරූපයකින් කියල දීලා කියල. බුදුන්වහන්සේ උනත්, ජේසුතුමා උනත්, ඒ ඇර කෝටි ගණන් ඉන්න දෙවිවරු ගැන උනත් මහානීය - මහේශාක්‍ය ස්වරූපයෙන් අපි දේවල් කරද්දි, ඇත්තටම ඒ අය තුල තිබුනු කාරුණික භාවය, මුදිතාව වගේ ගුණයන් වැහෙනවද කියලත් හිතිල තියෙනව..

#සත්‍යා #ලංකාව #අයිටීඑන් #sathya #lka #itn

Saturday, August 22, 2020

6000 Reviews completed !

 





Actively doing as a Local Guide since Oct 2016,

( July 2020 - report 30 days out of 31)

● Contributions - 248,500

● Points - 524,000 ( Level 10)

● Reviews - 6010 + 2450 Ratings

( 17000 likes on Reviews, 1.8 Million Review Views)

● 140 Million Photo Views + 1.8 Million Video Views

● Answers - 148,500 + Facts checked - 49,200

( Answered more than 8500 places) 

Earned all the Badges !!!

- There is a little bit of disappointment as, Following option came to me after weeks or months, same as Video adding option came to me after months ( Maybe a slight under-appreciation who doing map updating using Apple Devices ) 

Can follow me now ~

https://www.google.lk/maps/contrib/104960999418881499984/contribute/@6.8942175,79.9213248,16z/data=!3m1!4b1!4m3!8m2!3m1!1e1?hl=en

 #googlemaps #googlelocalguide #letsguide #srilanka #lka #googlemap #localguidegoogle #wheelchairaccessiblity



Wednesday, August 19, 2020

ගෘප් එකක අහම්බෙන් වගේ දැක්කා, ගැහැණියකගේ වේදනාව ගැන පිරිමි ඇසකින් ලියපු නිසැදසක්..

 ඒක හොදට ලියල තිබ්බා. කොහොම හරි, ඒකෙ යටින් කමෙන්ට් කරල තිබුනු අය අතරින්, ඒක ලියපු විදිය වගේ කාරණා විවේචනය කරල තිබුනු අතිබහුතරය තරමක් වැඩිහිටි අය. ඒවගේම ඒක අගය කරපු අය අතර බහුතරය බොහොම තරුණ වයසේ 20-25 අතර අය..

● ලිංගික අධ්‍යාපනයක් හරියකට නැති රටක ඉන්න අපි, එනිසාම අපචාර, ස්ත්‍රී දූෂණ ඇත්තටම වෙන රටක ඉන්න අපි.., ලිංගිකත්වයට සම්බන්ධ දෙයක් පල කරාම ඒකට විවේචනය කරන එක සාධාරණද මංදා..

● බුදු දහම අනුව හැදුනු අපිට බොහොම හොද ලිංගික නිදහසක් තිබුනා. ඒක රොබට් නොක්ස්ගේ “ එදා හෙලදිව“ පොත කියෙව්ව නම්, තේරුම් ගන්න තිබුන. දැන් අපිට ඔබ්බවල තියෙන්නෙ ඉංග්‍රිසින්ගෙ කාලෙ තිබ්බ “ වික්ටෝරියානු සංස්කෘතිය“... 

එයාල අපේ දේ අරගෙන, එයාලගේ දේ අපිට දීලා..

“ කොලොම් තොටින් නැව් නැග්ගත් අපේ රටේ මනුස්සකම “ මතක් වෙනව දැන්..

● මම ඒකෙ දැක්ක ධනාත්මක දේ තමයි තරුණ පරම්පරාව කියන අය ඒ අදහසට තරමකට එකග වීම. ඒක මානුෂීය දෙයක්. අමුතු දෙයක් නෙමෙයි. 

සමහරවිට අද තරුණ පරම්පරාව, ඕනවටත් වඩා නිදහස් අදහස් දක්වනවා වෙන්න පුලුවනි. සමහර කාරණා අමුවෙන්ම කියන්නත්, එක එක දේශපාලන රැලි වලට අහු වෙන්නත් ඔය ධනාත්මක ලක්ෂණය නිසා ඉඩ තියෙන්න පුලුවන්.

ඒත් මානුෂීය දෙයක් අගය කරන එක, ඒ වේදනාව ගැන සලකනව කියන එක රටක් විදියට අපිට වටින දෙයක් වේවි..

- ස්වභාවික දෙයක් වෙන ඔසප් චක්‍රය, බොහෝමයක් කාන්තාවන්ට දවසක් 2ක් හරි වේදනාත්මක දෙයක්. ඕකෙ වේදනාව අඩුයි, ක්‍රීඩා එහෙම කරන ඇඟේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි අයගෙ. ඒවගේම අනිත් හැම දවසෙම හරි හොදට ඉදල, ඔය දවස් වලට විතරක්, අවුල් හදාගන්න එක, තරහ එන එක වෙනදට වඩා කියන කාරණා තියෙන 30%ක් හෝ ඊට වැඩි වෙන කාන්තා ප්‍රතිශතය Pre-menstrual syndrome එකට ලක් වෙන අය  - ලිංගික මනෝ විද්‍යාවට අදාලව ඉගෙන ගත්ත දෙයක්..

● ඊලගට ඒ ලිවීම විවේචනය කරපු, “ මේවා කතා කල යුතු දේවල්ද ප්‍රසිද්ධියේ“ කියල අහපු, අය ගැන මට හිතෙන්නෙ, හොදටම දැන දැන කුඩුකාරයා, ස්ත්‍රී දූෂකයා, ළමා අපචාරකයා, හොරා, වංචාකාරය කියන දේශපාලකයන්ට ඡන්දෙ දීලා එයාලට රටම පාලනය කරන්න බලය දෙන අය..

අර මහා වරදක් කලා වගේ අරක විවේචනය කරපු අය, ඇත්තටම කරපු සහ කරල තියෙන දේවල්... හ්ම්..

#වරද #නිවරද #ලංකාව
#යථාර්ථවාදිජනතාවාදියා
#tshaug2020

Tuesday, August 18, 2020

“ ආසාවට - හුරතලේට - පාළුව - තනිකම මකා ගන්න සතෙක් හදන්න කලින් හිතන්න “

 

මනුස්ස දරුවෙක් උනත්, ආදරේට හදන සතෙක් උනත් හදනව නම් ඒක ලොකු වගකීමක්..

ඒ වෙනුවෙන් සෑහෙන්න කැපවෙන්න ඕන. සමහර අය හිතාගෙන ඉන්නව සතෙක් හදන එක ලේසි කියල දරුවෙක්ට වඩා. සමහර කාරණා අතින් ඔව්, ඒත් සතෙක් කියන්නෙත් ජිවිතයක් තියෙන කෙනෙක්. විශේෂයෙන් බල්ලො කියන අයට ආදරය - කරුණාව ගොඩක්ම ඕන. සමහරවිට දරුවෙක්ට වඩා ඒ ගැන හිතන්න වෙනව බල්ලෙක් හදනකොට. කෑම - වතුර, බෙහෙත් - විටමින් දීම විතරක් නෙමෙයි, සතෙක්ට අවශ්‍ය විදියට ව්‍යායාම, ආදරය වගේ දේවල් අනිවාර්යෙන්ම දෙන්න ඕන. එහෙම නොකරන එක ඇත්තටම හිතුවොත්, කතා නොකලත් එයාට කරන වරදක්.

● පොඩි කාලේ ලස්සනයි, හුරතල් කියල සමහරවිට හදනවා, පස්සෙ ටිකක් ලොකු වෙද්දි ඒවා අමතක වෙනව නම්.., එහෙම උනාම ඒ සතා, විශේෂයෙන් බල්ලන් ටිකෙන් ටික මානසික පීඩනය එක්ක ජිවත් වෙන්නෙ කලකිරීමකින්. ඒ මානසික පීඩනය සමහරවිට හොදටම පේන දේ තමයි ගොඩක් බර වැඩි වෙනවා. ඒවගේම ඇස් 2 තියෙ තියෙන දීප්තිය අඩු වෙනවා. හිනා වෙන ගතිය අඩු වෙනව. එනිසාම කොලොස්ටරෝල් වැඩි වෙන්නත්, සමහරවිට හෘදයාබාධ, පිලිකා වගේ ඒව එන්නත් ඒක ලොකු හේතුවක් වෙනව.

අනික ව්‍යායාම, හැම කෙනෙක්ටම ඒක අත්‍යාවශ්‍යයි. බල්ලන් ගත්තොත් එයාලටත් දවසකට අඩුම කිලෝමිටර් 2-3ක්වත් ඇවිදින්න ලැබෙනව නම් වටිනවා..

● ජීවිතයක වගකීම ගද්දි, එයා සතෙක්ය, දැන් ලස්සන නිසාය හුරතල් කරන්නය, මට පාළුවටය වගේ කාරණා මත විතරක් ගන්න එපා. ඒ කැපවීම කරන්න පුලුවන් නම් විතරක් ගන්න.

අනිත් කාරණේ,  මිනිසුන්ට දුන්නාම වැඩිය පින්ය, සතුන්ට දුන්නාම පින අඩුය කියන දේවල් බොහෝම වැරදි මත.  කාට දුන්නත් ඒ පින - කුසලය ලැබෙනවා.

අද සතෙක් උනත්, කොයිතරම පින තියෙනවද, කලින් ආත්ම භවය කවුද, ඊලග ආත්ම භවයේ මනුස්ස - දිව්‍ය - බ්‍රහ්ම විතරක් නෙමෙයි නිවන් යන්න පවා පින තියෙනව වෙන්න පුලුවනි. අපි දකිනවා මනුස්ස ලෝකෙ ඉන්නවා කෑම - බීම - සැප පහසුකම් අතින් මිනිසුන්ට වඩා දේවල් ලබන සත්තු..

● මනුස්ස කියන්නෙ මනස උසස් - ඉතින් අපේ දේවල් හරි සංකීර්ණයි. හිතනව වැඩියි. අපේ ටාගට් ගොඩයි. හැබැයි සතුන්ට ඒ තරම ටාගට් නෑ. 

එයාලට තියෙන්නෙ එයා ආදරය කරන කෙනා ලග ඉන්න උවමනාව විතරයි. 

  #pet #petcare

Sunday, August 16, 2020

නිවුස්..

 


● ලංකාවේ පාසල් යන ගැහැණු දරුවන්ගෙන් 50%ක් “ සනීපාරක්ෂක පහසුකම් නැති නිසා “ ඔසප් දින වල පාසල් නොයති !

- ලෝක බැංකු වාර්තාව

( ලංකාවේ වැඩ කරන ජනතාවගෙන් 43%ක් ලබන්නේ දවසේ පඩිය)

● සුප්‍රකට Padman චිත්‍රපටයට නිපදවුනේ සැබෑ පෑඩ් මෑන් වූ ඉන්දියාවේ @Arunachachalam Muruganantham විසින් එවකට ජනපති අපේක්ෂකයෙකු වූ සජිත් ප්‍රේමදාස මහතා විසින්, නොමිලේ සනීපාරක්ෂක තුවා කාන්තාවන්ට ලබාදීම ගැන අගයා තිබීම.

● සංවර්ධිත රාජ්‍යයක් වන ස්කොට්ලන්තය විසින් සනීපාරක්ෂක තුවා සියලු කාන්තාවන්ට - ගැහැණු දරුවන්ට නොමිලේම ලබාදීම !

සංජීවනි වීරසිංහ කියන කලාකාරිය විසින්, “ නොමිලේ සනීපාරක්ෂක තුවා“ ලබාදීම දැඩි ලෙස විවේචනය කරමින්, එය ලබාදීමට සිංහල පිරිමින්ට හයිය සහ ආර්ථික හැකියාව ඇති බව කියමින් තමන් හරියට දන්නේවත් නැති සිංහල සභ්‍යත්වය ගැන කරන ලද වීඩියෝව.

- ලංකාවේ අතිබහුතරය සිංහල බෞද්ධයන් වෙති. එය 70%කටත් වැඩිය. 

ලංකාවේ ගැහැණු දරුවන්ගෙන් 50%ක් සනීපාරක්ෂක පහසුකම් නැතිව පාසල් නොයාම ඇය වැනි දේශපාලනික මුග්ධ භාවයෙන් අන්ධ වී ප්‍රකාශ නිකුත් කල කෙනෙක් දකින්නේ කොහොමද දන්නේ නැත.

( මෙය දේශපාලනික අර්ථයෙන් නොගෙන විවේචන නොකර, එය අගය කලා නම් වත්මන් ජනපතිවරයා සහ ආණ්ඩුව පවා එය නොමිලේ දිම ගැන සලකා බලන්නට ඉඩ තිබින)

- අතිශය මානුෂීය කරුණු, අපහාසයට - උපහාසයට - විවේචනයට ලක් කලෝ, මනුෂ්‍යයන් තබා තිරිසන්වත් වන්නට වටින්නේ නැත. ආර්ථික අර්බුද වල සිටින ජනතාවක් සිටින රටක, ණය බර අධික රටක, ගැහැණු දරුවන්ට සැනිටරි පෑඩ් එකද ලබාදීම ලේසි පහසු කරුණක් නොවන පවුල් ඕනෑ තරම් රටේ ඇත. 

ලිංගික අධ්‍යාපනයක් නැතිකම නිසාම අසහනයෙන් පෙලෙන ජනතාවක් සිටින රටක, ලිංගික අපචාර චෝදනා, ස්ත්‍රී දූෂණ චෝදනා වැඩියෙන්ම තිබෙන දේශපාලුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන වැදගත් දෙයක් කරන අයට ගැරහීම ලංකාවේ බහුතර සිරිත විය හැක.

ෂෝ එකට බලය පෙන්වන අයට බලය දෙන කලාවක ඇලි ගැලී ගිලී සිටින ලංකාවෙ ජනතාව... හ්ම්...

#SanitaryPads #srilanka #sajithpremadasa #sanjeewaniweerasinghe #scotland #padman