Tweets by @Tweetsbysuku myblog: පිරිමිකමද

Facebook Fan Page

Friday, May 2, 2014

පිරිමිකමද

තමන්ගෙ මහත්තයා මැරුණම, දාලා ගියාම, වෙන් උනාම වෙන පිරිමි කියල ලංවෙන අය ලංවෙන්නෙ හිත හොඳකමට නොවෙන බව කරදරයට පත් වෙච්ච ගොඩක් ගෑණු අය කියද්දි දැනෙන්නෙ තරහක්...
පිරිමියෙක් වෙලා වනචරයෙක්, සල්ලාලයෙක් වෙන එක ලැජ්ජාවට කාරණයක්.

කෙනෙක්ගෙ අසරණකම තමන්ගෙ අවශ්‍යතාවයට පාවිච්චි කරන පිරිමි .. පිරිමි නෙමෙයි නපුංසකයන්ටත් අන්තයි...
එහෙම පිරිමින්ට නීතියෙන්වත්, වෙන විදියට දඬුවම් දීලවත් හදන්න බෑ. ඒක සමාජ ප්‍රශ්නයක්.. හිතල හැදෙන්න ඕන දෙයක්.
හැඟීම්, අවශ්‍යතා කාටත් තියෙනවා. හැබැයි අසරණ කෙනෙක්ගෙන් ඒක පිරිමහ ගන්න ඒකට ලං වෙන එක පිරිමිකමට වගේම මිනිස්කමට ලැජ්ජාවක්...

මේ රටේ හැමදේම හැදිලා තියෙන්නෙ වැරදියටද මංදා, කෙරෙන්නෙ, පෙළඹෙන්නෙ වරදට ලේසියෙන්... සමහරවිට ඉහලම තැන ඉදලා සීලයක් නැති හින්දා වෙන්නැති... අපිත් කලාට මොකද කියල හිතන්නෙ...

ඉතින් ඒවගේ ඉන්න සල්ලාල මහත්තුරු, වනචර මහත්තුරුන්ට කවදහරි තේරේවි ඒක මෙතනින් ඉවර නෑ කියල. කරන වැරදි වලට කවදහරි කොහොම හරි විපාක ලැබෙද්දි..

No comments:

Post a Comment