Tweets by @Tweetsbysuku myblog: January 2020

Facebook Fan Page

Friday, January 24, 2020

“ ඔයාට බුදු බව ලැබේවා “



අද කරපු Social Media සම්බන්ධ උදව් වලදී මට එක ගෑණු ළමයෙක් කිව්වා.

බුදු බව ලැබේවා කියල 2-3 වතාවක් කියපු නිසා මම බුද්ධත්වය ගැන මම දන්න ඒවා කල්පනා කරා..

 කෙනෙක් ඇහුවොත්, ලෝකයේ ආරම්භය කොහේද, මුලින්ම ඇති උනේ කවුද ? දෙවියෝ ඉන්නවද නැද්ද ? පරලොව තියෙනවද නැද්ද වගේ ප්‍රශ්න, මම දෙන උත්තරය ඔය හැමදේම දැනගන්න බුදු වෙන එක... සියලු දේ දත් නුවණ ලැබෙන්නෙ බුදුවරයෙක්ට විතරක් නිසා “සර්වඥතා ඥානය“ ..

- බුදු කෙනෙක් වෙන්න, තමන්ගෙ අම්මගෙන් විවරණ ලබන්න ඕන. ඒවගේම පහල වෙන සෑම බුදුවරයෙක් ගෙන්ම විවරණ ලබන්න ඕන.

- බුද්ධත්වය ප්‍රාර්ථනා කරන දහස් ගණන්, ලක්ෂ ගණන් ලෝකයේ ඉන්නවා.

- අපේ ගෞතම බුදුන්වහන්සේගෙ කාලයේ ආර්ය මෛත්‍රිය භික්ෂුව නමින්, මතු බුදු වෙන මෛත්‍රී බෝධිසත්වයන් පැමිණ භික්ෂූන්වහන්සේලාට ඉගැන්නූ බව සඳහන් වෙනවා.

ඒ කියන්නෙ කොයිතරම බෝධිසත්වවරු හිටියත්, ගෞතම බුදුන්වහන්සේගෙන් විවරණ ලැබුවේ මෛත්‍රී බෝධිසත්වයන් විතරයි.

ඉතින් අපි දන්න දේව මණ්ඩලයේ ගොඩාක් දෙවිවරු පවා බුද්ධත්වය ප්‍රාර්ථනා කරනවා. ඒ වෙනුවෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයේ සිට සොලසාසංඛ කල්ප ලක්ෂය දක්වා පෙරුම් පුරන්න ඕන.
ඒ කියන්නේ හිතාගන්න බැරි කාලයක් ඒ වෙනුවෙන් පෙරුම් පුරන්න ඕන.

බුදුවරයෙක් වෙන බෝධිසත්වයෙක් සංසාරයේ කරන කැප කිරීම,  රස්තියාදුව මෙච්චරයි කියන්න බැහැ..

බොහෝමයක් බුද්ධත්වය පතන අය, යම් කාලෙකට පස්සෙ දේවල් තේරුම් අරගෙන අරහත්වයට පත් වෙලා නිවන් සාක්ෂාත් කරගන්නවා.

ඔය දේවල් දන්න මම, බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්නෙ නෑ !
මේ ජිවිතයේ කරන - කරපු කැපකිරීම් ගැන දන්නවා උනත්, බුදු වෙන බෝධිසත්වයන් කරන කැපකිරීම තරම් කරන්න හැකියාවක් නම් නැත..

ඉධ තප්පති පෙච්ච තප්පති – පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති – භියෝ‍යා තප්පති දුග්ගතිං ගතෝ

(පව් කරන්නා මෙලොවත්, පරලොවත් තැවෙයි. දෙලොවම තැවෙයි. පවක් කරන ලදැයි සිතා තැවෙයි. දුගතියට ගොස්ද බොහෝ තැවෙයි - ධම්ම පදය )

#tshjan2020 #WishtobetheBuddha #බුද්ධත්වයපැතුම

Thursday, January 23, 2020

අලුත් ආණ්ඩුවේ වියත් මග බස්නාහිර ආණ්ඩුකාරවරිය නීතියට පිටින්ද ?

අප රටේ මූලික නීතිය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුකාරවරයා පිළිබඳ සටහන් වන කෙටසේ 154 (ආ)(7) වගන්තියට අනූව,

“ ආණ්ඩුකාරවරයා විසින් වෙනත් කවරවූ හෝ ලාභදායී ධූරයක් හෝ තනතුරක් නොදැරිය යුත්තේය.”

යනුවෙන් ඉතා පැහැදිලිව සඳහන් කර තිබියදී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවර වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් මෙලෙස පුද්ගලික රෝහල්වල (ගෝල්ඩන් කී රෝහල, හේමාස් තලවතුගොඩ, හේමාස් වත්තල) මුදලට රෝගීන් පරීක්ෂා කිරීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  උල්ලංඝනය කිරීමකි.

-
වත්මන් ආණ්ඩුව පැමිණි දිනයේ සිට, පොරොන්දු එකක්වත් කෙසේ වෙතත් සහන කපමින් වාසි ලබා ගනිමින් වෙනම ගමනක යන බව නම් කිව හැක. 

Wednesday, January 22, 2020

මෛත්‍රී භාවනාව

මම මෛත්‍රී භාවනාව ඇතුළු සමථ භාවනාත්, සක්මන් භාවනාව ඇතුළු විදර්ශනා භාවනාත් ගණනාවක් කරල තියෙනවා.
එයින් මගේ කැමැත්ත උනේ, මෛත්‍රී භාවනාවටයි. ඒකට හේතුව සියලු සත්වයන්ටම මෛත්‍රි කරන්න බුදුන්වහන්සේ උගන්වන නිසා. කරණීයමෙත්ත සූත්‍රෙය් පැහැදිලිව ඒ ගැන විස්තර කෙරෙනවා..

‍කොයිතරම කරල තිබ්බත්, දැනෙන්න මෛත්‍රී භාවනාව කරනවා දැනුනේ, උපදෙස් ලැබුනේ යටලමත්තේ
කුසලනන්ද හිමි, මරාවේ ධම්මරතන හිමි සහ ගල්කන්දේ ධම්මරතන හිමි යන ස්වාමීන්වහන්සේලාගෙනුයි.

- අද Shantarakshit හාමුදුරුවන් විසින් මෙහෙයවපු මෛත්‍රී භාවනාව වගේම ධර්ම සාකච්ඡාවටත් සහභාගි වෙන්න ලැබුනා.

- උන්වහන්සේ මෛත්‍රී භාවනාව කලේ උන්වහන්සේගෙ විදියටයි. ඒක මම දැකපු ලොකුම විශේෂත්වයක්. හැමදේම අනුකරණය කරන කාලෙක Unique විදියට කිරීම ඇත්තටම සතුටක්..

- ඒවගේම සියලු සත්වයන්ටම, විශේෂයෙන් තිරිසන් සතුන්ට පවා මෛත්‍රී කල යුතු බව ඒක අපි ප්‍රගුණ කල යුතු දෙයක් බව ප්‍රායෝගිකව උන්වහන්සේ පෙන්වා දුන්නා. ඒවගේම තමන්ටම මෛත්‍රී භාවනාව තනියම කරගන්නට අවශ්‍ය වෙන විදියට උපදෙස් දුන්නා. ඒකත් විශේෂයි.

- මදුරුවෙක් උනත් නොමරන තැනට මෛත්‍රිය පුරුදු පුහුණු කල යුතු බව වගේම බල්ලෝ - පූසෝ උනත් ජිවිත අයිතිය වගේම අපි වගේම ජීවත් වෙන ප්‍රාණීන් කියන දේත් සාකච්ඡාවට ගැනුනා.
- විවිධ හේතු නිසා පත්තු කරන රතිඤ්ඤා නිසා අසරණ සතුන්ට බිය ඇති කිරීම වගේ දේවල් පවා ඇත්තටම මෛත්‍රිය තියෙන කෙනෙක් කරන දේවල්ද කියන කාරණාවත් සාකච්ඡා උනා.
“ තමා උපමා කොට තමා ගැන සිතා අන් අයට එසේ කරුණාව - මෛත්‍රිය ( Loving Kindness) පැතිර විය යුතු බවත් කියවුනා..

- උන්වහන්සේගේ ඉල්ලීමට රෙකෝඩ් නොකරපු එක ගැනත් කණගාටුවක් ඇති වෙනව. ඒ තරම හොදින් දැනෙන්න කල නිසා..

ඔබවහන්සේට නමස්කාරපූර්වක ස්තූතිය !

#mettabhavana #tshjan2020

Sunday, January 19, 2020

සිංහලයා මෝඩයා - කැවුම් කන්න සූරයා

මේක හොයාගෙන යද්දි ඇතිවෙන්නෙ පෘතුගිසි කාලේ.

හදල තියෙන්නෙ. මී ගහේ, තියෙන පැණි වලින්. ඒ කැවුමේ පෙනිසිලීන් අධිකව තිබිලා තියෙනවා.
ඒ කාලේ යුද්ධෙක අණ බෙර ගැහුවාම, කෑම මල්ලේ අනිවාර්ය තියෙන්නෙ ආයුධ එක්ක කැවුම්. ශක්ති ජනක සහ පෙනිසිලීන් වල තියෙන ගුණය නිසා තුවාලයක් වගේ උනොත් කැවුම තියල බැන්දාම තුවාලය සුව වීමත් වෙන නිසා. ඒ වගේම කාලයක් නරක් නොවී ඉන්න හැකියාවත් කැවුමට තිබිලා තියෙනවා.

👉 කැවුම් වැඩියෙන් කන කෙනෙක් මෝඩයෙක් විදියට හංවඩු ගැහුවේ,
“ කැඳ බිව්ව වගේ “ , “ කිරිබත් කෑවාම නිදිමතයි “
යනාදි විදියටයි.
ඒ විදියට මනසට රිංගවලා අපේ දේවල් අපෙන් ඈත් කරන්නයි. කැඳ බිව්වාම ශරීර ශක්තිය හැම අතින්ම වැඩි වෙනවා. කිරිබත් කෑවාම නිදිමත එන්නෙ කම්මැලියන්ට. එහෙම නැත්නම් ඇඟ වෙහෙසවලා වැඩ කරන්න බැරි අයට..

අමතක කරන්න එපා,
💪 පෘතුගීසින්ට ආසියාවේ විශාලතම පරාජය හිමි කරල දුන්නු “ මුල්ලේරියාවෙ සටන ( ටිකිරි කුමරු /1 රාජසිංහ), කරපු පලාතේ මානසික රෝහලක් හැදුවා.
👆කැප්පෙටිපොල නිලමේ හිස දන්දුන්නු තැන “ බෝගම්බර හිර ගෙදර“ හැදුවා.
🤯 1848 කැරැල්ල අතිශය අමානුෂීය විදියට මර්දනය කරපු, “ ටොරිංටන්“ නමින් අපේ නිදහස් චතුරස්‍රය නම් කලා..

ඔය වගේ දේවල් සෑහෙන වෙච්ච රටක මිනිස්සු අපි..

ලෝකයේ ප්‍රතිගුරුත්ව ශක්තිය වැඩිම ස්ථානය - ශ්‍රීපාද අඩවිය.
ලෝකයේ තාරකා 5ක ආකර්ෂණයක් තියෙන එකම රට අපේ රට !
බොහෝ දේවල් වලට අදාල බොහෝම ශක්තිය තියෙන, බුදුන්වහන්සේගේ සර්වඥ ධාතුන් වැඩියම වැඩ ඉන්න එනිසාම බ්‍රහ්ම ලෝකයේ සිට සියලු විශ්වයටම වටිනාම රට වෙන්නේ අපේ රට !

රජවරුන්ගේ රට - රජරට සිට..

Saturday, January 18, 2020

1යි ඒ මනෝ - ජැක්සන් ඇන්තනී

                                                  මේ රටේ ආදේශන නැති කලාකරුවා !

 “ මහ පොලවෙන් අඩි 2-3ක් උස මේ වේදිකාවට නැගගත් කල ඔතනට නොපෙනෙන බොහෝ දෑ මෙතනට පෙනෙන්නේය “ - මහගිරිදඹ
2 වතාවක් ආචාර්ය උපාධි ගත්ත ආචාර්ය ජයලත් මනෝරත්න.

●  මේක කලා නිර්මාණ පවත්වන්න සුදුසු කාලයක් නෙමෙයි ( 1980 - විවෘත ආර්ථිකය එක්ක බැඳුනු දේ එක්ක - ක්‍රාන්ති කලාප {අබුද්ධස්ස කාලය}), හැබැයි හොඳ කාලයක් එනකම් බලාගෙන ඉන්න එක කලාකරුවන්ගේ සිරිත නොවෙයි. ඒක මැණික් මුදලාලිලාගේ ස්වරූපයයි.
කවර භීෂණයක් - කවර ගැටළුවක් හෝ වේවා කලාකරුවාට නිර්මාණ නිමිත්තක් බවට පත් වන්නේය.

●  පිලිප්පු සිංඤෝ - ඇහැලේපොල නාඩගම

●  “ තල මල පිපිලා “ - තල ගසේ විනාසය

 අසූරියන් මහ පොලව පලාගෙන - වැටුනයි තලගස හෙළ දෙරණේ
සුසුම් නදින් වන බඹරිදු ඇවිදින් - ඒ මල තලලා රොන් ගන්නේ
( රාජාධි රාජසිංහ - ජනශ්‍රැත)

●  රැඩිකල් කියල හිතන ඩෙනිම් කලිසම්, සිගරට් නැති නිසා මනෝගෙ මොඩර්න් ඩ්‍රාමා දැක්කේ “ සිංදු ලස්සනයි“, “ සංගීතය හරි ලස්සනයි“.


●   “ ගුරු තරුව “
මේ රටේ අපවත් වී ගිය සාහිත්‍ය ගුරුවරයා. මේ මහා විලම්බෑසියට හේතුව අපේ සාහිත්‍ය ගුරුවරයා සිරගත කිරීමයි.
1971 කැරැල්ලට පස්‍සෙ, 1972 විෂය මාලා සංවර්ධන මණ්ඩලය, විෂය මාලා අලුත් කරනව කියල, රැකියා උත්පාදනයට කියල විෂයන් 3ක් ඉවත් කලා. රැකියා වියුක්තිය තමයි කැරැල්ලට හේතුව. කලා විෂය පථයේ රැකියා උත්පාදනයෙන් හීන විෂයන් තියෙනවා. වානිජ සහ විද්‍යා විෂයන් කලාම රැකියා උත්පාදනය පුලුවන්.

“ සාහිත්‍යය, ඉතිහාසය, ප්‍රජාචාරය ( සමාජ විද්‍යාව) “

● සමාජ විද්‍යා විෂය 72 තහනම් කරපු නිසා, සමාජ විද්‍යාව ඡන්ද දායකයත්, ඉල්ලන කෙනත් දන්නෙ නෑ. ඒකයි සමාජය කුණු වෙලා ඒ ගඳ එන්නෙ. හඬපට වල එන්නේ ඒ ගඳ.

●  අපි ඉතිහාසය තහනම් කරපු නිසා රටේ මිනිස්සු මාතෘ භූමිය හඳුනන්නේ නෑ.

සාහිත්‍යයත් අයින් කලා.

●  3ම එකතු කරා අච්චාරු විෂය = සමාජ අධ්‍යයනය

●  මොකක්ද සාහිත්‍ය කියන්නෙ, මනෝ සාහිත්‍ය ගුරුවරයාගේ ඛේදවාචකය විප්‍රලම්භ ශෘංගාරයෙන් ගන්නවා.
අපි ඒව අහනවා. විඳිනවා.
අපි හොයන්නෙ නෑ මොකක්ද මේ මනෝ කියල.

සාහිත්‍යය කියල කිව්වේ, කවි හදන්න උගන්වන එක නෙමෙයි.

●  සාහිත්‍යය කියල ඉගැන්නුවේ හැඟීම්.
ආදරය කියන්නෙ මොකක්ද, වෛරය කියන්නෙ මොකක්ද, ශෝකය මොකක්ද, ප්‍රේමය කියන්නෙ මොකක්ද.

●  මේ මහජන සම්බන්ධතා වලට අවශ්‍යම කරන භාවයන්. සමාජීය භාවයන්.
ඇයි මගේ ලග ඉන්න මිනිහා අඬන්නෙ. ඇයි මෙයා හිනා වෙන්නෙ ?
සමාජ සංවේදනා උගන්නපු විෂය තහනම් කරා.

●  ඒකයි වර්තමාන තරුණයින්ට භාව ඉවසීම නැත්තෙ - පොඩ්ඩක් ඇත්තං දිවි නහගන්න හදන්නෙ ඒකයි.

මනෝ, සාහිත්‍ය ගුරුවරයා වෙනුවෙන් මේ සාහිත්‍ය ගුරුවරයාව ගෙදර යවන්න එපා. ඔහු තමයි අපට සිනහව - කඳුල  - හුස්ම දුන්නේ, මේ තමයි මනෝගේ දේශපාලනය.

●  මනෝරත්න තරම් දේශපාලන නාට්‍යකරුවෙක් ලංකාවෙ පහල වෙලත් නෑ. ඔහු ස්වතන්ත්‍ර නාට්‍යයකරුවෙක්. ඒ ස්වතන්ත්‍රය තුල ඔහු නිරූපණය කලේ මේ රටේ අවශ්‍යතාවයයි !

ඉල්ලීම - මනෝරත්නයන් වෙනුවෙන් සමාජය දෙයක් කල යුතුයි !!!

1 -ඔහු කිව්ව දේ අපි අහන් හිටියේ නෑ. ඔහුගේ හඬට රැවටිලා, ඔහුගේ රඟපෑමට රැවටිලා ඒක දිහා බලාගෙන හිටියා.
2 - විචාරකයා මනෝට හම්බ උනේ නෑ. වර්තමානයේ ඉන්නෙ විවේචකයෝ. විචාරකයෝ නෙමෙයි.

මනෝරත්න වෙනුවෙන් රටට දෙයක් කරන්න දෙයක් තියෙනවා !!!

● මනෝරත්න සටන් කලේ මේ රටේ සාහිත්‍යය නැවත ගොඩනගන්නටයි. ගුරු තරුව ඉල්ලා සිටිනවා වහාම 1972දි තහනම් කල සාහිත්‍යය නැවත ස්ථාන ගත කරන්න.
●තව අවුරුදු 20කින් හරි මනෝරත්නලා පහල වෙයි. මනෝරත්න නැවත මේ බිමේ උපදින විට, මනෝරත්නව තේරුම් ගන්න පුුලුවන් බුද්ධිමය රසාඥතාවයක් තියෙන, සාහිත්‍ය දන්න අය මේ පොලවේ ඉන්න ඕන.
අධ්‍යාපනය කියන විෂයට නැවත සාහිත්‍යය එකතු කරන්න. පෙලපොත් වලට විෂය මාලා වලට ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නම ලියන්න. ඔහු වෙනුවෙන් කරන ස්මාරකය ඒකයි.

Tuesday, January 14, 2020

මස් කෑම සහ බොරුව ගැන මගේ අදහස

● බුද්ධ දේශනාවේ තියෙනවා, ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය...
( තමන් මරන්න බෑ. තමන් කියල මරවන්න බෑ. තමන් උදෙසා මරන්න බෑ).

(මේක පනවන්නට යෙදුනේ, බුදුන්වහන්සේ වතාවක් එක් ගෘහපතියෙකුගේ ගෙදරට සංඝයා සමග වැඩි අවස්ථාවක එම ගෘහපතියා තමන්ගේ එළුවන් රංචුවෙන්, එළුවන් මරා දානය ලබා දුන්නා.
මේක දැනගත්තු තීර්ථකයන් ඇතුළු අන්‍යාගමිකයන් ප්‍රචාරයක් යැව්වා, ශ්‍රමණ ගෞතම ශ්‍රාවකයන් එක්ක එකතු වෙලා එළුවන් මරාගෙන කෑව කියල. ඊටපසුව තමයි මේ ත්‍රිකෝටික පාරිශුද්ධ සීලය ගැන දේශනා කලේ)
තව දෙයක් - එළුවන් මරා දුන්නා කියල දානය ලබාදීමේ කුසලය නැති වෙන්නෙ නෑ. සත්තු මරන අකුසලය වගේම දානය දෙන කුසලයත් ලැබෙනවා. මොකද දානය කියන්නෙ තමන්ට දෙන්න පුලුවන් දේ දන් දීමයි)

● ඒ ආකාරයට නම් මස් කෑමේ ගැටළුවක් නෑ ගිහි අයට.
හැබැයි ලෝකේ තියෙන්නෙ චක්‍රයක්... ගත්තොත් - දෙන්න වෙනව... ඒ ගැනත් සිහියේ තියාගන්න.
වෙන කෙනෙක්ගෙ මස් ගත්තොත්, අපිටත් මස් දෙන්න වෙන්න පුලුවනි..
- මස් විතරක් නෙමෙයි එළවළු - පලතුරු කෑවත් අධික ආශාවෙන් කෙලෙස් ඇති කරගනිමින් කනවා නම් අකුසල් විය හැකියි. වැදගත් වන්නේ ජිවත් වීමට ආහාරයක් කොට ගන්නවා යන අර්ථයෙන් ආහාරයට ගැනීමයි.

● බොරු කියන්නාට නොකල හැකි පාපයක් නැති බවත් බුද්ධ දේශනාවේම තියෙනවා. ඒවගේම අන් අයෙකුට හානියක් නැති, යහපත පිණිස කරන බොරුවක්, සම්‍යක් බොරු ගණයට වැටෙනවා. එනිසා ඒ ගැන තේරුම් ගත යුතුයි. සමහර අවස්ථා වල හිත හදන්නට යම් දේවල් අපිට කරන්න වෙන්න පුලුවනි ( දුටුගැමුණු රජතුමාගේ අවසාන මොහොතේ රුවන්වැලි සෑය සාදා ඇති ලෙස පෙන්වීම)

‍බොරු කියන නෙමෙයි කුමන සමාජයක සිටියත් තමන්ගේ සිත - කය - වචනය තමාට පාලනය කරගත හැකි නම් ගැටළුවක් නැත. හොද කුසල් තියෙන කුසල් වඩන මිනිස්සු ඉන්න පලාතක ඉන්නවා නම් බොහෝම හොදයි. ඒවගේම අබුද්ධෝද්පාද වගේම පවට බර සමාජයක සිටිනවා නම් එතනදි කරන පින උනත් මහා පිනක් නොවෙන්න ඉඩ තිබෙනවා. ඒ ගැන විය යුතුයි බොරු කියන සමාජයක ජිවත් වීම ගැන කියන්නට ඇත්තේ..
ඒ ගැනත් කොහේ හරි පොතක කියවල තියෙනවා මතකයි, අබුද්ධෝද්පාද කාලයක බොහෝ දන් දුන්නත් ලැබුනු විපාකය මහා එකක් නොවීම කියන කාරණාව. එතනදි සිද්ධ වෙන්න ඇත්තේ දහම ගැන වැටහීම නොතිබීම තුල පින ගැන නිවරදි වැටහීමක්, සිත පැහැදීමක් නොවීම වෙන්න ඕන.

Thursday, January 9, 2020

අද පරපුර සහ වේගවත් භාවය

අද ළමයි හරි වේගවත්. විශේෂයෙන් අද වයස 25ට අඩු 23 ඉදල වගේ වයස් වල ඉන්න ළමයි ඉදල ඒ හැමෝම වගේ හරිම වේගවත්. වේගවත් වගේම බොහෝවිට එයාල දක්ෂතා වලිනුත් ඊලග පරම්පරාවලට වඩා දියුණුයි බොහෝවිට. ඒක හැම රටකම සාමාන්‍ය දෙයක්.
දැන් තියෙන තාක්ෂණික දේවල් සහ අනිකුත් දියුණු දේවල් එක්ක ඒකට සාපේක්ෂව දරුවන් දියුණුයි කියල කියන්නත් පුලුවන්. ඕක හැමදාම ඔය වගේ තමයි වෙන්න ඇත්තෙ.

අද පොඩි ළමයි සෙල්ලම් කරනවා හොයාගන්න අඩුයි. බොහෝවිට ඉගෙනීමේ දේක හරි, කොම්පියුටර්, ෆෝන්, ටැබ් වගේ දේක ඉන්නවා වෙන්න පුලුවන්. ඒ තුල සෑහෙන දැනුමක් ලැබිය හැකියි ඒක හරි.

●  මේ වේගවත් භාවය එක්ක ළමයි කැමති හැමදේම වේගවත්ව කරන්න. පිටු 250-300ක පොතක් කියනවට වඩා එයාල කැමති ඒක රූපමය විදියට තියෙන සිනමා පටයකින් බලල පැයක් ඇතුලත ඒක උකහා ගන්න. ඒකෙත් වරදක් නෑ.
●  හැබැයි, එක්ස්ප්‍රස් ට්‍රේන් එකක විනාඩි 15ක ගමනයි, ඒකම පයින් හෙමිට පැය 1 හමාරක් වගේ කාලයක් තුල වටපිට බලමින්, ඒ අත්දැකීම් විඳිමින් ඒ සියලු අත්දැකීම් එක්ක කරන ගමනයි 2ක්.
●  පුටුවක වාඩි වෙලා පැය කීපයක් හරි දවසට යම් වෙලාවක් හරි වෙන් කරගෙන හොඳ නවකතාවක් කියෙව්වාම ( ඊ බුක් ක්‍රමයට උනත් කාරි නෑ), ලැබෙන අත්දැකීම, දැනුම සහ ඒ විඳීම වේගවත් වීම තුල නැති වෙනවා..
සිංදුවක් උනත්, විෂුවල් තියෙන සිංදු තමයි දැන් තියෙන්නෙ. ඒ තුල චිත්ත රූප මවාගෙන ඒ සිංදුව රස විඳීමේ හැකියාව ටික ටික මොට වෙන්න ඉඩ වැඩියි.

●  මේ වේගවත් වීම තුල හොද වගේම භාවාත්මක තත්වයට ලොකු හානියක් වෙනව කියල මට හිතෙනව. නියම දක්ෂතා පිලිබිඹු වෙන්න ඉඩ අඩු වෙනව කියල හිතෙනවා.
ඒක තරමක් පැහැදිලි  උනේ මට පහුගිය කාලෙ මුණගැහුනු නිර්මාණශීලි නිර්මාණ කරන අය තුලිනුයි, කොයිතරම දක්ෂයන් හිටියත් නියම විදියට නිර්මාණශීලිත්වය ඇති අය අඩු බවත්, ඉක්මණින් ඒක ඉවර කරන්න විතරක් හිත යොමු කරන බවත් කියවුනා.

●  ඉතින් අද දරුවන්ට, විශේෂයෙන් දරුවන්ගෙ දෙමාපියන් ඇතුළු අයටත්, වේගවත් වීම හොදයි තමයි. නමුත් ඒ වේගය තුල අහිමි වෙන්න පුලුවන් දේවල් බොහෝමයි. ඒ අහිමි වීම තුල පසුකාලීනව වෙන්න පුලුවන් පාඩුත් තියෙනව.
එනිසා පොඩි කාලේ ඉදන් පොතක් කියවන්න හුරු කරා නම්, සතියකට - මාසෙකට වතාවක්වත් හොද වේදිකා නාට්‍යයක්, ටෙලි නාට්‍යයක්, සිනමා පටයක් නරඹන්න හුරු කලා නම්, වේගවත් ගතිය එක්කම මානුෂීය වගේම හොඳ භාවාත්මක හැඟීම් තියෙන දරුවන් ඉන්න ඉඩ වැඩි කියල හිතනව..
දරුවන්ටත් තමන්ගෙ වේගවත් භාවය එක්කම, දවසට කෙසේ වෙතත් සතියකට වතාවක් හරි පොඩි ඇලක් දොලක් ගාවටවත් ගිහින් ස්වභාව ධර්මය විඳිනවා නම්, මාසෙකට 1 පොතක් හරි කියනවා නම්, සෑහෙන වෙනසක් ජිවිතය තුල ඇති කරගන්න පුලුවන් වේවි කියල හිතනව..


#යථාර්ථවාදිජනතාවාදියා 

Wednesday, January 8, 2020

ගොනා හැරෙන්නෙ පොල් පැලය කන්නද ?

_ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ( CID) කීපවතාවක් ගිහින් තියෙනවා _

ඒකෙ අධ්‍යක්ෂකව හිටිය ඊටපසුව එහිම නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙච්ච නාගමුල්ල මහතා ( පසුව ත්‍රිකුණාලමය භාර නියෝජ්‍ය පොලිස්පති), රටම අද කතාවෙන ලංකාවෙ ෂර්ලොක් හෝම්ස් කියන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වගේම පරිගණක සම්බන්ධ අපරාධ අංශය භාරව හිටිය දර්ශිකා මහත්මිය කියන අයව මුණගැහිලා කතා කරල තියෙනවා.

● මට තේරුනු දේ තමයි ඒ නිලධාරින් ඉතාම ස්වාධීන අය බව. ඒවගේම නීතියේ හැටියටත් ඔවුන්ට බලපෑම් කරන්න කාටවත් බෑ.
එයින් ශානි අබේස්කර තීක්ෂණ බුද්ධියක් තියෙන, තම ස්ථාවරයේ දැඩිව ඉන්න කෙනෙක් විදියටයි මට තේරුනේ.
වතාවක් අප දන්නා කැබිනට් ඇමතිවරයෙක්ට මඩක් සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රසිද්ධ උනාම ඒ වෙනුවෙන් කරන ලද පැමිණිල්ලකට අදාලව එවකට ලේකම්වරයෙක් විසින් එතන ගිහින් උස් හඬින් කතා කිරීම පවා නොකල යුතු දෙයක් හැටියට ප්‍රකාශ උනා මතකයි.

එහෙම නිලධාරින්ට බලපෑම් කරන්න පුලුවන් සහ ඊට වඩා ඔවුන් ලවා ඔය වගේ කතා කරවගන්න පුලුවන් කියන කාරණාව විශ්වාසයෙන් තොරයි.

- රංජන් රාමනායක එවන්නක් කරා නම් ඔහුගේම ෆෝන් එකේ ඒවා රෙකොඩ් කරගෙන හිටියෙ ඇයි ?
- පොලිසියට ගෙනිච්ච දුරකථනයේ රෙකෝඩින් පොලිසියට සම්බන්ධ නැති වෙනත් විවිධාකාර පුද්ගලයන් සහ මාධ්‍ය විසින් එලියට ලබාදීම ?
( එස්බීගේ ඇමතුම රංගෙ බණ්ඩාර විසින් පටිගත කලේ ඔහුට කරන ලද ඇරයුමකට අදාලව - මේකයි ඒවයි සමාන නැත)

● මේ සියල්ල තුලින් අධිකරණය ගැන වැරදි චිත්‍රයක් ජනතාවට මවා, අධිකරණයෙන් දඬුවම් ලබන දුමින්ද සිල්වා වැනි පුද්ගලයන්ව නිදහස් කරගන්නට සහ එහිදී මතුවන ජනතා විරෝධය එසේ නොවන්නට කරන කටයුත්තක්ද මෙය ?

#යථාර්ථවාදිජනතාවාදි #tshjan2020

Sunday, January 5, 2020

තරුණ කාලයේ කරපු ආදරේ විරහව පස්සෙ කාලෙක දැනෙන විදිය ගැන කියැවෙන හ්ම්...

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා ....
හිත් දැහැනේ වෙළී තිබුණු
නෙත් දැහැලේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ,
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....
නිල් කටරොළු නිල නැහැවුන
මල් බර මුදු සුව රැඳවුනු
තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ,
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ....

හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම් හ්ම්
( පණ්ඩිත් අමරදේව)

තරුණ කාලේ ආදරේ කරලා මොකක් හරි හේතුවකට විරහවෙන් වෙන් වෙලා හිටිය යම් කාලෙක තරුණයෙක් දැන් කාලෙ ඒ ගැන හිතනවා, මුහුදු වෙරළට ඇවිල්ලා...
තරුණ කාලේ ආදරේ කරපු විදිය ගැන අදත් එදත් දෙකම ගැන...

එදා නැති වෙද්දි දුක් වෙච්ච ආදරය ගැන අද උපේක්ෂාවෙන් බලන ඔහුට, ඒ කාලේ කල කී දෑ සහ ඒ දුකම අද දැනෙන්නෙ කියන කාරණය ගැන යම් තරමක අවිශ්වාසයකුත් නැතිව නෙමෙයි..

එදා තිබුනු ප්‍රේමණීය උණුසුම් හැඟීම්, විශේෂයෙන් දැනුනු ආදරය අද නැති බව උපේක්ෂා සහගතව ඔහු මතක් කරනවා..




Saturday, January 4, 2020

12.12.12 පොත

● පිරිමියෙක් ගැහැණියක් මරන්නෙ 76%ක්ම ලිංගිකත්වය සම්බන්ධ ගැටලුවකදී...
මුලින්ම තමන් ලිංගිකව ප්‍රබල තැනක සිටිනවා කියල ඔප්පු කරන්න පිරිමි, ගැහැණුන්ව මරා දමනවා(Power Reassurance).

● 2 වැනි කාරණය ලිංගිකත්ව කටයුත්තකට ගැහැණිය අකමැති වුණු විට ඇයව මරාදමන්න පිරිමියා පෙළඹෙනවා.
( Power - Assertive) මේ වගේ අවස්ථාවල මිනීමරුවා කාන්තාවට ලං වෙන්නේ මිතුරු වෙසින්. හතුරෙක් වෙන්නෙ පසුව.

● 3 - තමන් ඉදිරියේ ඉන්න කාන්තාව සමග ඇති කරගන්නා කෝපය නිසා කරන මිනීමැරුම. ඒක Anger - Retaliatory.

● 4 - කාන්තාව බිය කරන්නට උත්සාහ කරන මොහොතේ සිදුවන මරණය ( Anger - Exitement)

12.12.12 - මංජුල සේනාරත්න ( උපුටා ගැනීමකි)

මෑතක කියවපු විශේෂ පොතක්..

මේ පොත ගැන මට අදහස ඇතිවෙන්නෙ පොත් කියවන අය | Srilankan Book Readers අය සමූහය නිසයි. පොත ගැන හිතමින් ඉද්දි අපේ අක්කව ( Praharshi Sulakkhana) ගිය සතියේ මුණගැහුනා. අක්කට තියෙනවා පොත් ලිස්ට් එකක්ම අලුතින් ගන්න තියෙන ඒවත් එක්කම. ඒ අතර ඔය පොත ගැනත් ඇහුවාම පොත හොඳයි කිව්වා. විශේෂත්වය තමයි අක්කත් පොත ගැන කියවල තියෙන්නෙ පොත් කියවන අය සමූහයෙන්. පොඩි කාලේ ඉදන්ම පොත් කියවන්න අපෙ ලොකු අම්මලගෙ ගෙදර තියෙන පුස්තකාලයෙන් ලොකු උදව්වක් ලැබුන මතකයි.

අපි ගොඩක් රහස් පරීක්ෂක සිනමා පට නරඹලා තියෙනවා. ෂර්ලොක් හෝම්ස් වගේ කතා කියවල තියෙනවා. මිනිස් හිතේ කුතුහලය කියන්නෙ විශේෂ දෙයක්..
ඒනිසා මේ වගේ දේවල් වලට අපේ නැඹුරුව වැඩියි. විශේෂයෙන්ම IQ එක වැඩි ලංකාව වගේ රටවල අයගේ නැඹුරුව වැඩියි.
‍මේ පොතේ විශේෂත්වය මම දකින්නෙ ලංකාවෙ මෙතෙක් පල වෙච්ච පොත් වලට වඩා හොදින් රහස් පරීක්ෂණය ගැන ලියැවීමයි. සියුම් තැන් සහ වැරදීම් වෙන්න පුලුවන් දේවල් ගැනත්, අපරාධ පරීක්ෂණ ගැනත්, මම ඉගෙන ගත්ත අපරාධ මනෝ විද්‍යාවේ සියුම් වැදගත් දේවල් ගැනත් හොද අදහසක් සහ කතාව ගලාගෙන යද්දි වැදගත් දේවල් මේ පොතෙන් විග්‍රහ කෙරෙනවා..