Tweets by @Tweetsbysuku myblog: April 2018

Facebook Fan Page

Monday, April 30, 2018

නුඹ නම් නියමයි  සොඳුරිය...
ඔය තරම හිත තදට ඉන්න පුලුවන් නුඹටම විතරයි...
කිව්ව නේද, දවසක දරුවොත් ඉන්න කාලෙක මම දාලා යාවි කියල..
නෑ... දරුවොත් ඉන්න කාලෙක නුඹ දාලා යාවි, දරුවොත් මා එක්කම...
සමහරවිට නුඹට ඕන ඒව මගේ නැතිව ඇති.. මට තියෙන්නෙ ආදරයම විතරක් නිසා..
නුඹට නිදහස් මදිව ඇති... ඒ නිදහස අද හොඳට විඳින්නත් ඇති කියල හිතනව...
කාරි නෑ... ඒක නුඹේ තීරණය.... මගේ තීරණ, මගේ වචන නුඹට මතක නැති බවත්,
සමහරවිට ඇහුනේවත් නැති බවත් මම දන්නවා...
නමුත් නුඹ කියපු හැම අකුරක්ම, ඉස්පිල්ලක්, පාපිල්ලක්ම මට හොඳට මතකයි...
ඒ මම නුඹට ආදරේ නිසයි..
නුඹට මම එක්කෙනක් විතරක් උනාට, මට නුඹව මුළු ලෝකෙම උනා....
ඒත් ඒක සිතිවිල්ලක විතරක් තියෙන දෙයක් වෙච්ච එක අඩුපාඩුවක් තමයි...
හැමදාම කරනව කියල පොරොන්දු දුන්නු දේවලුත් නුඹ නොකරම අද හිටියෙ,
මං නැතිව විඳින නිදහසේදි ඒව කරත් අහුවෙලා වගේ නුඹට හිතෙනව නිසා වෙන්නැති..
කමක් නෑ.. ඒක නුඹේ සතුට... නුඹේ කැමත්ත... පුලුවන් විදියකට මාත් ඉන්නම්..

Sunday, April 29, 2018

බොහෝමයක් අයගෙ අදහස තමයි, වැඩියෙන් උපාධි තියෙනව නම්, උගත් නම් දේවල් තේරෙනවා හොඳට කියල...
එහෙම මාන්නයක් හදාගෙන හිටිය අය ඕන තරම් දැකල, මුණගැහිල තියෙනවා. හැබැයි අන්තිමට එයාල යන්නෙ, සරල - උගත්කම අඩු මනුස්සයෙක් යන තැනට නොවී, දුගතියකට වෙන්න පුලුවන්. අත්දැකීමෙන් දන්න නිසා කියතෑකි..

එක්තරා අසපු ක්‍රමයක් තියෙනවා, ඒකෙ කරන්නෙ බුදු දහම නෙමෙයි. සම්පූර්ණම දහමට පිටින් වැඩ කරනවා. හැබැයි ඒකට යන්නෙ බොහෝම ධනවත් අය, අධ්‍යාපනය ඉහලින් තියෙන මහාචාර්යවරු, දොස්තරලා, ඉංජිනේරුවො වගේ අය.. ඉතින් මේක දකින සාමාන්‍ය මිනිස්සු හිතනවා, අර අය වැජඹෙන නිසා හරි දහම තියෙන්නෙ එතන කියල.. අන්තිමට එයාලත් ඉදිරියෙදි එන බුද්ධ ශාසනයක “දෙව්දත් සේනාවට“ එකතු වෙලා දුගතියටම යනව...
අපිට ඒව වලක්වන්න බැහැ. කෙනෙක්ගෙ කර්ම ශක්තිය හොඳ උනු පමණින් හැමදේම හරියන්නෙ නෑ..

අරයගෙ මෙයාගෙ ලොකුකම් නෙමෙයි, තමන් ඇත්තට ඉන්න තත්වය එක්කයි දහම, ඒ ගැන අවබෝධය ගන්න ඕන.. ඕනවට වඩා දන්නව උනාම, නිවන් මග පවා බොහෝම දුෂ්කර වෙන බව කියවෙනව. දස මාර සංකල්පය ගැන ගැඹුරින් හිතුවාම හිතෙනව..
සමහර උපාසිකාවෝ ඉන්නවා අවු 20කට වැඩිය සතර සතිපට්ඨානය වඩනව කියල බොහෝම ආඩම්බරේට කියනව. හැබැයි හරියට ධාතු පහල වෙලාවත් නෑ. එයාල හිතන් ඉන්නෙ වැඩි කාලය එක්ක නිවන් යන්න පුලුවන් කියල.. නිවන එහෙම සංකීර්ණ නෑ. සංකීර්ණ කරගත්තා කියල හරියට වැටහුනේ නැත්නම් කෙරෙන්නෙත් නෑ..

ඒනිසා පුලුවන් තරම සරලව, නිදහස්ව හිතල, තමන් ගැන හිතල ඒ අනුවයි දහම පිිලිපැදිය යුත්තෙ. දන් දෙනව කියන්නෙ තමන්ට උවමනා උනත් තව කෙනෙක්ට, ශාසනයට දිලා තමන්ගෙ තියෙන අල්ල ගැනීම අතෑරීමක් කියල තේරුම් ගන්න පුලුවන් නම්... එච්චරයි...

#පෝදාසිතිවිලි #apriltsh2018

Thursday, April 12, 2018

හදිසියේම මුණ ගැහුනත් නොහිතුව විලසට...
නුඹෙයි මගෙයි කතන්දරේ දිව යයි ඈතට..
සිතුනත් මගේ කරගන්නට සසර පුරාවට...
පින් තියේද මගේ මැණිකේ අප දෙදෙනා හට....

හිතෙන දේවල්..... 😊

#adaraya #api