Tweets by @Tweetsbysuku myblog: September 2014

Facebook Fan Page

Tuesday, September 30, 2014

ඒත්.... හොඳයි...

එයා දන්නෙ කොහොමද මම එයාට ආදරේ තරම්....
එයා තාම පොඩි කෙල්ලෙක්... හ්ම්...
මට පිස්සුද මංදා... නෑ ඒ තරම පිස්සු නම් මනෝ විද්‍යාව කරන කාලෙ මීට වඩා තේරෙනව...

එයා දැන් තීරණ ගන්නෙ ගෙදර අය කියන දේ අහලලු, එයාල ගැන හිතලලු... කොච්චර දෙයක්ද...
මම අවුරුදු 2-3කට කලින් කිව්ව... වෙන කොහෙද යන මරාලයකට සෙට් උනේ නැත්නම් ඔය අවුල් එකක්වත් නෑ.. මගෙත් වරද... මට එයාව හරියට බලාගන්න බැරි උනා හ්ම්...

අන්තිමේ කොහෙන් හරි මටම තමා බම්බුව වදින්නේ... මොකද මංදා... අපලද නෑනේ... මම අපල ගැන බලාගනෙනේ ඉන්නේ...

හැබැයි දැන් අපල වගේ ඒව පස්සෙ කාලෙක සඵල වගේ පේනවා... එහෙම වේවි... හ්ම්...
ඉස්සර මොකවත් නොතේරෙුනු මගෙ බොදල කෙල්ලට දැන් දේවල් තේරෙනව හ්ම්...
කාටද ආඩම්බර... කාටද සතුටු.. 2ම මට... හැබැයි ඒකෙ රිටනුත් මට...
ඒක ලංකාවෙ ආශ්චර්යයයේ හැටි... හ්ම්...

Monday, September 29, 2014

තරහක් ඇවිත්.. හ්ම්...

Prostitute/ගණිකාව උනත් අනවශ්‍ය විදියට පහර දෙන්න අයිතියක් නෑ කාටවත්...
විශේෂයෙන් රටේ නීතිය සාමය රකින පොලීසියට..

කෙනෙක් කියාවි ඇය ගණිකාවක් කියල... ඇඟ විකුණනවා කියල... 
තව සමහර තමන්ගේ දරුවන්ගේ වයසේ ගෑණු දරුවන්ව අනියම් දේවල් වලට තියාගත්ත ඈයෝ කියාවි ‘ලාභ ශ්‍රමය‘ කියල... 

හැබැයි... රස්සාව කියන්නෙ තමන්ගේ හැකියාවට, කැපවීමට, උගත්කමට වැටුපක් ලැබීමක්...

ගණිකාව කරන්නෙත් ඒවගේම දෙයක් තමයි.. 

තමන්ගේ දරුවන්ට කන්න දෙන්න කරන දෙයක්....

පහුගිය කාලේ ලංකාවෙ ප්‍රසිද්ධ නිලියක් ගණිකා වෘත්තියේ යෙදෙන 
කෙනෙක් එක්ක කතා කලා... 
ඇය කියනව.. “ මගේ ඇඟ ලස්සන නම්, විකුණන්නේ මම නම්... ඇයි වෙන උන්ට බබ්බු හම්බ වෙන්නෙ “ කියල....

ඒ කතාවේ වරදකුත් නෑ... එහෙම කියන අයට සැලියුට් කරන සමහරු... තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න ඒ වැඩේම කරන වෙන අයට සලකන හැටි....

නීතියක් නැති රටක්... පිලිවෙලක් කරන්න කාලේ හරි...

Saturday, September 27, 2014

ඔන්න එකෝමත් එක කාලෙක මේ බුකියේ....


මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එනවා ගෑණු ළමයෙක්ගෙන්. මාත් ගන්නවා.. ඉදහිට එයාට කමෙන්ට් කරනවා.
ඔය අතර කාලය ගෙවෙනව.. අහම්බෙන් මෙතන ඉන්න එක ෆේක් මල්ලි කෙනෙක් මේ දෙන්නව ගෘප් චැට් එකකදි සෙට් කරනව... ඒ මල්ලි කියනවා, අර අක්ක ඔයාට කැමති අයියෙ ඔයා ගැන ඇහුව කියල. මල්ලි කියන්නෙ විහිළුවට.
මාත් ඉතින් පිස්සුවට අහනව. ගෑණු ළමයා කියනවා එහෙම නෑ කියල. කොහොම හරි කතාව ඇති වෙනව...

කතා කරනව.. රියල් එකටත් එනව...
ෆේස්බුක් ෆැමිලිත් එනව..

නිතර කතා කරනවා, මම නොඉල්ලම ෆෝන් නොම්මරෙත් දෙනව. මටත් ඒ කාලේ අතේ සතේ නැත... කලින් කරපු බිස්නස් එක වැටිලා අන්තිමය... රස්සාද නැත...
යාන්තමට කරපු සෝෂල් මිඩියාද, කොස්මෙටික් වැඩක්ද තිබුනේය... ඒවායින්ද ගෙදරින් ඉල්ලාගෙනද යැපුනු කාලයේය.

නිතර කතා කල නිසාද... ඉදහිට එයාව හොද බව තේරුනු නිසාද ආදරයක් හිතට ආවා... ඒක කිව්වා..
(190ක් විතර දැන් ඉන්න රියල් එකේ ෆැමිලි දාගත්ත කෙනෙක්ට ආදරේ කරපු පලවෙනි වතාව ඒක හ්ම්... ආයෙ නොකරමි..)
ඉතිරිය ලියන්න ... බෑ දුකයි වගෙයි...
මේ ලගදි එයා ආයෙ බොලොක් කරල තිබ්බා... ඒකෙ දුකට ලියවුනේ...

Thursday, September 25, 2014

බොහෝ වේලාවට ගෑණු ළමයි ආදරේ කරද්දි මුළු ආත්මයම දීලා ආදරේ කරනවා...
එතනදි ඒක ලබන කෙනාට ඒ තරම් නොවුනත්, හරියට ආදරේ නොකලොත්, දුක් දුන්නොත් ඒ ගැණු ළමයා ගොඩක් අසරණ වෙනව...
අසරණ වෙලා ඒකට හුරු වෙනව... ඊට පස්සේ දැඩි වෙනව... රළු වෙනව....

මලක් වගේ ඉන්න ඕන කෙනෙක් ගලක් වගේ රළු වෙන්න ඉඩ වැඩියි ඊට පස්සේ....

ඒක ගොඩක් පිරිමි අයට තේරෙන්නෙ නෑ... එයාල ටික කාලයකින් පුදුම වෙනව ගෑණු ළමයගේ වෙනස් වීම ගැන..., දැඩි ගති ගැන...
හැබැයි මොලේ නෑ ඒක තේරෙන්න තරම්....... හ්ම්...

Tuesday, September 23, 2014

ඡන්දෙ... Election


September 20 at 7:15pm · Colombo · 
ආණ්ඩු පක්ෂයේ උඩ පනින, චණ්ඩියන්ට කියන්නට ඇත්තේ හැමදාම කාටත් බලය නැති බවයි...
කොයි මොහොතක හෝ බලය නැති උනොත් ඒවාට විපාකද ලැබෙනු ඇති බවයි...
දැනගෙන කරන්න...
කරදර අඩු වේවි... — feeling Funky.


We Won Badulla.... (electorate)
UNP 21,099
UPFA 15,001
JVP 2,271
they said 65% for UPFA...
— feeling excited with Oushanari Pathirane.



September 21 at 9:01am · Colombo ·
“ උන්නු හැටියට මලා මදැයි “
නොසෙල්වෙන ආණ්ඩුවේ, දකුණේ සෙලවීම දෙදරීමක් වන්නේ මේපාර බව සිතාගෙන සිටියෙමු...
බදුල්ල ගැන සිතුවාට වඩා අඩුවුවද Arumugan Thondaman වැනි දෙමල අපේ අයට බලපෑම් කරමින්, වින කරමින් සැප විඳින දේශපාලකයෙක්ට ලැබෙන සියලු ඡන්ද ආණ්ඩුවට ලැබෙද්දි මේ ලැබීම සුවිශේෂිය...
Harin - කල කැපවීමෙන් දැනෙන ඵලයක් ලැබුවෙමු !
(https://www.facebook.com/harin.fernando.5)
එජාපය නැවත back on track වන අතර, ජාතික මැතිවරණයකදී ආණ්ඩුවට සිදුවන දේ ගැන කියන්නට දෙයක් නැත...
— feeling comfortable.



September 21 at 7:16pm · Colombo · 
දිනුවේ ආණ්ඩුව... සමරන්නෙ UNP අපි....
Shashindra අයියගේ රාජ යෝගෙ බලය අඩු වෙලාවත්ද... ගියපාරට වඩා ඡන්ද 40,000ක් විතර අඩු කරගෙන තියෙන්නෙ... ජනාධිපතිතුමාගෙ අයියගෙ පුතා වෙලත්... කථානායකතුමාගේ පුතා වෙලත්...
නෑ... දුප්පත්කම 13% ඉදල 20% කරපු නිසා... අන්තිම තුරුම්පුව විදියට බිල් අඩු නොකලා නම්......
අන්න ඒකට Harin .... ගෙදරින් සහයෝගයත් අඩුව තියෙද්දි රට, පක්ෂය වෙනුවෙන් පාර්ලිමෙන්තුවෙනුත් අස්වෙලා... සෑහෙන කරදර මැද කරලා...
173,993 මනාප ඡන්ද... !
අපේ Prasad මල්ලි කියද්දි... තමයි මාත් හිතුවේ...
2004දි බදුල්ලෙන් rejected votes 9000, මේපාර 21398....
( ආණ්ඩුව දිනන්නේ වැඩි ඡන්ද 11,00කින්...)
හැබැයි මොනරාගලින් 12751 එකයි reject වෙන්නෙ...
— feeling happy.





Saturday, September 20, 2014

මගේ කවුන්සිලින්....

ඉරු සේවයෙන් දෙන මහා රාවණ පරම්පරාවේ “විජයරාජිණි යන්ත්‍රය“ 
මගේ කවුන්සිලින්.... 100කට වැඩිය.... නොමිලේ කරන දෙයක් හින්දද මංදා වැඩි වටිනාකමක් ගොඩක් අයට දැනෙන්නේ නැත...

හදපු හිත් අදටත් බොහෝ ඒවා සුරක්ෂිතය... සල්ලාලයන්ගෙන් බේරාගැනීම්ද බොහෝය... කීපයක් හැරුනුකොට බොහෝ දේවල් සාර්ථක විය. කැඩෙන්නට ගොස් හදපු පවුල්ද බොහෝය... හදන්නට බැරි උනු ඒවාද කීපයකි... හ්ම්....

කොහොම උනත් අතිබහුතරය වැඩේ කරගන්නකම් පමණක් සිටී... ඉන්පසු අපි උන්නාද මලාදවත් වැඩක් නැත...
නැත්නම් ආයෙත් කරදරයක පැටලෙන තුරු අපිව මතකම නැත... හ්ම්... හිතේ නම් තියෙනවා ඇති....

මොනව උනත් අදටත් ඔළුව කෙලින් කරන් ඉන්න ලැබුනේද, අතේ සතේ නැති කාලයේ පවා කන්න බොන්න ලැබෙන්නේද ඒකම වෙන්නැති...

කොහොම උනත් අන්තිමට හිතද්දි වෙලාවකට දුකක් වේදනාවක් දැනුනත්... කමක් නෑ අදටත් හොඳින් ඉන්නවනේ කියල හිතෙනව...
හොඳක් නෙමෙයි මේ... ඒත් කලින් වඩා සහන් එළියක් ඇත... 

Friday, September 19, 2014

කේවල් කිරීම

මට කේවල් කරල පුරුද්දක් නෑ. ඒක ඉස්සර ඉදලම එහෙමයි.  කොහේ හරි ගිහින් බඩුවක ගාන කිව්වම ඒ ගාන දීලා එනව මිසක් අඩු කරගන්න පුරුද්දක් පොදුවේ මට තිබ්බෙ නෑ.
කේවල් කරන එක වරදක් නැති දෙයක් කියල හිතුනේ මේ ලගදි තේජන අයිය එක්ක පිටකොටුවට ගියාට පස්සේ.

අලුත් කැමරාව ගනිද්දි මම ගත්තෙ දන්න තැනකින්. එතන සිංහල බෞද්ධ තැනක් කියන කාරණයට වඩා දන්න තැන කියන කාරණය ප්‍රමුඛ උනා.
කොහොම උනත් නෙට් එකේ තියෙන ගොඩක් තැන් වලින් මට ඒකම ඊට වඩා අඩුවට ගෙදරටම ගෙන්න ගන්න තිබ්බ.
මම ඒක ගත්තෙ හොඳට හොයල බලල අන්තිමේ පොඩි කේවල් කිරීමකුත් කරලයි.

මොකද අඩුවට දෙන තැනින් මෙමරි කාඩ් එකවත්, පෝච් එකවත් දෙන්නෙ නෑ. දන්න තැන ඒව එක්ක දෙන්නෙ. වෙනස තිබ්බෙ 1000ක විතර. ඉතින් මම හොඳට හිතල බලල ඒ වෙනස 500කට උනොත් පාඩු නෑ කියල හිතුව.
එහෙම හිතල එයාලට කිව්වා මේ ගානට දෙනව නම් හෙට උදේ ගන්නව කියල, එහෙම කියල ඊයෙ ගිහින් ගත්ත.

Thursday, September 18, 2014

ඡන්දය ගැන දීර්ඝ කල්පනාවකින් පසු

1818 අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව කැරැල්ල සැරට ගියේ ඌව වෙල්ලස්සේය.
දකුණින් දුන් ඉඟිය තහවුරු වන්නට ඌවෙන් ප්‍රතිඵලය ලැබෙනු ඇත.

මේපාර ඡන්දය බොහෝවිට එජාපය ජයගනු ඇත. එය බදුල්ලෙන් නියතවම සිදුවන අතර, මොනරාගලින්ද ලග ලග සටනක් ඇතිවනු ඇත.
එහිදී මූලිකව ශෂින්ද්‍ර මහ ඇමතිතුමාට ඇති ජනතා අප්‍රසාදය පිළිබිඹු වනු ඇත. වසර 5ක් තුල ජන ජීවිතයට ධරණීය දෙයක් කර නැති බැවිනි. ඊට අමතරව ඡන්දය දිනවල ඇරුණුකොට හරියට මහජන දින පැවැත්වීමද කර නැත.
සරලව කිව්වොත් එතුමාට ජනතාව ගැන දැනීමක් නැත.
හරීන් වෙනසක් ඇති කරනු ඇත.

තවද කිව යුත්තේ ඉරු හරහා ජෝතිෂ්‍යය අනාවැකියක් ඉල්ලා ලබාගත හැකි වුවත් අනවශ්‍ය ගැටළු ඇතිවිය හැකි නිසා එය කරන්නට කටයුතු නොකල බවය.

* හොර ඡන්ද, ජිල්මාට් කරත් නොකරත් දකුණින් පටන් ගත් ආණ්ඩුවේ සෙලවීම... දෙදරීමක් වන්නේ මේ ඡන්දයෙනි...

( මෙහිදී ඒකාබද්ධ විපක්ෂයක් ගැන නොව තනිගමන් යන, යන ගමන් ආණ්ඩුවේ කාර්යභාරයක් කරන්නේදැයි සිතෙන ජවිපේ ප්‍රතිඵලය ගැන ලොකුවට සිතා නැත. ඡන්ද වැඩිවනු ඇත.
ජෙනරල්තුමාගේ පක්ෂය ළඳරු වැඩි අතර යම් දෙයක් කරගනු ඇත.)

Wednesday, September 17, 2014

_ කාන්තා ආධිපත්‍යය _

අපේ Prasanjith අයියා නම් කියන්නේ ඉස්සර ඉදලාම තිබුනෙ පුරුෂාධිපත්‍යයක් බවයි.
“පතිවත“ යන්න පවා ස්ත්‍රිය පාලනයට පිරිමින්/බමුණන් සෑදුවක් යන්න ගම්‍ය කෙරෙන පෝස්ට් අයියා අතින් පලවේ.
එවන් ආකාරයට බොහෝ කරුණු කියයි.
කෙසේ වුවද මා/අපගේ අත්දැකීම් අනුව පිටින් පෙනෙන පුරුෂාධිපත්‍යයක් සැබෑවටම තිබේද කියා සිතේ. එවන් අවස්ථා ගණනාවකි.

1. අපි කෙනෙක්ට කරන ව්‍යාපාරයකට ආරාධනය කරාම, එයා බොහෝවිට තම මවගෙන්, පෙම්වතියගෙන්, බිරිඳගෙන් අසා මිස පැමිණෙන්නේ නැත. (බොහෝ කාන්තාවන් දන්නේ මසුරුකම හා බැඳුනු ඉතිරිකිරීම් සහ ගොඩගසා ගැනීම් නිසා ඒවායෙන් ඇතිවන ඵලක්ද නැත)

2. බස් වල යන විටදී කාන්තා පාර්ශවයට සීට් දීම(ගැබිණි මව්වරුන්ට, වයස්ගත කාන්තාවන්ට නොව)
පොදුවේ සිදුවන්නක් වුවද නැවත සීට් එක ලැබීම විරලය, ඊටත් වඩා නැගිටලා තද වෙලා යද්දි යාන්තමට අතක් තියාගන්න ඇවිත් අපිව අදාල තැනින් වඩා දුෂ්කර තැනකට යවන්න තරම් ටිකින් ටික ආධිපත්‍යය පැතිරවිමට කාන්තාවන් දක්ෂය.

3. ATM මැෂින්, Food City යනාදි බොහෝ තැන්වලදීද සිනාවක් සමග විටෙක අසරණකමක් පා අපගේ තැන ගෙන කටයුත්ත කරගැනීමට තරම් කාන්තාවන් දක්ෂය.
ඉතින් කොහෙද පුරුෂාධිපත්‍යය තියෙන්නෙ ? ....

ස්ත්‍රිය ස්වභාවයෙන්ම ලාමකය... චපලය... තමන් ගැන විතරක් සිතන සුළුය... ඒනිසා පුරුෂාධිපත්‍ය පෙනුනද පවතින ආණ්ඩුවටත්, ගෙදර පෙටිකෝට් ගවමන්ට් එකටත් යටත් වැසියන් වීමට බොහෝ පිරිමින්ට සිදුව ඇත....

පෞද්ගලික සහ පොදු අත්දැකීම් වලින් පවා කාන්තා පාර්ශවයේ බොහෝ තමන්ගේ කටයුත්ත කරගැනීමට උත්සුක වන ඊට පසු මලාට නොසොයන පිරිසක් බව පසක් වී ඇත.

* මෙය පොදු කාන්තා/ස්ත්‍රි ගැන මිස මව, සහෝදරිය, මිතුරිය යන අයට එතරම් අදාල නොවන්නකි.
සමාජයට මව විය යුතු මව ගැන විස්තරය වෙනම කතාකල යුත්තකි...

Wednesday, September 10, 2014

4G .....

I was ready to get Dialog 4G April 2013... I tried to contact but I couldn't. Then I just commented on their web sites and social media pages....

They call back me, and promised that they'll inform me too... Hmm I almost forgot it... I was with my 3G 10 GB n other packages....

Anyways I tried to reach them these days but didn't get a call. Yesterday suddenly I chat wid Dialog chat so someone/Sankalpa answered me and their agent Mr.Shantha Kumara contacted me.

I got 4G today... Pretty fast... ... feeling good.... Now I hope I can do my social media stuffs better...

Friday, September 5, 2014

ඊයෙ පිටකොටුවෙදි

මායි තේජන අයියයි ඊයේ පිටකොටුවට ගියා. ගිහිල්ලා සෑහෙන්න ඇවිද්දා දේවල් බලන්න හොයන්න.

ගොඩක් ඒව පිටකොටුවෙ තියෙනව හ්ම්. ශ්‍රියානි එකෙන් ලන්ච් එකත් අරගෙන හවස් වෙනකම් හිටියා.

කොහොමත් ගියේ තේජන අයියට ෆ්‍රී උනාට පස්සේ 2ට කිට්ටුයි යද්දිම. පෙන් ඩ්‍රයිව් එකකුත් යාන්තම් හොයාගත්ත. ඊට පස්සෙයි ආවේ.

ගිහිල්ලා අපි ආයෙ එන්න කලින් ඒටීඑම් මෂින් එකක් හොයන්න යද්දි අපි දැක්කා ටිකක් ලොකු හාමුදුරු කෙනෙක් පෙට්ටියක් උස්සගෙන වඩිනවා. ගොඩක් අය හිටියත් උන්වහන්සේ තනියම බර උස්සගෙන වැඩිය නිසා මම තේජන අයියට කියල දුවල ගිහින් බඩු ටික ටික දුරක් උස්සගෙන ගෙනිහින් දුන්නා.

සීටීබි ස්ටැන්ඩ් එකේදි හාමුදුරුවෝ ඉල්ල ගත්තා, මම බස් එකකටම ගෙනිහින් දෙන්නම් කිව්වට... කොහොම උනත් ඒක කලාට පස්සෙ හිතට හරිම සතුටුයි... හ්ම්... සැනසීමයි... ‍

පින කියන්නෙ සිතිවිල්ල මත තීරණය වෙන දෙයක්... 

Thursday, September 4, 2014

Don't be too GOOD or too BAD


Don't be too good or too bad.. just accept things n move on...

සමහර අය හිතනවා, 
“මම කාටවත් කරදරයක් කරන්නෙ නෑ, ඒනිසා මටත් කරදරයක් වෙන්නෙ නෑ“, කියල.
ඒක බොහොම වැරදි අදහසක්. මොකද කරදර නොකිරීම කෙසේ වෙතත් හොඳ කරත්, නරක ලැබෙන අවස්ථා ජිවිතයේ තියෙනවා ඇති තරම්... එකම දේ ඉතින් හොඳ දෙයක් කලා නම් නරකක් වරදක් උනත් හිතට අවුලක් නැති එකයි...
ලෝකෙ ඉන්න ඕන ඕනවට වඩා හොඳ වෙලා නෙමෙයි, (එහෙම උනාම දෙවියන් ඉක්මනට ලගට ගන්නවලු - Business meeting idea). 
ඕනවට වඩා නරක වෙලත් නෙමෙයිලු...( එතකොට ආයුධ පෙන්නන්න යන්න අවස්ථාව වැඩි - B M I)

නරක පැත්තට බර නොවී... හොඳින් ඉන්න ඕන... එතකොට හරි ඇති... හ්ම්...