Tweets by @Tweetsbysuku myblog: දැඩි අදහස්... නෑ හිතේ හැටියට අදහස්...

Facebook Fan Page

Monday, May 12, 2014

දැඩි අදහස්... නෑ හිතේ හැටියට අදහස්...

මට වෙලාවකට හරියට තරහ එනව. තරහ එන එක මගෙ හැටියක්ද කොහෙද. මම ගොඩක් ගරු කරන ආදරේ කරන කෙනෙක්ට වෙන කවුරුවත් මොකුත් අසාධාරණ විදියට කිව්වත් මට හොඳටම තරහ එනව. කොන්දේසි විරහිතව මම ඒකට විරුද්ධ වෙනව.

ඒවගෙම මම පිලිකුල් කරන අකමැති චරිතයක් එක්ක මම ගොඩක් ගරු කරන ආදරේ කරන කෙනෙක් හිතවත්නම් මට ඒකට ගොඩක් රිදෙනව. ඒක මගේ අඩුපාඩුවක් වෙන්නැති. ඒත් ඒ මගේ හැටි. මම හරි අකමැතියි ඒ වගේ ඒව වෙනස් කරන්න. ඉදහිට වෙනස් කරන්න උනත්.

වැරදි කරන කෙනෙක්, වැරදි නොකරන අය නැති උනත් පොදුවේ සාපේක්ෂව හිතුවම සෑහෙන්න වැරදි කරන කෙනෙක් කොච්චර හොඳ උනත් මට, මම එයාට කැමති නෑ. පහුගිය කාලෙ ෆේස්බුක් එකේ හැප්පුනු සල්ලාල අය කවුරුවත් මට වචනයක් කලින් කියල නෑ. සමහර අය මට රට එන්න උදව් කරන්න වගේ දේවල් පවා කිව්ව.
ඒත් මංදා මට හිතෙන්නෙම නෑ වෙනස් වෙන්න... දැනුත් එහෙමයි...
වෙච්ච දේ අනුව ඒක ඒ හැටි දෙයක් නොවුනත්.. මට ඒක වෙනස් කරන්න හිතෙන්නෙ නෑ...

ෂාමින්ද තනෝජ් අයිය මගෙම සහෝදරයක් වගේ තමයි. තාම මුණ ගැහිලා නැතත්, ෆේස්බුක් මසේජස් ගොඩක් නැතත්, ස්කයිප් කතා කරල තියෙන 2-3 වතාවක් විතරක් උනත්... අයිය සෑහෙන ලග හිටියෙ.
මං ගැන කියල වෝල් පෝස්ට් පවා දැම්ම. මාත් සහෝදරකමට කරන්න පුලුවන් ඒව කරල ඇති. අයියගෙ අක්ක ලෙඩ උනාම මෙහෙ කවුරුවත් නැති හින්දා අපෙ ඩොක්ට අයියට කතා කරල හොයල බලල ඩොක්ට අයියගෙ යාළුවෙක්ව යවල තත්වෙ නෝමල් කියල දැනගත්ත නිසා අපිත් බලන්න ගියේ නෑ. ඒ අතර කේන්දර බලන අයටත් කතා කරල ඒවට කරන්න ඕන ඒවත් කිව්වා.
ඉතින් ඒ මට පුලුවන් ඒව... එච්චර තමා... තාම උදව්වක් කියල ඔයිට වඩා දෙයක් කරගන්න බෑ.

ඒත් ප්‍රසාද් සිරිවර්ධන අංකල් මැරුනු වෙලාවෙ, 100%ක් හොඳයි කියන්න කාටවත් බැරි ලෝකෙ ප්‍රසාද් අංකල් කියන්නෙ හොඳ කෙනෙක්. ජිවිතේ කරදර විඳලා දැනුත් විඳිමින් දෙකයි පනහෙ දේශපාලුවන්ට බය නොවි හිටිය කෙනෙක්. ඒක අත්දැකීමෙන් දන්නව.
ඉතින් එහෙම කෙනෙක් මැරුණම, අපි කවුරුවත් මැරුණම නරකක් කියන්න කැමති ජාතියක් නෙමෙයිනෙ. ඒ අංකල් මැරුණම ඊ නිවුස් එකේ තිබුනු පල් බොරුව ෂාමින්ද අයියත් දාලා තිබුනා. ඒකට හේතුව ෂාමින්ද අයියට පොලිසි එක්ක තියෙන අමනාපය.
ඒ වෙලාවෙ ආයෙ සහෝදරකම් නැති වේවි අයියෙ කියල කියපු විදියට මම දැන් කතා කරන්නෙ නෑ. මට ඇති ලාභයකුත් නෑ. ප්‍රසාද් අංකල්ටවත් දරුවන්ටවත් ඒකෙන් ඇති වෙන සෙතකුත් නෑ. ඒත් ඒ වැරදි දේට එරෙහි වෙන්න ඕන කියල මට  හිතුනා. මම කලා... හ්ම්....

මම හිතන පතන විදියෙ බරපතල අවුලක් ඇති. ෆේස්බුක් එක උනත් ඕනවට වඩා ඇගේ ඇති. මම ඒකට ඇබ්බැහි නෑ මගේ ජීවිතේ ගොඩක් ඒවට ෆේස්බුක් සම්බන්ධයි. ඒ මගේ හැටි දැන්... 

No comments:

Post a Comment