Tweets by @Tweetsbysuku myblog: සිංහල බෞද්ධකම ගැන... හ්ම්

Facebook Fan Page

Sunday, May 4, 2014

සිංහල බෞද්ධකම ගැන... හ්ම්

තමන් සිංහල බෞද්ධයෙක් වෙලා පන්සිල් නොරකින සමහර අය, දළදා වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දීලා ඒ ප්‍රතිඥා කඩපු පාලකයන්ට ඡන්දය දෙන සමහර සිංහල බෞද්ධ අය...

අපේ දහම හරියට නොදන්න(අපි කියන්නේ උපතින් සිංහල බෞද්ධ වෙන එක තමයි හරිම කියලනේ), විදෙස්ගත කාන්තාවන් බුදු හිමියන්ගේ පච්චයක්/ටැටූ එකක් කොටාගෙන හිටියොත්, තව කොහේ හරි රටක බුදු පිලිමයක් ගාව, නිගරු වෙන විදියට හැසිරෙන අය දැක්කම පුදුම තරහයි.

අපේ බුදු හාමුදුරුවෝ හිටිය කාලෙක උනත් උන්වහන්සේ මේවයින් කලබල වෙන්නෙ නෑ...
උන්වහන්සේ ක්ලේශ පිරුණු දෙවියෙක්, යක්ෂයෙක් හෝ වෙනත් එවන් ආත්මභාවයක් නොවෙන නිසා....

සිංහල බෞද්ධකම හරියට රකින්න, මුලින්ම පන්සිල් රකින්න ඕන... එතනින් පටන් ගත්ත නම් වෙන තැන් වලින් පටන් නොගෙන... හ්ම්...
(https://www.facebook.com/sukumal.harischandra/posts/10202733148164340?stream_ref=10)


Dinush Witharama අයියාගේ අදහස

සිංහල බෞද්ධයා කියලා හඳුන්වන්නේ තෙරුවන් සරණ ගිය කෙනෙක් නම්; පැහැදිලිවම බෞද්ධ මූලධර්ම මත පදනම් වුන සමාජයීය හැසිරීමක් වගේම පෞද්ගලික ප්‍රතිපත්තියක් තියෙන කෙනෙක් වෙන්න ඕනි මල්ලි. 

පංච ශීලයේ පිහිටන්න උපරිම උත්සාහයක් දරන්න ඕනි මූලිකවම.

සතර සංග්‍රහ වස්තුවෙන් යුක්ත වෙන්න ඕනි. 

සමාජයීය වශයෙන් ක්‍රියා කරනකොට සප්ත අපරිහානි ධර්ම වල පිහිටන්න ඕනි.

මේවා නැත්නම් ඒ සමාජයට බෞද්ධ සමාජයක් කියලා කියන්න බෑ. සිංහල බෞද්ධයා කියන්නෙ එහෙම නොවෙන කෙනෙක් නම්, ඒ බෞද්ධ නමින් ඉන්න වෙනම බෞද්ධ නොවන ගෝත්‍රික පිරිසක් විය යුතුයි.

No comments:

Post a Comment