Tweets by @Tweetsbysuku myblog: බිස්නස්... ඇයි - 1

Facebook Fan Page

Friday, May 9, 2014

බිස්නස්... ඇයි - 1

මම අලුතින් සම්බන්ධ වෙච්ච, ඒත් කාලයක්ම දන්න අය සමග එකතු වුනු ව්‍යාපාරය ගැන විස්තර කරන්න කලින් මම ඒකට කැමති ඇයි කියල මුලින්ම කියන්න ඕන.

1. මම කැමතියි නිදහසේ ජීවත් වෙන්න. ඒ අතර සල්ලි කියන කාරණය ජිවිතේ කටයුතු වලට බාධාවක් නොවෙන තැනට කරගන්න මම කැමතියි. අනිත් කාරණය තව කෙනෙක් යටතේ වැඩ කරන්නත් මම අකමැතියි. ඒවගේම වෙන අය කියන වෙලාවට කියන දේවල් කරන්න මම අකමැතියි.
ජීවිතේ වැදගත්ම කාලයෙදි(ගෙදර අය එක්ක ඉන්න, ප්‍රේමයක් කරන්න, යාළුවො එක්ක ඉන්න) මම කමැති නෑ ඔෆිස් එකකට වෙලා ඉන්න.

2. මම කැමතියි මට උදව් කරගන්න මම කැමති තත්වයට එන්න. ඒවගේම ජිවිතේ වෙනස් කරගන්න කැමති කෙනෙක් ඉන්නව නම් එයාලට ඒ තැනට එන්න උදව් කරන්නත් මම කැමතියි.
මේ ක්‍රමයෙදි මම වගේම මට වඩා දියුණුවට ව්‍යාපාරය කරන අය පවා ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඒවගේම ව්‍යාපාරයෙදි අඩුපාඩු පසුබෑම් තිබුනත් ඒවට බැනලා අපහාස නොකර, අත දෙන්නම් නැගිටින්න කියන තරම් හොඳ අය මේකෙ ඉන්නවා.
තව දෙයක් මේ ව්‍යාපාරයේ ඉහලට ඉගෙන ගත්ත අය වගේම උගත්කම බොහොම අඩු අයත් ඉන්නවා.
මේකෙදි දියුණුවට හේතු වෙන්නෙ උවමනාව සහ කැපවීම තමයි.

3. ව්‍යාපාරයක් උනාම මූලික දේවල් 2ක්

 * ව්‍යාපාර ක්‍රමය(Plan එක)
* භාණ්ඩ ( Products)
මම මේකට සම්බන්ධ වෙන්නේ ප්ලැන් එකටයි. භාණ්ඩ වලට නෙමෙයි. භාණ්ඩත් සෑහිමකට පත්විය හැකියි.

4. Network Marketing කියන්නෙ ලෝකයේ ඊලගට හොදම ව්‍යාපාර 3 න් එකක්.
බිල්ගේට්ස් පවා කියනවා ආයෙ අවස්ථාවක් ආවොත් කරන්නෙ නෙට්වර්ක් මාකටින් කියල.

ඒවගේම ලෝකෙ අනිත් ප්‍රධානම හොදම ව්‍යාපාර වෙන ව්‍යාපාර වර්ග වෙන්නෙ, සෞඛ්‍ය, සහ බලශක්තියට අදාලව. ඒවගේ ව්‍යාපාර වලට මූලික ප්‍රාග්ධනය මිලියන වලටත් එහායින් පටන් ගන්නේ. ඒනිසා නෙට්වර්ක් මාකටින් මට ලේසියි.

5. තව දකින් වැදගත්ම දෙයක් තමයි මුදල් ගෙවීමේ සැලැස්ම හොදයි.
පැය 24ක් යන්න කලින් අදාල බැංකු ගිණුමට කම්පනි ගිණුමෙන් මුදල් එවනව.
ඒනිසා ලැබෙන සල්ලි කම්පනිය තියාගෙන ඉන්නෙ නෑ(වෙන තැන්වල ආයෝජන නෑ).
දන්න මේවගේ කම්පනි වලත්, වෙනත් තැන් වලත්, රස්සා කරපු තැන්වත් අදාල මුදල් විශේෂයෙන් කමිෂන් එක දෙන්නෙ මාසයට අදාල දින වල විතරයි. ඒනිසා ඒ කම්පනි අස්සේ සල්ලි තියෙනවා මොකක් හරි අවුලක් උනොත් ලොකු අවදානමක් තියෙනව.

6. මේ නෙට්වර්ක් මාකටින් කම්පනිය ලංකාවෙ ලියාපදිංචි කරපු කම්පනියක්. ඒවගේම දැන් මේක තව කම්පනි කීපයක් එක්ක එකතුවක් විදියට ගෘප් ඔෆ් කම්පනීස් විදියට යන්නෙ.
මම මේ කම්පනියේ ගමන් මග සහ කරන අය ගැනත් දන්නවා. එයාල හොඳට ඒක කරනවා.

ලංකාවේ නෙට්වර්ක් මාකටින් කරන සෑහෙන ඒව තියෙනව. ඒ හැම එකම වගේ මම දන්නවා වෙච්ච ඒවත් කරන ඒවත් දන්නවා. ඒනිසා මට මේ කම්පනිය ගැන ලොකු විශ්වාසයක් තියෙනව අත්දැකීමෙන්ම.

අපි අපේම ව්‍යාපාරයක් කලත් ඒකට අපි මහන්සි උනොත් විතරයි ආදායම, ඒවගේම අපිට උදව් කරන්න, උපදෙස් දෙන්න කවුරුවත් නෑ. මේ ව්‍යාපාරයේ වටිනාම ලක්ෂණ විදියට මම දකින්නෙ ඒවා.
විශේෂයෙන් අපට වඩා වැඩිමහල් අය මේ වයාපාරයෙන් ජීවිතය වෙනස් කරගත්ත හැටි අහද්දි ලැබෙන සතුට, ඒවගේම ඒ අත්දැකීම ජිවිතේටම වටිනවා. ව්‍යාපාරයක් විතරක් නෙමෙයි මේක ජීවිතයම වෙනස් කරන දෙයක්.

තව එකක්, අද කාලේ බුලත් විට කඩයක් දැම්මත් වියදම බොහෝම අධිකයි. කඩල කරත්තයක් දැම්මත්, ත්‍රිවිල් එකක් ගත්තත්, සිල්ලර කඩයක් ඒ සාමාන්‍ය ලෙස පටන් ගත හැකි හැමදෙයිම පටන් ගන්න මුදල පවා අධිකයි. නමුත් ආදායම සහ ලාභය පොදුවේ බොහොම අඩුයි.
මේ ව්‍යාපාරය එහෙම නෑ.
එක හිතකින් හිතට අරගෙන කරනව නම්, උදව්ත් අරගෙනම ක්‍රමිකව බොහොම දියුණුවකට එතෑකි...

_ දැනට නවතිමි.... 

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මචං මම දන්නෙ නෑ ඔයා මේක තාම කරනවද කියලා. පොඩ්ඩක් මේ ලින්ක් එක බලන්න..අන්තිම වෙනකල් කියවන්න...

    http://yahamaga.com/%E0%B6%B1%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%A7%E0%B7%92%E0%B6%82-%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B7%80/

    ReplyDelete
  3. monawa unath network markating walata gahanna buisnass 1k loke naha bn

    ReplyDelete