Tweets by @Tweetsbysuku myblog: September 2020

Facebook Fan Page

Friday, September 18, 2020

 පහුගිය දින කීපයේ ගාල්ල පැත්තට අදාලව, විශේෂයෙන් බෙන්තර ඇල්පිටියත්, ඇල්පිටියට මූලික පැති වලත් ටිකක් ඇවිදින්න ලැබුනා. අපේ පැති වල අපේ අය එක්ක කතා කරන්නත් පුලුවන් උනා..

● විශේෂයෙන් පරණ එක්සත් ජාතික පාක්ෂිකයන් එක්ක කතා කලා. ඔවුන්ට 90 ගණන් වල ඉදන් වෙච්ච අසාධාරණයට දෙවතාවක් ආණ්ඩු තිබිලත්, ඇත්තටම වෙච්ච දෙයක් නෑ. රස්සා ඇතුළු වරදාන වරප්‍රසාද නෙමෙයි, අඩු තරමින් අදාල දේශපාලන බලය තිබුනු අය මුණගැහිලා, මනුස්සකමට හිනා වෙන එකවත් හරියට උනානම් කියල හිතුන.

ඇත්තටම වේදනාත්මක අත්දැකීමක් ඒක. 

● දේශපාලනය කියන්නෙ මිනිස්සු එකක් කරන එකක්, එතකොට අනවශ්‍ය මහන්තත්තකම්, උද්ධච්ඡකම් ඇති උනාම බලය - තනතුරු එක්ක, බලය අරන් දෙන්න වැඩ කරපු මිනිස්සු පත් වෙන්නෙ අසරණ තැනකට..

ඒක අපේ පැති වල විශේෂයෙන්ම පහුගිය කාලේ වෙලා තිබ්බ දෙයක්..

● බලය එක්ක, ඉදිමෙන දේශපාලන අධිකාරියට ඒක බැලන්ස් කරන්න තිබ්බෙ වටේ ඉන්න සහ තනතුරු දෙන අය එක්කයි. ඒත් හොයල බලද්දි, තනතුරු ලැබුනු අතිබහුතරය වැඩක් කරගන්න බැරි චරිත. ටයි එක දාගෙන ඉන්න පුලුවන් උනාට මහජන සේවයකට නුසුදුසු චරිත. එයිනුත් සමහරු අඩු තරමින් පලාතෙවත් නෙමෙයි, සමහරු වෙන පක්ෂ වලට වැඩ කරල( සමහරුන්ට මූල්‍ය චෝදනා තිබුන, පක්ෂෙට පිටින් වැඩ කරපු බවට චෝදනා තිබ්බ).

ගම් වල දේශපාලනයෙදි වෙන පලාත් වල මිනිසුන්ට තනතුරු දීලා, ගමේ මනුස්සයා වැඩක් කරගන්න ආවාම එයාව අදුනන්නේ නෑ. එතකොට ගමේ මනුස්සය යන්නෙ දැඩි කලකිරීමකින්. ඒවගෙ සිද්ධි බොහෝමයි.

බලේ එක්ක, මොලේ ඉදිමුනාම තමන් ගාවට ඇවිල්ලා 2කට 3ට නැවිලා වන්දි බට්ටය - සට්ටඹියා වගේ චරිත වලට තනතුරු දීලා අන්තිමට වෙන්නෙ තමන්ගෙ තත්වය පහත් වෙන එකයි.

- අවු 20ක් විතර දේශපාලනය කරපු අපිටත්, පලාතෙවත් නොවෙන, තනතුරු දරපු අයගෙන් උදව් ගන්න උනා අපෙ පැති වල මනුස්සයෙක්ට උදව්වක් කරන්න, පොදු කටයුත්තකට සහයෝගය ගන්න වගේ දේවලටත්.. 

ඒව තේරුම් ගන්න තරමක මොලයකුත් ඕන ඉතින්.. 

● බෙන්තර ඇල්පිටිය ආසනය ගත්තාම ඡන්ද 60,000ක විතර ආසනයක්. 

එයින් පහුගිය ඡන්දෙදි සමස්තය ( එජාප + සමගි ) ලැබෙන්නෙ 11,000ක වගේ ගානක්. 

මනාප ගණන් කරද්දි තත්වෙ තවත් වෙනස්..

● යහපාලන ආණ්ඩුව කාලෙ විවිධ අවස්ථා වලදි ඇමතිවරු මුණගැහුනම හිතිල තිබුනා, එයාල හිතාගෙන හිටියෙ ඒ බලය කවදාවත් නැති වෙන්නෙ නෑ කියන මානසිකත්වයේ කියල. එතකොට අර ගමේ අහිංසක මනුස්සයට වෙන්නෙ ලොකුකම් බල බල ඉන්න තමයි පලාතෙවත් නොවෙන, වෙනම මනුස්සයෙක්ගෙන්..

අන්තිමට ඒවයෙ ප්‍රතිඵල තමයි දැන් රස්සා දීලත්, අදාල දේශපාලන අධිකාරියට මිනිස්සු කියන්නෙ. 

එහෙම තත්වෙකට වැටෙන්න දේශපාලනේ කරනව කියන්නේ අන්තිම අසමත්....

● ඒකෙ ප්‍රතිඵලය දිගින් දිගටම පාක්ෂිකයන්ට - හිතවතුන්ට සලකපු පොහොට්ටුව විශාල බලයක් ලැබීම. 

#එජාපය #ගාල්ල #බෙන්තර #බෙන්තරඇල්පිටිය #ඇල්පිටිය #දේශපාලනය #ලංකාව

#unp #galle #bentara #bentaraelpitiya #elpitiya #politics #lanka #srilanka #lka


Sunday, September 13, 2020

මගෙ අප්සරාවි මතක් වෙලා...

 
සංසාර සිහිනයේ පෙම් අප්සරා නුඹයි
මේ වසන්තය පුරා සිත ඔබට පෙම් කරයි...
මං ඔබට ආදරෙයි...
මගෙ ආදරී නුඹයි...

නා මලක් වගේ සිතුම් සෙනෙහසින් පිරේ...
ආදරෙන්  ඇවිත් තුරුළු වන්නෙමි..
සඳපාන ඔබ වැනී නිල් අහසේ නැලවුණී...
මගෙ නෙත් පුරා ගැලූ අනන්ත සතුට නිම් නැතී ....

මා ඔබෙන් ලැබූ පැතුම් ආදරෙන් ගෙනා..
 රෝස මල් යහන් ගැබේ සිහින තාරුකා ...
මනමාල සිත පුරා දඟකාරකම තියා...
 ඔබ මා ලඟින්ම නතර වෙන්න ආදරෙයි කියා ...

ගායනය - චාමික සිරිමාන්න

#sansarasihinaye #chamikasirimanna #slsongs



Friday, September 11, 2020

Completed 250,000 Contributions !







 ● Level 10 - 529,000 Points 

● 6040 Reviews + 2350 Ratings

( 17,000 Likes on Reviews , ( 1.87 Million Review Views)

● 146 Million Photo Views + 1.9 Million Video Views


 Follow } https://bit.ly/2RdgsOj

August, 2020 Update - 

151 Reviews for the Month !

#letsguide #localguide #googlemaps #srilankalocalguides #srilanka