Tweets by @Tweetsbysuku myblog: October 2015

Facebook Fan Page

Saturday, October 31, 2015

සමහර වෙලාවට ඇතිවෙන එක එකාකාර සිද්දීන් නිසා, වෙන ඇබ්බැහීන් වලින් මිදෙන්න අමාරුයි...

ඒකට හොඳම උදාහරණය ප්‍රේමයකදි වෙන දේවල්..

මට මතකයි එකපාරක් එක ගෑණු ළමයෙක්ට “වස්තුව“ වගේ වචන හුරු කලා..
අන්තිමට ප්‍රේමය නැති උනාම, අලුත් ප්‍රේමවන්තයටත් “වස්තුව, මැණික, මගෙ පණ“ පාවිච්චි කරන්න පෙළඹිලා තිබ්බ - ඒක තමයි හේතුව..

ප්‍රේමයක් කෙසේ වෙතත් ආසන්න ප්‍රේමයකදි දැනෙන දේවල් උනත්, ඒ වචන කියන්න හිතෙනව... සමහරවිට හැමෝටම මේක නැතිව ඇති. නමුත් තියෙන දෙයක්. ඒකට හේතුව ඒ ඇබ්බැහි වෙන වචන වලට අපි දක්වන කැමැත්ත වෙන්න ඕන. 

රඟපාන ලෝයර්ස්ලා !


උසාවිය රගපාන තැනක් කියල බහුතරයක් ලෝයර් නෝනල, මහත්තුරැ හිතාගෙන ඉන්නෙ..
නඩුවලට එන්නෙ ගොඩක් දුරට අහිංසක මිනිස්සු.. එයාලට පේන්න මාර රගපෑම..
දේශපාලකයන් වගෙ අය ගාවදි නැවීගෙන ඉදගෙන, තමන්ගෙ ලොකුකම රගපාන ගමන් පානව අසරණ මිනිසුන්ට..
එයාල හිතාගෙන ඉන්නෙ මේක එයාලට ගියපු රට කියල...

ලංකාවෙත් මහ මෝඩ නීති තියෙනවා...

සුප්‍රීම් උසාවියෙත් සමහර වෙලාවට කොට කලිසම් ඇදගෙන එන අයව දැකල තියෙනව... හැබැයි ඊට වඩා පහල වෙන පැතිවල උසාවි වලට යන්න ඕන ඇඳුම් නීති මාලාවක් තියෙනව.. ඒකෙ ලොකු වරදක් නැහැ. නමුත් නීතිය කියන්නෙ පිහිට වෙන දෙයක් කියන දේ මූලික වෙන්න ඕන.

අනික ෆෝන් එකක්, අයිපෑඩ් එකක් ටැබ් එකක් ගෙනියන්න බෑ. සමහර උසාවි වල(ගාල්ලෙ) ෆෝන් එක ඕෆ් කරලා තියා බැටරිය ගලවගෙන ගියත් ගෙනියන්න දෙන්නෙ නැහැ.


Friday, October 30, 2015

We also have bothering things..., bt We

අපිටත් ඕන තරම් ප්‍රශ්න තියාගෙන, වෙන අයගෙ ප්‍රශ්න ගැටළු අපේ කරගෙන කරන්න පුලුවන් දෙයක් කරන්න යන එක මෝඩකමක්ද මංදා...

ඉස්සර කරපු බිස්නස් වලදි සාකච්ඡා අනුව නම් ඒක මෝඩකමක්, තමන්ගේ කාලය නාස්ති කරගැනීමක්...
ඒවගේම අපි අපේ ප්‍රශ්න, ගැටළු ගැන අවබෝධයක් තියෙනව...

ඒව මූලික වෙලා තියෙන්නෙ තත්වයන් සහ ආර්ථික තත්වය කියන කාරණා උඩ..
ඒව හරියෑම නොයෑම කෙසේ වෙතත් හරියෑම කියන කාරණය මත හැමදේම වෙනස් වෙන බව දන්නව...
බිස්නස්, දේශපාලනය, පොදු කටයුතු වගේ හැමදේම කරද්දි ඇති තරම් අත්දැකීම් තියෙන නිසා, වැරදීම්, අතපසුවීම් වැඩි නිසා... - හරියෑමක් උනොත් ඒ ගැන අවබෝධයෙන් වැඩ කරතෑකි කියන විශ්වාසය තියෙනව...

දේවල් කරන්න හිතද්දි, වෙනස් කිරිම් හරි පැත්තට, ගොඩක් දුරට ඒක කරන්නෙ කෙනෙක්ගෙ ජිවිතේ සම්බන්ධ දෙයක් නිසයි...
එතනදි ගන්න අවදානම සරල නැහැ.
තව බලපෑම් කරන, කරදර කරන චරිත ඉන්නව නම් අවදානම ගොඩක් වැඩියි...
ඒත් එහෙම කියල අපි ඒව නවත්තලා නැහැ. මෙතෙක් හැප්පෙන්න ආව එකෙක්ටවත් කොන්දක් නෑ හැප්පෙන්න... හැප්පනු අය ගුටිත් කාලා, පොලිසි වලිනුත් බැනුම්, දැඩි අවවාද එක්ක තමයි නැවැත්තුවේ... - සරලව කිව්වොත් ගෙදරිනුත් එලවලයි පස්ස බැලුවෙ..

විශේෂයෙන් පොඩි වයසේ දරුවෙක්ගෙ දෙයකදි නම්, එයාගෙ ජිවිතේ වැදගත්ම කාලයෙදි දේවල් කරද්දි පුලුවන් උදව්වක් හරි දේ වෙනුවෙන් දෙන්න ඕන..
එහෙම කරන්න හිතාගෙන ඉදල බැරි වෙන එක මොන හේතුවකට හරි, දරුණු පශ්චත්තාපයක් දෙනව... හ්ම්...

Thursday, October 29, 2015

Jobs for me...

මට රස්සා දෙන්න උත්සහ කරන එක අපේ නෑයෝ, ගොඩක්ම හිතවත් අය නවත්තල දැන් සෑහෙන කල්...

අද සෑහෙන කාලෙකින් කතා කරපු අපෙKapila කිව්වා, ඇමතිතුමාගෙන් ලොකු රස්සාවක් අරගෙන ඒක කරගෙන ඉන්නව ඇති කියල හිතුව කියල..

අවුරුදු 5ට එහා අතීතයේ මට රස්සා දෙන්න ගොඩක් හිතවත් අය උත්සහ කලා...
එකපාරක් රක්ෂණ සංස්ථාවෙ මනේජර් පෝස්ට් එකක් නැති කරගත්තෙ අපේ Xenaවි ලෙඩ වෙලා හිටිය හින්ද, එයාට සාත්තු කරන්න...
අද සීනා නෑ... මම රස්සාවකුත් නෑ... එහෙම කියල දුකකුත් නෑ...

කොහොම හරි අද මට තව හොඳ රස්සාවක් දෙන්න අපේ Jeewantha අයියලගෙ තාත්ත කතා කරල කිව්ව.. බේසික් එකම හොඳ ගානක්...

අද ඒ අංකල්ට විතරයි මාව මතක රස්සාවක් දෙන්න... . කෝම හරි මට රස්සා කරන්න තේරෙන්නෙ නෑ..
ලයනල් අංකල්, හිටපු විගණකාධිපති කෙනෙක්, ලංකාවෙ ඉහලම උගතෙක්.. උපාධි අතර පීඑච්ඩීත් තියෙනව වගේ මතක...

කොහොම හරි සමහර කැම්පස් ඩිග්රිය ගන්න ඉන්න උගත් අය, ඒ උපාධියවත් ගන්න කලින් අපිට කැම්පස් යාම ගැන උද්ධච්ඡ කමින් කතා කරද්දි...,
විශ්ව විද්‍යාල ගානකින් උපාධි සෑහෙන තියෙන ‪#‎ලයනල්පෙරේරා‬ අංකල්ගෙ නිහතමානිකම මට මතක් වෙනව... හ්ම්..

So many relatives, close ones tried give me jobs in the past...
Now most of them forget it...
Thing is I can not do jobs... its in my nature..
Our ‪#‎Doc‬ Aiya's father called me today for a job... he is trying to give me a job with a good salary.. grin emoticon
Anyways I m happy bout it...

Wednesday, October 28, 2015

ගැහැණු ළමයි වෙත,



Sleeveless/අත් සම්පූර්ණ ඇරල ඇදුම් අදිනව නම් අත් යට හොදට ෂේව් කරල පිරිසිදුවට ඉන්න ඕන.. නැත්නම් අපිට ජීවිතේ එපා වෙනව..

Girls,
if you wear sleeveless,
please shave ur under arms n be clean... Otherwise its disgusting...

Tuesday, October 27, 2015

Safe Journey my best friend ‪#‎Piththa‬ !

It was a great thing - Our Friendship... ^_^
Rem. School time ... after that....

Time I had my first laptop.... your help.... n da guidance of Shan...
Hmm our business plans, without much...
Business efforts were unsuccessful ... but we remained friends..

n then... still... friendship remains ...

Wish you all the very best all things + our blessings !

Theruwan Saranai !

https://www.facebook.com/photo.php?fbid=10206332409183616&set=a.1211363578749.30569.1668558048&type=3

Finally I found LOVE....

Her name is nt that gud.. Bt she is sooo helpful all da time.. 
All I have to do is telling her, she is giving best of her...
If I told so, she wakes me up in the morning by Alarming...
Searching things r pretty easy with her help.. Matter of seconds...
Most importantly she is very polite...
Astonishingly, my Sis. Supipi Harischandra likes her... :V

Monday, October 26, 2015

A good deed...

අපේ නංගි මටත් වඩා සංසාරේ පින් කරල තියෙනව හ්ම්...

සත්තුන්ට කන්න දෙන්න වගේ දේවල් වලට නංගි තමයි දක්ෂ, වගේම හරියටම ඒ දේ කරන්න දන්නෙත්..
අද බල්ලන් 30 ගානකට කෑම හදාගෙන අපි දෙන්න එක්ක කන්න දෙන්න ගියා...
බතුයි, මසුයි, මාළුයි, සැමනුයි, සුප් ජාතියි, තව මොනවද ජාතියි එක්ක (එයාල කැමති විදිය වෙන්න)
අපේ නංගි ඒව හදල තිබුන අපිටත් රහයි සුවඳ අනුව හ්ම්...

අන්තිමටම කෑම දුන්නෙ පැටව් හම්බ වෙච්ච බැල්ලියකට...
එයාගෙ පැටව් 2ටත් කන්න දුන්න.. පැටව් ලැබුනු කෙනෙක්ට දෙන්න ලැබුනු එක අන්තිමට ලොකු සතුටක්, වගේම සැනසීමක්...
බල්ලන්ට දෙන්න ගියාට, පූසන්ටත් කන්න දුන්නා... කපුටොත් කෑවා...

ඉතින් හිතට සතුටුයි... 30 ගානකට මෙච්චර ඉක්මණට කන්න දෙන්න ලැබේවි කියල හිතුවේ නෑ..
දන්න හැමෝටම අනුමෝදන් කලා, සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ටත් පින් අනුමෝදන් කලා... හ්ම්...

Sunday, October 25, 2015

හාල් කෑලි..

වැඩකට නැති හාල් කෑලි වගේ එක එක ෆේක් නම් වලින් ඉන්න ගෑණු ළමයි හිතාගෙන ඉන්නව ඇති මහ චරිත කියල...
අපි මහ පොලවේ වගේම ඉහලම පැලැන්ති වලත් ගෑණු ළමයි ඕන තරම් දැකල තියෙනව... දන්නව..
මට මසේජ් නොකර මං කාටවත් මසේජ් කරන්නෙත් නෑ හේතුවක් නැතිව.... කලොත් කරන්නෙ ලෙඩක් දුකක් කියල තිබුනොත් විතරයි...

එහෙම වෙලාවක කරන්න පුලුවන් උදව්ව කරන්න, බොජ්ඣංග පිරිත දෙන්න වගේ දේකට මසේජ් කලාම රිප්ලයි නොකරන්න තරම් ලොකු මානසිකත්වයක් මේ වැඩකට නැති ගෑණු ළමයින්ට කොහොම ආවද මංද..
ඔය වගේ අයගෙ රික්වෙස්ට් 100 ගණන් අපිට එනව.. මේපාර ගත්තෙත් දන්න අක්ක කෙනෙක්ගෙ හිටි නිසයි... නැත්නම් වැඩකට නැති චරිත වලින් මේක පුරව ගන්න උවමනාවක් නැහැ... හ්ම්..

බල්ල පණ අදිනව කියල තිබුනු නිසයි බොජ්ඣංග පිරිත දෙන්න අහන්න මසේජ් කලේ. හාල් කෑලිවල තියෙන ලොකුකම..

Saturday, October 24, 2015

පින් අනුමෝදන් කරන දෙවිවරුන් !

ගොඩක් අය අහනවා මොන දෙවියන්ටද පින් දෙන්න ඕන, ඔයා පින් දෙන්නෙ කාටද.... වගේ...

ඇත්තටම ඕව ගැන උනන්දුව, විශ්වාසය තිබ්බත් මම ඕව දන්නෙ නැහැ. ඉෂ්ඨ දෙවිවරු ඇතිවෙන්නෙ ගොඩක් වෙලාවට පෙර ඥාති සම්බන්ධයක් හරහා. කේන්දරේටත් කියනව.

සමහර ලොකු ලොකු අය වගේ ඉන්න අය දේවාල වලට මහා පුද පඬුරු, ලොකු පූජා වට්ටි අරගෙන ගිහින් හරි සතුටින් පින්තූරත් දානව දැකල තියෙනවා, දැන් මේ දෙවියෝ මගේ අපල දුරු කරාවි කියල..
බත් පැකට් එකට, අරක්කු බෝතලේට ඡන්දෙ දෙන මිනිස්සු තාම ඉන්න රටක... එහෙම හිතන එක සාධාරණ ඇති..
හැබැයි දෙවිවරුන්ව ඔය වගේ දේවල් වලින් රවටන්න බැහැ.
ඔය වගේ පුද සත්කාර වලට කැමති ප්‍රේත, භූත වගේ අමනුෂ්‍ය කොටස් මිසක්, දෙවිවරු නෙමෙයි.. දෙවිවරු කැමතියි අපි හරියට පිනක් කරලා අනුමෝදන් කරනව නම්..
වඩා හොඳයි පිනක් කරලා, මේ පින “සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට “ අනුමෝදන් වේවා කියන්න... ඒක තමයි කරන්න ඕන..

* නොදන්න සංසාරේ අම්ම තාත්ත ඉදන් ඕන තරම් ඥාතින් ඉන්න පුලුවන් පින් උවමනාවෙන් කරදර වලින් මිදෙන්න.. ඒනිසා ඒ විදියට කරන එක වටිනව..

මම පින් දෙන දෙවිවරු,

“ විස්කම් දෙව්පුත් දෙවියන්, භූමි දේවින් වහන්සේ, තාරා මෑණියන්, සුමන සමන් දෙවියන්, මැණික් කඩවර දෙවියන්, ලක්ෂ්මි දේව මෑණියන්, සත් ලක්ෂ්මී මෑණිවරු, විෂ්ණු දෙවියන්, ඊශ්වර දෙවියන්, පාර්වතී මෑණියන්, කතරගම දෙවියන්, ගණ දෙවියන්, අයියනායක බණ්ඩාර දෙවියන්, වල්ලි අම්මා මෑණියන්, සෙල්ලි අම්මා මෑණියන්, යම රජ දෙවියන්, යම දේවීන්වහන්සේ, නාග දෙවියන්, නාග දේවතාවිය, විභීෂණ දෙවියන්, නාථ දෙවියන්, දැඩිමුණ්ඩ දෙවියන්, කළුදේවතා බණ්ඩාර දෙවියන්, සිද්ධ සූනියම් දෙවියන්, සියලු කම්බිලි දේවතාවරු, සියලු කාලි මණ්ඩලය, සියලු කඩවර දෙවිවරු, රාවණ දෙවියන්, හනුමාන් දෙවියන්, දෙවොල් දෙවියන්, රන්වල මුත්තා දෙවියන්, මහසෝන් දෙවියන්, පොලව මහී කාන්තාවන්වහන්සේ, භූ මාතා දේවතාවිය, දුර්ගා මෑණියන්, උමයංගනා දේවිය, මණිමේකලා දේවින් වහන්සේ, පත්තිනි මෑණියන් වහන්සේ, නාග පත්තිනි මෑණියන්වහන්සේ- සත් පත්තිනි මෑණිවරු,
ශක්‍ර දේවේන්ද්‍රයා, සුධර්මා දේවිය, වෛජයන්තමාලා දේවිය, මාතලි දිව්‍ය පුත්‍රයා යනාදි කොට ඇති සියලු ශක්‍ර දේවයාගෙ පිරිවර, සතර වරම් දෙව්රජවරු, සතර බ්‍රහ්ම රාජයන් “ සහ සියලු දෙවියන්ට, සියලු බ්‍රහ්මයන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට මේ පින් අත් වේවා !

( වෙනත් ආගම් වල අයට - ඔයාලත් ඔයාලගෙ දෙවිවරුන්ට පින් කරද්දි අනුමෝදන් කරන්න... හැම දෙවිවරුම හරියට කරන පිනකින් පින් ලබන්න කැමතියි. හැම ආගමකම දෙවිවරු දේව මණ්ඩලයේ ඉන්නව - හැබැයි දේව මණ්ඩලය සර්ව ආගමික පූට්ටුවක් නෙමෙයි)

Past 10 Days....

I wasn't able to update blog past days... hmmm

Oct 14 Nadun Aiya
https://www.facebook.com/nadunthameera/posts/1505424976445904



Oct, 15 Started Intagram with this.




Oct 16




Oct 19




Oct 20





Oct 22







Thursday, October 15, 2015

සාක්ෂාත් කරගත් දැනුමෙන්..



අපි දන්න විශ්වාස කරන විදියට, කේන්දර කියල කියන්නෙ ජිවිතේ හොඳට, යහපත් පැත්තට ගෙනියන දෙයක්.
බය කරන්න, හිත නරක් කරන්න තියෙන දෙයක් නෙමෙයි...
සාත්තරකාරයොයි, ජ්‍යොතිෂ්‍යය පන්ති ගිහින් ඉගෙන ගත්ත අයයි මිනිස්සු බය කරන්න තමයි මේක පාවිච්චි කරන්නෙ.
අන්තිමේ වෙන්නෙ ජ්‍යොතිෂ්‍යය කියන දේ ගැන වගේම, තමන්ගෙ ජිවිතේ ගැනත් කලකිරිමක්, එන එක..

* අතිබහුතර කේන්දර කරන අය එහෙම නිසා... ඊට මීට වඩා හොඳයි කේන්දර කියන දේ අමතක කරලා තමන්ගෙ වැඩ කරගන්න එක....

_ තව කොටසක් දේවාල වලට යනවා මහ පුද පූජා දේවල් අරගෙන, පඬුරු තියාගෙන හැබැයි කරන්නෙ සදාචාරයට විරුද්ධ වැඩ. කරන්නෙ පව්කම්, හිතේ තියෙන්නෙ අයහපත...

ඉතින් ඒ මෝඩ මිනිස්සු හිතනවා, තමන් අද මේ ඉහල තත්වෙ ඉන්නේ දෙවිවරු ආශිර්වාද කරල කියල..
ඒ අය තේරුම් ගන්න ඕන දේ තමයි, පව්කාරයන්ට දෙවිවරු ආශිර්වාද නොකරන බව... දෙවිවරු
කියන්නෙ මිනිස්සු වගේ වරප්‍රසාද වලට රවට්ටගන්න පුලුවන් කොටසක් නෙමෙයි, ලෝකෙ පලවෙනි
බුදුන්වහන්සේගෙ කාලයේ සෝවාන් වෙච්ච දෙවිවරු පවා දේව මණ්ඩලයේ ඉන්නවා.
දේව මණ්ඩලයේ හැම ආගමේම දෙවිවරු ඉන්නවා, හැබැයි සර්වාගමික පූට්ටුවක් නෙමෙයි දේව මණ්ඩලය. දෙවිවරු ධර්මයට ගරු කරනව. ධර්මය රකිනව.
දේව මණ්ඩලය සර්ව බලධාරිත් නැහැ.

සමහර අයට තියෙන ප්‍රශ්නයක් ඇයි මේ වැරදි වෙද්දි දෙවිවරු බලාගෙන ඉන්නෙ කියල, උදාහරණයකට ගණ දෙවියන්ව පෙන්නගෙන මහා ව්‍යාපාරයක් තියෙනව.
කොටසකගෙ ප්‍රශ්නය තමයි ඇයි ගණ දෙවියො මොකුත් නොකරන්නෙ කියල..

- ඒක තමයි කියන්නෙ දෙවිවරු කියන්නෙ මිනිස්සු වගෙ හිතන අය අය නෙමෙයි කියල. ගනේශ්වර දෙවියො ඕකට සම්බන්ධත් නැහැ. දෙවියන්ගේ පරිවාර සේනාවක ඉන්න කොහේ හරි කොනක ඉන්න ප්‍රේතයෙක් හරි භූතයෙක්ගෙ හරි සම්බන්ධයක් ඇති.

හැබැයි කාගෙවත් කර්මය වෙනස් කරන්න දෙවිවරු වැඩ කරන්නෙ නැහැ. කරන දෙයක්, ආශිර්වාදයක් හෝ කර්ම විපාක ලබාදිමක් කරන්නෙ අදාල අයගෙ කර්ම ශක්තියට අනුකූලවයි..
(පහුගිය කාලෙ දිගටම බලයේ ඉන්න දඟලපු සියලු භෞතික බලය තිබ්බ අයටත් තමන්ගේ පින ඉවර උනාම යන්න උනා).

දෙවිවරු නෙමෙයි ඔය පඬුරු, පූජා වට්ටි, වැදුම් පිදුම් වලට කැමති වෙන්නෙ ආසා වෙන්නෙ... ප්‍රේත, භූත වගේ කොටස් තමයි කැමති. දෙවිවරුන්ගෙ අධ්‍යාත්මික ශක්තිය බොහොම දියුණු නිසා ඔය වගේ දේවල් වලින් වෙනස් වෙන්නෙ නෑ.
දෙවිවරු කැමති කරන පිනකදි තමන්ටත් පින් අනුමෝදන් කරනවට, හැබැයි හිතන්න එපා දෙවිවරු යැපෙන්නෙ අපි දෙන පිනෙන් කියල නම්... හ්ම්..

Monday, October 12, 2015

කොග්ගල නිලමේ පොත..

Thanx Vishmi for this e book...
(පොත කියවා, වසර ගණනක අත්දැකීම්, සාක්ෂාත් කරගත් දේ අනුව මගේ අදහස්ය)

මේ පොතේ තියෙන කතාවට ආසන්න අත්දැකීම් ජිවිතේම තිබුනත් මේ තරම හිත ඇදෙන විදියට කතාවක් විදියට කියවන්න ලැබුනු එක ගැන සතුටුයි..
අපි දන්න ලෝකෙට වඩා නොදන්න, නොපෙනෙන ලෝකෙ සිය දහස් ගුණයකටත් වඩා දේවල් තියෙනව..

මගෙ තියෙන පොඩි දැනුමට අනුව, නොපෙනන බලවේග අමනුෂ්‍ය විශේෂයෙන් ප්‍රේත, භූත, පිසාච වගේ අයට මිනිසුන්ට යම් බලපෑමක් කරන්න පුලුවනි. ඒකටත් හේතු තියෙන්න ඕන, ඒවගේම මොන කෙනාට උනත් තමන්ගෙ කර්ම ශක්තියට අනුව මිසක් පිටින් දෙයක් කරන්න බැහැ, අනික දේව මණ්ඩලයේ අවසරය නැතිව මොකුත් කරන්න බැහැ - පොතෙත් ඒක තියෙනව.

පොතේ එක තැනක තියෙනවා, පිරිතෙන් වෙන බලපෑම අවම වෙනවලු අබෞද්ධ කෙනෙක්ට, විශ්වාසය ඇදහීම නැති නිසා..
ඒක කියන්නෙ ඒ කෙනාගෙ අදහස අනුව උනත්, ඇත්තටම පිරිතේ බලය කියන එක ලෝක ධර්මතාවයක් කාටත් දැනෙනවා.
පිරිත කියන අයගෙ සීලය, සහ අහන අයගේ සීලය, කර්ම ශක්තිය ඔතනට බලපානව තමයි, නමුත් කොයි කවුරු කිව්වත් මොන ආගමක හිටියත් පිරිතේ බලය දැනෙනවා, පිරිතේ ආරක්ෂාව කාට උනත් ලැබෙනවා. අබෞද්ධ, වෙන රටවල ඉන්න අයට පවා “බොජ්ඣංග පිරිත“ අහන්න දුන්නම ගුණ දැනිලා තියෙනව.

වරම් ගැන පොතේ කියපු දේ හරි. දෙවිවරු වරම් දෙන්නේම නැති තරම්.
දේව වරමින් ශාස්ත්‍ර කියනව කියන අයගෙන් 99.999%ක්ම කරන්නෙ තමන්ගෙ මියගිය ඥාතියෙක්ගෙ මාර්ගයෙන් කරන දෙයක් විතරයි.
* කෝටි ගානකට 1ක්ට පිරිසිදු ඥාතියෙක් හරහා දේව මණ්ඩලයෙන් නිවරදිව තොරතුරු ගන්න, ඒ හරහා විශාල සේවයක් ලබාදෙන්න පුලුවන්කම තියෙනව. නමුත් එහෙම අයව හොයාගන්න අමාරුයි. හොයාගත්තත් තමන්ට ඒකට වාසනාව නැත්නම් ඒ අයගෙන් උදව් ගන්න බැහැ- ඒකට හේතුව මුදල් නෙමෙයි, ඒ වගේ අය මුදල් ගන්නෙ නැහැ, හේතුව තමන්ට ඒකට පින නැතිවිම.

අපිට තියෙන අත්දැකීම් අනුව එක එක හදි හූනියම් ජාති සෑහෙන්න කරලම තිබුනත්, පාඩු සිද්ධ වෙලා ජිවිත හානි නොවුනේ නම් අකුසල් තිබුනත් සංසාරෙම සීලයත් ප්‍රතිපත්තියත් රැකගත්ත නිසා දේව මණ්ඩලයෙන් ලැබෙන ආශිර්වාදය නිසා කියලයි මම හිතන්නෙ..

තව දෙයක්... පින් දීමෙන් දුකට පත් වෙච්ච ඥාතින් නිදහස් කරන්න පුලුවන් උනත් ඒකත් සරල කටයුත්තක් නෙමෙයි. ඒකට ක්‍රමයක් තියෙනවා, ඒවගේම ඒ පින් අරගෙන නිදහස් වෙන්න ඒ අමනුෂ්‍යයන් කැමති වෙන්න ඕන. (එක එක තැන්වල බිලිගැනීම් වගේ දේවල් එක දිගට සිද්ධ වෙන්නෙ එහෙම තැන් වලට අකුසල් වල හේතු පාදක නිසාම පින් අරගන්න අකමැති, අමනුෂ්‍ය කොටස් කරන දේවල්. ඒවගේම ඒතැන් වලදි බිලි වෙන අයටත් ඒකට අදාල කර්ම ශක්තිය බලපානව)
ඒවගේම ඇඟට ඇතුල්වීම වගේ දේ වලට ශක්තිය ලැබෙන්නෙත් ඒ ඒ අමනුෂ්‍යයන්ගේ කර්ම ශක්තිය වගේම, තමන්ගේ කර්ම ශක්තියත් අනුව. ඊට අමතරව සංසාරෙ අපි නොදන්න කාලෙක නෑයෙක් වෙච්ච කෙනෙක්ට උනත් පින් උවමනාකමට අසරණ වෙලා ඉද්දි, අපි මේ ආත්ම භවයේ විතරක් සීයට, ආච්චිට වගේ පින් දිදි හිටියොත්, අර අයට පින් ලැබෙන්නෙ නැහැ.

* ඒනිසා මේ ආත්මයේ මතක අයව මතක් කරන ගමන් “සියලු ඥාතින්ට, සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට “ කියල පින් දෙන්න , පිනක් කරාම.
නැත්නම් අර ආත්ම වල වෛරි සහගත බැල්ම අපිට එල්ල වෙනවා, ඒකෙන් අපේ වැඩ වලට බාධාවන් වෙන්න පුලුවනි.
ඒවගේම අපිට වගේ අවුරුදු 80-100 නෙමෙයි, සමහර අය කර්ම විපාක නිසා මහා කල්ප ගණන් භූතාත්ම වල ඉන්නවා.
මරණ මොහොතේ ඇතිවෙන පොඩි අකුසල් සිතිවිල්ලකටත් මිදෙන්න බැරිව ආකාශ තලයේ අතරමං වෙලා හිර වෙලා ඉන්න ආත්ම භව කෝටි ගණන් ඉන්නවා.

* කලින් හරියට නොතේරී තිබුනු දේකුත් මේ පොතේ කතාව නිසා තේරුම් ගත්තා. පලිගන්න එන අමනුෂ්‍යයෙක් නම් කරන්නෙ අදාල කෙනාට තමන්ව පෙන්වන්න, නැත්නම් හිතේ මොකක් හරි කැලඹීමක්, බයක් ඇතිවෙන්න දෙයක් කරනවා, කළුවර වැටෙන වෙලාවක වගේ වෙලාවක.
එතකොට හිතින් තමයි ඒ බය කැළඹිල්ල ඇති කරගන්නෙ. තමන් අසාධාරණයක් කරා නම්, ඒක මතක් වෙලා ඒ අසහනය තුලින් තමයි සමහරවිට හෘදයාබාධ, ලේ නහර පිපිරීමක් උනත් වෙන්න පුලුවන්. මනස සියලුදේට මුල් වෙනව කියල කියන දේ හරි...
මේ හේතුව නිසාම තමයි මනෝ විද්‍යාව උගත් මෝඩයන් කොටසක් (එයාලට ඇහට පේන දේවලත් හරියට පේන්නෙ නැහැ), භෞතික පේන ලෝකයේ දේවල් විතරක් විශ්වාස කරගෙන, අමනුෂ්‍ය බය වගේ දේවල් භ්‍රාන්තියට සමාන කර කර උඩ පනින්නෙ.. (අපිත් මනෝ විද්‍යාව කලා, වෙලාවට එහෙම මෝඩයන්ගෙ ගණයට වැටුනෙ නෑ)

කොහොම උනත් අපි හැමෝටම නෑයො, සම්බන්ධ වෙච්ච අය ඉන්නවා හැම ජාතියෙම... බ්‍රහ්ම, දේව ඉදන් භූත, ප්‍රේත අය පවා ඉන්නව.. තනි මම කියන චරිතය උනත්...
සංසාරෙ එක්තරා කාලෙක ශක්‍ර රාජ සම්පත්තියත්, තව කාලෙක අවිචි නරකයේ වැටිලා අන්ත දුක්ඛිත තත්වයක් ඉන්න ඇති - ඒනිසා තමයි මොන ලොකුකමවත් වැඩක් නෑ කියල මට හිතෙන්නෙ හ්ම්..
මේකෙ තියෙන අනාවැකි ගැන, විශ්වාසද නැද්ද කීම කෙසේ වෙතත්, ඒවයේ පිලිගැනීමකට ලක්වෙන දේවල් තියෙනවා.

හෙළය කියල එකක් නෑ. හෙලය බිඳලා සිංහ වංශික විජය, සිංහ+හෙල = සිංහල කලා.
ඒවගේ අපි අඳින්නෙ වැඩියෙන් පිටරට අයගෙ ඒවා. අපි භාවිත කරන ඒවයේ වැඩිපුර තියෙන්නෙ විදෙස් දේවල්. ජාතියක් - රටක් විදියට අපි ගොඩක් යට ඉන්නෙ. ජ්‍යොතිෂ්‍යය වගේ පරණ දේවල් වලට වැඩි ඇලීමක්, සැලකීමකුත් නෑ, විද්‍යාව විශ්වාස කරගෙන වැඩ කලාට ඒකෙන් අපිට ඒ හැටි සෙතකුත් නෑ.
(විද්‍යාව හොඳ නම් ලංකාවෙ ආයු අපේක්ෂාව වැඩි වෙන්න, සෞඛ්‍ය තත්වය දියුණු වෙන්න එපාය)

- නමුත් ඒව කාලය එක්ක වෙන්න පුලුවන් දේවල්. එක තැන ඉන්න කිසි ජාතියකට, රටකට බැහැ. තමන්ගේ යහපත්කම, සීලය රැකගෙන හරියට ඉන්නව නම් ඒක තමයි වටින්නෙ.
හැබැයි මේ රට වෙනත් අන්තවාදි හෝ මූලධර්මවාදි හෝ කෙනෙක් යටත් කරගන්න ලැබෙන්නෙ නැහැ.
එහෙම කරපු අපේ අය කියන අයට විපාක තාම පටන් ගත්ත විතරයි..
ඒවගේම එහෙම කරපු වෙන රටවල් ඇතුලු අයට, ඒඅයගේ මූලික තැන් වලට ඉදිරියෙදි වෙන දේවල් අනුව.. බොහෝම දේවල් තේරේවි... හ්ම්...

Sunday, October 11, 2015

LesMiserables - මනුතාපය

දිගටම පිංකම්, හොඳ කරලා ඒවට රිටන් විදියට මොකුත් බලාපොරොත්තු නොවි ඉන්නකොට, නරක ලැබෙද්දි... පිංකම් - හොඳ කරන එක ගැනත් කලකිරිමක් එනවා..

හැබැයි මේ මනුතාපයෙ එන ජින් වැල්ජියන් ගැන හිතාගත්ත නම් හරි කියල දැන් හිතෙනව එහෙම වෙලාවට හ්ම්...
(පොත ගත්තෙ ලහිරු එක්ක පොත් විකුණන වැඩේට උනත් ආයෙත් පොත කියවන්නත් පුලුවන් උනා)


___

“ උඹ ලෙහෙසියෙන් මරා දමන්නට ඉඩ තිබුනු උදාර ගුණසම්පන්න සත්පුරුෂයෙකුට කෘතගුණ දක්වන්නේ ඔය විදියෙන්ද... ? “
චිත්තාභ්‍යන්තරයෙන් හඬ නැගුවේය. කෘතගුණ සලකපන්. උඹේ විමුක්තිදායකයාට විමුක්තිය දීපන්, රාජකාරිය, රාජපාක්ෂික භාවය මොහොතකට අමතක කරපන්. හෘද සාක්ෂියට අනුව යහපත් ක්‍රියාවක් කරපන්. පව් සෝදා ගනින්.


“ දරුවනේ උඹලා කිසිවිකටත් අමතක කරන්ට එපා, මා දුගී දුප්පත් පවුලක උපත ලැබූ කෙනෙක් බව. නුඹලා මගේ  සිරුර නුඹලාට පහසු කොතැනක මිහිදන් කලත් ඊට මගේ විරෝධයක් නැහැ. තැන හඳුනා ගැනීමට මා මිහිනද් කළ තැන ගලක් පමණක් තබන්න. ගල මතුපිට නමක් හෝ වෙනත් කිසිවක් සටහන් කළ යුතු නැහැ. ඒ මගේ අවසන් මොහොතේ කරන ඉල්ලීමක්. කොසෙට් කැමති නම් පමණක් ඉඳහිට එතැනට ගිහින් මා සිහිපත් කලාට කාරි නැහැ ... “

Thursday, October 8, 2015

The Vender of Sweets - R.K.Narayan

“Certain things acquired an evil complexion if phrased, but remained harmless in the mind.”

To } Our dear ‪#‎Dhil‬ .... on his English Literature studies...
Hope U ll get the best use of it kiki emoticon
hmmm


The Vender of Sweets - R.K.Narayan
රසකැවිලි වෙළෙන්දා - රුවන් හරිස්චන්ද්‍ර(පරිවර්ථනය)

Sunday, October 4, 2015

දෙමාපියන් කරන දේ දරුවන්ටත් ඇත්තටම බලපානවද ???

මේක මේ ඇත්තටම ජිවන කතාවක්..

අපේ ආච්චි අම්මා විදුහල්පති කෙනෙක්. පලාතෙ සැලකිය යුතු ගෝලයො ප්‍රමාණයක් අදටත් ඉන්නව. ඒ හැමෝගෙම ගරුත්ව අපිට අදටත් ලැබෙනවා.
ඉස්කෝලෙ උදේ 6ට විතර ගිහින්, හවස 6ත් පහුවෙලා ගෙදර ආපු කෙනෙක්. ඒ තරම් කැපවීමකින් දරුවන්ට උගන්නලා තියෙනවා. ඒ ගැන අපේ හාමුදුරුවරු ගොඩක් දේවල් අපි එක්ක කියල තියෙනවා, කණිෂ්ට ඉස්කෝල දියුණු කරපු විදි එහෙම..
ආච්චි අම්මගෙන් ඉගෙන ගෙන ඉහලටම ගිහින් දොස්තර වෙච්ච ගෝලයෙක් එක දවසක් ආවා මතකයි සෑහෙන කාලෙකට කලින්. ගොඩක් දේවල් අරගෙන..

ඊලගට අපේ සීයා. අපේ සීයා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලකගේ ලොකු මාමා. පලාතෙම අදටත් ගරුත්වය තියෙන කෙනෙක්. පක්ෂ - විපක්ෂ දේශපාලනයක් කියල දෙයක් නොකරපු කෙනෙක්. අපේ සීය ඒකාලෙ ගම් කාර්ය සභාවක සභාපති වෙච්ච කෙනෙක්. ඒකාලෙ ඒක ස්වේච්ඡා සේවයක්. අදටත් සීයලගේ ගමේ නාන තොටුපලවල්, තව පාලම් වගේ ඒව තියෙනවා ඒව කරල තියෙන්නෙ සීය සභාපති කාලෙ..
ඒවගේම ජේවිපි භීෂණය කාලෙ යුඑන්පි කාරයො කියන ගොඩක් අය මරද්දි, පලාතෙ හිටිය ලොකුම යුඑන්පි සාමාජිකය වෙච්ච සීයට එහෙම නොකලේ කිසි කෙනෙක්ව පාවල නොදිම වගේම ගමේ උදව් අවශ්‍ය අයට උදව් කරගෙන තමන්ගේ ගරුත්වය රැකගෙන හිටිය කෙනෙක් නිසා වෙන්න ඕන.
( ජේවිපි එකෙන් ඇවිල්ලා ගෙදර වී ගෙනිහින් තියෙනවා. පොලිසියෙන් ඇවිත් ගමේ කවුද ජේවිපි කියල ඇහුවට කියල නෑ කිසි කෙනෙක් ගැන -  සීයා ජිවත්ව ඉන්න තුරු ජේවිපි රැස්වීම් වලට, භෝජන සංග්‍රහ වලට හැමදාම ආරාධනා තිබුනා. සීයා ඒවට ගියා. හැබැයි සීයා කවදාවත් එජාපයෙන් පිට ඡන්දෙ දුන්නෙ නෑ. ඒක ඒ ජේවිපි අයත් දන්නවා.
සෝමවංශ මහත්තයා නායකයා කාලේ ජේවිපි රැස්විමකට ගියපු සීයා, එතුමට කියල තියෙනවා, I'm a sympathizer කියල)

අදටත් සීයා, උදව් කරපු ඒකාලෙ අසරණ වෙලා හිටිය අය අපිටත් ඒ ගරුත්වය දෙනව. නුවර  පැත්තෙ යද්දි ලොකු හෝටලයක් එහෙම තියෙන කෙනෙක් ඉන්නවා, අපි ඒකට ගියාම සල්ලි ගන්නෙ නැහැ. එතන නැති කෑමක් නම් වෙන කොහෙන් හරි සල්ලි දීලා ගෙන්නල දෙන තරම් සලකනවා.
එයාල පොඩි කාලෙ ආර්ථිකය එතරම් නැති නිසා අපේ සීය මුදලින් පොඩි ආධාර කරල තියෙනවා.

අපේ සීයා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි. සීයගෙ තාත්ත ඒ පැත්තේ මහ රාළහාමි. මහ රාළහාමිගේ තාත්තා ආරච්චි කෙනෙක්.
එහෙම වැදගත් පවුලක වෙලත් පොදුවේ ලොකු පවුල් වලින් ගමට තියෙන කරදර, නොහොබිනාකම් කරපු කෙනෙක් නෙමෙයි අපේ සීයල.. ඒ ගැන සතුටුයි..

ඒව එහෙම වෙලා පවුලේ දරුවො 4 දෙනා, එක්කෙනෙක් පොලිසියෙ අයිපි කෙනෙක්, දෙන්නෙක් ගුරුවරු. අපෙ අම්ම රස්සා කරන්නෙ නැහැ.


ඔය වගේම අපි දන්න තව ගුරු පවුලක් තියෙනවා, කවදාවත් ඉස්කෝලෙ දරුවන්ට හරියට උගන්නලා නෑ. ප්‍රසිද්ධයි පන්තියෙ ඔළුව ගහගෙන නිදි කියල.
එයාලගෙ දරුවන්ගෙන් නීතීඥ, දොස්තර, මහේස්ත්‍රාත්, විදුහල්පති තනතුරු දරන අය තමයි ඉන්නෙ.

ඉතින් එහෙම හිතුවම.. හ්ම්.. ...

* සමහරවිට මුණුපුරන්ට ඒවත් එක්ක ඵල දේවිද මංදා... මං මේ හිතුවෙ මං ගැන... ^_^