Tweets by @Tweetsbysuku myblog: පිරිත්....

Facebook Fan Page

Friday, May 23, 2014

පිරිත්....

පිරිත් කියන එක සෑහෙන කාලෙක ඉදන් මම කරන දෙයක්.... පිරිත් වල යම් ගුණයක් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මට..

කාලයක් අවුරුදු ගානක්ම එකදිගට කලත් පහුගිය මාසය 2 වගේ කාලයෙදි යම් යම් අතපසුවිම් උනා, කඩින්කඩ තමයි පිරිත් කියන්නෙ. ඇවිදල එද්දි පිරිසිදු නොවි පිරිත් කියන්න හිතෙන්නෙ නෑ. ඒ ගැටළුව තියෙනව. යම් යම් හිත නරක්වීම් මට අදාලත්වය අඩු උනත් එහෙම උනා. දෙයක් විශ්වාස කරද්දි ඒ වෙනුවෙන් තමන්ගෙ වැඩ අතෑරලා හිතල කැපවෙන්න හිතන එක එක්තරා අතකට මෝඩකමක් කියලත් හිතෙනව...
අද නම් කොහොම හරි නාලා පිරිසිදු වෙලා වැඳලා, පිරිතුත් කිව්ව... ඒ ගැන සතුටුයි...

අද සජ්ජායනය කල මොර පිරිත, රත්නමාලා බන්ධන ගාථා, සීවලී පිරිත, රතන සූත්‍රය, ඛන්ධ පිරිත, චන්ද පිරිත, සූරිය පිරිත, ජිනපඤ්ජරය, මහා ජයමංගල ගාථා, අටවිසි පිරිත, අන්තරාය නිවාරණ  පිරිත, බණ පිරිත යන මහානුභාවසම්පන්න ගාථා රත්නයන්ගේ ආනුභාවයෙන් අප සියලු දෙනාටම යහපතක්ම වේවා !

No comments:

Post a Comment