Tweets by @Tweetsbysuku myblog: May 2018

Facebook Fan Page

Thursday, May 31, 2018

අදටත්...

අවුරුදු කාලෙ එක දවසක...
හදිසියේම මට නොකියාම...
නුඹ ආපු හැටි මා බලන්න..
අදටත් මට මතකෙට එනවා..

ඒ ශබ්දය ඇසුනු විගස...
අදටත් එදා මට දැනුනු පුදුමය...
නුඹ ඇවිත් පුදුම කල හැටි මාව...
හීනෙන් වගේ අදටත් මතකය..

නුඹ නැතිව දවස් ගණන් ගත වෙද්දි...
මාත් ඔහේ ජීවත් වෙනවා....
අදටත් පාරෙ යන මිනිසුන් දෙස බලා...
නුඹදැයි මම රැවටෙනවා...
නුඹ නොවෙන බව දැනුනම...
වේදනාව ආවත් මට...
හිත හදාගන්නට පුලුවන් වෙනවා...

මරණය අප වෙන්කල හැටි....

Wednesday, May 30, 2018

පෝය දවසේ අමාදහර අහල..

අහගෙන ඉද්දි හිතෙන කාරණා අතර, ඇත්තටම බන්ධනාගාර ගත වෙන අය අපිට වඩා නරකද ? වැරදිද කියල හිතෙනව ?
මම පහුගිය කාලෙ හොයපු කාරණා අනුව, අත්දැකීමෙන් දන්නවා බන්ධනාගාර ගත උනාට පස්සෙ ගොඩක් අය යහපත් වෙන බව. ඒ කාරණා වලදි සමහර වෙලාවට මට තරහ ඇවිල්ල තියෙනවා බන්ධනාගාර ජේලර්වරු වගේ අය එක්ක, මොකද අර රැඳවියන්ට හරියට සලකන්නෙ නැති නිසා. ඒව අන්තිමට බන්ධනාගාර භාර ඇමති ගාවටත් ගෙනිච්චා..

කෙනෙක් බන්ධනාගාර ගත වෙන්නෙ පැහැදිලිවම කර්මයකට. සමහරවිට මේ ජිවිතයේ නොකරපු වරදකට. ඒත් කලින් කරපු වරදකට වෙන්න පුලුවන්. ඒක තමයි ලෝකෙ හැටි.
අපි හිතනව මේ ජිවිතයේ හොඳින් හිටියාම හැමදේම හරි. මට කරදර වෙන්නෙ නෑ කියල. එහෙම නෑ. අප්‍රමාණ සංසාරයේ අපි නොදැන කරපු වැරදි තියෙන්න පුලුවනි. ඒව එකපාරටම විපාක දෙන්න පුලුවනි. කොයිතරම ඉහල තත්වෙක හිටියත් ඒක එහෙමම වෙනව.
අපේ රටේ දේශපාලකයෝ වගේ අයගෙ වැරදි නිසා සාමාන්‍ය ජනතාව වැඩිය කර්ම ඵල විශ්වාස කරන්නෙ නැති තත්වයක් තාම තියෙනවා. හැබැයි ඒවගේ චරිත අද වැජඹිලා ඉන්නෙ දෙවිවරු ආශිර්වාද කරල නෙමෙයි, තමන්ගේම පෙර කර්ම ශක්තියේ හැකියාව අනුව කියල තේරෙන්න ඕන. ඒක ඉවර උනු ගමන් වෙන දේවල් එයාලවත් දන්නෙ නෑ. මොකද එයාල පින භාවිත කරන්නෙ වැරදි කරන්න නිසා..

ඒව තේරුම් ගන්න මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕන. හිතන්න පුරුදු වෙන්න ඕන.
ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක හරි මගට එන්න පුලුවන්. වැරදි මගට වගේම. කෙනෙක් ඒක පොඩි කාලෙ ඉදන් කරාවි. තව කෙනෙක් ඒක අවුරුදු 50දි කරාවි. අපි දකිනවා උපාසක අම්මල ඉන්නවා, තරුණ කාලෙ බණ පදයක්වත් අහල නැති. ඒත් දැන් හරියට පන්සල් එනවා. සමහර වෙලාවට උපහාසයටත් බඳුන් වෙනවා වයසට ගිහිල්ලා නෙමෙයි තරුණ කාලෙ මේව කරන්න පටන් ගත යුතුයි කියල. ඒත් වයසට ගිහින් හරි කමක් නෑ. පුලුවන් වෙලාවෙදි ජිවිතය ගැන හිතල, ධර්මය ගැන අවබෝධයෙන් හරියට වැඩ කරන්න ඕන. ඒක තමයි වෙන්න ඕන..

හරි වැරදි හිතුවොත් මේ ලෝකෙ හරි කියන්න කෙනෙක්වත්, වැරදි කියන්න කෙනෙක්වත් නෑ. අපි හැමෝම වගේ සක්විති රජකම වගේම, අවිචියේ වැටිලා දුක් විඳලත් ඇති.. ඉතින් ලොකුකම් බොහෝම පොඩි කාලෙකට තියෙන හරයක් නැති දේවල්..
නිවන වෙනුවෙන් වැඩ කරන එකයි, අතහැරීමෙන් පුරුදු වෙලා ඒක අවබෝධ කරගෙන වැඩ කරන එකයි කල යුතු දේ හ්ම්...

#maytsh2018 #posonpoya2018 #poson #posonpoya

Tuesday, May 29, 2018

Doesn't matter Vampire - if love to be true...

The Originals සීසන් 05 ලගදි පටන්ගෙන හෙව්වෙ නැති නිසා දැනගෙන හිටියෙ නෑ. හදිසියෙ ඊයෙ ඉදල ඩවුන්ලෝඩ් කලා. ඉතින් ඒක බලද්දි හිතෙන දෙයක් තමයි ආදරයෙදි ඇත්තටම සීමා මායිම් නෑ නේද කියන කාරණය..

එතනදි අදාල නෑ වැම්පයර්ද, වෙයා වුල්ෆ්ද, විච්ද තියා අඩු තරමින් සොම්බි උනත් අදාලම නෑ. ආදරේ හරියට කරන්නයි බලන්නෙ ආදරේ ඇත්ත නම්... ඒක වෙන්න ඕන ඇත්තට තියෙන ආදරේක විදිය..

මට ඒක හිතෙන්නෙ අන්තිමට කරපු ආදරේ කොයිතරම ගැටළු, ප්‍රශ්න, නොගැලපීම් තිබුනද කියල හිතෙද්දි. ඒකියන්නෙ ඒ ආදරේ ඇත්තට තිබිලා තියෙනවා. අපේ පින්තුර දැක්කාම ලගම අය දැක්ක ගමන් කියන දෙයක් තිබුනා. තව අය තව කියන දේවල් තිබ්බා. කාලය එක්ක සංසන්දනාත්මකව කියපු දේවල් වගේම කායික විද්‍යාත්මකවත්, සමහර අවස්ථා වල මනෝ විද්‍යාවට අදාලවත් කියපු කාරණා තිබුනා. ඒවයේ නොගැලපීම් පැත්ත වැඩිව තිබුනා. ගැලපීම් නොතිබුනාම නෙමෙයි.. ඒත් ඒ කිසිදේකින් මම සැලුනෙ නෑ. මම ඒ තත්ව හැමඑකම වගේ තේරුම් ගත්ත, අවබෝධ කරගත්තා, ඒ එක්කම ඒ තත්වයන්ට ගැලපෙන්න වෙනස් උනා හෝ වෙනස් වෙන්නට තීරණ ගත්තා.

ආදරේක වටිනාකම් දකින්න හිතෙන්නෙ ඒ විදියට. තමන්ට කන්න තියෙන දේ ආදරේ තියෙන කෙනා එක්ක බෙදාගෙන කනව නම්, තමන්ගෙ දේ ඇගේ විදියටත් හිතනව නම්, ඒ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න සූදානම් නම්... ඒ ආදරේ ඇත්ත වෙන්න ඕන..
ඒකයි ආදරේ පටන් ගනිද්දි අපි ඒ ගැටළු නොදැන ඉන්න පුලුවනි. ඒව තේරෙන්නෙ ටිකෙන් ටික ඉදිරියට යද්දි, එතකොට ඒ තත්වයන් වලට පැලැස්තර දමාගෙන කරගෙන යන්න පුලුවන් විදියට කරනවා කියන්නෙම ආදරේ වටිනාකම රැකගන්න ගත්ත උත්සාහ වෙන්න ඕන. ඒකයි මම කලිනුත් හිතල තියෙන්නෙ ආදරේ හරි නම් කරනව කියල සොම්බි උනත් කමක් නෑ කියල. ඒ අතර මට මතක් වෙනව අපේ කේන්දර බලපු මාමා කියපු කාරණයක් ප්‍රේම කතා වලින් පුදුම තරම් දුක - වේදනාව ලැබෙන්න තියෙනව කියල. ඒකත් ඇත්තද කියලත් වෙලාවකට හිතෙනව. මොකද හිත හදාගන්නව කිව්වට මට ඒක එකපාරට කරන්න බැරි නිසා.

මම  ඉගෙනීම, අවබෝධය සාමාන්‍ය විදියට වේගයෙන් කරන කෙනෙක්. මම හෙමින් නෑ ඒවයෙදි. හැබැයි ආදරය වගේ කාරණයකදි මම වේගයෙන් ආදරේ කරන්න ගත්තට, ආදරය අතහරින එක මට එකපාරට කරගන්න හරි අමාරුයි. ඒකට ටිකෙන් ටික කල් යනව. හැබැයි ඉතින් ඒ කාලෙ ගියාට පස්සෙ අවුලක් නෑ.
සංසාරෙටම අදාල කාරණා නිසා එකපාරට උනත් දේවල්... ගැලවෙන්න  - වේදනාව හදාගන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයි. කාලය එක්ක හරියන්න ඉඩ තියෙනව හ්ම්...

Monday, May 28, 2018

සහෝදරයා ටෙලි නාට්‍යයෙන්

කිසිදු කිසිදෙන බිඳ හෙලනු බැරි... අහස සූරන පවුරු පදනම්..
තියෙද්දිත් තව තියෙද්දෙන්..
උන්ගේම පෙරහැරෙන්.. උන්ගේම හරසරෙන්... උන්ගේම තල්ලුවෙන්..
උන්ගේම මල් පලස් මතින්.. උන්ගේම නුවර මැදටම ආ අපේ එකෙක්..
ආ බැව් නොපෙනන අපේ එකෙක්..

කිසිදු කිසිදෙන බිඳ හෙලනු බැරි... අහස සූරන පවුරු පදනම්..
ඇතුලතින් පුපුරවන නුවර මැදට ආ අපේ එකෙක්..

මේ ධනේශ්වරය පුපුරවන කාර්තුව, අපිත් අලුතින් පටන් ගනිමු සහෝදරයා..
මරණ වලින් යහපත් සමාජ ජීවිතයක බලාපොරොත්තු අතුගාලා දාන්න බෑ.
ඒ බව අපි උන්ට ඔප්පු කරමු..
ආණ්ඩු වල බලාපොරොත්තුව අරගලකරුවන් ආයුධ අතට ගන්න එක.
එතකොට උන්ට නීත්‍යානුකූල මර්දනය ලේසියි.
අපි මේපාර ඒකට අහුවෙන්නෙ නැතිව ඉමු..
අපි තරුණයන්ට ලියමු - මේපාර ප්‍රචණ්ඩත්වයේ ගල් කැටයක්වත් නොගෙන පරිවර්ථන කරන විදිය..
උන් වෙන රවුමකින් ඇවිත් අලුතින් පටන් ගන්න කොට, අපිත් වෙන රවුමකින් ඇවිත් ඊට වඩා අලුතින් පටන් ගමු සහෝදරයා...


https://www.facebook.com/hithenadewal/videos/1298136873651878/

Sunday, May 27, 2018

She just ...

ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිඳ මා තුරුලේ ඇය යන්න ගියා මැකිලා පිනි කඳුළක් මල් පෙති අග තවරා මිහිදුම් සළුවෙන් මුහුණ වසා... නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ සඳ එළියේ මං පෙත පාදා රහසක් සඟවා ගොළු වූ හදකින් යන්න ගියා මැකිලා... යළි කවදාවත් හමු නොවනා බව මඳ පවනක් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසි දින ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර යන්න ගියා මැකිලා

Saturday, May 26, 2018

මැරුණු කෙනෙක්ව සිහි කරන එක හොඳ දෙයක්..


ඇය මට මහපු ‘පෙරහන්කඩක්‘ 
ඇය එක්ක කැළණී ගඟ ගාව හිටිය තැනක්
ඇය එක්ක ගියපු බෝධින්වහන්සේ සිටින තැන 
මාත් එක්ක කතා කරපු අංකල් සෑහෙන්න කතා කලා රට ගැන

මට අද හදිසියේම හිතුනා කැළණි රජමහා විහාරයටත්, කිත්සිරිමෙවන් රජමහා විහාරයටත් යන්න ඕන කියල. අන්තිමට ගියේ ඇය එක්ක නිසාද මංදා. ඉතින් ඇය නැති උනත්, ඇය එක්ක ගියපු තැන් සිහි කරන එක ගුණාංගයක් වෙන්න ඕන.

ඉතින් යන අතර ඇය එක්ක ගියපු තනි බෝධින්වහන්සේ නමක් වැඩ ඉන්න තැනටත් ගියා. එතන වතුර ගලලා යන්න බැහැ දුර ඉදන් බැලුවා. ඒ පැත්තෙ මිනිස්සු එක්ක කතා කලා. ඒ අය හොඳ අය. ඒ පැත්ත මට හුරුපුරුදු ගතියකුත් දැනෙන්න ගත්තා.
පස්සෙ කිත්සිරිමෙවන් රජමහ විහාරයට ආවා. ඇයත් එක්ක ඇවිදපු තැන් වලට ආවා. ඇයත් එක්ක පහන් වැටි දල්වපු තැන හිටියා. ඇය එක්ක භාවනා කරපු විහාර මන්දිරයට ගිහින් තනියම භාවනා කලා ටික වෙලාවක්... ඇය එක්ක හිටපු මතකයන් දැනුනත් දැන් ඒක වෙනස් කරන්න විදියක් නෑ. ඇය මට පූජා කරන්න කියල මහපු “ පෙරහන්කඩක් “ මම ගැටගැහුවා.
 ඊටපස්සෙ පාරුව ගාවටත් ගියා. ඒ පාරුවත් බෝට්ටු එකක්වත් යන්නෙ නැද්ද කොහෙද, වතුර ගොඩක් උඩ මට්ටමක තිබ්බා. හෙමිට පාලම පැත්තෙන් වටෙන් ගියා කැළණි පන්සලට. යන අතර අපි හිටපු තැන් කීපයකුත්, අපි පින්තූර ගත්ත තැන් කීපයකුත් බලාගෙන ගියා.



අපි නැති උනත් වෙන පෙම්වතුන් ඉන්නවා දැක්කා. මට අවුලක් දැනුනෙ නැහැ. වැස්ස උනත්, වැස්ස එක්ක උනත් මේ අය ඇවිල්ල නේද කියල හිතුනා. කැළණි රජ මහා විහාරයටත් සෙනග ඇවිත් තිබුනා. වැස්ස එතකොට නැවතිලා. මම තෙත බරිත වෙලා හිටියත්, ගංවතුර වගේ තැන් වල ගිහිනුත්, ඒ වෙද්දි සෑහෙන මාව වේලිලා. ඇය එක්ක ඇවිදපු තැන්, කතා කරපු තැන්, වාඩි වෙලා හිටිය තැන් වලටත් තරමක් මම ගියා. වෙනදට වඩා මට නිදහසක් දැනුනා. වෙනදට වඩා පින්තුරත් ගත්ත. ඇය මට කියල තිබුනා බෝධින්වහන්සේ පේන තැනක ඇය ඉන්න බව, මම එතනටත් ගියා. ඒත් ඇය එතන හිටියෙ නෑ. ඇය වගේ කියල මම බලපු ගොඩක් මූණු ඇය නොවෙන බව තේරුනා, ඇගේ විදිය තියෙන අය හිටියත් ඒ ඇය නොවෙන බව මටම පස්සෙ පැහැදිලි උනා. පස්සෙ මම හෙමිහිට ආයෙත් ආවා. සර්වඥ ධාතු මන්දිරය පැත්තෙත් ගියා. වාහන පාක් කරන වටේම ඇවිද්ද, ඇගේ වාහනය වගේ වාහන තිබ්බත් ඒක නොවෙන බව මට තේරුනා.


මම හෙමිට ආපහු ආවා. ඒ යන එන අතර ඇගේ වාහනය වගේ වාහන 2ක් දැක්ක. ඇගේද දන්නෙ නෑ. ඇය නැති උනත් ඇගේ කවුරුහරි ඒක පදිනව වෙන්න පුලුවනි. ඇගේ ස්කූටිය වගේ ලස්සන ස්කුටි සිය ගානකට වඩා දැක්කා. මම හරිම උවමනාවෙන් බැලුවත් ඒ එකකවත් ඇය හිටියෙ නෑ.... ඇය මැරිලනේ ඉතින්.. කොහොමද ඉන්නෙ... එන අතර ඇය එක්ක දවසක් කැළණිය පැත්තෙන් යද්දි ගියපු තැනුත් බැලුවා. ඇය එක්ක වාඩි වෙලා හිටිය පොඩි තැනක් තිබ්බා. ඒ තැන අදටත් තියෙනවා. මම ඉන්නවා. ඇය නැහැ..

 
ඇය විතරක් නැතිව, මම විතරක් ඉන්න එක වෙලාවකට මට අසාධාරණයක් වගේ හිතෙනව.. ඒත් ලෝකෙ සාධාරණ - අසාධාරණ කියල දෙයක් නෑ. මොකද පෙර කර්ම ප්‍රවෘත්ති එක්ක හෙව්වාම අද වෙන දේවල් හැමදේම වගේ ඒවට අදාලව විපාක ලැබෙන ඒව. ඉතින් ඒව අසාධාරණ නැහැ. කර්මය එහෙමයි..
ඒවගේමයි මට ඒ කාලේ ඇය කතා කරන්න කලින් මට දැනෙනවා. ඇයට මට කතා කරන්න ඕන වෙලාවට මට කලින්ම සංඥා එනවා කතා කරන්න ඕන කියල. සමහර වෙලාවට ඇය මසේජ් කරද්දි මම ෆෝන් එක ගාව නෑ. ඒත් මම ඒවට රිප්ලයි කරනවා විනාඩියක් ඇතුලත, එහෙම වෙන්නෙ මට ඒව දැනෙන නිසා. එක වතාවක් ඇය මට එන්න කිව්වා කැළණීයට මම යන අතරදි මට හිතුනා කිත්සිරිමෙවන් කැළණිය දිහා බලන්න, මෙන්න ඇය එතන ඉන්නවා. ඇය මට මෙගොඩ කැළණියට එන්න කියල එවපු මසේජ් එක මට ඇවිත් තිබ්බෙ නෑ. ඒ කාලෙ මට එහෙම සංඥා දැනුනා සෑහෙන්න ඇය ගැන. දවසක් ඇගේ තාත්ත ඇයව එක්කගෙන යන්න එනව කියල තිබ්බා. ඇය එක්කම ගෙදර යනව කියල. මට ඒක කිව්වාම මම කිව්වා නෑ අද එන එකක් නෑ මම එන්නද කියල. ඇය කිව්වා නෑ එනවමයි කිව්වා එනිසා එන්න එපා කියල. මම කිව්වා හරි වාද කරන්න ඕන නෑ බලන්න මම කියන දේ වරදිනවද කියල. ඇය පැය 2කට පස්සෙ මට කියනව තාත්ත කිව්වලු එන්න වෙන්නෙ නෑ කියල තනියම යන්න කියල. ඔය වගේ  සිද්ධි ගානක් තියෙනවා ඒ කාලෙ මට ඇයව දැනුනා. පස්සෙ ඒව ටිකෙන් ටික නැති වෙලා ගියා, ඇගේම මරණයට මුලීක වෙච්ච කාරණා නිසාම..

ඇය නැතිව දැන් හෙමිට කාලය ගෙවෙනව. මාත් පාඩුවෙ ඉන්නවා. සංසාරේ ආයෙ කවදාවත් මට ඇයව මුණගැහෙන්නෙ නැති බවත් මම දන්නවා. ඇයට හොදින් ඉන්න මම පතනව. හ්ම්...

ඇය එක්ක පින්තුර ගත්ත තැනක්
ඇය එක්ක බඩඉරිඟු කාපු තැනක් ..
 



Friday, May 25, 2018

අවසාන ආදරය... මැරෙන්නට ඔන්න මෙන්න කියා කිරීම..

පහුගිය කාලෙ අහම්බෙන් වගේ මම කෙල්ලෙක්ට ආදරේ කලා... ඒක හරිම අහම්බයක්..
වේගයෙන් ආදරයක් වෙච්ච දේ තමයි අහම්බය... ඒ කෙල්ල ජිවිතේ ගැන ගොඩක් පිරුනු අදහස් තියෙන, දක්ෂතා පරිපූර්ණ කෙනෙක්. විශේෂත්වය තමයි එයා ආදරේදී ඕනෑම කැපකිරීමක් කරන්නත් ලෑස්ති කෙනෙක්. පොඩි දේටත් සංවේදී වෙන, සමහරවිට ආදරය සම්බන්ධ  දේවල් වලට කලබල වෙන කෙනෙක් උනා එයා. ආදරේදී එයා ළදැරියක් වගේ සංවේදී උනා වගේම කීකරුත් උනා සෑහෙන තරමකට.. විටෙක තරමක් මුරණ්ඩු උනත් ඒ මුරණ්ඩුවත්, ඒ එක්ක තිබ්බ කෝලම්, විහිළු, හුරතල් කතාත් හරිම සුන්දර දේවල් උනා ආදරය ගලාගෙන යද්දි..

ඇය එක්ක වාහන ගානක ගියා... පයින්, බයික් වල, වාහන - බස් වල ගියා. ඒ හැම ගමනක්ම වෙනම අත්දැකීමක්, සුන්දර විඳීමක් උනා. ගෙදරින් තරමක බාධා එද්දි, හදිසියේම පැය කීපයක් මහන්සි  වෙලා  එයාව බලන්න එයාලගේ පලාතට ගිහින් කලබලේට නළලට දුන්නු හාදුව, හරිම සැනසිලිදායක උනා. පැය ගානක් මහන්සි උනත් එයාව මුණගැහුනේ විනාඩි 5-10කටත් අඩු කාලෙකටයි. ඒත් ඒ වෙලාව ඒ සැනසීම මහමෙරක් වගේ දැනුනා. නැතිබැරිකම්, අසරණකම් තියාගෙන කරපු ආදරයක් කොහොම දෙයක්ද කියල දන්නෙ එහෙම කරපු අය විතරයි.. එයත්, එයා වගේම මමත් ඒ වෙනුවෙන් හැකි විදියට කැප උනා. සමහර කැපකිරීම් හරිම පුදුමාකාරයි. බස් එකක යද්දි එයා මගේ උරහිසේ නිදාගත්ත විදියත්, මට හැමදාටම මතක තියේවි. ඒ නිදියන කොට එයාගේ හුස්ම ඉහල පහල ගිය විදිය පවා මට අදටත් මතකයි.. ඒවගේම එයාව දවස් ගානක් නිදි කරවන්න කෝල් කරාම මට පුලුවන් උනා. දවසක් හිත රිදිලා, එයාට රිදවලා මම ඒ වෙනුවෙන් නිදා නොගෙන පැය 7ක් එක දිගට එයාගෙ හුස්ම හඬ අහමින් හිටියා. ඒව මට ලොකු දේවල්.

ඔය අතර තමයි එයා ලෙඩ වෙන්න ගත්තේ... නමුත් එයා ඒ ලෙඩින්ම ලෝකෙන්ම යාවි කියල මම හීනෙකින්වත් හිතුවෙ නෑ. එයාට ඒ තරම ආදරය කරපු නිසාම, අපේ එක එක නොගැලපීම් අතර හැමදේම මැඩගෙන එයයි මායි එකටම ඉන්නවා, “ ලෝකෙ හොදම කෙල්ල මට කැමති උනත් මට ඕන නුඹ විතරයි “ කියන මානසිකත්වයක මම හිටියා. එක එක හදි හූනියම් - ගුරුකම් අතර හදිසියේම වෙන අහඹු සිදුවීම් වගේ දේවල්...
පෙර අකුසල් අපිට සමහර වෙලාවට කොයිතරම උත්සහ කලත් නැති කරන්න බැහැ. ඒවයෙ විපාක තියෙනවාමයි. අපි හොඳ  උනත් නැතත් පෙර අකුසල් තියෙද්දි කරන අණවින කොඩිවින අපිට දැනෙනවා තරමකට හරි..
කෝම හරි හොඳට හිටිය එයා ලෙඩ වෙන්න ගත්තා. එයාගෙ ලෙඩත් එක්ක එයාට මාව පෙනුනුන විදිය වෙනස් උනා. එයාට අවුරුදු ගානකට කලින් තිබ්බ පන්ඩිත කතා, මෝඩ කතා මතක් වෙන්න ගත්තා. නමුත් ගැටළුව උනේ ඒව දැන් කරන කතා ගානට එයාගෙ හිතේ තිබීමයි. ඒව එක්ක ක්‍රමිකව ඒ ලෙඩේ උත්සන්න වෙන්න ගත්තා. බේත් කරත් ඒ බේත් වලින් අවශ්‍යම ප්‍රතිඵලය උනේ නැති බව වෙද තුමාත් කිව්වා. එයාට ඕන උනේ ජිවත් වෙන්න. මට ඕන උනේ එයාව ජිවත් කරවන්න. නමුත් එයාගෙ ප්‍රාණය හෙමිට මාව අතෑරලම ගියා..
මගේ අතේ දැවටිලා, මට තුරුල් වෙලා එයාගෙන් වින්ඳ කුළුදුල් හාදුව වගේම, එයාගෙ නළල් තලයට මම දුන්නු හාදුවත්, එයා මට වැඳලා මගෙ ස්වාමියා වේවා කියල පැතුවාම ඒ පැතුම ඉටු වේවා කියල මම හිතින් හිතපු සිතිවිල්ලත් වලපල්ලටම ගියා.... අන්තිමට එයා නැති උනා ....

ලෝකෙ චක්‍රයක්.. හොඳ - නරක 2ම තියෙන. නරක කරන අයට කොහොමත් ලැබෙනවා. ඒක සනාථන ධර්මයක් කවුරුවත් ඒ තරම නොහිතුවට. එයාව ලෙඩ කරපු ඒ ලෙඩ වලටත් ක්‍රමිකව විඳවන්න වේවි. උන් විඳවලා මැරේවි. මැරිල සතර අපායටම යාවි... ඒක එහෙමම වේවි.

Tuesday, May 22, 2018

“ ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන “

හදිසියේ ලියාගෙන යද්දි හිතට ආපු අදහසක්. මේ පාඨය ගොඩක් තැන් වල දැකල තියෙනවා කාන්තාවන්ට අපහාසයට යොදා ගන්නවා. එහෙම යොදන පිරිමි තමන් පාරිශුද්ධ, වරදක් හිතලවත් නැති පිරිසිදු අය කියල හිතාගෙන ලියන අයයි. ඇත්තටම එයාල ඇතුලතින් බැලුවොත් බොහෝම ජරාජීර්ණ වෙච්ච අය බව අත්දැකීමෙන් දන්නවා.
කොහොම හරි අර කවියේ සම්පූර්ණය මෙහෙමයි,

“ පිරිමිනිදු පතන
අවසර කල රහස් තැන
මිස නොලැබෙන බැවින
ගැහැණු කවුරුද වරදෙ නොබැ‍ඳෙන “

ඉතින් තමන් හරි පිරිසිදු වටිනා අය කියල අනිත් අයට හිතාගෙන, වරදක් තිබිලා හෝ නැතිව කාන්තා පාර්ශවයට අපහාස කරන මහ පිරිමි චරිත, මේ කවිය හරියට නොදැනයි කමෙන්ට් කරන්නෙ...

මුල්ම පදයෙම තියෙනවා, “ පිරිමිනිදු පතන“ කියල.. ඒකෙන් පැහැදිලියි පිරිමිත් බලාගෙන ඉන්නෙ .... තැනයි, රහස් තැනයි ගැන...
ඉතින් වරදෙ බැඳෙන එක ගැහැණුන්ට විතරක් නෙමෙයි පිරිමින්ටත් අයිති දෙයක්. ඒක ලෝකෙ පවතින දෙයක්. අමුතු දෙයක් නෙමෙයි.
තමන්ගෙ ජිවිතය ගැන, තමන් බුද්ධියෙන් හිතල බලල හරියට තීරණ ගන්න ඕන. ආගම දහම අනුව හිතල තීරණ ගැනීමත් හොඳයි. කොහොම උනත් ඒ තීරණය තමන්ගෙ වීමයි වැදගත්...

#ගැහැණු #පිරිමි #මල් #පලතුරු #ලෝකය #අපි #ඔබ #මම #ජිවිතය #හරි #වැරදි #දහම #බුද්ධිය

#maytsh2018 #lka #ideasasithappens #lifegoeson

Monday, May 21, 2018

හදිසියට ලියවුනු ජාති.. - විසිරුණු හිතක් ඇති බූවල්ලෙකුට පෙම් කලෙමි ..

කලෙමි කැපකිරීම් නුඹ වෙනුවෙන්,
කිසිදා නොකල, කිසිදාක නොසිතූ..,
කිසිවෙකු නොකරන, කිසිවෙකු නොදන්නා...
මා හැර වෙන කිසිවෙකුට කරන්නටද බැරි...
එනමුදු නුඹ හට මා තාම මදි...
හැරයන් ළදේ මා... කම් නැතී..
දිනෙක නුඹට තැවෙන්නට වේවි..
හැබෑ එදාට නුඹට මං නැති..

---

මට නොහැකි නම් නුඹට සෙත සදන්නට,
නුඹේ මෙදිවිය පමණක් නොව සසරටම බලාපන්නට, සුවපත් කරන්නට...
වෙන කිසිවෙකුටද නොහැකිය... නුඹටද තනිව නොහැකිය..
අන්තිමට නටපු නැටුමකුත් නැති - බෙරේ පලුවකුත් නැති වෙයි..
කරල බලහං... නුඹේ ගොංකම්...

---

Thursday, May 17, 2018

ඉතින් අපි යමු වෙන් වෙලා....
පෙමින් බැඳි සිත් අමතක වෙලා..
උනුන් කල දේ හරි ගියා...
අපිට අපි නැති වී ගියා..

නුඹේ රථයේ නුඹ දමාගෙන ගියපු හැටි සිහි වෙනා...
නුඹේ උණුසුම දැනුනු හැටි දැනුත් මතකේ තියෙනවා...
මා නැති උනත් හොඳ කෙනෙක් හා තුටින් ඉන්නට ලැබේවා !
මගෙ පැතුමන් එලෙසින්ම ඉටු වෙලා සැපතින් සිටීවා... !
ආදරේ කියන්නෙ කාලය අදාල දෙයක් නෙමෙයි... කාලය නිරපේක්ෂයි කිව්වට... කාලයත් සාපේක්ෂයි..
ඕක ඔය තරම අමාරු දෙයක්ද තේරුම් ගන්න ?
එක එක්කෙනාගෙ කාලය වෙනස්නෙ... මැරෙන හැටි උනත් එක එක්කෙනා මැරෙන්නෙ එක එක වෙලාවට...
ඉගෙනීම, රැකියාව, ව්‍යාපාර, විවාහය ගත්තත් එහෙමයි...
අපි හැමෝටම තියෙන්නෙ එකම කාලය උනාට, ගත වෙන්නෙ එක එක විදි වලට... ඒක කාලයේ හැටි..

නුඹයි මායි බොහෝම පොඩි කාලයකදි බොහෝම වේගයෙන් බොහෝම ඉහලට ආදරේ කලා...
ඇත්තටම කලා නෙමෙයි ඒක ඉබේම වෙච්ච දෙයක්... උනේ කොහොමද කියල මට අදටත් හිතාගන්න බැහැ..
අපි ඇත්තටම ආදරේ කරත් බාහිර සාධක එක්ක තියෙන දේවල් එක්ක, සමහර ප්‍රබල බලපෑම්, පීඩන දීම් වලින් මිදෙන්න අපිට හරිම අමාරුයි...
ඒ එක්ක මගේ බැරිකම්, අසරණකම්, මෝඩකම්, ගොංකම් ඔක්කෝම ගැන හිතෙද්දි ඇත්තටම බිංදුවටම වැටෙන තරම්...
දවසක ඒවට කරනවා ගෑවුනු අයට පවා... හැබැයි අද වෙන හානිය, දුක  - වේදනාව, කාලය එක්ක වෙලා තියෙන දේවල් වෙනස් කරන්න මොන තත්වෙ හිටියත් එදාට බැරි වෙන බව නොදන්නව නෙමෙයි..
පරණ මතකයන් එක්ක ඕනවට වඩා ඉන්න එකත්, මගෙ ආදරේ නොතේරේන - නොදැනෙන එකත් මගේම පෙර අකුසලයක් වෙන්නැති.. කරන්න දෙයක් නෑ ඒව විඳවල, විඳලම ඉවර කරගන්න වෙනව...

Karma is a bitch - ඉංග්‍රිසියෙන් කිව්වත්, ඇත්තටම කර්මය සනාථන දෙයක්...

මේ ජිවිතේදි වගේම, සංසාරෙ කවදමහරි ... අපිට හරි ගියාද - වැරදුනාද කියල අපිටම තේරේවි... හ්ම්....



Friday, May 11, 2018

පාළු අඳුරු නිල් අහස මමයි... ඈත දිලෙන නිල් තරුව ඇයයි..


පාළු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි.. යුගයෙන් යුගයට හදවත් ඉල්වන... බලාපොරොත්තුව පැතුම ඇයයි...// අසාර වූ මහ පොළව මමයි.. ගලා බසින දිය දහර ඇයයි // යුගයෙන් යුගයට හදවත් නලවන සදාකාලික වූ සැපත ඇයයි..... කැලෑව මැද කටු පඳුර මමයි... පිපී වැනෙන මල් පොකුර ඇයයි..// යුගයෙන් යුගයට හදවත් පුරවන.. අඳුරු වේදනා කැටිය ඇයයි... ගායනය - පණ්ඩිත් අමරදේව පද රචනය - මහගමසේකර

Sunday, May 6, 2018

තරු එළියෙන් නොව සඳ එළියෙන් නොව..,
පෙම් කිරණින් මග එකලු නිස‍ා...
කම් ඉම තෙක් නුඹ පසුපස එන්නම් ..
සසර පුරුද්දට පාර සොයා ...
සීතල හිමයේ සත්කුළු පව්වෙන්,
චන්දන අරණෙක පුබුදු වෙලා ...
ඔබ එනතුරු මඟ බලමින් ඉන්නම් ...
සෙනෙහෙ දනව්වේ ඉමට වෙලා....

පිවිතුරු සුනිමල පෙම් පියුමක් සේ...
සෙනෙහෙ විමානේ සුවඳ වෙලා ...
පිපුනා මතකයි පුරුදු පැතුම වී..,
එමි ඒ සුවඳින් ඔබව සොයා ...

සෙනෙහෙ දියෙන් දෙවු පිවිතුරුකම ඇත...
ඉන්ද්‍රඛීලයක් විලස බලා ...
මං සලකුණු ඇත මා වෙත එනු මැන..,
යුග යුග ඉමි ඔබ වඩිනතුරා ...//

#තරුඑළියෙන්ලොව #tharueliyen #tmjayarathna #ChandralekhaPerera #TMJayaratne #musicsl

Tuesday, May 1, 2018

දැන දැනම රිදුමකට... කරන අපේ පෙම...
වෙන උන්ට කොහොම උනත්... අපිට මහමෙරක් එය..
පෙරේමය කැපකිරීමක්ය කවුදෝම කිව්වාලු...
නුඹේ කැප කිරීම් ලග මම පුදුම වෙනවාය...
නුඹේ ආදරයට සම වෙන්න ආදරයක්... කරන්නට අමාරු ඇති..
ලෝකෙ කිසි කෙනෙකුටවත්..

ආදරෙයි ගත පුරා, හිත පුරා... හැමතින්ම ආදරෙයි..
එනමුදු අපේ පෙම... මොනව වේවිද නොදනියි...