Tweets by @Tweetsbysuku myblog: August 2017

Facebook Fan Page

Wednesday, August 30, 2017

#විහිළු

1 - රටේ පාලනය විවේචනය කරන අය හැමදාම වීරයන් මෙන් විවේචන පමණක් කිරීම.
2 - සමූපකාර ඡන්දයක් දිනාගන්නට බැරි අය අපිට දේශපාලනය උගන්වන්නට උත්සහ කිරීම|


1
හැමදාම ලංකා දේශපාලනය අවුලේය. ඒක මතක ඇති කාලෙක ඉදන් එහෙමය. හැබැයි එක කොටසක් රටට අතිමහත් ආදරයක් දක්වන අතර, කරන්නේ විවේචනම පමණය..
රටට සැබෑවට ආදරේ නම් කල යුත්තේ, වැරදි නිවරදි කරන්නට කටයුතු කිරීමයි. කල නොහැකි නම්, රටට පැවැත්මක් නැත්නම් වෙන රටකට යෑමයි...
බුද්ධ දේශනාවේ පරිදි, අපිරිසිදු ජල බඳුනකට දිගටම පිරිසිදු ජලය වත්කල විට පිරිසිදු වෙයි..
වැරදි හදාගත යුත්තේ, ඒ තුලම ගොස් හරි දෙය කිරීම මත මිස, විවේචන පමණක් කිරීමෙන් නොවේය.. රට හදන්නට, හැදෙන්නට තමන්ගේ සිට 1 ගානේ හදාගත යුතුය.. ජනතාව හොඳ නම් පාලකයෝද අනිවාර්යෙන්ම හොඳ වෙති. ජනතාව ආත්මාර්ථයට වැඩියෙන් බර වූ විට, කපටි පාලකයෝ ඒ තරම දැනගෙන සැබෑවට නැතත් අපිට පේන්නට සැප විඳිති..
( මට දේවල් කියන අයගෙන් අතිබහුතරය සැබෑවටම මට හිතෛශීවන්ත වීම නිසා කියන බව සැබෑය - රටට යහපතක් කිරීමේදි මඩ - කරදර සාමාන්‍ය දේවල් විය යුතුය - මඩ ගැන බිය නැතත් අවු 20කින් විතර දරුවෙක් ඇවිල්ලා රටට මොනවද කලේ අහද්දි නිරුත්තර වන්නට සිදුවේ නම්... අන්න ඒකට අකමැතිය)

2
සමහර අයෙකුට සමූපකාර ඡන්දයක්වත් දිනාගන්නට හැකියාවක් නැත.. හැබැයි අපිට දේශපාලනය උගන්වන්නට, අරක මේක කරන්නේ මෙහෙමයි කියන්නට පුලුවන් තරම් උත්සාහ දරති. කැපීපෙනෙන්ට වැඩ කරති..
හැබැයි වැඩක් ආවාම කල දේකුත් නැත, අඩු තරමින් දන්න දේකුත් නැත.
එවන් අය කල යුත්තේ මුල සිට රටේ ඉතිහාසය ඉගෙනීමයි. රජවරුනගේ කාල වල සිට සිදු වූ දේ සොයා, ඉන්පසුව දේශපාලන සිද්ධීන්ද සෙවීමයි..
වයස ගියත් දේශපාලනය නොදන්නා prematured අයගේ ඒවා ඇත්තටම විහිළුය...

#augtsh2017 #slpolitics

Monday, August 28, 2017

Game of Thrones ...

අපෙ දිනිති අක්කා දාලා තිබ්බා මේක බලද්දි නින්ද යනව කියල ලගදි.. එතනදි අපෙ මනෝරම අයිය දාලා තිබ්බා බලන අය ඇවිත් මොනවද කියාවි කියල..

Fiqri අයිය ඉන්න සුන්දර - අවබෝධය පිරි ලෝකෙට මේ කතාව අදාල නැහැ මට හිතෙන්නෙ..
මම මුලින්ම සීසන් 01 බලල එපා උනා.. ඊටපස්සෙ අවු 2කට විතර පස්සෙයි ආයෙ බලන්න ගත්තෙ..
මටත් හිතෙනවා හිතද්දි මොකක්ද වටිනාකම කියල..
මම කැමති දේවල් වල ඉස්සරහින්ම තියෙන දෙයක් තමයි #ඉතිහාසය .. හැබැයි මේ කතාවේ තියෙන්නෙ අපි දන්න ඉතිහාසයක් නෙමෙයි.. ඒනිසා ඒක වෙන්න බැහැ.. ඒ අතර හිතුවා මුල ඉදලම කතාවෙ මොකක්ද තියෙන්නෙ කියල..

මේ කතාවෙ තියෙනවා නොහිතන විදියට/ හරි අප්‍රසන්න විදියට අපි කැමති අයව එකපාරට මරලම දානවා..
ඒ කියන්නේ ලෝකයේ හැමදාම වගේ තියෙන දෙයක් තමයි #අවිනිශ්චිත බව.. මේ කතා මාලාවෙ ඒක ඕනවටත් වඩා හොඳට තියෙනවා..
ඒවගේම ලංකාවෙ දේශපාලනය එක්ක බැඳුනු රාජ්‍ය සේවය ගැන හිතද්දි, ඒ අත්දැකීම් එක්ක ගැලපුවාම මේ කතාවෙ තියෙන ඒව සෑහෙන්න උදව් කරනවා - දේවල් තේරුම් ගන්න .. ඒකත් මූලික හේතුවක්..

- අපි නිදිමරාගෙන උනත් මේක බලනව.. 😂

#GOT #Gameofthrones #winterishere

Sunday, August 27, 2017

IPad issue by Ultim Solutions dehiwala



First I rated this place with 4 stars cause I thought they were brilliant. I took my Ipad Air 2 to them 9th of August 2017. Slight contrast change was the display error Ipad had. When I called they didn't tell me they should examine or anything, all they told was 1-2 hour work.
This was the slight issue 

Screen Shot
When I give it to them it was like 10.30 am. They(Rukshan) told me, they can fix it by 3.00 pm. I was supposed to visit Land Ministry and I told them I'm in hurry. After 30 min they showed my Ipad and they told me other than display matter there is another matter in mother board. They told me they will check it and inform me around 4.00 pm. So I came.
This is given to me, not explaining the issue properly


They didn't call me and I called them at about 5.45 pm. Answer was still didn't check my Ipad and call back to me within 15 min. They didn't call and I called them several times and they answered at 6.40pm. Answer was still couldn't check and give me an update first thing in the morning. In next day (10th) I went there at about 9.40 am and they haven't call me. So I asked and there is a guy called Kusal and I think he knows better. He told me my Ipad's display was cracked when they(which wasn't him) open and it's a normal thing. I had to visit parliament at 10.30 am and I told him to give my Ipad and I'll be back. Clearly Ipad's display was destroyed ( I have all the images related even their letter to me).

This is how they cracked my display

After my work is finish, I went to a friend who knows this technology and he explained that Ipad can be opened without destroying the display and he showed me, attaching a new display to it and there was no any error.. So he explained me, Adapter's wires must have changed for a time, if display wasn't cracked it could easily fixed. Now I have to replace to a new one.
My friend showed me with a new display and he told me mother board hasn't touched as ultim solutions people told me there was a problem in display too.

I called Kusal at Ultim solutions and he told me, if fault is their, they will replace it. Following day(11th) I went again. I explained it with images I had and they agreed. Owner Mr.Rukshan wasn't there. But when I told them they(Kusal and other one) called him and he told me they can fix display and other issues for the price they told me so. He didn't even say that he or one of his guy's destroyed my Ipad. After few hours Kusal replaced my display and I pay the price as agreed and came course I was tired of this shit..
Clearly simple issue was with Ipad, they cracked and destroyed display and they tried to get more money by telling that another issue on IPad.. But my friend who checked told me, they haven't touch motherboard. So shame on you ... Google maps review might be just the beginning .. I gave 2 stars because apart from their misguide and things, when I insist I need to travle Anuradapura today, they worked hard for fix the display..
Kusal repairing my Ipad
This is there place in google map https://www.google.lk/maps/place/Ultim8+Solutions/@6.8508716,79.8605043,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25b0f52cf3545:0x808a3321182bb8fd!8m2!3d6.8508663!4d79.862693?hl=en

Friday, August 25, 2017

WijedasaRajapaksha මහත්තයව අපිට කාලෙක වීරයෙක් වගෙත් පෙනුනා..

මහ බලයක් තිබ්බ මහින්ද මහත්තයගෙ කැබිනට් එකෙන් අයින් වෙලා ආපු වීරයෙක් විදියට..

හැබැයි ඒ ඇමතිකම නාමික එකක් වීමත්, බලතල ඇති එකක් බලාපොරොත්තු වීමත් - ඒ එක්ක අරලියගහ මන්දිරයට ගිහින් කිව්වාම වෙච්ච දේවල් එක්ක එජාප නායකය ගාවට ඒමත්, ඇවන්ගාඩ් සම්බන්ධව බොහොම කැපවීමෙන් කටයුතු කල කෙනෙක් නිසාත් තරමක කලකිරිමක් තිබ්බා..ඇවන්ගාඩ් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තය එක්ක තිබ්බ සම්බන්ධතාවය දිගටම තියාගත්ත.. - පහුගිය අවු 2කට වැඩි කාලයක් රෑට රෑට ඒ පවුල් වල අයට නීති උපදේශ දුන්නු බවත් අපිට ආරංචියි..

පස්සෙ එතුමගෙ මහරගම ආසනයේ කටයුතු ගැන හෙව්වා. ගොඩක් කැපවෙලා වැඩ කරපු අයට වැඩක් කලාද මංදා.. ප්‍රාඥයා කියන බෝඩ් දැකල තියෙනව..

කොතලාවල නීති පීඨයේ දරුවන්ට තව අවුරුදු 2ක් වැඩිපුර ඉගෙන ගන්න කියල දේවල් ගෙනැල්ලා එතන අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කලා.. (විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙනුත් ඉහලම සම්මාන අරගෙන තිබුන ඒ වෙලාවෙ)
ඒකට සාමකාමිව කරපු විරෝධතාවයට මාත් ගියා.. Yasiruට මතක ඇති.

කොතලාවල විද්‍යා පීඨය අයිති වෙලා තිබ්බෙ රුවන් විජේවර්ධන ඇමතිතුමාට.. ඇමතිතුමාට කතා කරා, එතුමා උත්සහ කලා නමුත්, අසාධාරණයට සාධාරණයක් කරන්න බැරි උනා..
හොයාගෙන යනකොට තේරුනා මේකට ඍජු බලපෑමක් විජේදාස ඇමතිතුමාගෙන් තිබ්බ බව.. “මගෙ ළමයි අවු 2ක් කරනව නම් අනිත් අයට බැරි මොකද කියල “..
ඒවගේම මේකට මූලික හේතුව අවශ්‍ය සුදුසුකම් අඩුව කොතලාව විද්‍යා පීඨයට උගන්නන්න ගිහින් එතනින් බෑ කියපු එකේ කැරකුනු ඉරිසියාවකුත් තිබිල..

ලංකාවෙ දේශපාලකයොත්, ඒ අයට බලය දුන්නු ජනතාවත්, බලය දීලා හරි නොදීලා හරි රට වෙනුවෙන් කල යුතු දේවල් සෑහෙන්න තියෙනවා.. ඒවගේම විපාක ලබන්නත් සෑහෙන්න තියෙනව..
හැමදාම ඇමතිකම් නැතිව ඉදීද නැද්ද නොදන්නව උනාට, වෙනද සාපේක්ෂව වෙනස්කම් වෙන බව නම් පැහැදිලියි..

#wijedasarajapaksa #srilanka #augtsh2017 #lk #slpolitics

“ හපනා “ - ටී.බී. ඉලංගරත්න

“ අභය භූමියෙහිත්, කුඩා සතා, මහ සතාට බයයි. ගමේ රටේත් පුංචි මිනිහා ලොකු මිනිහාට බයයි. ගමේ - වත්තේත් එහෙමයි. තාත්තා වෙඩි කෑවෙත් ලොකු මිනිහෙක්ගෙනුයි. එහෙම නම් අභය භූමියේ තේරුම කුමක්ද ?
සතා හැදුවෙත් මහා බඹාමයි. මිනිසා හැදුවෙත් මහ බඹාම ලු. එහෙම නම් මහ බඹා මැව්වෙත් මිනිසාටත් සතාටත් එකම ඉරණමද ? මහ එකාට ගොදුරු වෙන්ටද ?
එහෙම නම් මහ බඹා හොඳ මිනිහෙක් වෙන්ට බැහැ. මහා බඹා ලොව මැව්වා මිස තමන් හදාපු ඒවට යන කල දසාව ගැන හිතලා නැහැ.

___

මා පමණක් බඩ පුරා කාලා හොඳ ඇඳුම් ඇඳගෙන හිටියට මොන පලක්ද ? නංගිලා මල්ලිලා එක්ක බෙදාගෙන කන්ට ඇත්නම් කොයිතරම් හොඳද ? ඒ අය බාගෙට බඩගින්නේ ඉද්දි මා පමණක් රසටත් බඩ පුරාමත් කන එක වැරැද්දක් සේ මට දැනුණි.
අප ගමේ බොහෝ දෙනෙක් කෑවේ ඇන්දේ අප මෙන්මය. ටික දෙනෙක් හොඳට හිටින බව සැබෑය. ඒ කච්චේරී බංගලාවෙත්, වලව්වෙත්, මුලාදෑනි ගෙදරත් විතරයි..

පින් පව් 2 හැටියට තමයි ලැබෙන්නේ ? “ අම්මා කියා සැනසුණාය.

මොන තරම් කෑම හිඟ උනත්, ඇඳුම් කිලිටි උනත්, ගේ පුංචි වුණත්, වහළ තෙමුණත්, අම්මත්, නංගිත් මල්ලිලාත් එක්ව එකට ඉන්න එක තරම් සැපක් තවත් නැති බැව් මට හැඟුනි. මෙසේ සිතන විට මට ඇඬුමද නවතා ගන්ට බැරි විය..

___

 “ මහත්තයත්, හාමුත්, බේමිත්, ජේමිස් මාමාත්, සිරිමලී නැන්දාත් මට ඉතා කරුණාවෙන් සැලකුවෝය.මගෙ කටකාරකමට ඔවුහු බොහෝවිට සරදම් කලහ. එහෙයින් මගෙ කතාව අඩුකර ගැනීමට මම උත්සහ කලෙමි. විශේෂයෙන් එසේ කලේ දවසක් මහත්තයා කී කතාවක් නිසාය. අපට කන් 2කුත්, 1 කටකුත් තියෙන්නේ හුඟක් අහගන්නටත්, ටිකක් කතා කරන්ටත් යයි ඔහු කීවේය. එහෙත් ඇසිය යුතු දේ මම ඍජුව ඇසුවෙමි.

සිරිමලී නැද්දා මට ඇයගේ දරුවෙකුට මෙන් කරුණාවන්තව සැලකුවාය. ඕ කතාවෙන් අම්මටත් වඩා කරුණාවයි. ඒත් අම්මා තරම් කොහෙද. දවස් 2ක් ගත වූ පසු අම්මා සිහිවෙන හැම මොහොතකම මට ගෙදර දුවන්ට සිතුණි. මා පමණක් බඩ පුරා කාලා හොඳ ඇඳුම් ඇඳගෙන හිටියට මොන පලක්ද ? නංගිලා මල්ලිලා එක්ක බෙදාගෙන කන්ට ඇත්නම් කොයිතරම් හොඳද ? ඒ අය බාගෙට බඩගින්නේ ඉද්දි මා පමණක් රසටත් බඩ පුරාමත් කන එක වැරැද්දක් සේ මට දැනුණි.