Tweets by @Tweetsbysuku myblog: බිස්නස්... ඇයි - 2

Facebook Fan Page

Thursday, May 15, 2014

බිස්නස්... ඇයි - 2

සල්ලි..... සල්ලි නෙමෙයි වැදගත් කාලය....
කොච්චර සල්ලි තිබුනත්, ජීවිතේ වැදගත්ම කාලය උදේ 8-9 හවස 4-5 අතර කාලයේ වැඩි හරියක් ඔෆිස් එකක ඉන්නව නම්...
සල්ලි කොච්චර තිබුනත් මොකටද...

මම මේ ලගදි මුණ ගැහුනා බිස්නස් කරන කෙනෙක්... උදේ 10.30 කෝල් කරද්දි දරුවො හුරතල් කරනවා.. මට ඇත්තටම පුදුමයි... අපේ පවුල් වල ඉහලම රස්සා කරන කවුරුවත් සතියෙ දවසක උදේ 10.30 ගෙදරදි දරුවො එක්ක නම් හොයන්න බෑ..

මට ඒ අයිය කිව්වා,

“ මල්ලි මාත් කාලෙකට කලින්, ලක්ෂයකට ආසන්න පඩියක් ලබන විධායක ශ්‍රේණියෙ රස්සාවක් කරපු කෙනෙක්.  කම්පනියෙන් වාහනයකුත් දිලා තිබුනේ.
ඒත් මට මේ බිස්නස් අවස්ථාව ලැබුනම මම ඒක ගත්ත. අද මම පඩියට වඩා සෑහෙන්න හොයනව. ඒවගේම මම මගෙ ගෙදර අය එක්ක සතුටින් ඉන්නවා...

“ මම දකිනවා මල්ලි මගෙ දරවො ලොකු වෙනව.. මගෙ දරුවො ඇවිදින දවස, නැගිටපු දවස... ඒ හැමදේම මම දකිනව.... ඒ සැනසීම වචනයෙන් විස්තර කරන්න බෑ මල්ලි...  “

_ මටත් පුදුම හැඟීමක් ආවේ... ඇත්ත නේද කියල. මාත් ඉතින් රස්සා කීපයක්ම කරානේ. හොඳම හැම වෙලාවෙම ඉන්නෙ පාරෙ හරි ඔෆිස් එකේ හරි කොහේ හරි කම්පනියක. අපි මාකටින් පොඩි කමිෂන් එකකට... ඒව වහන්න අපිට දෙනව පොඩි පොඩි ලාභ... වෙලාවකට වාහන දෙනව, නැත්නම් කම්පනි වාහනයක් දෙනව ඩ්‍රයිවර් එකක්... එක එක ප්‍රතිලාභ දෙනව.

ඒත් ඇත්ත තමයි, මහන්සියෙන් 90%ක් තියෙද්දි 10%කට අදාල පඩියක් දෙන එක... ඒක තමයි ඇත්ත...

No comments:

Post a Comment