Tweets by @Tweetsbysuku myblog: May 2019

Facebook Fan Page

Saturday, May 25, 2019

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම,

                                      
රටේ සෑහෙන මතයක් තියෙනවා, සමාජ මාධ්‍ය වල විතරක් නෙමෙයි, මහ පාරෙදිත්, පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන. 225 එතනදි මැරෙන්න ඕන කියල.

- ඒක දේශපාලකයෝ ඇති කරගත්ත තත්වයක්. ඒ තරමට එපා කෙරෙව්වා.

හැබැයි එදා සහ අද බැලුවොත් සාපේක්ෂව කරන වැරදි, සිදුවෙන වැරදි අඩුවෙන් වෙන බව දන්නවා.
- අද තියෙන වෙනස වෙනදට වඩා මාධ්‍ය වලින්, විවිධ ක්‍රම වලින් ගැටළුවක් ආවොත් එලියට එන එකයි. ඒක රටක් විදියට හොද තත්වයක්. ඒවගේම දේශපාලනික අරමුණු වලින් යන හිරු සහ දෙරණ වගේ මාධ්‍ය ආයතන බොහෝම සූක්ෂමව ඒ කටයුත්ත කරනවා. එයාල ඒක එයාලගෙ ටෙලි නාට්‍ය වලින් පවා කරගෙන යනව..

- කොහොම උනත් කාරණා 2යි ඔය මතය ගැන මට හිතෙන්නෙ..

● 225 මැරුනොත් රටට හරියාවිද ?
- ඊටපස්සෙ දැන් තියෙන නීති හැටියට බලයට එන, පලාත් සභා, ප්‍රාෙද්ශීය සභා අය, ඒ 225ට වඩා හොදද ?

● 225ට අමතරව, පාර්ලිමේන්තුවේ අවම 3000-3500ක පිරිසක් ඉන්නවා. ත්‍රිවිධ හමුදා - පොලිසිය ඇතුළුව..
‍‍බෝම්බ ගහල ඒ අනිත් අයවත් මරන්නයි කතාව නේද ???

අන්තවාදි ත්‍රස්තවාදී මුස්ලිම් අයගෙ උවමනාව උනේ, බෝම්බ පිපිරීම තුල රට අස්ථාවර කරලා, ඒ තුල ජාතිවාදයක් ඇති කරලා එයාලට වාසිදායක තත්වයක් රටේ ඇති කරගන්න. ඒකට හේතුව, ISIS යෙමනන්, ඉරාකය, සිරියාව වගේ රට වලින් සම්පූර්ණම වගේ අයින් වෙලා තියෙනවා. ඒ රට වල ISIS ට විරුද්ධව ඉදිරියෙන්ම සටන් කරන්නෙත් මුස්ලිම් සෙබළු තමා.

- ප්‍රභාකරන්ටත් 1983 වෙනකම්, හමුදාවේ 13ක් මරනකම් බැරි උනා තමන්ට තත්වයක් තියෙනව කියල පෙන්වන්න. දේශපාලන උවමනාවන් මත ගොඩනැගුනු කළු ජූලිය තුල, කොටි ත්‍රස්තවාදින් ලෝකෙම වැදගත් අය උනා. දෙමල මිනිස්සු 3000ක් විතර ඝාතනය උනා. ඒක ලෝකෙ හැමතැනම ගියා. හැබැයි 10,000කට වඩා වැඩි දෙමල මිනිස්සු පිරිසක් සිංහල මිනිස්සුම රැකගත්ත බව ප්‍රසිද්ධ උනේ නෑ. ( සංගක්කාරගේ කොවුඩ්රි දේශනය).

- ලංකාවේ, ISIS ට ඕන දේ උනේ නෑ. ඇතිවෙච්ච කලබලයත් දේශපාලන දෙයක්, රටේ අවුල් ඇති උනාම වාසි කාටද කියල හිතුව නම් ඒක පිටිපස්සෙ ඉන්න අයව තේරුම් ගතෑකි.

දන්න ඒව අනුව ආයෙ ඔය වගේ දේවල් වෙන්නෙ නෑ. ආරක්ෂක අංශ ඒවට අදාල දේවල් කරල තියෙනව.

#යථාර්ථවාදිජනතාවාදියා #maytsh2019

Friday, May 3, 2019

වැරදි මෝඩ මත

පහුගිය දවසක, බණ පොත් එහෙම කියවන ආන්ටි කෙනෙක් කියනවා, ආන්ටි යන සුප්‍රසිද්ධ අසපුවක ලොකු හාමුදුරුවෝ කිව්වලු, ඉපදුනු හැටියෙ ගෑණු දරුවෙක්ව උනත් අල්ලන එක හාමුදුරුවරුන්ට හොද නෑ කියල. ඒක බුදු හාමුදුරුවො කියපු විදියටයි කිව්වෙ.

මම ඇහුවා ඇයි ගෑණු දරුවො මනුස්ස නෙමෙයිද කියල ?
●  “ සබ්බේ සත්ථා “ කියල බුදු හාමුදුරුවෝ දේශනා කලේ - සියලු සත්වයෝ එතනදි මිනිස්සු විතරක් නෙමෙයි තිරිසන් සතුනුත් අදාලයිනෙ කියල.

ඒපාර කිව්වා, ආනන්ද හාමුදුරුවන්ට බුදු හාමුදුරුවො එහෙම කිව්වලු.
● මම කිව්වා මම දන්න විදියට නම්, බුදු හාමුදුරුවො එහෙම කියල නෑ. කාන්තාවන් තමන්ගෙ සහෝදරියන් විදියට හිතන්න කියලයි උපදෙස් දුන්නෙ කියල..

⭕ කොහොම හරි ඕකෙන් එලියට ආවෙ, සමාජය තුල තියෙන, හදාගත්ත මෝඩ අදහස්. ඒව සෑහෙන්න සමාජයේ තියෙනව. සර්වඥ ධාතු මන්දිර වලට කාන්තාවන්ට යන්න බැහැ. අසනීප වෙන දවස් වලට දේවාල වලටත් යන්න බැහැ.

● දෙවිවරු නැති, භූතයෝ - ප්‍රේතයෝ වගේ පහත් අමනුෂ්‍ය කොටස් අරක්ගත්ත දේවාල වලට ගියොත් නම් යම් බලපෑමක් ඒ වගේ ආත්ම භව වලට දැනෙන්න පුලුවන්.
හැබැයි අධ්‍යාත්මිකත්වය සහිත මනුස්සකම මූලික කරගත්ත බුදු දහම විශ්වාස කරන අයට නම් ඔය වගේ වැරදි මත වල ඉන්න බැහැ.
බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන්නෙ, “ හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවා ගන්නවා වගේ, නිවන වෙනුවෙන් කැප වෙන්න කියල“.
- ඉතින් ඔය එක එක මනස්ගාත එක්ක අප්‍රමාදී වෙන්න බැහැනේ ???

⭕ ශ්‍රී මහා බෝධිය වඩම්මගෙන එන්නෙ, සංඝමිත්තා තෙරණිය. වම් දන්ත ධාතුව මාස ගානක්, ජිවිත තර්ජන එක්ක තමන්ගෙ කොණ්ඩේ තියාගෙන ආරක්ෂා කරගෙන වඩම්මගෙන එන්නෙ හේමමාලා කුමරිය..
 කිලි නැති පිරිමි නෙමෙයි ඒව කලේ....
( ඒ ටික කිව්ව නම් එක්කෝ ඒ ආන්ටිට කල්පනා කරල තේරුම් ගන්න ලැබේවි, නැත්නම් ආයෙ කවදාවත් මා එක්ක ධර්ම කතා නොකරාවි කියල හිතුනු නිසා ඒ ටික කිව්වෙ නෑ)

#maytsh2019