Tweets by @Tweetsbysuku myblog: December 2013

Facebook Fan Page

Thursday, December 26, 2013

ගස් ගල් වලට ප්‍රාණයක් තිබේද ? මල් පූජා කිරීම හරිද... ?


පහුගිය දවසකදී ‘අපේ ගෙදර‘ හමුවීමෙදි... අපෙ Kelum අයිය මගෙන් ඇහුව ප්‍රශ්නයක්....

‘ ගස් ගල් වලටත් ජීවය තියෙනවා කියල බුදුන්වහන්සේ වදාරල තියෙනවා, එහෙම නම් ඇයි මල් කඩලා බුදු හාමුදුරුවන්ට පූජා කරන්නෙ කියල... ‘ ?

ඒකට උත්තරේ ගැන යම් වැටහීමක් තිබ්බත් සම්පූර්ණයෙන් තේරුනේ අපේ Dinush අයිය එක්ක කතා කලාට පස්සෙයි... අයියට පින්

1. ගස් ගල් වලට ජීවය තියෙන බව බුදුන් වහන්සේ වදාරපු බව ඇත්ත... නමුත් ගස් ගල් වලට ‘ප්‍රාණයක්‘ නෑ... ඒකියන්නෙ නාම රූප නෑ...
බුදු දහමේ පරිදි ගස් ගල්, ප්‍රාණියෙක්/සතෙක් නෙමෙයි...
(රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාණ )

ඔය තණකොල වලටවත් මුත්‍රා කරන්න එපා කියල තියෙන්නෙත්, සත්තු ඉන්න පුලුවන් නිසයි.
ඒ කාලේ නිගණ්ඨ ආගමේ අය වස් කාලෙට එලියට ගිහින් නෑ අළුතින් එන තණකොට පෑගෙන්න ඉඩ තිබුනු නිසා.. ඒ කාලේ භික්ෂූන්වහන්සේලා වඩිනකොට විරෝධය
ආවා... ඒනිසා සමාජ සම්මුතියට එකඟ වීමක් ලෙස වස් කාලය පනවල තියෙනව...
(වස් කාලය පැනවීමට හේතු වුනේ සම්ප්‍රදාය අනුව ඵලදායි දේකට යොමුවීමට පමණයි)

2. බුදුන්වහන්සේට මල් පූජා කරන්නෙ කාරණා 2කටයි...
අනිත්‍ය මෙනෙහි කිරීමට සහ ලෝකයට වර්ණයෙන් සුවඳින් යුතු මලක් තථාගතයන් වහන්සේට පූජා කරන්නේ උන්වහන්සේ ලෝකයට වර්ණයක් දහම් සුවඳක් එක් කරපු බව මෙනෙහි කරන්නත් එක්කයි...

Tuesday, December 24, 2013

Test අමාරුයි, T20 කරගන්න වේවි..

අද පවතින තත්වයන් අනුව ටෙස්ට් මැච් ගැසීමට කාලයක් නැත..

එනම් සිද්ධාලේප මුදලාලි කල ක්‍රමයට වසර ගණන් මහන්සි වී වැරදීම් වි ඉගෙනීම පවතින තත්වය සමග අපහසුය.
වෙනදා ව්‍යාපාරයක් කිරීමට ගොස් ඇනුනොත් මාස 6ක්, වසරක් වැනි කාලයකදි නැවත තව දෙයක් කල හැක. දැන් එවන්නක් වුවොත් අවම වශයෙන් වසර 3-5ක්වත් නැවත කෙලින් වීමට ගත වනු ඇත...

ඒනිසා පවතින තත්වයන් අනුව සෑම ආකාරයකටම ව්‍යාපාර ක්‍රම විදි අනුගමනය කිරීම කල යුතු බව සිතමි...

“මහන්සියෙන් හම්බ කරන සල්ලි “ කතාව පල් බොරුවකි... එසේ නම් ලෝකයේ සියලුම බර වැඩ කරන අය අද මිලියනපතියන් වී සිටිය යුතුය. එම කතාව එනම් Work Hard ගොඩ නඟා ඇත්තේ පවතින සිස්ටම් එකට අවනතව උපන්නාට ඔහේ වැනෙන චරිත බිහි කිරීමටයි...
විය යුත්තේ Work Smart ය....

පාසලේදි උගන්වන්නේ
“ හොඳින් ඉගෙන ගන්න... රස්සාවක් කරන්න කියාය.... එසේ වුවද රස්සා දෙන කෙනෙක් වන්න කියා උගන්වන්නේ නැත... “
එනම් පාසල් ක්‍රමයද පවතින සිස්ටම් එක රැකගෙන කටයුතු කිරීමටම සාදා ඇත...

 අවශ්‍ය වන්නේ,

1. මහන්සි වුවද, නැති වුවද ආදායම් ලැබෙන ක්‍රම

2. ජීවතුන් අතර සිටියද නැති වුවද ගෙදරට ආදායම ලැබෙන ක්‍රම....

ඒ කරුණු 2 සාක්ෂාත් කරගැනීමට කැපවෙන්නට සිතමි...

තවද... සැබෑ ධනවත්කම මනින්නේ කාලයෙනි.... කාලය ඇති තරම් තිබේ යනු සැබෑ ධනවතෙකි.....
මුදලට වහලෙක් වී කාලය සල්ලි හොයන්න යන තැනැත්තා සැබෑ ධනවතෙක් නොවේ...

Monday, December 23, 2013

පැණි වළලු 2... හිතට දැනුන දෙයක්..



හෙට පෑව්වොත් මගේ පෙම්වත, අර තැනදී..........
හෙට වැස්සොත් මගේ පෙම්වත මගේ ළඟින් ඉන්න.... 
ඍතුව වෙනස් උනොත් මගෙ පෙම්වත, අර සිංදුව.......... 
ලියුමක් එව්වොත් මගෙ පෙම්වත, හම්බ වෙන්න එන්න... 
අද දවස අපි හැමදාම මතක තියා ගම්මු.... 
එහෙම තියාගෙන හදවතේ මල් පුදමු.... 
මගේ ඇස් වලින් කඳුළු වැටුනොත් මගේ පෙම්වත, මාව සනසවන්න.....“

-පැණි වළලු කියවද්දි හැමදාම අමුතුම දුකක්, අවබෝධයක් දැනෙනවා.... යුනිවර්සිටියෙ ඉන්න ගෑණු ළමයෙක්ගෙ කතාව ආයෙ මේ ලගදි කියවද්දි ආයෙත් දුකයි...
මෝඩ උද්ධච්ඡ රට ගැන නොහිතන අමනයො පාලකයො උනාම වෙන දෙයක් තමයි 2500කින් ජිවත් වෙන්න පුලුවන් කියන එක....
හැමදේම වගේ ටිකක් ලාබෙට ලැබෙන යුනි දරුවෙක්ටවත් 2500ට ඉන්න බෑ( උදේ 20, දවල් 30, රෑ 30 -කන්න විතරක්) එතනම 2400ක් ඉවරයි... තව මොන කතාද....
ඒක කියවද්දි නම් කඳුළුත් ආවා... තාමත් 2500යි මහපොලට දෙන්නෙ... අපේ අක්කලගෙ කාලෙත් ඒ ගානමයි... අපෙ අක්කටයි චූටි නංගිටයි මෙරිට් නිසාද කොහෙද 2550ක් ලැබෙනවද කොහෙද... හ්ම්... මෙරිට් එක 50ක් වටිනවා...

ඒවගෙම පැණි වළලු 2 මුල්ම කතාවත්... “ජපන්නු පරාදයි, හිතුවොත් අපිටත් බැරි නෑ“ හිතට ඇල්ලුවා...
අපේ ගොඩක් අයට රස්සාව කරන තැන තමන්ගෙ කියල හිතෙන්නෙ නෑ, ඒකෙ ලොක්කන්ට අයිතිකාරයන්ටත් ඒක එහෙම තමන්ගෙ තැනක් කරල දෙන්න උවමනාවකුත් නෑ... ඉතින් උවමනා නම් ගන්න වගේ තමයි තියෙන්නෙ...

ලංකාවේ දළ ඇතුන් බරපතල අනතුරක..



ලංකාවේ, විශේෂයෙන් යාලේ සිටින දළ ඇතුන් සියලු දෙනා රාජ්‍ය අනුග්‍රහය සහිතව මරා දමන බව ආරංචියි...

දළ ඇතුන් 20කට වඩා ඝාතනය කර ඇති අතර ඉතිරිව සිටින්නේද ඇතුන් සුළු පිරිසක් බව ආංරංචිය...

එම ගණයෙ ජාන ඇති අපේ ඇතුන් ලොවටම සිටින්නේද අපේ රටේම පමණය...
එම ඇතුන් ප්‍රජනනය කරන්නේද වසර 3කට වතාවක් පමණය...


  • Kasun Chandima මේ රජය බලයට එන්න පෙර වික්‍රමසිංහ ආණ්ඩුවේ පරිසර විනාශයට එරෙහිව විශාල හඩක් ගෙන ගියා.. සිංහරාජය විකුණන බවට ගෙන ගිය ප්‍රචාරය මතක ඇති. ඊනියා සටන් විරාම ගිවිසුම වගේම වික්‍රම සිංහ ආණ්ඩුවේ පාරසරික සංස්කෘතික විනාශයත් බලපෑවා එජාප රජය කෙරෙහි ජනතා අප්‍රසාදය අවුලුවන්න.

    නමුත් එවැනි ප්‍රශ්න විකුණාගෙන කා බලයට පැමිණි වත්මන් සන්ධානය යටතේ පරිසරයට ලබලා තියෙන්නේ ඊටත් වඩා අති අභාග්‍යය සම්පන්න කාලයක්.

    මෙතන අපිට ඇහැට පේනවට වඩා වැඩි ගැටළුවක් තියෙනවා සුකුමල්. ඇත්තු දඩයමට වඩා.
    අපිට දැනෙන්නේ ඇතෙක් මරලා කියලා නිවුස් එකක් ගියොත් විතරයි..

    නමුත් වත්මන් රජය සංවර්ධනයයැයි කියමින් ප්‍රබල වන විනාශයක යෙදෙනවා.. වනාන්තර මැදින් පාරවල් හදනවා... මෙමගින් අලින්ගේ ගමන් මාර්ග වැසි යනවා.. ප්‍රතිපලය අලි ගම් වැදීම. ඊට පස්සේ ඒ සතුන් ගැමියන් අතින් මිය යනවා.ඒ වගේම ලංකාවේ අති දුෂ්කරම.. දුක්ඛිතම ජිවිත ගෙනයන මිනිසුන් කොටසකගේ ජිවිත දේපළ විනාශ වෙනවා.

    නීතියෙන් සතුන්ට ලබාදීලා තියෙන වාස භුමි පවා අහිමිකරලා.. පරිසර ඇමතියා මස් වැද්දෙක් වගේ. වන සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ රාජකාරිය වනාන්තර තුළ බෝග වගා කිරීමට සහ ගස් කැපීමට අවසරදීම බවට පත්වේලා.

    ප්‍රබලම ගැටළුව වන්නේ.. මිට පෙර රජයන් මෙවැනි හැසිරීම් ප්‍රකට කරන විට මාධ්‍යය තුළින් ඊට එරෙහිව විශාල විරෝධයක් ගෙනගියා.
    ඒ නිසා ඒ විනාශයන් යම් තරමකින් වැලකුනා. නමුත් අදවන විට අප නිල නොවෙන ලෙස අධිකාරිවාදී පාලනයකට යටත්ව තිබෙනවා. ඇසට නොපෙනෙන දඬු අඩුවක් අප වෙලාගෙන.

    මාධ්‍යය නිහඬ කරලා... සයිබර් අවකාශයේ අප වැන්නවුන් හැරුනුකොට මෙවැනි සහ ගහන අපරාදවලට එරෙහි හඬ නැගීමට කිසිවෙකු නෑ !!
  • Sukumal Harischandra ඔව් Kasun කසුන්... මාත් මේක කිව්වෙ නිවුස් දැකල නෙමෙයි... මම දැන් නිවුස් බලන්නෙත් නෑ... යාල වෙන දේවල් ගැන මට ආරංචි එනවා... ලොකු දළ ඇත්තු හැමෝම වගේ මරල ඉවරයි... සල්ලි කියල මෙච්චර හොයන්නෙ මොන කෙහෙම්මලකටද මංදා...
  • Kasun Chandima මුන් රටම කෑවත්.. ආර්ථිකේ බිංදුවට බැස්සුවත් කවදාහරි ඒවා ගොඩගන්න පුළුවන්.. නමුත් මේ කරන පාරසරික විනාශය නැවත සකසන්න බැහැ... මුන්ට මෙව්වට උත්තර ලැබෙයි !!
  • Sukumal Harischandra හ්ම් ආසාවට හප්පලා සතුන් මරන එක වගේ ඒව කවදාවත් ආයෙ හදන්න නම් බැරි වෙනවා... ඒ පාපේ මෙයාලට ජාති ජාතිත් පල දේවි....
    කෙහෙම්මල් රාජ යෝගයි හොද කේන්දරයි තිබිලා බම්බුවටද මංදා රටේ මිනිස්සුටයි, සතුන්ටයි වින කරල..


Sunday, December 22, 2013

Doing a good deed



යම් දෙයක් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් තොරව කිරීම පසුකාලීනව බොහෝ ප්‍රතිලාභයන් හිමි කර දෙන්නකි... “

- ජිවිතේ සමහර ඒවයෙදි මේක ඇත්ත කියල හිතෙනව හ්ම්..


Read : Think and Grow Rich

Saturday, December 21, 2013

__මාකටින්/විකිණීම/ Marketing/Selling__

සමහර අය හිතාගෙන ඉන්නෙ අමුතුම විදියකටයි.. එයට හේතුව මේ සිස්ටම් එක ඔළුවට කා වැද්දූ ආකාරයයි...
සමහර අය හිතන්නෙ තමන්ගෙ හැකියාව “විකුණාගෙන“ කෑම වැරදි වැඩක් බවය... එහෙම කියන සමහර අය රස්සාවෙන් පඩියක් නම් ගන්නවාය... පඩියක් කියන්නේද තමන්ගේ හැකියාවට, උගත්කමට, කැපවීමට ලැබෙන දෙයකි.. එනම් එයද මාකටින්ය.. විකිණීමකි...

තව කොටසකට තම නිර්මාණයන් ප්‍රසිද්ධ කර විකිණීමට/මාකටින් අවශ්‍ය වුවද ඒවායෙන් මූල්‍යමය වටිනාකමක් ගැනීමට කැමති නැත... හැබැයි ඒකත් විකිණීමකි....

තවත් කොටසක් තරයේම කියා සිටින්නේ “ මගේ නිර්මාණ මම විකුණන්නේ නෑ කියාය“ ... හැබැයි එහෙම අය ඊට වඩා උපයන්නේ එම වචනම භාවිත කරගෙනය...

කොහොම කිව්වත් නැතත්... අපි හැමෝම උපතින්ම හොඳ විකිණුම් දන්නා අයයි... මාකටින් මනේජර්ලාය(බඩගිනි වූ විට කිරි ඉල්ලීම).... කාලය සමග එය වෙන වෙන මතිමතාන්තර වලින් වෙනස් කරගෙන ලෝකෙට ඕනෑ විදියට හදාගෙන ජීවත් වෙති...

මක් නිසාද යත් යථාර්ථයට වඩා හදාගත්/මවාගත් ලෝක වල ජීවත්වීම, සිහින දැකීම හරිම සුන්දර ප්‍රියජනක දෙයක් නිසා.....

- යථාර්ථවාදි ජනතාවාදියා...

Friday, December 20, 2013

Mixed

So much to tel, 1 is I found out that Kaushi Nangi is not Nangi, she is older than me.... but I prefer being big brother...

2. Went to find Baby Cots with Doc. Aiya : (16)
https://www.facebook.com/sukumal.harischandra/posts/10201815922794279

Had a burger after some time at Mac donald Rajagiriya...

There are lot to learn from him. Shash has told I m acting infront of her... I feel same when she's around me... hmm :D


3.  https://www.facebook.com/sukumal.harischandra/posts/10201821337249637
I went to Ragama Police station in the matter of finding Deshani Akka's purse. (17)

(17)

Crime branch OIC Mr. Gunasekara was a good gentleman. He politely explained all the facts and his experiences in those matters.
He is pleasant. We were happy too.
I knew that money won't come back but there is a procedure to do....

I asked about Kularathna Loku Thaththa from him and he said, " He is a good person, Police need people like him.



4. (19)

Sudu Putha came..... fine day.

Talked Business, not bad though....

Monday, December 16, 2013

අපේ ගෙදර - පැදුර

අපේ ගෙදරට මම ජොයින් වෙන්නෙ සචින්ත නිසයි....

කොහොම හරි ඊයෙ ඒකට යන්න ලැබුනට සතුටුයි... හොඳයි දන්න අයගේ යාළුකම් අලුත් උනා. ඒ ගැන සතුටුයි...

හොඳම හරිය පටන් ගත්තෙ 8න් පස්සෙ වගේ මතක. එතකොට ගොඩක් සෙනඟත් අඩු නිසා හිටපු අය ගොඩක් හොඳට හිතවත් උනා...

කොහොම හරි බිව්වට පස්සෙ කරන කතා ගොඩක් හදවතට සමීපයි කියල මතකයි... ඊට අමතරව 11ත් පහු වෙලා ආපු බවත් මතකයි... 12ට ගෙදර ඇවිල්ලා 1ට නිදාගෙන අද 4 30ට නැගිට්ට බවත් මතකයි...

Friday, December 13, 2013

At Parliament

ගයි මාම එක්ක පාර්ලිමේන්තුව බලන්න යන්න කාලෙක ඉදලා ඕන වෙලා තිබුනත් දිගටම ඒ වැඩේ පරක්කු උනා... අද තමයි යන්න උනේ...

මම ඉතින් උදේම ‘සිරිකොතට‘ ගිහින් වාඩි වෙලා හිටියා. ඊට පස්සෙ 9 30ට විතර ගයි මාමා එක්ක පාර්ලිමන්ට් එකට ගියා. කැමරා, ෆෝන් මොකුත් ගෙනියන්න බෑ. අයි.ඩී එක විතරයි.
අද ප්‍රවාහන අමාත්‍යංශ විවාදය, අයවැයට අදාලවද කොහෙද....
කොහොම හරි පටන් ගැනීම.

මුල්ම කතාව තිබ්බෙ ගයි මාමට. මට හිතෙන හැටියට බොහොම හොඳට කතාව කලා. ආණ්ඩුවේ හොඳ වැඩ අගය කලා. වෙල්ගම ඇමතිතුමා වැඩේට සුදුසුම කෙනා කියලත් ප්‍රශංසා කලා. ඒ අතර, නොකියා කිව්වා වෙල්ගම ඇමතිතුමාගෙ ආසනේ අය වැඩියෙන් රස්සා වලට අරන් කියලත්....
ඊට අමතරව නව තාක්ෂණය ගෙන ඒම ගැනත් කතා කලා.. ඒක කල යුතුයි කිව්වා.
ඒකට ගොඩක් අය කැමතිත් උණා.
ඊට පස්සෙ පෞද්ගලික ප්‍රවාහන ඇමති සීබී රත්නායක මහත්තයත් කතා කලා. ඒකටත් පස්සෙ ද්‍රවිඩ සන්ධානේ මන්ත්‍රි කෙනෙක් නම මම දන්නෙ නෑ, කතා කලා. ව්‍යවස්ථාව අනුව උතුරේ ආණ්ඩුකාරතුමා එයාලට කරන අසාධාරණ, ඔප්පු කරලත් පෙන්නුවා. කවුරුවත් වැඩිය ඒකට උත්තර දෙන්න නම් ගියේ නෑ...

කොහොම හරි 11ට විතර මා එක්ක ගිහින් මුළු පාර්ලිමේන්තුවම වගේ පෙන්නුවා. කැබිනට් ඇමතිවරුන්ට වෙනම කාමර පවා තියෙනවා. ජනාධිපති කාර්යාලය, විපක්ෂනායක කාර්යාලය, කථානායක කාර්යාලය වගේ තැන් ගැන පෙන්නුවා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම රැස් වෙන තැන, ඉස්සර බෝම්බයක් ගහපු තැනත් එතන...
ඊට අමතරව හැමදේම වගෙ තියෙන පාර්ලිමේන්තු පුස්තකාලය, බැංකු, තැපැල් කන්තෝරු, කැන්ටිම් ඒවත් කියල දුන්නා. පිටරට යනකොට හැමදේම කරගන්න තැනත්, වටපිටාවේ දේවලුත් කිව්වා. ජෙෆ්රි බාවා මහත්තයගෙද කොහෙද සැලසුම...

ඊට පස්සෙ මා එක්ක ගිහින් තේ බිලා, වෙඩින් එකකට සයින් කරන්න ගියා, සිනමන් ග්‍රැන්ඩ් එකට, මම ආපහු ගැලරියට ගිහින් කතා අහගෙන හිටියා. වෙල්ගම ඇමතිතුමාගෙ කතාවත් හොදයි... කෙලින්ම සමහර දුර්වලතා කියන එක hilarious වගේ... ඒ උණත් කෙලින්කම අගය කරන්න ඕන, හ්ම්....

ඊට පස්සෙ මම 12 30ට විතර ලන්ච් අරගත්තා, ගයි මාමා කැන්ටිමේ අයට කියල තිබ්බ. ඊට පස්සෙ එතන අය එක්ක කතා කර කර ඉද්දි 1 හමාරට විතර කෝල් කරලා කිව්වා දැන් එනවා කියල මම ඒපාර වටේ කැරකි කැරකි ආයෙත් ආපු තැනට ඇවිල්ලා අයි.ඩි එකත් අරගෙන එන්ට්‍රන්ස් ගිහින් හිටියා.
ගයි මාමා 2ට විතර ඇවිත් සෞඛ්‍ය අමාත්‍යංශයේ විවාදෙ නිසා කතා කරන්න ගියා මාව ගෙදරට ඩ්‍රොප් කරන්න කියල... ඉතින් මොන්ටේරො එක මගෙ වගේ මම ගෙදර ආවා...

පාර්ලිමේන්තුවට නිතර යන්න හිතෙන තරමට එතන හොඳයි වගේ... හ්ම්...


Thursday, December 12, 2013

12th -

අද උදේ නිදාගත්තේ 1ට විතර උනේ, විශේෂයෙන් බ‘ත්ඩේ විෂස් දාන්න ඕන උන නිසයි.... මැච් එක බලපු එකත් හේතුවක්, ඒත් ඒක කලේ නැගිටල ඉන්න ඕන නිසා...

කොහොම හරි උදේ 4.00 විතර නැගිටලා, වැඳල ඇවිදින්න පිටත් උනා.. 4.50. ගෙදර ආවෙ 6 පහු වෙලා දිව්වත් එක්ක.. හ්ම්...
ඊට පස්සෙ නාලා කාලා, පිරිත් කියල ඩොක්ට අයියලගේ ගෙදර යන්න ලෑස්ති වෙලා ඉද්දි අග්බෝ අංකල් මුණ ගැහුනා...
ලයනල් අංකල්ලගෙ ගෙදර යද්දි 8 40 විතර. ජෙනි ආන්ටිත් හිටියා, අයියත් හිටියා.. ඊට පස්සෙ 11 විතර වෙනකම් එහේ හිටියා, අංකල් වෙඩින් එකකට ගියා අයියටත් වැඩ වගයක් තිබ්බා.

එන ගමන් නිකමට බලද්දි මාලා ආන්ටිලගෙ ගෙදර ගාවදි මෙන්න ජෝ අංකල් ඉන්නවා. ඒපාර ගිහින් කතා කරා. පැයක් විතර අපි කතා කලා. ජෝ අංකල් අද හෙටම ආයෙ ෆ්ලයි කරාවි හ්ම්...

රටේ තත්වෙයි, බිස්නසුයි ගොඩක් ඒව කතා කලා. ඊලගට ආවම මාව මීට් වෙන්න ඕන කිව්වා. කොහොම හරි ඊට පස්සෙ ගෙදර එද්දි 12 20ට විතර. එතකොට දන්නෙ යතුර ගෙනිහින් නෑ කියල.
නංගිත් නෑ. එකම එක පොඩි පටු ජනේලයක් තිබ්බා. ඒකට නැගගන්න අමාරුයි. ෆිට්නස් ටිකක් අඩු නිසා. කොහොම හරි පල්ලෙහා ගෙදර සීයා ඇවිල්ලා කිව්වා සීයගෙ අත උඩින් නැගලා යන්න කියල ජනේලෙට.
සීයට දැන් 70ක් විතර. කරන්නම දෙයක් නැති නිසා අතට පය තියලා නැග්ගා. නැත්නම් තාම එතන... කොහොම හරි සීයා මාර හයියයි(ඇස්වහක් කටවහක් වදින්න එපා). අත හෙල උනේවත් නෑ මගේ මුළු බරටම....

ඒක ඉවර වෙලා සීයා එක්කත් කතා කර කර හිටියා. දකුණෙකමනේ... එහෙම හිටියට සීයා ජනාධිපතිතුමා එක්ක සෙල්ලම් පවා කරපු කෙනෙක්. ඒ ලගම ගෙවල්. ඒ විස්තරත් කරපු බිස්නස් ගැනත් ඇහුවා පැයක් විතර කතා කර කර ඉදලයි ගෙදර ආවේ....

නිදිමතයි මහන්සියි... ඒ වෙලාවේ..
 

Wednesday, December 11, 2013

Today....

අද දවස නම් අමුතුම දවසක්.... මට පෞද්ගලික ප්‍රශ්න විදියට ආවෙ එකයි. ඒකත් ඔළුව උදුම්මගෙන වැඩ කරන බැරි කාලෙ, වෙන අයගෙ කරදර තියෙන කාලෙ උදව් අරගෙන දැන් ලොකුකම් දාන්න හදන පුස් චරිතයකගේ.

ලොකුවටම කලබල වෙන්න ඕනෙ, හොඳම යාළුවෙක්ගෙ පවුල් ප්‍රශ්නය නිසා... මොන තැනක හිටියත් පවුල නැත්නම් අපි තනි වෙනව තමයි...

දේශානි අක්කගෙ ඒටිඑම් එක හොරකම් කරලා ඒකෙන් සල්ලි අරගත්ත එකත් අවුලක් උනා....

ලහිරු මල්ලිගෙ කේන්දරේ බලල හොද කිව්වට නම් සතුටුයි හ්ම්....

https://www.facebook.com/sukumal.harischandra/posts/10201781767060407

https://www.facebook.com/sukumal.harischandra/posts/10201781907063907

https://www.facebook.com/sukumal.harischandra/posts/10201783705748873

Tuesday, December 10, 2013

War &.. (Time)

When its War..... War heroes are no 1. All praise them, respect them, even worship them....

When war is over, War heroes are nothing, value of their contribution is forgotten.

Like that, when people need help they find and ask, after receiving it and when trouble is over, supportive people are nothing...
That‘s the way of world......


යුද්ධයක් පවතින විටදී සොල්දාදුවන් ආදි යුධ විරුවන් අංක එකේ වැජඹෙති. සියලු දෙනාම ඔවුන්ට ගරු කරති, ප්‍රශංසා කරති. වන්දනාමාන කරන්නට පවා පෙළඹෙති...

යුද්ධය අවසන් වූ පසු... යුධ විරුවන් යනු වැඩකට නැති පිරිසක් ලෙස සැලකේ. දායකත්වය අමතක කරනු ලැබේ.

උදව්වක් ඕන වූ විට එය ලබාගෙන, තමන්ගේ ගැටළුවට විසඳුම් එනතුරු සියලු ගරු බුහුමන් දක්වමින් සිටියද, සියල්ල සාර්ථක වූ පසු උදව් කල අය ගැන වගක් නැත... එය ලෝකේ හැටිය... විශේෂයෙන් ෆේස්බුක් එක තුල එය සුලබ දෙයකි...

ඒවා එහෙම වුවත් අවුරුදු 8ක් තුල මෙහි සිදුවන දෑ දැක ඇති නිසා... එය එතරම් දෙයක් ලෙස නොසිතේ...

Monday, December 9, 2013

දැන් හිතෙන ඒවා...

වෙලාවකට හිතෙනවා.. මම දැන් ඉස්සර වගේ හොඳ නැද්ද කියල.... විශේශයෙන් ටිකක් රළු වෙලාද කියල හිතෙනව වෙනදට වඩා...

ඒකට හේතුවක් විදියට හිතුවම හිතෙන්නෙ, හොඳ හරි හොඳ අරමුණකින් හරි කරපු ගොඩක් දේවල් වලින් සාර්ථකත්වයක් නොලැබීම වගේම සිතු ප්‍රතිඵල නොලැබීම, අනවශ්‍ය කරදරත් ඇතැම්වට හිතෙනවා..
ඒවගේම අතිබහුතරය යහපත්කමට ගරු කරාට, අනුගමනය කරන්නෙ, අගයන්නේ ද්‍රව්‍යාත්මක දේවල් තියෙන සීලයෙන් වගේම අනිත් බොහෝ දේවල් වලින් බාල අයටත් වීමත් හේතුවක් කියල හිතෙනවා...

ඒව එහෙම උනත් අදටත් විශ්වාසවන්ත යාළුවෝ සෑහෙන්න ඉන්නෙ ඇත්තටම මගෙන් වාසි බලාගෙන නොවෙන බවත් දන්නවා. එයාල ඇත්තටම යාළුකමට ඉන්න අය. ඒක මතක් වෙද්දි නම් වේදනාවක් වගේ දැනෙනවා....

මට හිතෙන්නෙ ලෝකෙ ජීවත් වෙන්න ඕනවට වඩා හොඳ වෙලා කරන්න බෑ කියලයි...
යහපත්කම් පමණට වඩා නොකර ගානට හොඳින් ඉන්න පුලුවන් නම්.... අන්න ඒක වටිනවා... හ්ම්...

Sunday, December 8, 2013

Can't buy Loyalty - which is most important in everything

Our love was just 2 months.... But we loved madly.  I was in the idea of love... nothing else felt like that... May be you did love me, as I did. Whatever happened its in the past now.

Love is a fantasy. We didn't love each other only for that. It was spiritual too, at least for some time. In my opinion we loved each other truly until she found new love____

In the end, it was an experience. Before few weeks, I worried that you were with me when I was facing the worst times, to return that favor I m willing to give you anything you ask, I needed to do something for you...

But, betrayal is something hard to forgive. All that said, just let me know if you want anything...

{ I knw u read my blog  :) }

Saturday, December 7, 2013

කම්පනියෙ ලොක්කට ගොට්ට අල්ලා, ඉහලට එන්න, ඔෆිස් එකේ වැඩ කරන ගෑණු ළමයින්ට විහිළු කරලා, වෙන අය ගැන කේලම් ලොක්කට කියලා ආරූඪ කරගත්ත බොල් චරිතයක් නොවීම ගැන සතුටුයි...
කම්පනි අයිතිකාරයා ගෙදරට ඇවිත් එන්න කියපු නිසයි ගියේ. මාස 3ක් සාමාන්‍ය ලෙස මාකටින් කලත් ප්‍රතිඵල අඩුවීම සාමාන්‍ය දෙයක්. කට්ට කෑවා, ඒකට සතුටුයි...

මහත්මා ගාන්ධි කියල තියෙනවා ‘ වැඩ කරන අය සහ ලකුණු දාගන්න අය අතරින් තරඟය තියෙන්නෙ ලකුණු දාගන්න අය අතර‘ කියල... ඒක හරි... ඒත් ඉතින් ඉහලට යන්නෙ ලකුණු දාගන්න අය... වැඩ කරන අය වැඩ කර කර ඉන්නවා..

ඒ අතර පාඩු උනත් දෙකයි පනහේ කෙනෙක් නොවුන එකට සතුටුයි... අනුන්ගෙ ඕපදූප හොයලා ලොක්කට කියල, සෙවල ගති තියෙන කඩේ යන කෙනෙක් වෙන එක වැඩකට නැති දෙයක්... මොකද එහෙම කරලා දියුණු වෙන්න අදහසක් නැති නිසා...

http://www.facebook.com/hithenadewal/posts/419934814805426?stream_ref=10